දරුවන්ගේ වයස් කාණ්ඩ අනුව හික්මීම උගන්වන ක්‍රම

දරුවන්ගේ වයස් කාණ්ඩ අනුව හික්මීම උගන්වන ක්‍රම

ඉස්සර කාලේ වගේ අද කාලේ දරුවන්ට ගුටි බැට දී හදාගන්න බැහැ. එක් එක් වයසට උචිත ආකාරයට සුළු තරවටු කිරීමකින් දරුවන් හික්මවාගන්නේ මෙහෙමයි.

ඉස්සර කාලේ වගේ හරියට හදාගන්න ගුටි බැට දී දරුවන්ට දඬුවම් දීම අද කාලයේ යකරන්නට බැහැ.

ඒත් මේ ආකාරයේ හැසිරීමක් පෙන්වන වයසට ළඟා වූ විට, මෙය දිනපතා, නිතර දෙවේලේම සිදු වන සංසිඩ්දියක් බවට පත්වීමත් සමඟ ඔබට එපා වන්නට පුළුවන්.

ඔවුන්ට තනි තීරණ ගන්නට පුළුවන් වයසට ආ පසුවත් එම හැසිරීමේ වෙනසක් නොදැකීමෙන් ඔබ කම්පාවට පත්වෙන්නට පුළුවමන්.

නමුත් බලාපොරොත්තු සුන් කරගන්න එපා! දරුවන් එක් එක් වයස් වලදි පෙන්වන වැරදි හැසිරීම නිවැරදි කරන්නට ඔබට ඵලදායී ක්‍රමවේද තිබෙනවා.

නොමනා ක්‍රියාව යළි කිරීමට පෙර දරුවන්ට දෙවරක් සිතන්නට පොළඹවන මෙම ක්‍රමවේද මොනවාදැයි බලමු.

ඔබට මේවා දෙවරක්, තෙවරක් හෝ සිව්වරක් වුවත් කරන්නට සිදු වේවි. නමුත් ඔවුන්ගේ විනය සහ දඬුවම නිසි ලෙස හසුරුවන තාක් කල් ඔවුන් අවසානයේදී හෝ නිවැරදි හැසිරීමට අවතීර්ණ වනවා.

විටමින් C ඌණතාවය

 

කුඩා දරුවන් (Babies) දරුවන්ට දඬුවම් දීම

පළමුවෙන්ම කිව යුතු දෙයක් තිබෙනවා. වයස මාස 10-12ත් අතර දරුවකුට නොකඩවා හා අවශ්‍ය තැනදී ‘එපා’ කීම හා අතට පුංචි පහරක් ගැසීම හැරුණුකොට  එම අවදියේ දරුවකුට  තරවටු කිරීම හෝ දඬුවම් කිරීම නොකළ යුතු දෙයකි.

මෙම අවදියේ දරුවා කළ හැකි යම් අනාරක්ෂිත දේවල් වන අහිතකර දෙයක් කටේ දමාගැනීම, කැඩෙන සුළු දේවල් අතපත ගෑම වැනි හැසිරීම් නොකළ යුතු බව පෙන්වා දීමට එය කළ හැකියි.

වසරක් ඉක්මවා කෙමෙන් පෙර පාසල් වයසට එළඹෙන විට ඔබේ දරුවා හික්මවීමට ඔබ සූදානම් විය යුතුයි.

ඔබ සිහිතබාගත යුතු දෙයක් නම්, කුඩා දරුවෙකුගේ නොහොබිනාකම සාමාන්‍යයෙන් වෙනත් ගැටලුවක ප්‍රතිඵලයක් බවයි.

ඔවුන් බියෙන්, අසනීපයෙන් හෝ ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න තේරුම් නොගෙන සිටිය හැකියි. තවත් සමහර විට ඔවුන්ගේ වටපිටාවේ සිදුවීම්, එදිනෙදා ක්‍රියාකාරකම් ආදිය දරාගත නොහැකි තරම් විය හැකියි.

මෙවන් අවස්ථා වලදී  ඔවුන්ගේ සීමාවන් සරලව පරීක්‍ෂාවට ලක්වූ විට නොමනා ක්‍රියාකාරකම් දරුවාගෙන් උත්පාදනය විය හැකියි.

හේතුව කුමක් වූවත් දරුවා හික්මවීම සඳහා වන පළමු පියවර වන්නේ දරුවාගේ වැරදි ක්‍රියාව සිදුවන පරිසරය අපගමනය කළ යුතු බව නොහොත් වැරැද්ද සිදුවීමට තුඩු දෙන හේතු සහ අවස්ථා වලින් දරුවා ඈත් කළ යුතු වීමයි.

මේ වෙනුවට ධනාත්මක දෙයකට දරුවන්ගේ අවධානය යොමු කිරීමෙන් ඔවුන් එම තත්වයෙන් ඉවතට හැරවීමට උත්සාහ කරන්න.

මෙය බොහෝ වේලාවට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නකි. නමුත් එය අසාර්ථක වුවහොත්, පහත සඳහන් කමවේද වලින් එකක් උත්සාහ කර බල්න්න:

  • දරුවා සිටින තත්වයෙන් ඉවත් කරගන්න
  • සාමකාමී ලෙස, කලබල නොවී, දරුවා ඔබේ උකුල මත හිඳුවා ඔහු/ඇය තදින් අල්ලා ගන්න; ඔවුන් සමඟ සන්සුන්ව කථා කිරීම, සැනසිලිදායක නමුත් ස්ථිර ලෙස ඔවුන්ගෙන් අපේක්ෂා කරන දේ ප්‍රකාශ කරන්න.
  • කෙටි කාලයකට ‘time out’ එකක් දරුවාව වෙන් කර තැබීම
  • දරුවාගේ වයස අනුව අවුරුද්දට විනාඩිය බැගින් වන ලෙස කාලය තීරණය කළ හැක.
  • ඉහත නිර්ණය කළ කාලයට, ගැටළුව ඇති කරන අයිතමය (සෙල්ලම් බඩුව, පොත යනාදිය) දරුවන්ගෙන් අරගන්න.

දරුවන්ගේ වයස් කාණ්ඩ අනුව හික්මීම උගන්වන ක්‍රම

පෙර පාසල් දරුවන් දරුවන්ට දඬුවම් දීම

ඔබේ දරුවන් ඔවුන්ගේ පෙර පාසල් වයසට පැමිණි පසු, හරි වැරැද්ද කුමක්ද යන්න ගැන වඩා හොඳ අවබෝධයක් ඔවුන්ට තිබෙනවා.

ඔවුන්ගේ ක්‍රියාවට වගකීම ගැනීමේ හකියාවක් ඔවුනට තිබෙනවා. කෙසේ වෙතත්, නැවතත් මතක් කළ යුත්තේ, දරුවා හික්මීමේදී, විනය වයසට ගැළපෙන එකක් විය යුතු අතර කළ වැරද්දට සුදුසු එකක් බවට වගබලාගත යුතු වීමයි.

මෙම වයසේ දරුවන් වැඩිහිටියන්ගේ ක්‍රියාවන් බොහෝ ලෙස අනුකරනය කිරීමට උනන්දුවක් දක්වන බැවින් බොහෝ විට ‘අම්මා’ සහ ‘තාත්තා’ වගේ (රූපලාවන්‍ය නිරූපණය කිරීම, මෙවලම් පෙට්ටිය පාවිච්චි කිරීම, ආහාර පිසීම, බිම අතුගෑම ආදිය).

සුදුසු සහ හොඳ දේ බව ඔවුන් විශ්වාස කරන බව ඔබ සිහි තබාගැනීම වැදගත්ය. මෙවැනි අවස්ථාවලදී හික්මවීම හෝ දඬුවම් සුදුසු නොවේ. ඔවුන් අවංකවම හොඳ චේතනාවෙන් කරන මේ දේ වල කිසිඳු වරදක් නැත.

පෙර පාසල් සිසුවෙකුගේ හැසිරීම් වලදී විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් වලට ඇතුළත් වන්නේ:Hitting

  • පහර දීම
  • බෙදාහදා නොගැනීම
  • අනුන්ට හිරිහැර කිරීම
  • බොරු කීම, වංචා කිරීම
  • එකට එක කීම සහ තර්ක කිරීම
  • අකීකරුකම

පෙර පාසැල් සිසුවෙකුගේ වැරදි සඳහා ගත යුතු විනය ක්‍රියාමාර්ග වන්නේ:

  • ඔබේ දරුවාගේ වැරදි හැසිරීම සහ ක්‍රියා ගැන ඔහු/ඇය සමඟ කතා කළ යුතුයි. එය වැරදි වන්නේ කුමක් නිසාද? ඒ වරද නැවත වතාවක් නොවීමට කළ හැක්කේ මොනවාද?  යන්න පැහැදිළි කළ යුතුයි.
  • Time out නොහොත් දරුවා යම් කාලයක් පනවා පැත්තකට කර තැබීම
  • ඔබේ දරුවා එම වාතාවරණයෙන් ඉවත් කිරීම
  • ඔවුන්ගේ වැරදි හැසිරීමට ප්‍රතිචාරයක් ලෙස ඔහුගේ/ඇයගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක්, රූපවාහිනී බලන වේලාවක් හෝ වෙනත් වරප්‍රසාදයක් නොදී සිටීම

දරුවන්ගේ වයස් කාණ්ඩ අනුව හික්මීම උගන්වන ක්‍රම

මුල් ළමා විය දරුවන්ට දඬුවම් දීම

  • මුල් ළමා වියේ දරුවන් තමන් ගැන වැඩි වැඩියෙන් සිතීමට පටන් ගන්නා වයසක පසුවෙති. තමන් ගැනම සිතන මෙම චින්තනයත් සමඟ ස්වාධීනත්වය සඳහා සටන්කාමී හැඟීමක් ඔවුන් වෙත පැමිණෙනවා.

ඔවුන්ට යම් ප්‍රමාණයක ස්වාධීනත්වයක් ලබා දීම වැදගත් වනවා.  නමුත් ඒ සමඟම, දරුවන්ට සීමාවන් පැනවීමත් සීමාවන් වලට හා අධිකාරියට ගරු කරන ආකාරයත් ඔවුන්ට ඉගැන්විය යුතු වනවා.

මිතුරන් සමඟ දවසක් ගත කරන්නට ඉඩ ශීමෙන් හෝ, විශ්වාසවන්ත මිතුරන් සමඟ රාත්‍රී කා ගෙවන්නට සැලසීමෙන් ආදිය මගින් ඔවුන්ගේ පියාපත් ටිකක් විහිදුවාලන්නට ඉඩ දීමෙන් මෙම ස්වාධීනත්වය ඔවුන්ට දෙන්නට පුළුවන්.

මෙහිදී දෙමාපිය උපදෙස් පිළිපදින ආකාරයෙන්, දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්නට ඔවුන්ට හැකි වනවා.

තම ඇඳුම් පැළඳුම් තෝරාගැනීම, ඔවුන්ට දෙන අමතර මුදල නිසි ලෙස වියදම් කිරීම හා ඔවුන් සහභාගී වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්. තීරණ ගැනීම සහ ඔවුන් තෝරා ගැනීමේ විනෝදාංශයක් අනුගමනය කිරීම ආදී තීරණ ගැනීමේ නිදහස ඔවුනට ලැබෙනවා.

කෙසේ වෙතත්, ඔබේ දරුවා සීමාවන් ඉක්ම ගියහොත් ගත යුතු සුදුසු විනය ක්‍රියාමාර්ගවලට ඇතුළත් වන්නේ:

  • වරප්‍රසාද අහිමි කිරීම
  • අකාරුණික හෝ අගෞරව සහගත සිදු කළ සෑම ක්‍රියාවක් සඳහාම කරුණාවන්ත ක්‍රියාවක් කිරීමට නියෝග කිරීම
  • අමතර වැඩ
  • ඔවුන් කළ වැරදි පිළිගැනීම වාචිකව ප්‍රකාශ කිරීමට සහ සමාව ඉල්ලා සිටීමට පැවසීම

වැඩිහිටි දරුවන්

ඔබේ දරුවන් වයසින් මුහුකුරා යමින් පරිණත වන විට, ඔවුන්ගේ අවශ්‍යතාවය සහ ස්වාධීනත්වය සඳහා ඇති ආශාව, ඔවුන්ගේම අදහස්, හැඟීම් ප්‍රකාශ කිරීම සහ ඔවුන් කවුරුන්ද යන්න සොයා ගැනීම ස්වාභාවිකවම වැදගත් දෙයකි.

නමුත් මෙම සොයාගැනීමේ කාලය තුළදීද, ඔවුන්ගේ ජීවිතයේ අනෙක් සෑම අදියරකදීම කලා සේ ස්ථිර නමුත් සෞම්‍ය ලෙස ආදරයෙන්, කරුණාවෙන් හා සැලකිල්ලෙන් යුතුව ඔවුන් හැසිරවිය යුතු වනවා.

ඔබේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු හා අභිලාෂයන් වර්ධනය කර ගැනීමට ඉඩ දීම වැදගත් වනවා.

ඒ අතරම, ඔබේ නිවසේ සීමාවන් තුළ පවතින තාක් කල්, ඔවුන්ට ඔවුන්ගේ වේගයෙන් වර්ධනය වීමට හා පරිණත වීමට ඉඩ දෙනු ලැබෙන බවට කියා දිය යුතු වනවා.

ඔවුන් එසේ නොකරන්නේ නම්, ඔවුන් හික්මවීමට අවශ්‍ය වූ විට, වඩාත්ම පිළිගත හැකි විනය ක්‍රියාකාරකම් වලට ඇතුළත් වන්නේ:

  • වරප්‍රසාද අහිමි කිරීම
  • දීමනාවන් නැති කිරීම
  • අමතර ගෙදර දොරේ වැඩ
  • සෑම අකාරුණික ක්‍රියාවක් සඳහාම කරුණාවන්ත ක්‍රියාවක් කිරීමට නියෝග කිරීම
  • ඔවුන්ට සමීප හා ආදරණීය භාණ්ඩ ඔවුන්ගෙන් ඉවත් කිරීම (IPOD, පරිගණක ආදිය.)

විනය (Discipline) යනු කුමක්දැයි මතක තබා ගන්න

විනය යනු සුදුසු හැසිරීම ඉගැන්වීම සහ සෑම ක්‍රියාවකටම ප්‍රතිවිපාකයක් ඇති බව තහවුරු කිරීමයි. විනය යනු අවමානයට ලක් කිරීම, වේදනාව ඇති කිරීම හෝ ‘ආපසු ගෙවීම’ ලෙස භාවිතා කිරීමක් නොවේ. වෙනත් වචන වලින් කිවහොත්, දැඩි මෙන්ම සෞම්‍ය වූ ප්‍රේමයකින් හික්මවීම ඉගැන්වීම මිස පාලන යාන්ත්‍රණයක් ලෙ නොවේ. ජීවිතය නිවැරදි ලෙස ගත කළ යුතු ආකාරය ඔබේ දරුවාට ඉගැන්වීමේ අරමුණින් කරන ජීවිත ක්‍රියාවලියකි.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි