ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා 6ක් (දෙවන කොටස)

ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා 6ක් (දෙවන කොටස)

ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා යන ලිපියට ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසා අපි එහි තවත් කොටසක් පළකරන්නට සිතුවා.

ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා යන ලිපියට ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසා අපි එහි තවත් කොටසක් පළකරන්නට සිතුවා.

දෙමාපියන් වූ පසුවත් ඔබට ඉගෙන ගැනීමට නොයෙක් දේවල් තියෙනවා. එය කිසිදා අවසන් නොවන කතාවක්.

ජීවිතයේ හැමදාමත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි හැමදාම ඉගෙන ගන්නවා. සමහර විට අපිට දරුවන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. සමහර විට ඔවුන් කතා කරන වයසේවත් නැති තරම් කුඩා වුනත් ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට ඇති දේවල් බොහෝයි. සමහර විට ඔවුන් කරන කියන දේවල් අපව පුදුම කරන්නේ ඒ නිසයි.

කිසි විටකත් දරුවාට මේ දේවල් කරන්න බලපෑම් කරන්න එපා.

parents argue all the time

1. එක් පැත්තක් තෝරා ගන්න කියන්න එපා

විවාහ ජීවිතයේ ගැටළු තිබීම සාමාන්‍යයි. එහෙම නොවුනොත් එය පුදුමයක්. ඒත් එහෙම කියලා ඔබ දරුවන්ට ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුගේ පැත්ත ගන්න යැයි කීම එතරම් හොඳ නැහැ.

නැතිනම් තාත්තට වඩා අම්මට ආදරය කරන්නත් සමහර වෙලාවට “තාත්තට කියන්න කෑම ලෑස්තියි කියලා. මම අද එයත් එක්ක කතාවක් නැහැ” කියලා කියන්න පුළුවන්. නමුත් ඔබේ විවාහයේ ගැටළු වලට දරුවන් ඈඳා ගන්න එපා. වැඩිහිටියන් ලෙස වැඩිහිටියන්ගේ ප්‍රශ්න විසඳා ගන්න. ඉන් ඔබේ දරුවන් ඈත්කර තබන්න.

2. දරුවන්ට ලේබල් ගැසීම

ඔයා හරිම හිතුවක්කාරයි. ඔයා හරිම කරදරකාරයෙක්, ඔයා හරි මෝඩයි. ඇත්තටම දෙමාපියන් දරුවන්ගේ සමහර කටයුතු නිසා කළකිරෙනවා තමයි. සමහර විට පුංචි වැඩකටත් හුඟක් කාලය ගන්න, සමහර විට වැඩක් අවසන් වූ පසු මුළු ගේම පෙරලලා වගේ තියනවනම්,  ඒ වගේම පිට ගේකට ගියහමත් ගෙවල් උඩු යටිකුරු කරන දරුවන් නිසා ඔබ  අපහසුතාවයට පත්වෙලා ඇති.

ඔබව අපට වැටහෙනවා. ඒත් ඔවුන්ගේ චරිතයට හානි වන ආකාරයේ දේවල් කීම ඔවුන්ට යහපත් වන්නේ නැහැ. සමහර විට ඔබ හිතාමතාම ඔවුන්ට යමක් නොකීවත් ඔවුන්ගේ සිත තුළ එය කාවදින්න පුළුවන්. හුඟක් බාල අවදියේදීම එලෙස දරුවන්ට ලේබල් ගැසීම සුදුසු වන්නේ නැහැ. එසේ ලේබල් නොගැසුණු දරුවන් වැඩිහිටියන් වූ පසුවත් ශක්තිමත්ව නැගී සිටින දරුවන් බවට පත් වනවා.

ඔබේ දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා 6ක් (දෙවන කොටස)

3. ඔබ හිතන විදිහට ඔවුන් සිතිය යුතු යැයි සිතන්න එපා

“නිතර අඬන බබෙක් වෙන්න එපා”. “අයියෝ ඔයාට පණක් නැද්ද?” ඒවගේ දේවල් කියලා ඔවුන් වැඩිහිටියන් ලෙස ඉක්මනින් ක්‍රියාකරනවා දකින්න අපේක්ෂා කරන්න එපා.

ඔබේ හැඟීම් ප්‍රකාශ කරන ආකාරයට ඔබේ දරුවා හැඟීම් ප්‍රකාශ කරන්නේ නැහැ. දරුවන් හැඟීම් ප්‍රකාශ කිරීමට හැඬීම සාමාන්‍ය දෙයක්. මන්ද ඔවුන්ට තම හැඟීම් ප්‍රකාශ කිරීමට තරම් සමත් කමක් නැහැ. ඔබේ දරුවන්ගේ හැඟීම් වලට ඔබට අනුව හැසිරීමට කීම තුළින් ඔවුන්ගේ හැඟීම් වලට අගයක් නැති බව තේරුම් ගනීවි.

ඔවුන්ට ඔවුන්ගේ ආකාරයට හැඟීම් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. ඔවුන්ට අනුව ඔවුන්ගේ වචන වලින් හැඟීම් විස්තර කරන්න දෙන්න. අවසානයේ හැඬීම නවතීවි. මන්ද ඔවුන් නොබියව සිදුවීම විස්තර කරන්න ගන්න නිසා. 

4. “අක්කා වගේ වෙන්න” , “මල්ලි වගේ වෙන්න කියන්න එපා”

“ඇයි ඔයාට අක්කා වගේ ලකුණු ගන්න බැරි”. “ඇයි නංගි වගේ ලස්සනට චිත්‍ර අඳින්න බැරි”.  සමහර විට ඔබට එක් දරුවෙකුට විශේෂයක් කිරීම සාමාන්‍ය දෙයක් වන්න පුළුවන්. නමුත් එය සඟවා ගැනීම ඉතාම වැදගත්. ඔබ එක් අයෙකුට විශේෂයෙන් සලකන බව ඔවුන්ට දැනගැනීමට ඉඩ තියන්න එපා. හැම දරුවෙකුම වෙනස්. ඔවුන්ගේ වෙනස පෞරුෂය හා හැසිරීම් වෙනස්. මේ වෙනස්කම් උලුප්පා දැක්වීමට යාම ඔවුන්ගේ ආත්ම විශ්වාසය හීන කරන්න පුළුවන්.

දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා

දරුවාට බලපෑම් එල්ල නොකළ යුතු කාරණා: ඔවුන් කමකට නැති බව සිතීමට පෙළඹවීම

5. ඔවුන් කමකට නැති බව සිතීමට පෙළඹවීම

ඔයාට කිසිදෙයක් කරන්න බැහැ. ඔයාගෙන් කිසි වැඩක් නැහැ. මේ වගේ දේවල් කියන්නේ ඔවුන්ව තවත් උනන්දු කරවන්න වුනත් එය සාර්ථක එකක් නොවෙයි. ඔවුන් කුමන වයසක පසූ වුනත් එය ඔවුන්ගේ ආත්ම විශ්වාසයට බලපෑම් ඇති කරනවා. දරුවන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඔහුට උදවු කළහැකි ආකාර උත්සාහ කර බලන්න. ඔහුගේ ක්‍රියාව විවේචනය කරන්න දරුවාව විචාරය කරන්න එපා. ඔවුන්ව බලගැන්විය හැක්කේ ඔබටයි. ඔබ ඔවුන්ට සුවිසල් කන්දක් හා සමානයි.

දරුවන්ට ඇති එකම හා සුවිසල් කෙනා වන්නේ දෙමාපියන් පමණයි. ඒ බව නිසි පරිදි හඳුනා ගැනීමටත් යහපත් ආදරණීය දරුවෙක් බිහිකර ගන්න උදවු වෙන්නත් theAsianparent Sri Lanka මේ ලිපිය ඔබ වෙනුවෙන් පළකළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි