theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබත් අහලා තියෙනවාද?

6 අවම කියවීම
ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබත් අහලා තියෙනවාද?ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබත් අහලා තියෙනවාද?

බොහෝ කාන්තාවන්ට ගැබිනි සමයේ ඇතිවෙන පෙර නොවු විරූ ආශාවන් නැතිනම් දොලදුක ගැන දැනගන්න

 ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබ නිතර අසනවා නේද? ඇත්තටම මොකද්ද මේ  දොලදුක කියන්නේ?

මේ ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතා අතින්  ලියවුන ලිපියක් වෙන අතර එය ගැබිනි මව්වරුන් සදහා ලියවුන ලිපි පෙළක කොටසකි.

ගැබිණි මවට ඇතිවන දොලදුක (Doladuka) ගැන ඔබ අසා තියෙනවාද?

ගර්භනී සමයේ නුසුදුසු ආහාර

ජීවිතයේ දෙවැනි උපත වන විවාහයේ ප්‍රධාන බලාපොරොත්තුව නිරෝගී, රුවැති දරුවකුගේ සුරතල් බැලීමයි.

කාන්තාවකට දරුවකු ලැබීමෙන් ඇය ලොව ඇති උතුම්ම පදවියට ඒනම් මවු පදවියට උරුමකම් කියනු ලබයි.

ගර්භනී සමයේදී කාන්තාවකට ශරීරයේ විවිධ වෙනස්වීම් ඇති වේ.

එමෙන්ම අවට සිටින සැමගේ උදව් උපකාර, රසවත් කෑම බීම, ගරු සැලකිලි, ආදරය, කරුණාව නොවඩුව ලබයි.

සිය සැමියාගෙන් ද ඉහළ සැලකිලි ලබන කාලයක් ලෙස ගර්භනී කාලය සැලකිය හැක.

දරුවා පිළිසිඳ ගත් දා පටන් මව එම දරුවා වෙනුවෙන්ම කැපවේ. දරුවා ගැන පමණක් සිතයි.

එනිසාම දරුවාට කුස තුළදී සිය මවසිතන පතන දේ, කරන කියන දේ හොඳින් තේරුම් යයි.

එමෙන්ම දරුවාට අවශ්‍ය දේද, අනවශ්‍ය දේද, දරුවා කැමති දේද, අකමැති දේද මවට හොඳින් දැනේ.

දොලදුක ලෙස දැනෙනුයේ ද දරුවාට පෝෂණය පිණිස අවශ්‍ය හෝ දරුවා කැමති දේවල්ය.

දොලදුකට කලින් ඇතිවෙන ඈලි මෑලි දුබල ගති, ආහාර අරුචිය සහ වමනය යැම වැනි සංකූලතා බොහෝ කාන්තාවන්ට සුලභව ඇති වෙන පොදු ගැටලු වේ.

මුල් කාලයේ ඇතිවෙන ඈලිමෑලි දුබල අලස ගතිය ඇති කිරීම මගින් මවගේ ක්‍රියාකාරී ගතිය අඩු කිරීමත්, අධික වෙහෙසවීම වැළැක්‌වීමටත්, ඇද වැටීම්, ඉක්‌මන් ගමන් වළක්‌වා, කලලය විසින් තම ආරක්‍ෂාව සලසා ගනී.

ආහාර අරුචියෙන් එම කාලයේ කලලයට හානි විය හැකි අපත්‍ය ආහාර කුසට වැටීම වළක්‌වයි.

ආහාරය දිරවීමේදී ආමාශයේ ඇතිවෙන ක්‍රියාකාරකම් අවම කිරීම සහ ආහාර දිරවීමේදී පහළ බසින ශරීර උෂ්ණත්වය නිසි ආකාරයෙන් රඳවා ගැනීමත් වමනය වීමට සලස්‌වා කලලය තම ආරක්‍ෂාව සලසා ගනී.

නමුත් මෙම සන්සිද්ධීන් කෙනාගෙන් කෙනාට ශරීර ස්‌භාවය අනුව වෙනස්‌ වේ.

දොලදුක ඇතිවනුයේ 4 වන මාසයේ සිටය.

 දොලදුක යනු ගැබිනි සමයේ කාන්තාවට ඇති වන විවිධ ආශාවන්ය.

food for conceiving a baby girl

මෙම ආශාවන් අතර කෑම බීම සඳහා ඇති වන ආශාව ප්‍රධාන ස්ථානයක් ගනී.

ඊට අමතරව යම් ස්ථාන කරා යෑමට ඇති ආශාව, විවිධ ආග්‍රාන විදීමේ ආශාව එනම් ගඳ සුවඳ ආදී කොට ඇති විවිධ සුවඳවල් ආග්‍රානය කිරීමේ ආශාවද බොහෝ ගැබිනි මව්වරුන් තුළින් දැකිය හැක.

ගැබිණි මවුවරුන්ට ඇතිවෙන දොලදුක සංසිඳවීම අත්‍යාවශ්‍යම දෙයක්‌.

ගොඩක්‌ දොලදුක්‌ හැදෙන්නේ දරුවට අවශ්‍ය පෝෂණ ඌණතා වලදී.

දරුවට අවශ්‍ය විටමින් මදි වුණාම එවා ලබාගන්න කලලය මගින් මොළයට දෙන පණිවිඩයක්‌ විදිහට, එ පණිවිඩය අපට දැනෙන්නේ ආශාවක්‌ විදිහට.

උදාහරණයක්‌ විදිහට ඇඹුල් වර්ග කන්න හිතෙන්නේ විටමින් සී වල අවශ්‍යතාවය සපුරා ගැනීමට.

ඒ වගේම දරුවගේ පින පව අනුවත් දොලදුක්‌ වෙනස්‌ වෙන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පිංකාර දරුවන් පහල වනවිට පොදුවේ ඇතිවෙන දොලදුකක්‌ තමයි හාමුදුරුනමක්‌ වළඳපු පාත්‍රයේ හෝ පිගානේ ඉතිරි වුන ඉඳුල් කොටස කන්න ආසව ඇතිවීම.

ඒ වගේම ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පිළිසිඳ ගත් අවස්‌ථා වලදී අපට විශ්වාස කළ නොහැකි ආශාවන්ද ඇතිවේ.

දුටුගැමුණු කුමාරයා උපදින්න ඉන්න කොට එළාරගේ යුද පෙරමුණේ හිටපු යෝධයෙකුගේ ගෙල කපපු කඩුව හෝදලා ලේ බොන්න ඕන කියලා විහාර මහා දේවියට ඇතිවුණ දොල දුක ශ්‍රේෂ්ට නරපතියෙකු පහල වන බවට සාක්‍ෂියක්‌ වූ බව ඉතිහාසයෙන් පෙනේ.

අජාසත් කුමරුගේ මවට ඇතිවුන දොලදුක එහි අනිත් අන්තය අපට තේරුම් ගත හැක.

ගර්භනී වීමත් සමග ඇතිවන දොලදුක බටහිර රටවල පිළිනොගනී.

නමුත් ඉන්දියාව, ලංකාව, පාකිස්තානය, චීනය, ජපානය හා කොරියාව යන රටවල බොහෝසේ පිළිගනී.

එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල දොලදුක් කාලයට එම ගැබිනි කාන්තාව කෑමට ප්‍රිය ආහාර වර්ග සූදානම් කර තම නිවසේ ප්‍රිය සම්භාෂණ ආකාරයට උත්සව පවත්වයි.

එහිදී ගැබිනියගේ හා ඇගේ සැමියාගේ ඥාතීන් හා යහළුවන් ඊට ආරාධනා ලබන අතර ඔවුන් ගැබිනි කාන්තාව සමග බොහෝ විනෝද වී ඇගේ මන දොල සතුටින් පුරවාලයි.

එය තුළින් දරුවාගේ මනසේ වර්ධනය හා දරුවාට සතුටු සුවය භුක්ති විඳීමට දීම අරමුණයි.

මොනු කරන මෙම ක්‍රියාව ජ්‍යොතිෂ ඇසින් බැලුවහොත් එහි ලොකු අරුතක්ද වේ.

මෙසේ ගැබිනිය කෑමට කැමති ආහාර විශාල පිරිසකට දානය දීම හේතුවෙන් එම ගැබිනියට යම් අපල තත්වයක් මාරක තත්ත්වයක් වේ නම් ආහාර දන්දීමේ පිනේ ආනුභාවයෙන් එම අපල, මාරක තත්ත්වය නැති වී හෝ අවම වී යනු ඇත.

දොලදුක් කාලය තුළ ඇති වන ආශාවන් අනුව ලැබීමට සිටින දරුවා පිළිබඳ අනාවැකි කීමද පැරැන්නන් තුළ තිබූ සිරිතකි.

පෝෂණිය ආහාර

පලතුරු වර්ග කෑමට ආශාවක් ගැබිනි කාන්තාවට ඇති වුවහොත් උපදින්න සිටින බිලිඳා යහපත් ආත්මභාවයක සිට මව්කුස පිළිසිද ගත් අයෙක් බවත් ඔහු හෝ ඇය සමාජයේ ගුණධර්ම ඇති අයකු ලෙස ජීවත් වන බවත් මතයයි.

මස් මාංශ ආහාරය ගැනීමට ප්‍රිය වීම, දුගද ආග්‍රානය ප්‍රියවීම සිදු වුවහොත් දරුවා නරක ආත්මභාවයක සිට මව්කුස පිළිසිඳගත් අයෙක් ලෙසත් අනාගතයේ බොහෝ නරක ක්‍රියාවල යෙදෙන, සමාජයට හානි පමුනුවන, අකාරුණික හා අනාදරය පතුරුවන අයෙක් යැයි පිළිගැනේ.

එලෙසම ගැබිනිය නිතර පන්සල් යෑමට ප්‍රියවීම, පිංපෙත් කිරීමට ප්‍රියවීම, දුගී මගී යාචකයන්ට දන්දීමට ප්‍රියවීම, සුවඳ දුම්, සෙන්ට් වැනි මිහිරි සුවඳ ආග්‍රානයට කැමති වීම තුළින් ලැබෙන්නට සිටින දරුවාගේ විඤ්ඤානයේ ස්වභාවය මැනගනී.

ඔහු හෝ ඇය පෙරභවයේ යහපත් ආත්මභාවයක සිත චුත වී මව්කුස පිළිසිඳ ගත් බවත් අනාගතයේ රටට, දැයට වැඩදායී අයෙක් ලෙස ජීවිතය ගෙනියන, ගුණගරුක අයෙක් වේ යැයි මතයයි.

නමුත් ආයුර්වේදයේ දොලදුකට කෑමට ආසා හිතෙන ආහාර වර්ග දරුවාගේ ඌනතා සැපිරීමට උපයෝගී වන බව පවසයි.

උදාහරණයක් ලෙස,

  • පලතුරු, එළවළු කෑමට ආසා වීම මවු කුසේ සිටින ළදරුවාට විටමින් ඌනතාවයක් ඇති විට එය පියවා ගැනීමටත්
  • මස්, මාළු කෑමට ආශා වීම දරුවාට ප්‍රෝටීන් ඌනතාවයක් ඇති වූ විට එය පියවා ගැනීමටත්
  • විටමින් සී ඌනතාවයක් බිලිඳාට ඇති වූ විටත්

මවට වැඩිපුර ඇබුල් ජාති රුචි වීමත් සඳහන් කළ හැක.

ආයුර්වේදයේ මෙසේ සැලකුවද බටහිර වෛද්‍ය විද්‍යාවේ දොලදුක හඳුන්වනුයේ ගැබිනි සමයේ ඇතිවන හෝමෝන වෙනස් වීමක් හා ස්නායු උත්තේජනය වී මොළයට ගැටෙන සංඥාවල වෙනස් වීමක් ලෙසයි.

ගැබිනියකට යමක් කෑමට හෝ ගමනක් යෑමට දොලදුකක් ඇතිවුව හොත් එය අනිවාරයෙන්ම ඉටුකළ යුතු බව පොත පතේ සඳහන්ය.

මන්ද එසේ නොවුණ හොත් එය දරුවාගේ වර්ධනයට මෙන්ම නිරෝගී බවට බලපාන නිසාය.

මවගේ සියලු සිතුම් පැතුම් ඉටුවී මව සතුටින් සිටී නම් කුසේ සිටින දරුවාද සුවෙන් වැඩෙන බව නොරහසකි.

මවට දැනෙන සියලු දේත් මව විදින සියලු දේත් දරුවාද විදිනු ලබයි. ඒ මව හා දරුවා අතර තිබෙන සම්බන්ධය නිසාය.

ලොව උපදින මනුෂ්‍යයෙකුට විදීමට සිදුවන විශාලතම වේදනාව හා උතුම් මවු පදවිය යන දෙකම එක විට භුක්ති විදීමට යන ගමනේ ඇයට ඇතිවන ඕනෑ එපාකම් සියල්ල සැමියා ප්‍රමුඛ කොට ඇති සියලුම ඥාතීන් විසින් ලබා දීමට තරයේ සිත තබාගත යුතුය.

ඇයගේ සිත අසන්තෝෂ කිරීම ඇයට දුක් පීඩා දීම කිසිවිට නොකළ යුතුය.

නමුත් මෙහිදී ගැබිණි මවට ඇතිවන දොලදුක පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

එයට හේතුව නම් මවට අහිතකර දෙයක් වේ නම් එය වෛද්‍යවරයෙක් ගෙන් විමසා බැලීම ඉතාම නුවනට හුරුය.

මේ ආකාරයෙන් ගැබිණි මවගේ දොලදුක සන්සිදවිම ඉතාමත් වටිනා පුණ්‍යකර්මයකි.

ගැබිණි මවට ඇතිවන දොලදුක

ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන
BAMS ( University of Kelaniya )
Dip in Yoga and Relaxation (kelaniya)

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

අංක 67/68,

5 වන මාවත පොදු වෙළඳ සංකීර්ණය

අම්පාර

දු. ක. අංකය - 0719853514

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබත් අහලා තියෙනවාද?
බෙදාගන්න :
  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

  • දසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසය

  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

  • දසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it