ඇස්වලට ජංගම දුරකථනයේ බලපෑම කොතෙක්ද කියා අපට සමහට විට හිතාගන්නට අමාරුයි.
අනික් අතට හැම ශාරීරික අපහසුතාවක්ම, රෝග තත්වයකටම ජංගම දුරකථනය පිටින් යැව්වේ නැත්නම් ඔයා ඇත්තටම ලංකාවෙ අම්මෙකුත් නෙවෙයි.
ඇත්තෙන්ම සෑම සියළු දෙයකම වරද ජංගම දුරකථනය මත පැටවීමට අපි පුරුදු වෙලා.
නමුත් මේ පුවත නම් ඒ සිතිවිල්ල සැබෑවක් කරනවා.
චීනයේ හෙෆෙයි නුවර දරුවෙකු තම මුළු නිවාඩු කාලයම එක දිගට ජංගම දුරකථනය පරිහරනය කිරීමේ ප්‍රථිඵලයක් ලෙස දරුවාගේ දෙනෙත් වපර වූ බවට වාර්තා වෙනවා.

ජංගම දුරකථන තිර දෙස වැඩිපුර වෙලා බලා සිටීමෙන් ඇස් වපර වෙනවාද? ඇස්වලට ජංගම දුරකථනයේ බලපෑම කුමක්ද? මේ පුතාගේ කතාව කියවලාම බලන්න.
බොහෝ සිසුන් තම නිවාඩු කාලය නිවස් වල විවේක සුවයෙන් ගත කරන්නට ඇති. සවාරි යන්නට ඇති.
නමුත් මේ කියන පිරිමි දරුවා දිනකට පැය 10 කට නොඅඩු කාලයක් තම දුරකථනය දෙස බලා සිටින බව ඔහුගේ පියා පවසනවා.
ඔහු තම පියාගේ උපදෙස් වලට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කර ඇති අතර පියාගේ ඇස් අහකට යන හෑම අවස්ථාවකම දුරකථනය රැගෙන ගොස් තිබෙනවා.
සිදුවන්නේ කුමක්ද යන්න ඔහුගේ පියා වටහාගෙන පුතාව වෛද්‍ය උපදෙස් වලට යොමු කරන විටත් දරුවාගේ ඇස් වපර බවට පත්වී හමාර වී තිබුනා.

වෛද්‍යවරයාගේ රෝග විනිශ්චය මත, පිරිමි ළමයාගේ ඇස් ස්වභාවිකවම යළි යථා තත්වයට පත්වීම සැක සහිත බව කියා තිබුනා.
තවද, සම්පූර්ණ සුවය ලැබීම අවිනිශ්චිත බවත් පවසා තිබුණා.
පැහැදිළි ලෙසම දරුවා මාස 6ක කාලයක් ජංගම දුරකථන භාවිතයෙන් සම්පූර්ණයෙන් මිදිය යුතු බව වෛද්‍යවරිය නිර්දේශ කළා.
ඒ අවම වශයෙන් මාස තුනක්වත් ජංගම දුරකථනය භාවිතා කිරීම සීමා කළ යුතු බවට උපදෙස් දී දීමෙන් අනතුරුවයි.
මේ ක්‍රියාදාමය තුළින් කිසිඳු ප්‍රගතියක් නැතිනම් ඇය කියා සිටියේ නිවැරදි කිරීමේ සැත්කමක් අත්‍යාවශ්‍ය වියහැකි බවයි.
දරුවාගේ වෛද්‍යවරිය වන වෛද්‍ය සූ තවදුරටත් පැහැදිලි කළේ, මෙම කාලය තුළ දරුවන්ගේ ඇස් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි බවයි.

ඉතා ඉක්මණින් ඉලෙක්ට්‍රොනික මෙවලම් ඔවුනට හඳුන්වා දීමෙන්, ඔවුන්ගේ දෑස් හා මෙවලම් වල තිර අතර ඇති කෙටි දුරට අනුවර්තනය වන අතර එමඟින් කාලයත් සමඟ මයෝපියාව හා ඇස් වපර වීම වැනි රෝග ලක්ෂණ ඇති වේ.
සියල්ල මෙසේ සිදුවූ පසුවත්, නිර්දේශ කළ පරිදි යම් කාලයක් සඳහා දරුවාගේ දුරකථනය භාවිතා කිරීම නැවැත්විය හැකිදැයි විමසූ විට, පිරිමි ළමයා දැඩි ආවේගයෙන් කියා සිටියේ “නෑ මට බැහැ.” යන්නයි.
පින්තූර: worldofbuzz.com වෙතින්
පරිවර්තනය: නිලූෆ පෙරේරා
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.