ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

lead image

ඔබ උවමනාවටත් වඩා දේවල් ඔබේ දරුවන් සමග බෙදා ගන්නවද?

ජීවිතයේ සමහර දේවල් ඔබ දරුවන් සමග බෙදාගත්තට වරදක් නැහැ. මොකද යථාර්තය ඔවුන් තේරුම් ගත යුතුයි. නමුත් ඔබ එහි සීමාව තීරණය කරන්නේ කොතනින්ද? ඔබ කොයිතරම් දුරට දේවල් දරුවන් සමග බෙදා ගන්නවාද? ඒ වගේම ඔබ ඔවුන් සමග කතා කළයුතු හා නොකළ යුතු දේවල් මොනවද?

Parent society මගින් ගොනු කරගත් කරුණු මෙන්ම අපේ අදහසුත් ඔබ සමග බෙදා ගනිමින් දෙමාපියන් දරුවන් සමග බෙදාගත යුතු හා නොගත යුතු කාරණා කිහිපයක් ගැන සිතා බලන්න.

1. මුදල්

මෙය තරමක් සාමාන්‍ය මාතෘකාවක්. ඔබේ ආදායම, ආදායම් බදු හා වියදම් ගැන දරුවන් සමග සාකච්ඡා කළයුතු නැහැ. ඔබට ඔබේ දරුවන් මුදල් ගැන ඇසීම ඉගෙන ගැනීමට අවශ්‍ය යැයි සිතනවා වන්නට පුළුවන්. නමුත් ඔවුන් මුදල් ගැන හෝ වියදම් ගැන බය කිරීම නොකළ යුතුයි. එමගින් දරුවන්ට දිගුකාලින බයක් හා වැඩිහිටියන් වූ පසු අවශ්‍ය පීඩනයක් ගෙන දෙන්නට පුළුවන්.

ඔබට ඇත්තටම ආර්ථික අපහසුතාවයන් නැතිනම් ඔබ නිතර නිතර වියදම් ගැන කීමෙන් ඔවුන්ට පීඩනයක් ඇති කිරීම එතරම් සුදුසු නැහැ.

2. ඔබේ සහකරු සමග ඇතිවන රණ්ඩු

දෙමාපියන් ලෙස ඔබ අතර රණ්ඩු සරුවල් ඇතිවීම සාමාන්‍යයි. නමුත් ඒවාට දරුවන් හවුල් කර ගැනීම ඒවා කෙතරම් දරුණු උග්‍ර ගැටළු වුනත් නොකළ යුතුයි. ඔබේ දරුවන් හැම සබඳතාවයකම රණ්ඩු අඬදබර ඇති බව තේරුම් ගැනීම වැදගත් වුවත් ඒවායේ ඇතුලාන්තය දැන ගැනීම එතරම් වැදගත් නැහැ. ඒ මගින් දරුවන් සහකරු ගැන නොයෙක් මති මතාන්තර හදා ගන්න ඉඩ තියෙනවා. ඉන් එක අයෙකු ගැන කණගාටුවකුත් එක් අයෙකු ගැන තරහකුත් ඇතිවෙන්න පුළුවන්.

3. අධ්‍යාපනයට සම්බන්ධ අය ගැන මත

ඔබේ දරුවා අධ්‍යාපනය ලබන කාලය තුළ ඔවුන්ට හුඟක් ගුරුවරුන් මුණගැහෙනවා. මේ හුඟ දෙනෙක් අතර ටික දෙනෙක් ඔබේ සිත් නොගන්න ඇය වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ සමහර කාරණා වලට ඔබ අකැමැති වුනත් ඒවා දරුවන් දැනගැනීම අවශ්‍ය වන්නේ නැහැ. මෙය දරුවන්ගේ වර්ධනයට එතරම් ගුණදායි නොවන්නේ ඔවුන් ගුරුවරුන් කෙරෙහි අගෞරවයෙන් හැදී වැඩීමට ඉඩ ඇති නිසයි. ඒ වගේම මේ නිසා ඉගෙනීමේදී දරුවන් ගුරුවරයාට අවනත නොවී සිටීමට හේතුවන්න පුළුවන්.

ඔබ ගුරුවරයෙකුගේ කටයුතු වලට අකමැති වුවත් සමහර දේවල් වලට ඔබට අවනත වන්නට සිදුවෙනවා. හුඟක් වෙලාවට ඒවා ඔබ තුළම තබා ගැනීම තමයි වඩාත් සුදුසු.

4. ඔබේ පසුතැවීම්

ඔබේ දරුවා හැම විටම කිසිවක් හෝ කිසිවෙක් සර්ව සම්පූර්ණ  නැති බව ඉගෙන ගත යුතුයි. ඒ වගේම වැරදීම් තුළින් නිවැරදි වන්නත්. ඔබ කළ වැරදි තුළින් ඔවුන්ට පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාව දීමටත් ලැජ්ජා වෙන්න එපා. නමුත් ඉන් ඔබ පසුතැවෙන බව නොව ඉන් ඔබ ලබාගත් ධෛර්ය ගැන කතා කිරීම වැදගත්.

5. ඔබ ඔවුන්ගේ මිතුරන්ගේ දෙමාපියන් ගැන සිතන ආකාරය

ඔබේ දරුවාට හුඟක් ගුරුවරු වගේම හුඟක් යහළුවනුත් ඉන්නවා. සමහර විට ඔබ ඔවුන්ගේ සමහර යහළුවන්ගේ දෙමාපියන් ගැන නොසිතන්න පුළුවන්. ඒ වගේම තැකීමක් නොකරන්න පුළුවන්. සමහර විට ඔවුන් දරුවන් හදන වඩන ආකාරය ඔවුන්ගේ දේශපාලන මත වලට ඔබ එකඟ නොවන්නේ නම් ඒ බව දරුවන් දැනගැනීම අවශ්‍ය නැහැ.

ඔබේ දරුවන් වෙනුවෙන් ඔබේ මතය ඔබ තුළ තබා ගන්න. හොඳ යහළුවන් ලැබීමෙන් දරුවන්ට යහපත් ප්‍රතිඵල හුඟක් ලැබෙනවා. නමුත් ඔබේ මතයන් ඔබ තුළ තබා නොගැනීමෙන් ඔවුන්ගේ මිතුදම බිඳී යන්න පුළුවන්. ඒ වගේම දරුවන් දරුවන්ගේ මතයන් තබා ගැනීම නරක නැහැ. ඔබේ දරුවන්ටත් ඔබේ මතයම තිබෙන්න පුළුවන්. නමුත් එය ඔබ නිසා ඇතිවන මතයක් විය යුතු නැහැ.

දරුවන් සමග මිතුරන් සේ කටයුතු කිරීම ඉතා වැදගත් වුනත් ඔවුන්ගේ ගමන පසු බස්සවන කාරණා ඔබ විසින් මැඩපැවැත්වීම වැදගත්. ඒ වටිනාකම වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ