theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

5 අවම කියවීම
ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමුඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

මුරණ්ඩු දරුවන් හික්මවීම  මව්වරුන්ට පියවරුන්ට කළකිරීමක් ඇති කරන දෙයක් විය හැකිය. නමුත් එය සාක්ෂාත් කරගත හැකිය. සමහර විශේෂඥයින් අනුමත කරන ලද මුරණ්ඩු දරුවන්  හික්මවීමේ උපක්‍රම  සඳහා කියවන්න.

මුරණ්ඩු  දරුවන් හික්මවීම ගැන ඔබේ අදහස කුමක්ද? තම දරුවා නිරන්තරයෙන් කියන දෙයින් පිට ක්‍රියා කරන විට හෝ සවන් දීමට අකමැති විට දෙමාපියන් කළ යුත්තේ කුමක් ද?

මුරණ්ඩු  දරුවන්  හික්මවීම  සඳහා, මව්වරුන්  හා  පියවරුන් ස්ථිරසාරව, ඉවසිලිවන්තව හා තම දරුවාගේ අකීකරුභාවය ඔවුන්ගේ හැසිරීමේ ස්ථීර කොටසක් බවට පත් නොකිරීම සඳහා අවශ්‍ය  ඕනෑම  දෙයක්  කීරිමට කැමැත්ත සහිත විය යුතුය.

මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

5 C s  මතක තබා ගැනීමෙන් මුරණ්ඩු දරුවන්  හික්මවීම:

Clarity( පැහැදිලි භාවය), Consistency ( අනුකූලතාව), Communication (සන්නිවේදනය), Caring (රැකවරණය) සහ Creating a sense of social responsibility (සමාජ වගකීම් පිළිබඳ හැඟීමක් ඇති කිරීම)  මනෝ විද්‍යඥ බෙන් මාටින් ලියනවා .

5 Cs මතක තබා ගැනීමෙන් මුරණ්ඩු දරුවන්  හික්මවීම

ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

1. Clarity( පැහැදිලි භාවය),

කියන දෙය අහන්නෙ නැති  මුරණ්ඩු  දරුවකු  හික්මවීම සදහා නීතී, ඔහුගේ සීමාවන් සහ ඔබේ අපේක්ෂාවන් පිළිබඳව පැහැදිලි සහ නිශ්චිත වන්න. ඔහුට  දිනපතා කියවිය හැකි පරිදි ඔබට කොහේ හරි ඒවා ලියන්න පුළුවන්.

මෙම නීති වල අවශ්‍යතාව පැහැදිලි කිරීමට කාලය ගත කිරීම වැදගත්ය. නීති රීති පමණට වඩා  නොකරන්න.

ඔබට මෙහෙම කියන්න පුළුවන් : " ඔයාට ගවේෂණය කරන්න අදහස් ප්‍රකාශ කරන්න ඕනී කියලා මට තේරෙනවා . නමුත් ඔයා මේ දේවල් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා "

2. Consistency ( අනුකූලතාව)

දරුවන්ට අනුකූලව ක්‍රියාත්මක කරමින් මෙම පැහැදිලි නීති රීති අනුගමනය කරන්න.

ප්‍රතිවිපාකද එලෙසම පවත්වා  ගැනීමට   වග බලා ගන්න.

කෙසේවෙතත්,  එය ඔබේ වර්ධනය වන දරුවාගේ අවශ්‍යතා අනුව නීති රීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නම්‍යශීලී  වීමට උදව් කරනවා.

ඔබට මෙහෙම කියන්න පුළුවන්:  "ඔයාට මේ දඩුවම ලැබෙන්නේ ඇයි?  ඔයා කල  මොන වැරැද්දටද කියලා දන්නවාද ?

3. Communication (සන්නිවේදනය)

නිතී රීතී සකස් කිරීමේදී  ඒවා සාධාරණව සකස් වු බව ඔබේ දරුවාට හැගී යන පරිදි ඒවා සකස් කිරීමේදී ඔවුන්ව සහභාගී කරවාගන්න.

පවසන දේ ඔවුන් විසින් කරන බව මෙය සහතික කරනු ඇත.

එය ඔවුන්ගේ විශ්වාසය ගොඩනගා ගනියි. වඩාත්ම වැදගත් කරුණ නම්, ඔබගේ ආදරය සහ සැලකිල්ල පිළිබඳව එය ඔවුන්ට සහතික කිරීමයි.

ඔවුන් අකීකරු හැසිරීමෙන්  පසුව  ඔවුන්ගේ හැඟීම් සහ අවශ්‍යතා ගැන කතා කරන්න.

ඔබට මෙහෙම කියන්න පුළුවන්: "ඔයා නීතිරීතිවලට අකීකරු වූනේ ඇයි? ඔයාගේ  ක්‍රියා ගැන ඔයාට හිතෙන්නේ  මොනවාද ? "

4. Caring (රැකවරණය)

ඔබ මුරණ්ඩු  දරුවා  හික්මවීම කරන  විට, ඔවුන්ගේ  හැසිරීම ඔබ විවේචනය කරන බව ඔවුන් දනී. එය පුද්ගලයෙකු වශයෙන් ඔවුන් කවුරුන් ද යන්න පිළිබඳ විවේචනයක් නොවේ.

ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ව විස්තර  නොකරයි, නමුත් ඒවා වෙනස් කල හැකිය. එය විශ්වාස කරන්න.

ඔබේ සංසුන් බව නැති කර ගන්න එපා. ඒ වගේම  වයසට ගැලපෙන ප්‍රතිවිපාක ලබාදෙන්න.

ඔබේ දරුවා ප්‍රශංසා කිරීමට හා නීති රීති අනුගමනය කරන විට ඔවුන් අගය කිරීම    ඉතා වැදගත් වේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබට මෙහෙම කියන්න පුළුවන්: "මම ඔයාගේ  හැසිරීම ගැන දුකෙන්  ඉන්නේ , හැබැයි ඔයා ගැන නම් නෙවේ."

5.  Creating a sense of social responsibility (සමාජ වගකීම් පිළිබඳ හැඟීමක් ඇති කිරීම) 

මෙම හික්මීමේ ක්‍රියාවලියේදී ඔබ තුළ අවංකකම  සහ සමාජය පිළිබඳ දැනුවත් භාවයක් ඇති කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතුය.

හොඳ ආදර්ශයක් ලබා දෙමින් සදාචාරාත්මක වගකීමෙන් යුක්ත වාතාවරණයක් ඇති කරන්න. ඔබේ දරුවාගේ ආත්ම ගෞරවය ගොඩනගන්න.

ඔබට මෙහෙම කියන්න පුළුවන්: "ඔයාට හොඳ ළමයෙක්  වෙන්න අන් අය සමඟ හොඳින් වැඩ කරන්න   අවශ්‍ය දේවල් තියෙනවා කියලා  මම විශ්වාස කරනවා ."

මුරණ්ඩු  දරුවන්: ඔබේ දරුවා නැවතත් නීතිරීති කඩ කළොත් කුමක් කළ හැකිද?

මුරණ්ඩු දරුවන්

 

ඔබගේ නිරන්තර මතක් කිරීම් සහ ස්ථීර ශක්තිමත් කිරීම තිබියදී පවා ඔබගේ දරුවා කියන දේ අහන්නෙ නැතිනම් ඔබ කනස්සල්ලට පත්වේ. ඔබේ දරුවා ඔවුන්ගේ පූර්ව-වැඩිහිටි අවධියකට ඇතුල් වන විට එය වඩාත් කණගාටුදායක  වේ. මෙම යුගයේදී හැසිරීම ස්ථිරව වීමට  පටන් ගනියි.

එක්සත් ජනපදයේ සායනික සමාජ සේවකයෙකු වන ඩෙවුරා රෙයිනර් CNN හට පවසන පරිදි, සෙසු දෙමව්පියන්ගෙන් හෝ සෙසු වෙබ් අඩවිවලින් උපදෙස්  හොයන විට ,  විශ්ලේෂණය කිරීමෙන් අවහිරයට ලක්වෙන අනතුරක අපි ඉන්නවා.

"අපි යටපත් වෙන විට අපි කොහාටද  හැරෙන්නේ කියලා දන්නේ  නැහැ .මම දෙමව්පියන්ට කියන්නේ එක් දෙයක් උත්සාහ කරන්න. එය සමග ස්ථාවර  වන්න.  ඒ ගැන සැලකිලිමත් වන්න.

මනෝවිද්‍යාඥ කාල් පිකාර්ඩ්ගේ උපදෙස වන්නේ තම දරුවාගේ හැසිරීම ගැන දෙමාපියන්ට පූර්ණ පාලනය කළ හැකි යන අදහස වැරදියි යන්නයි.

එහෙත්, ඔවුන්ට  යහපත් හැසිරීම් දිරිගන්වන අයුරින් ඔවුන් හැසිරවීම  පාලනය කළ හැකිය.

මව්වරුනි, පියවරුනි, නැවත නැවතත් මුරණ්ඩු  ලෙස හැසිරෙන  දරුවා වෙත ළඟාවීම සඳහා  මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙන්න,

1. මුරණ්ඩු  දරුවන්: ඔවුන්ගේ මුරණ්ඩු  බවේ ස්වභාවය තීරණය කරන්න

ඔවුන්ගේ හැසිරීම විසල් වු හැගීම් ප්‍රතිචාරයක්ද?  සංවර්ධනයේ  වෙනස්කම් වලට අනුව හැඩගැසීමක්ද?

ඔබේ දරුවාගේ වයස, ආකල්ප සහ සංවර්ධනය පිළිබඳ ඔවුන්ගේ අදියරවලට අනුව හැඟීම්බර අවශ්‍යතාවන් සැලකිල්ලට ගන්න.

සන්නිවේදනය පැමිණෙන්නේ මෙතැනටයි. ඔවුන්ගේ තේරුම් ගැනීමේ මට්ටමට අනුව සංනිවේදනය කරන්න උත්සහා කරන්න.

2.  පෞද්ගලිකව එය ගන්න එපා

ඔවුන්ගේ කැරැල්ල ඔබ මත එල්ල කරන ප්‍රහාරයක් හෝ ඔබේ දුර්වල දරුවන් රැකබලා ගැනීමේ  හැකියාවන් පිළිබිඹු කිරීමක් නොවේ.

නිසැකවම, සමහර දරුවන් දෙමව්පියන්ට ප්‍රතිචාරයක් වශයෙන් කඩා පැන්නද, මුරණ්ඩු කම බොහෝ විට ඔවුන් සමග පොර බදන යම් අභ්‍යන්තර අරගලයක ප්‍රතිඵලය වේ.

මෙහිදී හැකි තරම් සැලකිලිමත් සහ ඉවසිලිවන්ත වන්න.

ඔවුන්ගේ අතීත හැසිරීම් මත නොසිටින්න. ඒ වෙනුවට, ඔබේ දරුවාට වඩා හොඳින් වෙනස් වීමට ඔහුගේ හැකියාවට ගෞරවය හා විශ්වාසය  ලබා දෙන්න.

3.මුරණ්ඩු  දරුවන්:  ඒවා අත් නොහරින්න

නරක හැසිරීම් වල ඵලවිපාක අත්විඳීමට ඉඩදීමෙන් පවා උපකාර විය  හැකිය. ඔබ සෑමවිටම ඔවුන්ට  මඟ පෙන්වීමට වගබලා යුතුය.

ධනාත්මකව ඔබේ දරුවා ධෛර්‍යමත්  කරන්න. ඔවුන්ගේ සහෝදරයා හෝ මිතුරා කෙරෙහි ඔවුන් කරුණාවන්තද? ඔවුන් ඔබට වැඩ  කිරීමට උපකාර කළාද?

ඔවුන්ගේ යහපත් හැසිරීම අවධාරණය කරන්න. ඔබේ ඔවුන්ගේ  නැවත නැවත  අකීකරු වීමෙන් ඔබ  කලකිරීමට පත්ව සිටියත්    ප්‍රශංසා කිරීමට අවශ්‍ය තැන ප්‍රශංසා කරන්න .

4. සාධාරණ වෙන්න

නීති රීති පැහැදිලිව කලින් ප්‍රකාශ කළ යුතු අතර, ප්‍රතිවිපාක ද සාකච්ඡා කළ යුතුය.

දඬුවම වෙනුවට මග පෙන්වීමට  ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය. එය තමන්ගේ යහපත සඳහා ඔවුන් වටහා ගන්නේ නම්, හැසිරීම වෙනස් කිරීමට දරුවන් පෙළඹෙනු ඇත.

සන්නිවේදනයේ දොරටු විවෘත කිරීමෙන් යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගත හැකි අතර , සදාකාලික වෙනසක් ඇති කිරීම සඳහා වූ පළමු පියවර වන්නේ මෙයයි.

මුරණ්ඩු දරුවන් හික්මවීම ගැන මේ ඔවදන් ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු
බෙදාගන්න :
  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

    විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

  • දැඩි මතදාරී පාලනයක් යටතේ හැදෙන දරුවා බොරු කියන්න නැඹුරු වෙන්න පුළුවන්

    දැඩි මතදාරී පාලනයක් යටතේ හැදෙන දරුවා බොරු කියන්න නැඹුරු වෙන්න පුළුවන්

  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

    විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

  • දැඩි මතදාරී පාලනයක් යටතේ හැදෙන දරුවා බොරු කියන්න නැඹුරු වෙන්න පුළුවන්

    දැඩි මතදාරී පාලනයක් යටතේ හැදෙන දරුවා බොරු කියන්න නැඹුරු වෙන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it