අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

ෆැන්ග් පරීක්ෂා කළ වෛද්‍යවරු ඇයගේ යෝනි මාර්ගයේ අපිරිසිඳු යට ඇඳුම් නිසා ඇති වුණු තුවාල දැක කම්පනයට පත් වුනා.

ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බව ගැන සළකන විට පෞද්ගලික සනීපාරක්ෂාව රැක ගැනීමද කෙතරම් වැදගත්ද කියා අප කවුරුත් දන්නවා. විෂේශයෙන්ම කාන්තාවන්ට මෙය ඉතාමන්ත්ම වැදගත්. ඉතින් අපිරිසිඳු යට ඇඳුම් ඇඳීමෙන් වැළකී සිටීම යහපත් සනීපර්ක්ෂාවක් පවත්වාගැනීමට මූලික වනවා. 

මේ නිසා ලිංගේන්ද්‍රයන් නිතර පිරිසිඳුව තබාගැනීම මෙන්ම පිරිසිදු, දිනපතාම පිරිසිඳු, නැවුම් යට ඇඳුම් පැළඳීමත් අත්‍යවශ්‍ය වනවා.

නමුත් චීනයේ සෑම කාන්තාවක්ම මෙම චර්‍යාව පිළිපදින්නේ නැහැ.

එසේ පිළිනොපැදි එක් කාන්තාවක් ගැන චීනයෙන් දැනගන්නට ලැබුනේ ඇය අත්දුන් බිහිසුණු අත්දැකීම නිසයි. 

මෙම කාන්තාව මාසයකට වැඩි කාලයක් එකම යට ඇඳුම ඇඳීම නිසා ඇති වූ බිහිසුණු, පූර්ව පිළිකා තුවාල වලින් ඇය පීඩා වින්දා!

චීන කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව හීන වීම අපිරිසිඳු යට ඇඳුම් ඇතිවන තුවාල වලට හේතු වේ  

අපිරිසිඳු යට ඇඳුම්

වෛද්‍යවරිය මාධ්‍යයට කියා සිටියේ දැරිය පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගෙන නොගිය බවත් එය පිළිකාවට පෙර ඇති වූ තුවාල වලට එක් හේතුවක් බවත්ය. | රූප අනුග්‍රහය: China.com

හුබෙයිහි වුහාන්හි විසූ 23 හැවිරිදි ෆැන්ග් ෆැන්ග් මාස ගණනාවක් තිස්සේ අසනීපව සිටි බව වාර්තා වූ නමුත් හේතුව හරියටම දැන සිටියේ නැත.

කෙසේවෙතත්, ඇය වෙහෙසට පත්වීම ගැන පැමිණිලි කිරීමෙන් දින කිහිපයකට පසු, ඇයට දැඩි බඩේ වේදනාවක් ඇතිවිය.

ඇගේ මිතුරියගේ උපදෙස් මත ඇයව පරීක්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය රෝහලකට ගිය අතර එහිදී ඇයට දැනගන්නට ලැබුනු ආරංචිය බිහිසුනු එකකි. 

ෆැන්ග් පරීක්ෂා කළ වෛද්‍යවරු ඇයගේ යෝනි මාර්ගය මත පිළිකා ඇතිවීමට පෙර ඇතිවන තුවාල හටගෙන ඇති බව දැක කම්පනයට පත් වූහ.

ඇයගේ තත්වයෙහි බරපතලකම දුටු ඔවුහු, සැත්කම් මගින් තුවාල ඉවත් කිරීමට තීරණය කළහ.

වෛද්‍යවරුන් තරමක් ව්‍යාකූලත්වයට පත්වූයේ, මේ ආකාරයේ තුවාල තරුණියන් මත කලාතුරකින් දක්නට ලැබෙන්නක් නිසා.

තවද  බොහෝ විට වැඩිහිටි, පශ්චාත් ආර්තවහරණය වන කාන්තාවන්ගේ මෙම තුවාල හට ගන්නට හැකියාවක් ඇති බවයි. 

කෙසේ වෙතත්, මෙම දරුණු තුවාල පිටුපස ඇති සැබෑ හේතුව ඔවුන් ඉක්මනින් සොයා ගත්හ.

ගැහැණු ළමයාගෙන් ඔවුන් දිගින් දිගටම ප්‍රශ්ණ කරගෙන යාමේදී පෙනී  ගියේ ඇයගේ පෞද්ගලික සනීපාරක්ෂාව ඇය දැඩි ලෙස නොසළකා හැර ඇති බවයි.  

ෆැන්ග් මාසයකට වැඩි කාලයක් එකම අපිරිසිඳු යටඇඳුම් අඳිමින් සිටියාය!

මාසයකට වැඩි කාලයක් එකම යට ඇඳුම් ඇඳීමේ පුරුද්දක් ඇයට ඇති බව ෆැන්ග් වෛද්‍යවරුන්ට පැවසුවාය.

ඇය එකම බ්‍රා එක සති දෙකකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව පැළඳ සිටි බව ඇය පැවසුවාය.

AM370 වාර්තා කළේ තම යට ඇඳුම් සේදීමට පවා ඉතා කම්මැලි බව දැරිය පිළිගෙන ඇති බවයි.

“මම ටිකක් කම්මැලියි, මම යට ඇඳුම් සෝදන්නේ කලාතුරකින්. මට ඔසප් වුණු විටත් මම එම යට ඇඳුමම අඳින්නේ ටිෂූ එකකින් පිස දමමින්. එලෙස මම මාසයක් පුරාවට එකම යට ඇඳුම ඇඳිනවා.  

මෙම පුවත ගැන රෝගියා හා සමානව කම්පනයට පත් වූ වෛද්‍ය්වවරුන්, කුතුහලයෙන් යුත් මාධ්‍ය ආයතනවලට පැවසූවේ – පුද්ගලික සනීපාරක්ෂාව නොමැතිකමට අමතරව, සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් තිබීමද ද ෆැන්ග්ගේ තත්වයට හේතු වූ බවයි.

වෛද්‍ය විශේෂඥයා හෙළි කළේ ෆැන්ග් බොහෝ විට ර් රෑබෝ වනතුරු අවදිව සිටින බවත්, තවද ඇය දුම් පානය හා මත්පැන් පානය කරන බවත් මේ පුරුදු ඇගේ රෝගී තත්වයට හේතු වූ බවත්ය.

ඇය පොදුවේ කාන්තාවන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

එනම් ඇය සමස්ත කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගෙන යාම ප්‍රමාණවත් නොවන බවත් නිසි පෞද්ගලික සනීපාරක්ෂාවද අනුගමනය කරන ලෙසත්‍ ය.

ඉතින් යට ඇඳුම් සේදීම ගැන ගටළුවකට දැන් අපි අවතීර්ණ වනවා.  

ඔබේ අපිරිසිඳු යටඇඳුම් කොපමණ වාරයක් සේදිය යුතුද?

බ්‍රා එකක් සාමාන්‍යයෙන් (සෑම පාවිච්චියකින් පසුවම සේදීම හොඳ වුවත්) උපරිම භාවිත තුනකින් පසු අනිවාර්‍යයෙන් සේදිය යුතු වනවා.

නමුත්අ බ්‍රා එකක් මෙන් නොව, කාන්තා යට කලිසමම් සෑම පාවිච්චියකින්ම පසුව සෝදා පිරිසිඳු කළ යුතු වනවා. 

මෙයට හේතුව සරලයි. පාවිච්චි කරන ලද යට ඇඳුම්වල විවිධ රෝග ඇති කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වනවා.

මේවාට මුත්රා ආසාදන, නියුමෝනියාව, රුධිර ආසාදනද ඇතුළත් වනවා.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මළපහ කිරීමෙන් පසු, එම මළපහ වලින් 10%ක පමණ ප්‍රමාණයක් යට ඇඳුම්වල තැවරී ඇතිව දිගටම පවතින බවයි.

ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන වෛද්‍ය චාල්ස් ගර්බා විසින් කරන ලද අධ්‍යයනයක් ලකළා. ඉ

න් නිගමනය වූයේ “රෙදි සෝදන යන්ත්‍රයේ යට ඇඳුම් සෝදන වරකට, ඊ.කෝලි මිලියන යන බැක්‍ටීරියාව මිලියන 100 ක් සම්ප්‍රේෂණය කළ හැකි බවයි.

ඒ අතර එමඟින් ඊළඟ වාරයට දමන රෙදි ගොඩටද එම බැක්ටීරියාව සම්ප්‍රේෂණය වී නැති බවයි. ”

දැන්, ඔබ සෑම දිනකම ඔබේ අපිරිසිඳු යට ඇඳුම් හොඳින් සේදිය යුතු බව දන්නවා. ප්‍රශ්නය සෝදන්නේ කෙසේද යන්නයි?

  • යට ඇඳුම් අතේ සේදීම සැමවිටම හොඳම විකල්පයයි. නමුත් ඔබට සෑම දිනකම එය කිරීමට කාලය නොමැති නම්, ඔබට විශ්වාසදායක රෙදි සෝදන යන්ත්‍රයකින් රෙදි ටික සෝදාගන්න.
  • යට ඇඳුම් වෙනම සෝදන්න – තුවාල හැදීම වළක්වා ගැනීමට අවශ්‍ය නම් ඔබේ යට ඇඳුම්, සාමාන්‍ය ඇඳුම් වලින් වෙන් කර ඇඳුම් සේදීමට මතක තබා ගන්න.
  • රෙදි සෝදන උෂ්ණත්වය. ඔබේ යට ඇඳුම්වල ජීවත් විය හැකි බැක්ටීරියා විනාශ කිරීමට සෙල්සියස් අංශක 40 ක තාපයක් අවශ්‍ය වේ.
  • සෑම විටම හිරුැළියේ ඔබේ යට ඇඳුම් වියළාගන්න. යට ඇඳුම් පහසුවෙන් බැක්ටීරියා වලට නිවහනක් විය හැකි බැවින් උණු වතුරෙන් සේදීම සාර්ථක නොවනු ඇත.

හිරු කිරණ මගින් ඉතිරිව ඇති ඕනෑම බැක්ටීරියාවක් දහනය කිරීමට හැකි නිසා හැකි තරම් හිරු එළියේ ඇඳුම් වියළාගැනීමට උත්සාහ කළ යුතුය. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera