theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

3 අවම කියවීම
ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

ගර්භණිත්වට පත්වීම උතුම් දෙයක් වෙනවා. නමුත් සමහර වෙලාවට ඔබ වටා සිටින පිරිස හිංසාකාරී ලෙස හැසිරෙනවා, විශේෂයෙන් මෙන්න මේ දේවල් දහය කියන විට...

ගර්භණිත්වට පත්වීම උතුම් දෙයක් වෙනවා. නමුත් සමහර වෙලාවට ගර්භණී මව්වරුන් වටා සිටින පිරිස හිංසාකාරී ලෙස හැසිරෙනවා. විශේෂයෙන් ගර්භණී මව්වරුන් ට මෙන්න මේ දේවල් දහය කියන විට:

ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

1. ප්‍රසුතියෙන් පසු බර අඩු කර ගැනීමට අපහසුයි.

සියලුම ගර්භනි මව්වරුන් ට  මෙන්න මේ දෙය ඔවුන්ගේ ගර්භනී කාලය තුළ එක් වරක් හෝ අසන්න ලැබෙනවා. ගර්භනි කාලයේ සිදුවන බර වැඩිවීම හා හෝමෝන වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ගර්භනී මව්වරුන්ට අපහසුතාවක් ඇතිවිය හැක. ඔවුන්ට නරකත් දැනවීමට කිසිවෙක් අවශ්‍ය වන්නේ නැහැ.

2. දරු උපත පිළිබඳ භයංකාර කතා

සෑම මවකටම ඔවුන්ටම අනන්‍ය වූ දරු උපතේ කතාවක් තියෙනවා. ඒ වගේම මවක් වෙන්න ඉන්න කෙනෙක් එය කොතරම් වේදනාකාරී ද, දරු උපත කොතරම් අසීරුද, යන්න දැන ගැනීමට කැමතියි. ඊළඟ පාර ඔබ ඔබේ භයානක දරු උපත පිළිබඳ අත්දැකීම බෙදා ගැනීමට පෙර දෙවරක් සිතන්න.

3. ඔබේ බර වැඩිවෙනවා.

කවදාවත්ම මෙය  ගර්භණී මවකට හෝ එවැනි කිසිම කාන්තාවකට කියන්න එපා.

වයස අනුව ගැබ්ගැනීම

4. නියමයි ඔබ සති 20 ක ගර්භණියක්

මෙයත් ගර්භණී මවකට ඇයගේ බර  වැඩිවීම පිලිබඳ පැවසීමක් වෙනවා. එය හොඳ අදහසක් නොවේ. මෙවැනි දේවල් වලදී  ඔබේ අදහස් ඔබ තුළම තබා ගන්න.

5. ඔබට නිවුන්නු දරුවන් ලැබීමට නොමැති බව විශ්වාස ද?

අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකින් බලා තිබේ නම්, එක බබෙක් නම් ඉන්නේ  ඔවුන්ට නිවුන්නුද නැද්ද සිටින්නේ යන්න ඇසීම ඵල රහිත වේ. බලාපොරොත්තුව හා අපේක්ෂාව තුලින් ක්ෂණිකව ගර්භණී කාන්තාවකට නිවුන්නු දරුවන් ඇති කළ නොහැකිය.

6. ඔබේ ජීවිතය දැන් හැකි තරම් විදින්න.

දරුවෙක් ලැබීම සමඟ මවගේ ජීවිතය වෙනස් වෙන බව සැබෑවකි.නමුත් එය නරක දෙයක් බව ඉන් කියැවෙන්නේ නැහැ. දරුවෙක්  ලැබීම විශාල මෙන්ම උද්‍යෝගීමත් වෙනසක් වෙනවා. එම නිසා ඔවුන්ගේ ජීවිතය දැන් හැකි පමණ විදින්න යැයි පැවසීම  යෝග්‍ය වන්නේ නැහැ.

7. එය සැලසුම් කළා ද?

දරුවා සැලසුම් කළ දරුවෙක්ද නැද්ද යන්න වැඩක් නැත. ඔවුන් ලෝකයට දරුවෙක් රැගෙන ඒම ලොකු දෙයක් වෙනවා වගේම හොද දෙයක් ද වෙනවා.

ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

8. මට හිතෙනවා ඔබ මවුකිරි දෙන මවක් වේවි කියලා

මව්කිරි දීම දරුවන් සඳහා සෞඛ්‍ය සෞඛ්‍ය සම්පන්නම ක්‍රමය වන බව ඇත්තයි. එය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ දරුවාගේ දෙමව්පියන් මත වේ. විශේෂයෙන් මව ඔහුට දීර්ඝ කාලීන මව්කිරි ලබාදීම කරනවාද නැද්ද යන්න තීරණය කරනවා. ඇයට දරුවාට සුදුසුම කුමක් ද යන්න දන්නේ මවක්ම පමණයි.

9. ගොඩාක් කල් ගත්තා නේද

ගර්භණී මවකට ඇය ඒ සදහා ගත් කාලය මතක් කිරීමට එය ඔබට සුදුසු ස්‍ථානය නොවේ. අපි සියල්ලෝම දන්නා පරිදි ඔවුන්ට පිලිසිද ගැනීමේ ගැටලු විශාල ප්‍රමාණයක් තිබුනා විය හැකියි. ඔබ එසේ පැවසීම සංවේදී නොවේ.

ගර්භණිත්වයේ ආරංචිය  පිලිබඳ උද්‍යෝගීමත් වන්න. වැඩි යමක් පවසන්න යන්න එපා.

10. ඔබ බලාපොරොත්තු වනවාට වඩා ප්‍රසූතිය පමා විය හැක.

දිගුකාලීන ගර්භණි සමයකින් පසුව/අලුත් මවකට අවශ්‍ය වන දෙය වන්නේ ඇගේ ආදරණීය දරු හැකි ඉක්මනින් දැකීමයි. එමනිසා ඇයට ඇගේ ප්‍රසූතිය පමා වේ යැයි පැවසීම සුදුසු දෙයක් නොවෙයි.

මෙවැනි හිත රිදෙන කතා ඔබත් ගර්භණි සමය තුල ආසා ඇති එවැනි කතා ගැබිනියකට නොපැවසිය යුතු බවත් මතක් කර දෙන්නේ The Asianparent Sri Lanka  වෙතිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්
බෙදාගන්න :
  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

    ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

    ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it