theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ ඡායාරූප පුද්ගලයින් සොරකම් කරන්නේ ඇයි?

3 අවම කියවීම
ඔබේ දරුවාගේ ඡායාරූප පුද්ගලයින් සොරකම් කරන්නේ ඇයි?ඔබේ දරුවාගේ ඡායාරූප පුද්ගලයින් සොරකම් කරන්නේ ඇයි?

කවුරුන් හෝ කාන්තාවක් ඔබේ දරුවාගේ ඡායාරූප සොරකම් කර ඒවා සමාජ ජාලයන්හි ගිණුම් වල ප්‍රදර්ශනය කරමින් ඔබේ දරුවාගේ මව ලෙස බොරුවට පෙනී සිටියොත් මේක හද සසල කරවන දෙයක් නේද ?

කවුරුන් හෝ කාන්තාවක් ඔබේ දරුවාගේ ඡායාරූප සොරකම් කර ඒවා සමාජ ජාලයන්හි ගිණුම් වල ප්‍රදර්ශනය කරමින් ඔබේ දරුවාගේ මව ලෙස බොරුවට පෙනී සිටියොත්? මේක හද සසල කරවන දෙයක් වගේම වර්තමානයේ මෙම තත්වය ඩිජිටල් පැහැරගැනීම් (online kidnapping) ලෙස ප්‍රචලිතයි.

දෙමාපියන් ලෙස ඔබ අන්තර්ජාලයට මුදාහරින දේවල් ආරක්‍ෂිත නොවන බව අවධාරණය කළ යුතු කාරණයක් නොවෙයි.

ෆේස් බුක් හෝ ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ ජාලයන් වලට ඔවුන්ගේ දරුවාගේ ඡායාරූප මුදාහැරීමේදී ඩිජිටල් පැහැරගැනීම් හරහා ඔවුන්ගේ දරුවන්ට අවදානමක් ඇති විය හැකි බව අවබෝධ කර ගන්නේ නැහැ.

ඩිජිටල් පැහැරගැනීම් වලදී දරුවන්ගේ තනි ඡායාරූප සොරකම් කරමින් ඒවා සමාජජාල හරහා ඔවුන්ගේ දරුවන්ගේ මෙන් ප්‍රදර්ශනය කරන අය සිටිනවා.

ඩිජිටල් පැහැරගැනීම්

මේ තත්වය ගැන Red Head Baby Mama හි සාකච්ඡාවකදී ලින්ඩ්සේ පැරිස් විසින් 2012 ඇයට මේ තත්වය උදාවී තිබුණා.

ඇය ඇගේ ෆේස් බුක් පිටුවේ සැරිසරමින් ඉන්නකොට ඇයට ඇගේ පුතාගේ පින්තූරයකට කැමැත්ත දක්වා ඇති පින්තූරයක් හමුවුණා.

ඇය එය විවෘත කර බලන විට එහි ඇගේ පුතාගේ ඡායාරූපය ඇතුලත් කර තිබුණා. මෙම ගිණුමේ ඇගේ පුතාගේ ඡායාරූපය එහි මූලික හඳුනා ගැනීමේ පින්තූරය ලෙස දක්වා තිබුණු අතර ඔහුගේ මව ලෙස බොරුවට පෙනී සිටිමින් වෙනත් පුද්ගලයෙකු සිටින බව දැනගැනීමෙන් ඇය මහත් බියට පත් වුණා.

ඇයට මෙය වටහා ගැනීමට අපහසු වුණා වගේම තරහකුත් ඇති වුණා. ලින්ඩ්සේ මෙය භාවිත කරන කෙනාට ගෞරවාන්විත බවකින් පණිවිඩයක් යැවුවා. දින දෙකක පසු ඇයට පිළිතුරක් ලැබුණා.

එයින් අනාවරණය වුණේ ඇය අවුරුදු 16 ක තරුණියක් බවත් මේ වගේ පෙනුම ඇති දරුවෙකුට ඇය හුඟක් කාලයක සිට ආශාවෙන් සිටි බවත් පිළිතුරේ සඳහන් වුණා.

Fastcompany.com නම් ලිපියට අනුව මෙවැනි චරිත වල සුල මුල සොයා ගැනීම අපහසුයි. ඒ නිසා ඔවුන් කවුරුන්ද යන වග හෝ ඔවුන්ගේ තොරතුරු සොයා ගැනීම පහසු නැහැ.

නමුත් මේ බොහෝ දෙනා තරුණ ගැහැණු ළමයින් බව හෙළිවී තිබෙනවා. හුඟක් වෙලාවට බිඳීගිය පවුල් පසුබිම් හෝ කුඩා කළ හිංසනයට ලක්වූ දරුවන් මෙලෙස ක්‍රියා කරන බව හෙළිවී තිබෙනවා. මනෝ වෛද්‍ය හේගිල් සල්ට්ස් පවසනවා.

මෙය අවුරුදු තුනක් පුරා පැවති අතර කරදරකාරී නොවුනත් සමහර විට නොදන්නා අය අතර පින්තූර හුවමාරු වී තිබුණා. එය දරුණු තත්වයක්. එමනිසා The DailyMail වැනි වෙබ් පිටු කරදරයට හා හිංසනයට ලක්වූ දරුවන්ගේ පින්තූර අන්තර්ජාලයට මුදාහැරීම පිටු දකිනවා.

ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නේ කොහොමද?

1. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි තොරතුරු ලබාදීම වෙනස් කරන්න

ප්‍රසිද්ධ සමාජ ජාලයන් වන ෆේස් බුක්, ටුවිටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ආදියෙහි ඔබට භාවිත කිරීමට හැකි පෞද්ගලික තොරතුරු සැකසීමේ ක්‍රම පවතිනවා. කෙසේ නමුත් ඔබට අන්තර්ජාලයට ඡායාරූප මුදාහැරීම පිළිබඳ සැකයක් ඇති වෙනවා නම් ඡායාරූප ඔබට අවශ්‍ය අයට පමණක් පෙනීමට සැලැස්විය හැකි කිරීම වඩාත් ආරක්ෂාකාරී වෙනවා.

2. වෝටර් මාර්ක් යොදන්න

අන්තර්ජාලයට මුදාහරින පින්තූර බලනොලත් අය පාවිච්චි කිරීමට ඉඩ තිබෙනවා. නිර්මාණකරුවන් හා චිත්‍ර ශිල්පීන් ඔවුන්ගේ නිර්මාණයන් සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වෝටර් මාර්ක් යොදනවා. මෙම ක්‍රමය ප්‍රයෝගිකව දෙමාපියන්ට ඡායාරූප අන්තර්ජාලයට මුදා ගැනීමේදී යොදා ගත හැකි අතර එය දරුවන්ට යහපත් වේවි.

වෝටර් මාක් යෙදීම මෙයට ආරක්‍ෂිත උපායක් වගේම මෙම දූෂිත වැඩ කරන අය තත්වයෙන් උසස් පින්තූර තෝරා ගැනීමට සමත් නිසාම වෝටර් මාක් එකක් යෙදීමෙන් එය අන් අයගේ එකක් බව තහවුරු වෙනවා. 

3. ඡායාරූප  මුදාහරිමේදී පෞද්ගලික තොරතුරු අනාවරණය වන පින්තූර මුදාහැරීමෙන් වළකින්න

ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින විට දරුවා සිටින ස්ථානය පාසල හෝ වෙනත් ස්ථානයන්හි තොරතුරු හා පෞද්ගලික තොරතුරු අනාවරණය වන පින්තූර මුදනොහැරීමට සැලකිලිමත් වෙන්න.

උදාහරණ ලෙස ඔබේ දරුවා පාසල් නිල ඇඳුමෙන් ඉන්න ඡායාරූප මගින් ඔහු යන පාසල නිගමනය කළහැකි අතර නිවස අසල ස්ථාන වල සිට ගත් පින්තූර වලින් එම භුමිය අනුව ගෙදර ලිපිනය අනුමාන කර ගන්න පුළුවන්.

දරුවන්ගේ භූමිකා රඟන බොහෝ පුද්ගලයන් හානිකර නොවුනත් අතලොස්සක් පින්තූර හරහා තොරතුරු එක්රැස් කර ඔබේ දරුවා ඉන්න තැන සොයා එන්න පුළුවන්. ඒ නිසා මෙවැනි අනිසි අනතුරු වලට අතවනන්න එපා.

නිකරුනේ කරදරේ වැටෙන්නට පෙර මේ අදෘශ්‍යමාන සොරුන් ගැන theAsianparent Srilanka ඔබව දැනුවත් කළේ නිරතුරුවම ඔබේ ආරක්ෂාව ගැන සිතන නිසයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ඔබේ දරුවාගේ ඡායාරූප පුද්ගලයින් සොරකම් කරන්නේ ඇයි?
බෙදාගන්න :
  • Digital kidnapping: Find out why people are stealing photos of your kids

    Digital kidnapping: Find out why people are stealing photos of your kids

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • Digital kidnapping: Find out why people are stealing photos of your kids

    Digital kidnapping: Find out why people are stealing photos of your kids

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it