theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ දකින අමුතු ගර්භණී සිහින සැබැවින්ම පවසන්නේ මොනවාද?

4 අවම කියවීම
ඔබ දකින අමුතු ගර්භණී සිහින සැබැවින්ම පවසන්නේ මොනවාද?ඔබ දකින අමුතු ගර්භණී සිහින සැබැවින්ම පවසන්නේ මොනවාද?

පුදුමසහගත අමුතු අසාමාන්‍ය ගර්භණී සිහින තරමක් බහුල වේ.  මේ අමුතු සිහින කියන්නේ මොනවාද යන්න දැනගැනීමට මේ ලිපිය කියවන්න.

ඔබේ ගර්භණී කාලය තුල මදක් අමුතු නමුත් බහුල ගර්භණී සිහින පලාපල (pregnancy dreams) දකින්නට අවස්ථාව තියෙනවා.

කොහොම නමුත් මෙම සිහින වලින් අදහස් වන්නේ මොනවාද යන්න ඔබ කවදාහරි පුදුම වී තිබෙනවාද ?

ඔබ දකින අමුතු සිහින ගැන පුංචි අවබෝධයක් මෙන්න.

ගර්භණී සිහින පලාපල

1. ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ ගර්භණී සිහින

වාහන, ක්‍රීඩා වැනි පිරිමි ළමුන්ට අදාල බොහෝ  දේවල් සිහිනෙන් දකිනවා නම් ඔබට පුතෙක් ලැබීමට අවස්ථාවක් ඇති බව බොහෝ මිනිස්සු පවසනවා.

ඒ වගේම ඔබ  ගැහැණු ළමුන්ට අදාල දේවල් සිහිනෙන් දකිනවා නම් ඔබට දුවෙක් ලැබෙන බවත් ඔවුන් පවසනවා.

නමුත් ඇත්ත නම්, කිසිම කෙනෙකුට ඔවුන්ගේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ අනාවැකි කිව නොහැක.

ඒ පිලිබඳව දැනගත හැක්කේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකකින් පරීක්ෂා කිරීම හෝ උපතින් පසුව පරීක්ෂා කිරීම තුලින් පමණකි.

ඔබ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයට අදාල සිහින දැකීමේ සත්‍ය තත්වය නම්  ඔබට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද යන්න පිලිබඳව ඔබට දැන ගැනීමට ඇති උනන්දුවයි.

එය ඔබේ යටි සිතේ සිතුවිලි මනස මගින් ඉදිරිපත් කරන ක්‍රමය වේ.

2. දරු උපත පිලිබඳ සිහින 

newborn death causes

අමුතු ස්ථාන වල දරු උපත සිදුවීම, ඔබේ යහළුවන් හෝ පවුලේ අය ඉදිරියේ දරු උපත සිදුවීම වැනි දරු උපත් පිලිබඳ අමුතු සිහින කාරණා දෙකකින් එකක් නිසා සිදුවිය හැකිය.

පළමුවරට මව්වරුන් වෙන අය අතර තරමක් බහුල දරු උපත පිලිබඳ බය හෝ කණගාටු වීම ඔබට ඇතිවීම පළමු කාරණය වේ.

සරලවම දරු උපත හා පවුලේ අලුත් සමාජිකයාගේ හමුව ගැන ඔබ තුල ඇති උද්‍යෝගය දෙවැනි කාරණය වේ.

3. වැස්ස හෝ ජලය පිලිබඳ සිහින 

මේ ගර්භණී සිහින සාමාන්‍යයෙන් දකින්නේ පළමු මාස තුන තුලය. ගංවතුර , වැස්ස, ජලය  හෝ එවැනි දේ පිලිබඳ සිහින දැකීමෙන් අදහස් වන්නේ ඔබේ ගර්භාෂය තුල ඇතිවෙන ඇමොටිනික් තරලයට ඔබේ සිරුර හුරු වෙමින් පවතින  බවයි.

ඒ මගින් අදහස් වන්නේ ඔබේ සිරුර දරු උපත ගැන හෙමින් දැනුවත් වීම ආරම්භ වී ඇති අතර  එය ඔබේ සිහින තුලින් පෙන්වාදෙන බවය.

සමහර වේලාවට සමහර ගර්භණී මව්වරුන් විශේෂයෙන් ඔවුන් ප්‍රසුතියට ආසන්න වු විට ගලායන ජලය හෝ වේල්ලක් බිදියෑම වැනි සිටින දකිනවා.

දරු උපත පිලිබඳ ඔවුන්ගේ උද්‍යෝගය ඉන් අදහස් කෙරෙන අතර එය ඔවුන්ගේ සිහින තුලින් පෙන්නුම් කරයි.

4. ඔබේ පුංචි පැටියාගේ මුහුණ පිලිබඳ සිහින පලාපල

බබාට නමක් 2020

සමහර මව්වරුන්ට ඔවුන්ගේ දරුවන්ගේ මුහුණ මොන වගේ වේවිදැයි සිතිම බොහොම උද්‍යෝගය ඇති කරන දෙයක් වෙනවා.

පුංචි පැටියා තමන් වගේ වේවිද? නැතිනම් පැටියාගේ තාත්තා වගේ වේවිද?

සමහර විට වෙනස් විශේෂාංග වල එකතුවක් වෙන්නත් පුලුවන්.

අන්න ඒ නිසා  ඔබේ දරුවාව සිහිනෙන් දකින විට ඔබේ දරුවා ඔබේ සිහිනය තුල සිටින දරුවාම වෙන්න අවශ්‍ය වන බවක් ඉන් අදහස් වන්නේ නැහැ.

බොහෝ වේලාවට ඔබ ඔබේ දරුවාගේ මුහුණ ගර්භණී සිහින දකින්නේ අවසානයේදී ඔබ ඔබේ දරුවා මොන වගේ වෙයිද කියලා ඉදිරිය බලන නිසාවෙනි.

5. සැමියා ඔබ අතහැර යෑම හෝ ඔබ සැමියාව අත්හැරීම පිලිබඳ සිහින 

මේ ගැන සිතීම පවා කණගාටුව දනවන අතර එය භයානක සිහිනයක් ලෙසත් සලකන්න පුලුවන්.

සැමියා ඔබ අතහැර යෑම හෝ ඔබ සැමියාව අත්හැරීම සිහිනෙන් දැකීම බොහොම සාමාන්‍යයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබේ දරුවා උපත ලද විට  ඔබ කෙරෙහි ඇති සැමියාගේ ආදරය වෙනස් වේවි යැයි ඇතිවෙන භය මෙයින් පිළිඹිබු කෙරෙනවා.

ඒක නරක දෙයක් නොවේ. මෙවැනි හැගීම් ඇතිවීම අලුත් මව්වරුන් අතර බහුල අතර විශේෂයෙන්ම එසේ වන්නේ ගර්භණිත්වය හේතුවෙන් ඇතිවෙන හෝමෝන මෙයාට හේතු වීමයි.

මොනවා වුනත් දරුවෙකු ලැබීම මගින් ඔබේ බැදීම ශක්තිමත් වන අතර අනිවාර්යයෙන්ම ඔබේ සැමියා ඔබත් ඔබේ අලුත උපන් පැටියාත් ආදරයෙන් රැකගනිවි.

6. උගුලක සිරවුනා සේ දැනීම සිහිනෙන් දැකීම 

සමහර වේලාවට මහත් උද්‍යෝගයට පත් දෙමාපියන් තුල පවා දරුවෙකු ලැබීම පිලිබඳ බියක් පවතිනවා.

උගුලක සිරවුනා සේ දැනීම සිහිනෙන්වත් දැකීම මෙය නොදැනුවත්වම සිදුවිය හැකි බව අදහස් වන අතර මවක් වීමට ඇති බය හා භිතිය වැනි දෙවැනි සිතුවිල්ලක් ඔබ තුල තිබිය හැක.

කනස්සල්ලට පත්වෙන්න එපා.

මෙය සම්පුර්ණයෙන්ම සාමාන්‍යයි.

සියලුම දෙනා තුලම ජිවිතයේ ඇතිවෙන විශාල වෙනස්වීම් කෙරෙහි බයක් පවතින අතර   දරුවෙකු ලැබීම විශාල කර්තව්‍යයක් වෙනවා.

7. ගමනක් යනවා හෝ ගුවන් ගමනක් පිළිබද ගර්භණී සිහින පලාපල

ප්‍රවාහන සේවා

ඔබේ ප්‍රසුතිය ලංවු විට සාමාන්‍යයෙන් ගමනක් යනවා හෝ ගුවන් ගමනක් යනවා වගේ සිහින පෙනෙනවා.

මෙම සිහින මුලිකව ඔබ පිම්මක් පැනීමට සුදානම් බවත් අලුත් තැනකට ලගාවෙන බවත් පවසන අතර එය මවක් වීමේ නොදුටු දේශය වන්නට පුලුවන්.

මවක් වීම තුල එකවරම විනෝදය, උද්යෝගය හා බිය  අත්විදින්න ලැබෙන අතර දරුවා ලැබීමෙන් පසු සතුට ඔබ ලග නිරතුරුව රැදෙන හැගීම වන බවට නොඅනුමානය.

සුව සිහින නම් අපි හැමෝටම සිතට සහනයක් ලබා දෙනවා. ඒත් සමහර සිහින  වලට ගැබිනි ඔබ බය වෙන්න පුලුවන්.

theAsianparent Sri Lanka  ගැබිනි සමයේ ඔබට නිතර පෙනෙන සිහින වල සැබෑ තතු ඔබට ගෙන ආවේ අන්න ඒ නිසාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ඔබ දකින අමුතු ගර්භණී සිහින සැබැවින්ම පවසන්නේ මොනවාද?
බෙදාගන්න :
  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it