කාන්තාරයේ මරණයට අතැර දමා තිබු බිළිදා සුනඛයකු බේරා ගනියි

කාන්තාරයේ මරණයට අතැර දමා තිබු බිළිදා සුනඛයකු බේරා ගනියි

වීරෝදාර සුනඛයකු විසින් කාන්තාරය තුල මරණයට අතැර දමා තිබුනේයැයි විශ්වාස කරන අලුත් උපන් බිළිදෙකු බේරා ගන්නා ලදී.

ඒක හරියට චිත්‍රපටයක දර්ශනයක් වාගෙයි.

පෙකණි වැලත් සමග අලුත උපන් දරුවෙකු කටින් ගෙන එන අයාලේ යන සුනඛයකුගේ දර්ශනය  ඕමානයේ මිනිසුන් පුදුමයට පත් කළා.

අලුත් උපන් දරුවාගේ වයස පැය කිහිපයක්  වන්නට ඇත. ඔවුන් රෝහල ආසන්නයේම තමයි සිටියේ .

මුලින්ම ඔවුන් සිතුවේ සුනඛයා දරුවාව ආහාරයට ගැනීමේ අරමුණින් ගෙන ආවා කියා වුවත් දරුවා සුනඛයාගේ මුවෙන් මුදා ගනිද්දී ඌ ඊට විරුධද්තවයක් පල කලේ නෑ.

ඒක හරියට සුනඛයා විසින් ඔවුන්ට දරුවාව දුන්නා වගේ, ආරංචිය පැතිර යද්දී බලධාරින් විසින් හරියටම මොකද වුනේ කියලා හොයන්න උත්සහ කලා.

කාන්තාරයේ මරණයට අතැර දමා තිබු බිළිදා සුනඛයකු බේරා ගනියි

කොහෙන්ද මේ දරුවා ආවේ?

මුලින්ම හිතුවේ සුනඛයා විසින් දරුවාව ලගම ඇති රෝහලකින් උදුරා ගන්නට ඇතැයි සිතුවද කිසිම රෝහලකින් එහෙම සිද්දියක් වාර්තා වුනේ නැහැ.

දරුවා කාන්තාරයේ සිට අහුලා ගන්නට ඇති බව බොහෝදෙනා පිලිගත් මතය වුනා. 

ඒ කියන්නේ දරුවාගේ දෙමාපියන්ට වඩා සුනඛයා දරු පැටියා කෙරෙහි අනුකම්පාව දැක්වූ බවද?

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි