theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

7 අවම කියවීම
ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයිගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

වතුර පානය ගැබිණි මවකට කොතරම් වැදගත්ද?

ගැබිණි මවට වතුර ලබා දිය යුතු ආකාරය ගැන ආයුර්වේදය තුල බොහොම වැදගත් කාරණා අණාවරණය කරනවා.

මේ ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතා අතින්  ලියවුන ලිපියක් වෙන අතර එය ගැබිනි මව්වරුන් සදහා ලියවුන ලිපි පෙළක කොටසකි

ජලය?

ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

ජලය යනු ජීවයේ උල්පතයි. අප දන්නා පරිදි ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍යය. ජලය නොමැති තැන ජීවයද නැත.

එසේ වන්නේ ඇයි? ජලය යනු පුදුමාකාර ලෙස ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ගතිගුණ සියල්ලකින්ම සපිරි රසායණික ද්‍රව්‍යයකි.

ජීවයේ පෝශණය සඳහා අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ද්‍රාවණය කර අවශෝෂණය කරගැනීමට, ජීවයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රවාහණයට, අපද්‍රව්‍ය බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහා ජලය මෙන් සුදුසු මාධ්‍යයක් තවම විද්‍යාඥයින් හට හමුවී නොමැත.

ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය.

එම විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි.

ජලය සතු මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්‍රව්‍යය ජලය වීමයි.

මේ ගුණය පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙතරම් වැදගත් ඇයි? පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුල බව අවිවාදයෙන් පිලිගැනෙයි.

ජලය තුල බිහිවුනු ශාක මෙන්ම ජීවීන්ද කෙමෙන් කෙමෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ.

ජීවය සාගර තුල ආරම්භවී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය.

දැනට විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට පෘථිවිය කලින් කලට, එනම් වසර ලක්ශයකට පමණ වරක් අයිස් යුගයක ගිලෙයි.

අවසාන අයිස් යුගය මීට වසර 10,000කට පමණ පෙර අවසන් විය.

ජීවය ජලයේ පමණක් තිබූ වසර බිලියන ගණන තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත

ජලය යනු කුමක්‌ දැයි කිසිවකුට වටහා දීමට අවශ්‍ය නො වේ.

මිනිසාට අත්‍යවශ්‍ය ම ද්‍රව්‍ය අතරින් එකකි, ජලය. අප විසින් ජලය ලබා ගැනෙන ආකාර කිහිපයකි.

ළිං මාර්ගයෙන්, ඇළ දොළ මාර්ගයෙන්, වර්ෂාවෙන් හෝ නළ මාර්ගවලිනි ඒ.

මේ මාර්ගයන්ට ජලය ලැබෙනුයේ කෙසේ ද? ස්‌වාභාවික ජල චක්‍රයේ ඇති ආකාර කිහිපයෙන් එකක්‌ හෝ විවිධ ක්‍රමවේද ම`ගින් ජලය අපට ලබා ගත හැකි ය. පොළොව මතුපිට ගලා යන ජලය මතුපිට ජලය (Surface water) ලෙසත්, පොළොව අභ්‍යන්තරයෙන් ලබාගන්නා ජලය භූගත ජලය (Ground water) ලෙසත් හැඳින්වේ.

ශ්‍රී ලංකාව මේ දෙයාකාරයෙන් ම ජලයෙන් ම පොහොසත් ය.
ජලය නොමැතිව මිනිසා ඇතුළු සත්වයන්ට හෝ ගහ කොළ සහිත පරිසරයට පැවැත්මක් නැත.

ජල අවශ්‍යතාව මිනිසාගේ මුලික අවශ්‍යතාවයකි.පරිසර දුෂණයේ ප්‍රධාන අංශ 4ක්‌ උගන්වන චරක ආචාර්යවරයා ජලයද ඊට අන්තර්ග්‍රහණය කරයි.

බෞද්ධ සම්ප්‍රදාය තුලද ජලයට සුවිශේෂි ස්ථානයක් හිමි වේ.

පොළොව ඇසුරු කළ සත්වයන් වැස්ස ඇසුරු කොට ජීවත් වෙතියි, වරක් බුදුරජාණන් වහන්සේ එක්තරා දේවතාවකුට දේශනා කළහ.

බෞද්ධ සම්ප්‍රදායේ ජලය පූජනීය වස්තුවකි. එසේම පාරිශුද්ධය සංකේතයකි.

වරක් එක්තරා දෙවියෙකු විසින් දිවා රෑ දෙකේම පින් සිදු වෙන පුණ්‍යකර්මය කුමක්දැයි විමසූ විට බුදුරජාණන් වහන්සේ මල්වතු වැවීම, වන වැවීම, හේදඬු කරවීම, පැන් හල් පැන් පොකුණු කිරීම ආදියද වදාළහ.

නොපිළිගන්වන දෑ ගැනීමට භික්ෂූන් වහන්සේට තහනම් වුවද ජලය ඊට අයත් නැත.

එසේම ජල පරිශුද්දිය ආරක්ෂා කර ගැනීම පිණිසද බුදුන් වහන්සේ උපදෙස් දුන්හ.

පානීය ජලය නිරන්තරයෙන් පෙරා පානය කල යුතු බවට උපදෙස් දුන් අතර ඊට පෙරහනක්ද අනුදත්හ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අපේ අතීත මුතුන් මිත්තන් වැසි වතුර එක්රැස් කිරීමට විවිධ ක්‍රම භාවිත කළහ.

පුවක් ගසේ හනස්ස භාවිතයෙන් වතුර එක් රැස් කරා.ඒවගේම කුඩා පොකුණු වලට සහ ටැංකි ආධාරයෙන් ජලය එක් රැස් කරා.

මෙහෙදී මුලින්ම ලැබෙන වර්ෂාවේ වතුර පොලවට යාමට ඉඩ හැරියා.එයට හේතුව මුලින්ම ලැබෙන වතුර පරිසරය මගින් අපිරිසිදු වීමයි.

අපේ ගම් වල ළිං ඉදිකර තිබ්බා.ඒ ළිං ආශ්‍රිතව කුඹුක් ගස්, කොහිල, කිකිරිදිය, හබරල වගේ දේවල් වවා තිබුනා.

ඒවගෙන් ස්වභාවිකවම ජලය පිරිසිදු කිරීමේ ගුණයක් රැදී තිබුණි.යාපනය වැනි ප්‍රදේශ වල ආඬි ළිං දක්නට ලැබුනා.

මුහුදු බඩ ප්‍රදේශ වලද ළිං දක්නට ලැබූනා.එම ළිං ජලයට මුහුදු වතුර මිශ්‍ර නොවී තිබිමට හේතුව වුවේ ඒම ජනයා ඔවුන්ගේ අත්දැකීම් භාවිත කර නියම ස්ථානයේ ළිං ඉදිකර තිබීමයි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිධ ජල මුලාශ්‍ර වතුර බීම සඳහා භාවිතා කරා.උදාහරණ ලෙස,
නුවර කලාවියේ වැව් වල සහ ගංගා වල වතුර,
උඩරට ඇතුළු කඳුකර ප්‍රදේශයේ පිහිලි හා දිය ඇලි භාවිතා කරා, කුරුණෑගල ප්‍රදේශයේ "පතහා" භාවිතා කරා.

අතීතයේ ගම් වල පොදු ළිඳක් භාවිතා කිරීමට පෙලබිලා හිටියා.ඒම පුරුද්ද සුදු ජාතිකයන් විසින් ලංකාව ආක්‍රමණය කර මිනිසුන් ඉඩම් වලට කොටු කිරීමෙන් ඉවත්ව ගියේය.

අපේ සංස්කෘතිය තුළ අලුත් අවුරුද්දේ ළිඳ සමග ගනු දෙනු කරා.එහිදී අගුරු කැබැල්ලක් සුදු මල් ටිකක් තඹ කාසියක් ලිඳට දැම්මා.

එහි අරමුණ වුයේ වතුර පිරිසිදු වීම සහ ලිඳට ගෞරව දැක්වීමයි.එහි විද්‍යාත්මක සත්‍යතාවක් තිබේ.

විනය කර්ම කරන භික්ෂු සංඝයා ඒ සඳහා සීමාවට රැස් වූ විට ඊට අවශ්‍ය පානීය හා පරිබෝජනිය පැන් ගැන විමසති.

එය විනයකර්මයේ පුර්ව කෘත්‍යයකි.ළිඳ හා බැදුණු සෞඛ්‍ය සිරිත් රාශියක් චුල්ලවග්ගපාළියේ සඳහන් වේ.

එහි ළිං ඉදිකර ඒවා පිරිසිදු කර ඒවායේ ආරක්ෂාවට ලිඳට වහලක් අනුමත කළහ. ළිඳ වැසීමට පියනක්ද නිර්දේශ කර තිබිණි.

ගැබිණි මවට වතුර ලබා දීම

ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

ගැබිණි මව සඳහා වතුර පානය විමසා බලමු.

මෙහිදී අපි විශේෂයෙන්ම පිරිසිදු වතුර භාවිතා කල යුතුය. අපිට ඒ සඳහා,

1. වතුර පෙරා ගැනීම සිදු කල හැක.
2.  වතුර උණු කර නිවා ගැනීම කල හැක.
3 . වතුරට තොරමල්ලි දැමීම සිදු කරයි
4. තඹ භාජනයකට බොන වතුර දැමීම සිදු කරයි.
5. වර්තමානයේ රසායනික ද්‍රව්‍ය යොදා පිරිසිදු කරයි.

  • මෙහිදී ගැබිණි මව
    සඳහා බොන වතුර උණු කර නිවා මැටි කාලයකට, ගුරුලේත්තුවකට හෝ තඹ භාජනයක ගබඩා කල හැක.
  • ප්ලාස්ටික් කෝප්ප වෙනුවට ගැබිණි මවට මැටි හෝ තඹ කෝප්පයක් පාවිච්චි කිරීම.
  • ජිවත්වන පරිසරය අනුව, ඍතු අනුව සුදුසු වතුර බිමට ලබා දීම.
  • කාර්යාලයේ සේවය කරන ගැබිණි මවක් නම් වතුර ගෙන යාමට සුදුසු බදුනක් සකස් කර දිය හැකිය.
  • ගැබිණි මව වතුර පිපාසය ඒමට පෙර වතුර බීම සිදු කල යුතුය.

ගැබිණි මවට වතුර බීම නිසා ලැබෙන ප්‍රතිපල 

1. උණු වතුර බීම
මෙහිදී උණු වතුර උදේ අවදි වූ විගස පානය කිරීම සිදු කල හැක. ආයුර්වේදයට අනුව ආහාර නොදිරවිමේදී උණුවතුර ඖෂධයකි.

දිර වූ ආහාර ඇති කල උණුවතුර බීම කයබලය සලසයි.ආහාර ගන්නා අතර උණුවතුර බීමෙන් ආයු වර්ධනය වේ.

ආහාර ගෙන පැන් පානය කළ පසු නැවත නැවත වතුර නොබිය යුතුය.රාත්‍රී කාලයේදීද පැන් පානයෙන් ගැබිණි මව වැළකිය යුතුයි.

කාශ්‍යප සංහිතාවට අනුව උණුවතුර වේදනා, කඵ, වායු, පිපාසා, ඉක්කා, අරුචි, මළබද්ධ හා ගුල්ම නාශක වේ.ධාතු මෘදු බවට පත් වේ.එසේම දීපන වේ.

2. පරිවෘත්තීය ක්‍රියා වැඩි දියුණු වීම
පරිවෘත්තීය ක්‍රියා හෙවත් ආහාරවල පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය සඳහා බිඳැලීමට හිස්බඩ ජලය පානය කිරීමෙන් සියයට විසි හතරක දායකත්වයක් ලැබෙනවා.

එමගින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වන නිසා ආහාර ජීර්ණ අපහසුතා අවම වෙනවා.

ඉතින් අපි දවසේ කන ආහාර ඉතා ඉක්මණින් දිරවන නිසා ආහාර ගැනීමෙන් බොහෝ වේලාවක් යනතුරු තිබෙන හිසේ අමාරුව, බඩ පිරුණු ගතිය සහ නිදිමත අවම වෙනවා.

එවිට ඔබේ දෛනික වැඩ කටයුතු වලට විශාල පහසුවක් ලැබෙනවා වගේම ආහාරවල පෝෂක කොටස් ඉතා හොඳින් ඇඟට අවශෝෂණය වන නිසා ගන්නා ලද ආහාරවල උපරිම ප්‍රයෝජනය ලැබෙනවා.

මෙසේ ආහාර හොඳින් ජීර්ණය වීම නිසා මළපහ කිරීමේදීත් අපහසුතා ඇති වීම බෙහෙවින් අවම වෙනවා.

3 . ගැබිණි මවට වතුර දීම නිසා ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඉවත් වේ

ජලය පානය කරද්දී එමගින් ස්වාභාවිකවම බඩවැල් ක්‍රියාකාරීත්වයට පත් කරනවා.

අපි නිදාගන්නාවිට රාත්‍රියේදී ශරීරයේ අලුත්වැඩියා කිරීම් ඇරඹෙන අතර එහිදී ශරීරයට අනවශ්‍ය සහ අහිතකර කොටස් නිපදවෙනවා.

මේ නිසා උදේම හිස්බඩ ජලය පානය කළාම මේ සියළු විෂද්‍රව්‍යයන් ඉවත් කරවන අතර ඉන් නැවුම් සහ නීරෝගී ශරීරයක් ඔබට ලැබෙන අතරම පේශී සෛල සහ නව රුධිර සෛල නිපදවීමේ ප්‍රමාණය ද ඉහළ යනවා.

4. තරබාරු බව අඩුවීම
මෙය නම් ජලයේ තිබෙන අපූර්ව හැකියාවක් නිසා සිදුවෙන දෙයක් නෙවෙයි, ඒත් ඕනම නම් අවකාශයේ ඉඩක් අත්පත් කරගන්නා නිසා කියලා කියන්නත් පුළුවන්.

කොහොමහරි, අපි උදෑසන සහ අනෙකුත් කෑම වේල් වලට පෙර ජලය ස්වල්පයක් පානය කළාම හිතුමතේ අපි ආහාර හෙවත් කැලරි ගොඩගසා ගැනීම නවතිනවා.

ජලය නිසා බඩ පිරී ඇති බවක් දැනෙන නිසා අපි ආහාර ගන්නා ප්‍රමාණය අඩු වෙනවා.

මෙය රසය නිසා ආහාර ගැනීමට පෙළඹී ඇති අයට බොහෝ වැදගත් වේවි.

5 සම පැහැපත් වීමට සහ ලස්සන කෙස් කළඹක් සඳහා

1

ජලය පානය නොකොට සිටීම නිසා ශරීරය විජලනය වීමෙන් සම වියළීමට පත් වෙනවා.

එමගින් අකාලයේ සමේ සිදුරුමය ස්වභාවයක් සහ රැළි වැටීමට පටන් ගන්නවා.

එම නිසා හොඳින් ජලය පානය කිරීමෙන් සමේ පිරුණු ස්වභාවයක් ඇතිවීමට සහ දීප්තිමත්, හොඳ පැහැයක් ලැබීම සිදුවෙනවා.

කොණ්ඩයටත් එහෙමයි. කෙස්ගසකින් 1/4කම ජලය අඩංගු වන අතර ජලය නිසිව නොලැබීමෙන් කෙස් ගැලවී යන සහ කැඩී යන ප්‍රමාණය ඉහළ යනවා.

6. මුත්‍රාගල් සහ මුත්‍රාශයේ ආසාදන වැළැක්වීම

පිබිදුනු වහා හිස්බඩ ජලය පානය කිරීමෙන් උදරයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි අම්ලකාරී තත්වයන් තනුක කරලන නිසා වකුගඩුවල ගල් ඇතිවීම වළකිනවා.

එසේම නිතර ජලය පානය කරන්නට හුරුවීමෙන් විවිධ අහිතකර ද්‍රව්‍ය නිසා මුත්‍රාශයේ ඇතිවිය හැකි ආසාදන තත්වයන්ද වැළකී යන නිසා වැළඳීමෙන් පසු සිදු කිරීමට සිදුවන සැත්කම් රැසක් ඔබට සම්පූර්ණයෙන්ම වළකා දෙන්නට, කාලය හා ධනය ඉතුරු කර දෙන්නට ජලයට හැකියාව තිබෙනවා.

7 . අස්ථි රෝග වැලක්වීමට

අස්ථි වල 75% ක්‌ මම ජලය පවතින නිසා එහි නිසි ක්‍රියාකාරිත්වයට වතුර බීම වැදගත් වේ.

එසේම වතුර පිපාසය ඇති වූ විට කඩෙන් පැණි බීම බෝතලයක් අරං දෙනවට වැඩිය ගැබිණි මවට කුරුම්බා ගෙඩියක් අරං දීමෙන් කුරුම්බා වතුර වල පෝෂණ ගුණයක් තිබේ.

ගැබිණි මවට ඇතිවන දොලදුක

ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන
BAMS ( University of Kelaniya )
Dip in Yoga and Relaxation (kelaniya)

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

අංක 67/68,

5 වන මාවත පොදු වෙළඳ සංකීර්ණය

අම්පාර

දු. ක. අංකය - 0719853514

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි
බෙදාගන්න :
  • පොල් වතුර පානය කිරීමෙන් ගර්භනී මවකට ලබා ගත හැකි ප්‍රයෝජන 8 ක්

    පොල් වතුර පානය කිරීමෙන් ගර්භනී මවකට ලබා ගත හැකි ප්‍රයෝජන 8 ක්

  • ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

    ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

  • පොල් වතුර පානය කිරීමෙන් ගර්භනී මවකට ලබා ගත හැකි ප්‍රයෝජන 8 ක්

    පොල් වතුර පානය කිරීමෙන් ගර්භනී මවකට ලබා ගත හැකි ප්‍රයෝජන 8 ක්

  • ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

    ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it