දැඩි මතදාරී පාලනයක් යටතේ හැදෙන දරුවා බොරු කියන්න නැඹුරු වෙන්න පුළුවන්

කැනඩාවේ මගිල් විශ්වවිද්‍යාලයේ පවත්වන ලද පරීක්ෂණයකට අනුව දඩුවම් වලින් ගැලවීමට උපක්‍රමයක් ලෙස දරුවන් බොරු ගෙතීමට පෙළඹෙන බව පැවසෙනවා.

දරුවන්ට ඉතා තදින් ක්‍රියා කිරීම නිසා ඔවුන්ට මානසික වශයෙන් බලපෑමක් ඇතිකරනවා. කිසිම දෙමව්පියෙකු ඔවුන්ගේ දරුවන් බොරු කියනවා දකින්න කැමති නැහැ. නමුත් ඔබ ඔවුන් පාලනයේදී ඉතා තද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් ඔවුන් බොරු කියන්නට පෙළඹෙනවා වැඩියි. අධ්‍යනයන් එලෙස වාර්තා කරනවා.

කැනඩාවේ මගිල් විශ්වවිද්‍යාලයේ පවත්වන ලද පරීක්ෂණයකට අනුව දඩුවම් වලින් ගැලවීමට උපක්‍රමයක් ලෙස දරුවන් බොරු ගෙතීමට පෙළඹෙන බව පැවසෙනවා. බටහිර අප්‍රිකාවේ පාසල් දෙකක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයන්ට අනුව “Peeping Game” නමැති ක්‍රිඩාවෙන් කරුණු නිගමනය කළා.

එක පාසලක් ඉතා තද ප්‍රතිපත්තියක් අනුගමනය කළා. නමුත් අනිත් පාසල පිළිබඳ එතරම් තදින් ක්‍රියා කළේ නැහැ. ඉන්පසු සමීක්ෂණයන් ක්‍රීඩාව තුළ කුමන වස්තුවකින් ශබ්ධය හටගන්නේ දැයි විමසුවා. ශබ්ධයෙන් පමණක් වස්තූන් හඳුනා ගැනීම ඔවුන්ට පැවරී තිබුණා.

සමීක්ෂකයින් ඉන් පසු කාමරයෙන් නික්මී නැවත පැමිණ පෙර පැනයම නැවත ඇහුවා. නමුත් උත්තරය හරි හැටි නොදන්නා සිසුන් අතරින් වැඩියෙන් තදින් ක්‍රියා නොකරන පාසලේ දරුවන් තරමක් වෙලා ගෙන බොරු ගෙතුවත් අනෙක් පාසලේ ළමයින්ට ඊට කල් ගත වන්නේ නැහැ.

නමුත් බොරු කීම මගින් දරුවා සිමාවෙන් එහා සිතන්න පෙළඹෙනවා. දරුවන් බොරු කීම මගින් ඔවුන් සදාකාලික බොරුකාරයන් බවට පත්වන්නේ නැහැ. ඒ නිසා බොරු කීම තුළ මානසිකව හැකියාවන් වර්ධනය වෙනවා. 

බොරු කීම නිසා සිමාවෙන් එහා දරුවන් හිතන්න ගන්නවා. සම්ප්‍රදායට වඩා අලුත් දේවල් හිතන්න උත්සාහ කරනවා. ඔවුන් බොරු කීම සඳහා ගොතන හේතු එකිනෙකට ගැලපෙන්නේ නම් ඔවුන්ට හොඳ ස්මරණ ශක්තියක් ඇතිබව ඔබට සිතන්න පුළුවන්.

බොරු කීම පොදුවේ හොඳ දෙයක් නොවුනත් මනෝවිද්‍යාත්මක ව බලන කළ දරුවන්ගේ මොලය මේ සඳහා ක්‍රියාත්මක වන ආකාරය මගින් ඔවුන් සතු හැකියාව ඔබට හඳුනාගන්න පුළුවන්.

දරුවන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රම හා ක්‍රියා පිළිවෙත් ඔවුන් ළමා කාලයේ සිදු නොවුනොත් ඊට ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්.

මේ මතය දෙස වෙනත් ඇසකින් බලන්න දරුවා හරි මගට යොමුකරන්න theAsianparent Sri Lanka මේ කරුණු ඉදිරිපත් කළ කරුණු ඔබට උදවු වෙයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ