theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දූරියන් වලින් ගර්භණි අම්මලාටත් අලුත් අම්මලාටත් ඇති අමිල ගුණයන්

3 අවම කියවීම
දූරියන් වලින් ගර්භණි අම්මලාටත් අලුත් අම්මලාටත් ඇති අමිල ගුණයන්දූරියන් වලින් ගර්භණි අම්මලාටත් අලුත් අම්මලාටත් ඇති අමිල ගුණයන්

සමහරුන් ගර්භණි කාලයේත් කිරිදෙන කාලයේත් දූරියන් අම්මලාට අගුණද කියලා අහනවා. එහෙනම් මේ ඔබ නොසිතන කාරණා ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

ඔබ දූරියන් වලට කැමතිද? සමහරුන් ඊට හුඟක් කැමතියි. සමහරුන් ගර්භණි කාලයේත් කිරිදෙන කාලයේත් දූරියන් අම්මලාට අගුණද කියලා අහනවා.  එහෙනම් මේ ඔබ නොසිතන කාරණා ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

ආසියාවේ දූරියන් ප්‍රචලිත පළතුරක්. මේවයේ ඇති සුවඳ සමහරුන්ට අමිහිරි බවක් ගෙන දෙනවා. ආසියාතික රටක මෙම පලතුර සුලබව භාවිතා කළත් යමෙක් ගර්භණි භාවයට පත්වීමත් සමග එය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙනවා. එය අනාරක්ෂිතද? ඉන් ප්‍රයෝජන තිබෙනවද? අපි මේ සියලු පැනයන්ට පිළිතුරු දෙන්නම්.

මම ගර්භණි කාලයේ දූරියන් කෑවට කමක් නැද්ද?

සමහර අම්මලාට දූරියන් කාලෙට දොල දුකක් දැනෙනවා. ආසාවක් ඇතිවෙනවා. ඇත්තටම මෙම පලතුර කෑවට වරදක් නැහැ. නමුත් එය ප්‍රමාණයකට කළ යුතු වෙනවා.

නැවුම් දූරියන් වල යකඩ, රිබෝෆැවින්, කොපර්, ෆොලේට්, කැල්සියම්, ෆයිබර්, සින්ක්, කැරොටින්, මැන්ගනීස්, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, නියැසින්,  තියාමින්, සීනි, විටමින් A, විටමින් C, විටමින් E හා ඇක්‍රොබික් ඇසිඩ් වැනි පෝෂණ සංඝටක රැසක් ඇතුලත්ව තිබෙනවා.

දූරියන් වල මේදය, සීනි හා කබෝහයිට්රේට් වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඔබට දියවැඩියාව ඇත්නම් එය ප්‍රමාණයකට ආහාරයට ගැනීම වැදගත්.

ප්‍රසව කාලය තුළ මෙම පලතුර ගැනීම හොඳද?

තායිලන්තයේ නම් මේ පළතුර ශරීරයට ඉතා හොඳ ශක්තියක් ලබාදෙන බව පැවසෙනවා. ඒ නිසා ඔබ කැමති නම් දරු ප්‍රසුතියෙන් පසු වෛද්‍ය උපදේශකයාගෙන් අසා මෙය කෑමට ගැනීමට පුළුවන්.

කස්ටඩ් වැනි ක්‍රීම් සහිත ගුණයෙන් යුතු මේ රසවත් පලතුර ආහාරයට ගෙන පොල් හෝ ලුණු එක්කර ගෙනත් පානය කිරීමෙන් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන බව පැවසෙනවා. ඒ වගේම උෂ්ණ ගතිය නැති වීමට ආහාරයට ගැනීමෙන් පසු ඉතිරිවන durian ලෙල්ලට වතුර දමා පානය කරන ලෙසත් කියනවා.

කිරිදෙන අම්මලාටත් දූරියන් හොඳයිද?

මෙම පලතුර කෑමෙන් පසු අම්මලාට ඝන ලෙස කිරි එරෙන බව අත්දැකීම් ඇති අය පැවසුවත් මේ දක්වා විද්‍යාත්මකව තහවුරු කර නැහැ. නමුත් durian වල ඇති පෝෂණීය ගුණ සහ විටමින් C, යකඩ, පොටෑසියම්, කාබෝහයිඩ්රේට්, ඩයටරි ෆයිබර්, ප්‍රෝටීන් සහ කැල්සියම් ඒ තුළ අන්තර්ගත වීම ඊට හේතු වන්නට පුළුවන්.

කිරිදෙන මවකට දිනකට කැලරි 500ක් පමණ අවශ්‍ය වන නිසා මෙම පෝෂණ ගුණයෙන් යුතු පලතුර ඊට උදව් වෙනවා. නමුත් මෙය ප්‍රමාණයකට අනුව ආහාරයට ගැනීම වැදගත්.

ගර්භණි කාලයේ ශරීරයට මෙම පලතුර වැදගත් වන්නේ ඇයි?

හුඟක් අම්මලාට ගර්භණී කාලයේ මළබද්ධය ඔවුන් මුහුණ දෙන සුලබ තත්වයක්. මෙහි ඇති ෆයිබර් ඊට හොඳ විසඳුමක්. ෆයිබර් වැඩියෙන් අඩංගු ආහාර ගැනීමෙන් මළබද්ධය වැළකීමට උදව් වෙනවා. සිංගප්පුරුවේ පිහිටි චැන්හි නම් මූලික රෝහල මගින් දෛනිකව අවශ්‍ය ෆයිබර් වලින් 92% ක් durian වලින් සම්පූර්ණ වන බව පවසනවා.

Durian නිසා කාමය පිළිබඳ නැඹුරුව වැඩිවෙනවාද?

ජපන් සංස්කෘතිය තුළ මේ ගැන විශ්වාසයක් ඇති අතර විද්‍යාත්මකව ඊට පසුබිමක් තියෙනවා. ඒ නිසා අඹුසැමියන් අතර ඇති සබඳතාවය පවත්වා ගන්නට මෙම පලතුර කෑමෙහි වරදක් නැහැ.

ශරීර ශක්තිය ඇතිකරගන්න දූරියන් උදව් වෙනවද?

කිරිදෙන අම්මලාට රෑ අතර වාරයේ විටින් විට අවදිවෙන්න සිදුවෙනවා. එහිදී ඇඟට වෙහෙසක් දැනෙනවා. මේ පළතුර වල ඇති ශක්ති ජනක බව පොටෑසියම් ඉහළ ප්‍රමාණයක් අඩංගු වීම හා විටමින් C අඩංගු වීම නිසා ඔබට ඇතිවන වෙහෙස වගේම සෙම්ප්‍රතිශ්‍යාව වැනි නිතර හැදෙන රෝග වලින්ද ආරක්ෂා කරනවා. 

සරු භාවයටත් මෙම පලතුර හොඳයිද?

ඉන්දියාවේ කාන්තාවන් තුළ durian ආහාරයට ගැනීමේ සරුබව වැඩිවන බවත් ගැබ් ගැනීම පහසු කරවන බවත් විශ්වාසයක් පවතිනවා. මීයන් ඇසුරෙන් කළ සමහර පරීක්ෂණ මගින් මෙය සනාථ වී ඇති අතර ඒ ගැන වැඩිදුරටත් කළ පරීක්ෂණ සඳහන් වන්නේ නැහැ. ඔබත් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් දූරියන් ආහාරයට ගැනීම වරදක් නැහැ.

දූරියන් වල සැර ගතිය දරුවාට නොදැනීමට කළ හැකි දෙයක් තියෙනවද?

දූරියන් වල සැර සුවඳක් තියෙනවා. එය කුසේ ඉන්න පැටියාට දැනෙතැයි ඔබ හිතන්න පුළුවන්. ඒ සඳහා දූරියන් ලෙලි වතුර භාජනයකට දමා ඒ වතුරින් අත්, පා, කට සෝදාගන්න පුළුවන්. ඔබට නැවත සැර සුවඳක් දැනෙන්නේ නැහැ.

Durian වලට ඇති ආශාව නිවාගත හැකි වෙනත් කෑම තියෙනවද?

දැන් මිලක් ෂේක්, කේක්, අයිස්ක්‍රීම් වැනි දේවලුත් දූරියන් ඇසුරෙන් සාදන නිසා ඔබට මේවායින් දූරියන් රස බලන්න පුළුවන්.

අතීතයේ පටන් ආසියාතික රටවල ප්‍රචලිත දූරියන් වලින්  ඔබේ සෞක්‍යට හා පවුලේ සෞක්‍යට ප්‍රයෝජනවත් වෙතැයි ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • දූරියන් වලින් ගර්භණි අම්මලාටත් අලුත් අම්මලාටත් ඇති අමිල ගුණයන්
බෙදාගන්න :
  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

    ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

    ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it