පාන් පිටි නරක් වෙනවාද? ඔබ සමහර විට කල්පනා කරනවා ඇති.
සාමාන්‍යයෙන් පාන් පිටි නැතිනම් තිරිගු පිටි ඇතුළු ධාන්‍ය පිටි වර්ග අපි වෙළද පොලෙන් ගත්විට පැකැට්ටුවේ කල් ඉකුත් වීමේ දිනය බලනවා.
නමුත් අපි මේ පිටි වර්ග කිරලා ගමේ කඩෙන් ගත් විට මේ කල් ඉකුත් වීමේ දිනයක් සොයා ගන්න නැහැ.
ඉන්පසු අපි ගෙදර ගෙනවිත් එය තිබ්බාට පස්සේ එය ගෙනා දිනය මතකයේ තබා ගන්නෙත් නැහැ. අපි අද ඒ පිළිබද පෝෂණවේදින්ගේ අදහස් සහිත වැදගත් ලිපියක් බලමු.
පාන් පිටි නරක් වෙනවාද?මේ ඒ ගැනයි

ඔන්න කවුරුත් කාබොයිඩ්ටේඩ් අඩු කිරීම පසෙකලා ගොඩාක් බේක් කරන ආහාර වලට මේ දවස් වල නැඹුරු වෙලා තියෙනවා.
ඒක නිසාම මේ දවස් වල සමාජ මාධ්‍ය තුල විවිධ රසවත් ආහාර සකස් කල පිංතූර වැඩි වැඩියෙන් දකින්නට ලැබෙනවා.
මේ වගේ රසවත් කෑමක් හදන්න මතක් වෙලා මුළුතැන් ගෙයි කබඩ් එකේ ඇති පිටි මල්ල අදින කොට පිටි නරක් වෙලාද කියලා අදහසක් ඔබේ සිතේ ඇතිවෙනවා නේද?
පාන්, කේක්, බිස්කට් වැනි පිළිස්සු ආහාර හදන්න කාලයක් තිස්සේ තිබ්බ මේ පිටි පාවිච්චි කරන්න සුදුසුද?
ඇත්තටම කණගාටුවෙන් වුවත් ඔබට යමක් පවසන්න වෙනවා. පිටි වල ආයු කාලය ඔබ හිතනවාට වඩා කෙටියි.
පිටි ඉක්මනින් නරක් විය හැකි බව පෝෂණවේදී මොලී නුවර්, ලව් වෙල්නස් හි උපදේශක පවසනවා.
පිටි දෙස බැලීමෙන් පමණක් එය කල් ඉකුත්වී ඇත්දැයි බලන්න බැහැ . එහි එකවරම පුස් හෝ දුර්ගන්ධය දකින්නට නොලැබෙන්න පුළුවන්.
ඒ වගේම ඔබ පිටි පැකැට්ටුවෙන් ඉවත් කර භාජනයක ගබඩා කර ඇතිනම්, කල් ඉකුත්වීමේ දිනය හරියටම දැනගන්න බැරි වෙන්නත් පුළුවන්.
ඔන්න එහෙනම් ඔබ කෑමක් සකස් කරන්න සියල්ල සුදානම් කරන්න කලින් පිටි නරක් වෙලාද කියලා දැනගන්නා ආකාරය හා එය නිසි ලෙස ගබඩා කිරීම ගැන සියල්ල දැන ගනිමු.
පිටි වර්ග නරක්වීම
පිටි වල ආයු කාලය කොපමණක්ද?
සාමාන්‍ය රාක්ක ජීවිතය යනු කුමක්ද? සෑම ආහාරයකටම භාවිතා කල හැකි නිතර භාවිතා කරන පිටි වල ආයු කාලය දිගයි.
ඒක නම් හොද ආරංචියක් නේද?මෙම පිටි කාමර උෂ්ණත්වයේ වසරක් සහ ශීතකරණයේ වසරක් හෝ වසර දෙකක් තබා ගත හැකි බව නුවර් පවසනවා.
අනෙක් සුදු පිටි හා අර්තාපල් වලින් සැකසු පිටි වලද ආයු කාලය අපි නිතර භාවිතා කරන පිටි වල ආයු කාලයම වෙනවා.
නමුත් සම්පූර්ණ තිරිඟු පිටි නැතිනම් පාන්පිටි වලට ඇත්ත වශයෙන්ම ඇත්තේ කෙටි ආයු කාලයකි.
එයට හේතුව වන්නේ සම්පූර්ණ තිරිඟු පිටි වල තන්තු හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් නිවුඩ්ඩ හා විෂබීජ අඩංගු වෙන නමුත් එය වේගයෙන් නරක් වීමයි.
ඒ නිසාම සම්පූර්ණ තිරිඟු පිටි වල ආයු කාලය කාමර උෂ්ණත්වයේ දී මාස තුනක් දක්වා ද ශීතකරණයේ වසරක් ද වෙනවා.
ඕට් පිටි සහ අනෙකුත් ධාන්‍ය පිටි සඳහාද එයම අදාල වෙනවා.
ආමන්ඩ් සහ පොල් පිටි වැනි අධික මේද සහිත පිටි වල ආයු කාලය කුමක් වේවිද?

මෙවන් මේද සහිත පිටි වලින් සාදන ආහාර සියල්ලම පිෂ්ඨය අඩංගු ආහාර වලට වඩා ඉක්මනින් නරක් වෙනවා. එයට හේතුව මේද පිටි වල අඩංගු මේදයයි.
ආමන්ඩ් සහ පොල් පිටි කාමර උෂ්ණත්වයේ මාස තුනක් සහ ශීතකරණයේ මාස හයක කල් තබා ගත හැකි බව නුවර් පවසනවා.
අනෙක් ඇට පිටි සඳහාද, සිහින්ව බිම බීජ (හණ වැනි) සඳහාද මෙම කල් තබා ගැනීමේ කාලයම අදාල වෙනවා..
පිටි ගබඩා කිරීමට සුදුසුම ක්‍රමය කුමක්ද?
පිටි සංසරණය වන වාතයට නිරාවරණය නොවන්නේ නම් දිගු කල් තබා ගන්න පුළුවන්.
මෙම පිටි දිගු කාලයක් පවත්වා ගැනීමට සුළං නොවදින බදුනක බහා තැබිය යුතුයි. නැතිනම් ෆීසර් බෑගයක දමා මුද්‍රා තබා කාමර උෂ්ණත්වයේ හෝ ශීතකරණයේ තබන්නත් පුළුවන් බව නුවර් පවසනවා.
සීතල පරිසරයේදි ආහාර අණු මන්දගාමි වන අතර ආහාර නරක්වීම සදහා බිද වැටීමද මන්දගාමී වෙනවා.
ඒවගේම ඔබට පිටි භාවිතයට ගැනීමේදි කාමර උෂ්ණත්වයේ තිබිය යුතු බැවින් ඔබේ මුළුතැන් ගෙයිත් නිතිපතා භාවිතා කිරීම සඳහා ප්‍රමාණවත් පිටි ගබඩා කරන්න අමතක කරන්න එපා.
ඔබ ලග ඇති පිටි ප්‍රමාණය එහි ආයු කාලය තුලදී භාවිතා කිරීමට වඩා වැඩි නම් එම වැඩි ප්‍රමාණය වාතය රහිත භාජනයක හෝ ශීතකරණයේ බෑගයක් තුළ ගබඩා කරන්න.
ඔබ එම පිටි භාවිතා කිරීමට පෙර එය කාමර උෂ්ණත්වයට පත්වීමට හැරිය යුතු බව, නුවර් නිර්දේශ කරනවා.
පාන් පිටි නරක් වෙනවාද? පිටි නරක් වෙලා කියලා දැනගන්නේ කොහොමද?

- පළමුව පිටි පැකැට්ටුව මත මුද්‍රා කල ඇති කල් ඉකුත්වීමේ දිනය පිරික්සන්න.
- ඔබ පිටි බදුනක ගබඩා කරන්නේ නම් කවරය ඉවත් කිරීමට පෙර මෙම කල් ඉකුත්වීමේ දිනය එම බදුනේ ලේබල් කරන්න අමතක කරන්න එපා.
- මීට අමතරව පිටි වල ගන්ධය පරීක්ෂා කිරීමෙන් එය නරක් වී ඇති දැයි බලන්න පුළුවන් බව නුවර් පවසනවා.
- ඒ වගේම පිටිවලට කිසිදු ගද සුවඳක් නොතිබිය යුතු බව ඇය පවසනවා.
- පිටි නරක් වු විට අමුතු ගන්ධයකින් යුක්තයි. මෙම ගන්ධය සාමාන්‍යයෙන් තරමක් සියුම් වුවත්, ඔබට එය දැනිය යුතුය.
- ඉඟිය: ඔබ පිටි බදුන විවෘත කළ විගසම එහි ගන්ධය පරීක්ෂා කිරීමට පුරුදුවෙන්න.
- එවිට එහි ගන්ධය කුමක් විය යුතුදැයි ඔබට අවබෝධයක් ලැබෙනවා. ඒ ආකාරයෙන් එහි ගන්ධය වෙනස් වු විට පැවසීම පහසු වේවි.
කල් ඉකුත් වූ පිටි ආහාරයට ගැනීමෙන් රෝගී වෙනවාද?
ඔබ මේ වෙනවිටත් මුළුතැන් ගෙයි වසර ගණනක් තබා ගත් පිටි භාවිතා කර ආහාර සකස් කර ආහාරයට ගෙන ඇති?
ඒ තරම් නරක රෝගි තත්වයන් ඇති වුන බවක් මතක නැහැ නේද? ඔව් ඇත්තටම නරක් වු පිටි වලින් ඔබට එතරම් හානියක් කරන්නේ නැහැ.
බොහෝ විට, ඔබේ බේක් කළ ආහාර රසවත් බව අහිමි වීම හැර වෙන කිසිවක් සිදු නොවන බව නුවර් පවසනවා.
කෙසේ වෙතත්, කල් ඉකුත් වූ පිටි ආහාරයට ගැනීමෙන් ඔබ රෝගී වීමටත් පුංචි ඉඩක් තියෙනවා.
පරණ පිටි වල මයිකොටොක්සින් විශාල ප්‍රමාණයක් අඩංගු වේ නම්, ඒ නිසා ඔබ රෝගි විය හැකි බව නුවර් පැහැදිලි කරනවා. (මයිකොටොක්සින් යනු ඇතැම් දිලීර වලින් නිපදවන විෂ සංයෝගයි)
විශාල දිලීර ප්‍රමාණයකින් දැඩි ඇඹුල් ගන්ධයක් ඇති විය හැකි අතර ඔබ බදුන විවෘත කළ විගසම ඔබට එය දැනෙනු ඇත.
එවිට පිටි නරක් වී ඇති බන ක්ෂනිකව අවබෝධ වෙනවා.
මේ ලිපිය ඔබට වැදගත් වේවි කියා අපි සිතනවා.
ඔබත් ආහාර වල මෙවන් වැදගත් තොරතුරු දන්වා නම් අප හා බෙදාගන්න.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය