පැටියා හඬන විදිහෙන් එයාව තේරුම් ගන්න

lead image

හැම පැටියෙකුටම අඬන්න උවමනාවක් තියෙනවා. ඒවා සාමාන්‍යයි. අපි ඒ බව හඳුනාගනිමු.

අලුත් දෙමාපිය පදවිය ලැබූ ඔබට පැටියා අඬන කොට ඒක අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. සමහර බබාලා හුඟක් අඬනවා. සමහරු ටිකක් අඬනවා. නමුත් ඒගොල්ලන් ඉල්ලන්නේ එකම දෙයක් වෙන්න පුළුවන්.

පළවෙනි දින කිහිපය පැටියා හේතුවක් නැතිව අඬනවා කියලා ඔබට හිතන්න පුළුවන්. නමුත් කාලයත් සමග ඔබට ඊට හේතුව ඉබේම අවබෝධ වෙනවා.

හැම පැටියෙකුටම අඬන්න උවමනාවක් තියෙනවා. ඒවා සාමාන්‍යයි. අපි ඒ බව හඳුනාගනිමු.

බඩගින්නට අඬනවා

හුඟක් වෙලාවට පැටව් අඬන්නේ බඩගින්නට. මේ හැඬීම ටිකක් වෙලා හඬන අතර ඔහුට බඩගින්නට කිරි ලැබුනේ නැත්නම් එයා අත උරන්න නැතිනම් සූප්පුව උරන්න ගන්නවා. නුරුස්සන ගතියක් පෙනෙන්නත් පුළුවන්. ඔබ දරුවාව අතට ගත්තම එයා ඔබේ පියයුරු සොයන්න පටන් ගන්නවා. ඔබ සුළු මොහොතකට කලින් පැටියාට කිරි දුන්නත් නැවතත් එයාට බඩගින්න දැනිලා වෙන්න පුළුවන්. ඉතින් පැටියාගේ බඩ පිරුණම එයා අඬන්නේ නැහැ.

මහන්සියට අඬනවා

සමහර වෙලාවට පැටියට හුඟක් මහන්සි දනුනහමත් එයා අඬනවා. මේ වෙලාවට එයාගේ කේන්තියකුත් දිස්වෙනවා. අත් සොලවමින්, ඇස් පොඩි කරමින් එයා අඬන්න පුළුවන්. ඉතා සෞම්‍ය සංගීතයෙන් සමහර විට පැටියා සන්සුන් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියන් හුඟක් වටවෙලා ඉන්න එකත් එයාට කරදරයක්. දරුවා උද්දීපනය කිරීමෙන් ඔවුන් ඉක්මනින් සැනසෙනවා.

ඇඟවීමට අඬනවා

හුඟක් වෙලාවට දරුවා මුත්‍රා හෝ මළපහ කළ පසුවත් දැනෙන පහසුව නිසා අඬනවා. මේ හැඬීම එකවර ඇති වෙලා ඇඳුම් මාරු කළ පසු නැති වෙලා යනවා. සමහර විට ඇඳුම් වල තද බව හෝ අපහසුවක් නිසාත්  හඬන්න පුළුවන්.

අවධානය ගන්න අඬනවා

දරුවන් නිතරම දෙමාපියන්ගේ උණුසුම හොයනවා. තනිකමක් දැනුනහම හැඬීම පොදුයි. නමුත් ඔබ දරුවා වඩා ගත් විගසම එයා නැළවෙනවා නම් එයා ඔබේ සුවඳ, උණුසුම, හදගැස්ම සොයන බව තේරුම් ගන්න. මේක ඔබ දරුවාව නරක් කරනවා කියලා හිතන්න එපා. පළවෙනි අවුරුදු කිහිපය දරුවා එය බලාපොරොත්තු වෙනවා.

වේදනාවට අඬනවා

සමහර වෙලාවට ඉතා ශබ්ධ නිසා දරුවන් අඬනවා. එවිට එයාට එය වේදනාවක් වන ලෙස අත් පා යටවී හෝ වෙනත් අපහසුතාවයක් ඇති දැයි බලන්න. එහෙමත් නැළවුනේ  නැත්නම් ඇඳුම් ඉවත් කර හේතුව සොයා බලන්න. සමහර විට පුංචි කූඹියෙක් කෑම පවා දරුවාට හරිම වේදනාවක්.

අසනීපයක් නිසා  අඬනවා

දරුවෙක් අසනීපයෙන් නම් ඒ හැඬීම වෙනදාට වඩා හුඟක් වෙහෙසකරයි. වෙනදා වගේ කිරි බොන්න එයාට උනන්දුවක් නැති වෙනවා. මේ වෙලාවට ළමා රෝග වෛද්‍යවරයෙකුගේ උදවුව ගැනීම හුඟක් හොඳයි. සමහර වෙලාවට රාත්‍රියේ මැදත් දරුවන් හරියට හැමදාම අවදිවෙන වෙලාවල් තියෙනවා. ඒක බඩගින්න නිසාත් වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන හරියටම වෛද්‍යවරයාගෙන් අසා දැනගැනීම හොඳයි.

පැටියාගේ සිනහව ලෝකයක් තරම් සතුටක් වුනත් එයා අඬන කොට මහමෙර වගේ බරක් දෙමාපියන්ට දැනෙනවා. ඒ සතුට හා වේදනාව හොඳින් හඳුනන ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ අදහස් ඔබට ගෙනාවේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ