දික්කසාදය ගැන ඔබේ දරුවන් සමග කතා කිරීම ගැන අමිහිරි සත්‍ය

දික්කසාදය ගැන ඔබේ දරුවන් සමග කතා කිරීම ගැන අමිහිරි සත්‍ය

දික්කසාදය ගැන පුංචි දරුවෙකුට තේරුම් කිරීම ඉතා අපහසු කාර්යයක්. අපි කැමති වුනත් අකමැති වුනත් එය කළයුතු දෙයක් වෙනවා.

ළඟදී මගේ මිතුරියක් මුණගැසුණා. ඇගේ කසාදය කඩා වැටී තිබුණා (දික්කසාදය). නමුත් තවමත් අවුරුදු හතරක්වත් නැති ඔවුන්ගේ දරුවා නිසා සැමියා එකට නිවසේ ජීවත් වෙන එක කරනවා. 

මම මේ දෙන්නව හුඟක් කල් ඉඳලා දැනගෙන හිටියා. ඔවුන් ඉතාම හොඳ මනුෂ්‍යයන්. ඔවුන් ආදරය කරලා විවාහ වුණා. නමුත් ඒ සතුට තිබුණේ ඉතාම පොඩි කාලයක් විතරයි. අද වන විට දික්කසාදය සුලබ දෙයක් වෙලා. නමුත් කවුරුත් ඒ ගැන ප්‍රසිද්ධියේ කියන්න කැමති නැහැ. තාමත් එය ඇතුලත සිරවූ ගුහාවක ඇති භයංකර අත්දැකීමක් වගේ.             

අම්මා කෙනෙක් හැටියට දික්කසාදයේ පීඩනය හැකි තරම් අඩු කරගන්න ඊට මුහුණ දෙන්න ඇය උත්සාහ කළා. ඒත් අවුරුදු හතරක දරුවාගේ තත්වය ඊට වෙනස්. එය ඉතා අමාරු කාර්යයක්. මම ඇගෙන් ඇහුවා ඔබ එය හැසිරුවේ කොහොමද කියලා. ඒ ගැන අපි ඇගේ වචන වලින්ම අහමු.

ඔබේ දරුවාට දික්කසාදය හා වෙන්වීම ගැන පැහැදිළි කරන්නේ කොහොමද?

දරුවාට වන හානිය අඩු කරන්න උත්සාහ කරන්න

ගෙවුණු වසර දෙක තුළ අපි ඇස් දෙක දිහා බලලා හමුවෙලා නෑ. අපි කතා කරන එක හුඟක්ම අඩු කරලා තිබුණා. රණ්ඩු වලට හා බහිම්බස් වීම් වලට පමණක් වචන සීමා වුණා. නමුත් මගේ පුතා ලොකු වෙමින් ඉන්නකොට එය ඔහුට බලපාන බව මට තේරුණා. ඔහුගේ හැසිරීමටත් එය බලපෑවා. ඉතින් මම නිතරම රණ්ඩු හා බහිම්බස් වීම් ඔහු නින්දේදී හෝ ඔහු නැති වෙලාවේදී සිදු වෙන්නට ඉඩ හැරියා.

හැසිරීමේ අමුතු වෙනස්කම්

ඔහු ඉතා පීඩාකාරී ලෙස හැසිරුණා. අතට අසුවන දේ විසි කරන්නත්, හඬන්න, මහා හයියෙන් කෑ ගහන්නත් වුණා. නමුත් නිවසේ ඇති පීඩනය ඔහුට තදින් බලපාන බව මට තේරුණා. එය ඔහුගේ හැඬීම නිසා නොව නිරන්තර පීඩනය නිසා වන දෙයක් බව වටහා ගත්තා.

ඔහුගේ පීඩනය නිදහස් කරන්න උදව් වෙන්න

මම එයාට කතාකරන්න පටන් ගත්තා. ඔහුට මොනයම් හෝ දෙයක් ගැන අපහසුවක් අසතුටක් ඇත්නම් අඬන එකේ වරදක් නැති බව මම කිව්වා. මම උත්සාහ කළේ ඔහු එය හිතේ හිරකරගෙන නොසිට මුදාහරින්න උදව් කරන්නයි. මම ඔහුට අඬන්න ඕනෙද කියලා ඇහුවම ඔහු ඇඬුවා. නමුත් ඉන් ඔහුට සහනයක් ලැබෙන බව පුංචි දරුවෙක් ලෙස වුනත් මම දැක්කා.

සරල වචන වලින් ඔහුට තත්වය පැහැදිළි කළා

මම හුඟක් ප්‍රශ්න ගැන අවංකවම ඔහු එක්ක කතා කළා. අම්මයි තාත්තයි  පුංචි රණ්ඩුවක් ඇතිවුණ බවත් ඒක හරියට එයා එයාගේ යහළුවන් එක්ක පුංචි රණ්ඩුවක් ඇතිකර ගත්තා වගේ දෙයක් කියලත් මම කියනවා. අම්මයි තාත්තයි එයා නිසා හුඟක් සතුටු වෙන බවත් කිව්වා. ඒ වගේම ඔහුට හුඟක් ආදරේ බවත් කිව්වා. ඒ වගේම දැන් අපිට එක ගෙදරක් තිබුණත් තවත් ටික දවසකින් අපිට ගෙවල් දෙකක් තිබිය හැකි බවත්, එවිට ඒ ගෙවල් දෙකම ඔහුගේ බවත් මම ඔහුට කිව්වා.

ඔහු මේ දේවල් වලට හේතුව නොවෙයි

මම කියන්නේ නැහැ මේ හැමදේම ඔහුට පැහැදිළි වෙනවා කියලා. නමුත් මමත්, එයාගේ තාත්තත් එකට සතුටින් කල් ගෙවන්නේ නැත්තේ එයා නිසා නොවන බව නම් එයාට අවබෝධ වෙලා තිබුණා. මේක ඇත්තටම ආත්ම විශ්වාසය හා රැකවරණය ගැන ඔහුට හැඟවීමට හරිම වැදගත්.

අපේ සමාජය මේ විදිහට අලුත් ජීවිතයක් පටන් ගැනීම අනුව නොකළොත් මගේ පුතාට මට හැකි විදිහට මේ දේවල් තේරුම් කරලා දෙන්න මට හැකි වුණා. ඒකට මම හුඟක් සතුටු  වෙනවා. නමුත් මගේ පුතාට හොඳ අම්මා කෙනෙක් වෙන්නයි මට ඕනේ. ඒ වගේම හොඳ ආදරණීය සම්බන්ධයක වැදගත්කමත් මම එයාට කියලා දෙනවා.

මේ ගැන මගේ මිතුරියට කතා කරපු එක ගැන මට සතුටක් දැනෙනවා. තවත් කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක හිරවෙලා ඉන්නවනම් මේ කතාව ඇයට අස්වැසිල්ලක් වෙයි කියලා මට හිතෙනවා.

ජීවිතයේ කටුක බව වුවත් දරුවන් වෙනුවෙන් දරාගන්න අපිට සිදුවෙනවා.  theAsianparent Sri Lanka මේ ශක්තිය ඔබට ලබාදෙන්නේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ