theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හිංසනය හා එයට මුහුණ දිය යුතු ආකාරය ගැන වටිනා කරුණු 13ක්

4 අවම කියවීම
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හිංසනය හා එයට මුහුණ දිය යුතු ආකාරය ගැන වටිනා කරුණු 13ක්ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හිංසනය හා එයට මුහුණ දිය යුතු ආකාරය ගැන වටිනා කරුණු 13ක්

නිවසේ අඩම්තේට්ටම් වලට ලක්වන කාන්තාවන්ට සරණක්! ඔබත් නිවසේ පීඩාවට ලක්වන කෙනෙක් නම්, වහාම ගත යුතු ක්‍රියාමාර්ග ගැන වටිනා දැනුවත් කිරීමක්.

ලංකාවේ විවාහක කාන්තාවන් බොහොමයක් විවාහය තුළ මහත් ඉවසීමක් පෙන්වනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය යන වචන කන ගැටුනු විට අපට හැඟෙන්නේ සැමියාගෙන් ගුටි බැට කන, අන්ත දුක්ඛිත තත්වයකට මුහුණ දෙන කාන්තාවක්. Women in Need Sri Lanka  (WIN) වෙතින් මෙවන් කාන්තාවට අසහාය සහනයක් පිරිනැමෙනවා.

නමුත්, ගෘහස්ථ හිංසනය යනු කුමක්ද යන්නත්, ගෘහස්ථ හිංසනය නිසා පීඩා විඳින කාන්තාවන්ට Women in Need ආයතනයෙන් පිරිනැමෙන  අසහාය සේවාව ගැනත් වටිනා විස්තරයක් මෙහි ගෙනහැර පානවා.

ව්‍යවහාරයට කියන්නා සේ ගෙදර සන්ඩු බත් හැලිය ඉදෙනකල් විතරයි කියා කියනවා. මේ වැකියෙන්ද විවාහය පිළිබඳව කාන්තාවගේ දැක්ම කියා පානවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නැතහොත් ගෘහස්ථ හිංසනය ගැන ඇති මෙම සම්ප්‍රදායික මතයට ඔබ්බෙන් අර්ථකථනයක් සැපයීමට 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සමත් වී ඇත. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත හරහා කාන්තාවට සහන රාශියක් දෙනවා.

ඒ තුළින් විවාහය යන බැදීමට සීමා නොවී විවිධ මට්ටම්හි සිටින පුද්ගලයන්ගේ ජීවිත හිංසාවෙන් තොරව ගෞරවණීය ලෙස ගත කිරීමට පිළියම් ලබාදෙනවා. 

අනොන්‍ය අවබෝධය, එකිනෙකාට ගෞරවය කිරීම වැනි මූලික ගුණාංග වල අකර්මන්‍යතා නිසාත් විශේෂයෙන්ම නිසි සහයක් නොමැති කම නිසාත්, අද ලංකාවේ විවාහයන් වල ඩික්කසාද වීමේ ප්‍රවණතාව විශාල ලෙස වැඩි වී තිබෙන බව බීබීසී වෙබ් අඩවියේ මෙම පුවතින් පවා විස්තර වනවා.

ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත්වූවන්ට සේවය සැලසීමට ඇපකැපවී සිටින  WIN (Women in Need) ආයතනය විසින්, ගෘහස්ථ හිංසනය ගැනත්, ඉන් පීඩාවට ලක්වූවන්ට සහනය ලබාගත හැකි ආකාරය පිළිබඳවත් අපට පහදා දෙන්නේ පහත ප්‍රශ්ණෝත්තර හරහායි.

ගෘහස්ථ හිංසනය යනු කුමක්ද? ඉන් නිසා පීඩාවට පත්වූවන් Women in Need Sri Lanka  වෙතින් සහනයක් ලබාගන්නේ කොහොමද?

1. Women in Need Sri Lanka ආයතනය හා ඔවුන් පිරිනමන සේවාවන් ගැන කෙටි හැඳින්වීමක් කරන්නට පුළුවන්ද?

  • අපගේ ආයතනය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පත් වූ කාන්තාවන් හා ගැහැණු ළමුන් වෙනුවෙන් උපදේශන සේවා හා නීති සේවා ක්‍රියාත්මක කරනවා.
  • මනෝවිද්‍යා උපදේශිකාවන් ලෙස ගෘහස්ථ හිංසනයට පත් කාන්තාවන්ට තමාගේ ශක්තීන් අවබෝධ කරගෙන ජීවිතය යහපත් ලෙස ඉදිරියට පවත්වා ගැනීමට උපකාර කරනවා.

2. කාන්තාවන්ට Women in Need Sri Lanka පිහිට පැතිය හැක්කේ කුමන අවස්ථා වලදීද?

  • තමාට ඇති යම් ගැටළුකාරී තත්ත්වයකදී තීරණයක් ගැනීමට අපහසුව, යම් විශ්වාසනීය තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් අවශ්‍ය වන අවස්ථා වලදී. 

3. පුරුෂාධිපත්‍යය බහුලව පවතින අප රටේ, තමන් ගෘහස්ථ හිංසනයට ලක්වන බව කාන්තාවකට පෙන්වන සාධක මොනවාද?

  • තමන්ගේ අදහසට නිවස තුළ ඉඩක් නොමැති වීම
  • මානසික හා කායික පීඩනය
  • ආර්ථීක ශක්තියක් නොමැති වීම
  • සමාජගත වීමට ඉඩක් නොමැති වීම

4. ගෘහස්ථ හිංසනය ට ලක්වන කාන්තාවක් මුලින්ම කළ යුත්තේ කුමක්ද?

  • මේ පිළිබඳව තමාගේ පවුලේ අයව දැනුවත් කිරීම

5. මූල්‍ය ගැටළු නිසා හිංසා විඳිමින් අසරණ වන කාන්තාවට දිය හැකි පණිවුඩයක් තිබේද?

  • රැකියාවක් කරන අයෙකුනම් විවාහයෙන් පසුවත් රැකියාව කරගෙන යාම සුදුසු ලෙස අපි දකිනවා.
  • තමාගේ දක්ෂතා අනුව යම්කිසි ස්වයං රැකියාවක හෝ නිරත වී ස්වාමියාගෙන් පමණක් යැපෙන්නනෙකු නොවීම වඩාත් සුදුසු වනවා.

6. අධික වද හිංසා වලට ලක්වන කාන්තාවකට නිවසින් පලාගොස් සරණ පැතිය හැකි ආයතනයක් තිබේද?

  • කාන්තා පිහිට ආයතනය නීතිමය රැකවරණය ලබා දේනු ලබනවා. ඊට අමතරව කාන්තාවන්ට රැකවරණය ලබාදෙන වෙනත් රාජ්‍ය නොවන ආයතන ඉතා සුළු ප්‍රමාණයක් ලංකාවේ ක්‍රියාත්මක වනවා.

7. Women in Need Sri Lanka අත්දැකීම් තුළින් හිංසනයට ලක්වන කාන්තාවන්ට කිව යුතු විශේෂ යමක් තිබේද?

  • තමන් හිංසනයට ලක්වන බව දැනෙන මුල් කාලයේම ඒ සඳහා ක්‍රියාත්මක වීම වඩාත් සුදුසුයි. ඒ පිළිබඳව කතා කරන්න, අවශ්‍ය ආයතන වලට යොමු වීම ඉතා වැදගත්.

8. ගෘහස්ථ හිංසනය නිසා පීඩාවට පත්වූ කෙනෙක්ට ඔබ හා සම්බන්ධ විය හැකි ආකාර මොනවාද?

  • කාර්යාලයට පැමිණීමෙන්
  • කාර්යාල දුරකථන අංකය මගින්

9. හිංසාකාර විවාහයකදී කාන්තාවක් ඔබගේ සහය පැතූ පසු, දරුවන්ට අත්වන ඉරණම කුමක්ද?

  • දරුවන්ටද නීතිමය රැකවරණය ලබාදිය හැකි වනවා. ඊට අමතරව දරුවන්ගේ මානසික පීඩාවන් සමනය කිරීමට උපදේශන සැසි හා අවශ්‍ය විට සායනික ප්‍රතිකාර වලට යොමු කිරීම ආදිය සිදු කරනු ලබනවා. 

10. ශ්‍රී ලංකාවේ, ගෘහස්ථ හිංසනය නිසා පීඩාවට ලක්වූ කාන්තාවක් සුරැකීම හා සම්බන්ධ නීතිමය අණපනත් හා පහසුකම් මොනවාද? 

  • අණපනත් තිබෙනවා. ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත මූලික පණත වනවා.

11. Women in Need Sri Lanka ආයතනයෙන් ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත්වූවන්ට පිරිනමන නීතිමය සේවා මොනවාද?

  • නීතිමය උපදෙස් ලබාදීම
  • ආරක්ෂක නියෝග ලබා ගැනීම සඳහා කටයුතු කිරීම
  • නඩත්තු නඩු සම්බන්ධව පෙනී සිටීම
  • ස්ත්‍රී හා ගැහැණු දරුවන්ගේ දූෂන වෙනුවෙන් පෙනී සිටීම

12. හිංසනයට ලක්වූ කාන්තාවක් කළ යුතු දේවල් (ප්‍රායෝගික, කඩිනම් මෙන්ම නීතිමය) ගැන පියවරෙන් පියවර මගපෙන්වීමක් කරන්නට පුළුවන්ද?

  •  හිංසනයට ලක් වූ කාන්තාවක් ඒ පිළිබඳව හිතවත් වැඩිහිටියන් දැනුවත් කළ යුතුයි.
  • විශ්වාසනීය තුන්වන පාර්ශවයකගේ (උපදේශකයෙකු නම් වඩාත් සුදුසුයි) උදව් පතා තම ස්වාමියා සමග ඉදිරියට යාමට හැකියාවක් ඇත්දැයි බලා ඒ සඳහා කැපවී කටයුතු කරන්න. එසේ ගන්නා උත්සහයන් නිශ්ඵල නම් හෝ එය කළ නොහැකි නම් හෝ සියලූ අත්‍යාවශ්‍ය සහතික (උප්පැන්න, විවාහ, අධ්‍යාපන වැනි සහතික) රැගෙන නිවසින් පිටතට යාමට සුදුසු වේ. 
  • නිවසින් බැහැර වන විට පොලිසියේ පොලිසියේ පැමිණිල්ලක් කිරීම
  • ආරක්ෂිත ස්ථානයකට දරුවන් සමග යාම
  • පහරදීමකින් ශාරීරික හානියක් ඇත්නම් රජයේ රෝහලකට ඇතුළු වී අවශ්‍ය වෛද්‍ය සහතික ලබා ගැනීම.
  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධව කටයුතු කරන ආයතනයකට හෝ නීතිඥවරයෙකු ළඟට ගොස් නීතිමය රැකවරණය ලබා ගැනීමට කටයුතු කිරීම

13. හිංසනයකට ලක්වන කාන්තාවකට ඔබ් හා රහසිගත ලෙස දුරකතනයෙන් සම්බන්ධ විය හැකිද?

  • කාන්තා පිහිට ක්ෂණික ඇමතුම් අංකයට ඕනෑම අවස්ථාවකදී සම්බන්ධ විය හැක
    (අංකය: 0114718585) මෙම අංකය දවසේ පැය 24 තුළම ක්‍රියාත්මක වේ.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හිංසනය හා එයට මුහුණ දිය යුතු ආකාරය ගැන වටිනා කරුණු 13ක්
බෙදාගන්න :
  • පුතුන් ඇති පියවරුනි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ඔබට උදව් කල හැක්කේ මෙහෙමයි.

    පුතුන් ඇති පියවරුනි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ඔබට උදව් කල හැක්කේ මෙහෙමයි.

  • Cheating Husband stabs Wife 46 Times, But She Still Forgives Him

    Cheating Husband stabs Wife 46 Times, But She Still Forgives Him

  • පුතුන් ඇති පියවරුනි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ඔබට උදව් කල හැක්කේ මෙහෙමයි.

    පුතුන් ඇති පියවරුනි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ඔබට උදව් කල හැක්කේ මෙහෙමයි.

  • Cheating Husband stabs Wife 46 Times, But She Still Forgives Him

    Cheating Husband stabs Wife 46 Times, But She Still Forgives Him

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it