නියමිත දිනයට කළින් දරු උපත සුදානම් කිරීම බබාගේ වර්ධනයට බලපෑමක් ඇතිකරන්න පුළුවන්

නියමිත දිනයට කළින් දරු උපත සුදානම් කිරීම බබාගේ වර්ධනයට බලපෑමක්  ඇතිකරන්න පුළුවන්

සති 39-40 දක්වා කාලයට පෙර දරුවා බිහිකිරීමට කටයුතු සැලසූ දරුවන්ගේ වර්ධනයේ ගැටළු පසුකාලීනව ඇතිවිය හැකි බව සොයාගෙන තිබෙනවා.

සති 39-40 දක්වා කාලයට පෙර දරුවා බිහිකිරීම ට කටයුතු සැලසූ දරුවන්ගේ වර්ධනයේ ගැටළු පසුකාලීනව ඇතිවිය හැකි බව සොයාගෙන තිබෙනවා.

මෑතකදී කරන ලද සමීක්ෂණ වලින්ද එය තවදුරටත් අනාවරණය වී තිබෙනවා.

නියමිත කාලයට පෙර සිසේරියන් සැත්කම් සූදානම් කිරීමත් අනතුරු දායක බවත් වැඩියි. සිඩ්නි හි නිව් සවුත් වේල්ස් සරසවියේ කරන ලද පරීක්ෂණයකට අනුව සති 37 කට පෙර උපදින දරුවන් ඔවුන්ගේ ජීවිත කාලයේදී සමහර වර්ධනයේ ගැටළුකාරී තත්වයන් පෙන්වන බව පවසනවා. සති 37 ක් වෛද්‍ය විද්‍යාවට අනුව සම්පූර්ණ කාලයක් ලෙස ගැනෙනවා.

breastfeeding premature baby

 

අඩු මාසයෙන් ඉපදීම බබාගේ වර්ධනයේ ගැටළු ඇතිකිරීමට සමත් වෙනවා. ඒ වගේ සමහර දෙමාපියන් සිසේරියන් සැත්කම් මගින් දරු උපත ඉක්මන් කිරීම නිසා මේ අවධානම් තත්වයන් තවත් වැඩිවී තිබෙනවා.

මෙම අධ්‍යනයට අනුව සති 32 න් උපත ලද 153, 730 දරුවන් භාජනය කර තිබුණා. මෙයින් 9.6% ක් පාසල් යන වයසේදී විවිධ වර්ධන ගැටළු වලට මුහුණ දී ඇති බව පැවසෙනවා. ප්‍රවීණ කතුවරයෙකු වන ජාසන් බෙන්ට්ලි පවසන ආකාරයට දෙමාපියන් සති 39 ක් වත් දරු උපත තෙක් ලබාදිය යුතු බව පවසනවා.

නියමිත දිනයට කළින් දරු උපත සුදානම් කිරීම බබාගේ වර්ධනයට බලපෑමක්  ඇතිකරන්න පුළුවන්

දරුවා බිහිකිරීම ඉක්මන් කරන පිරිස් වල වැඩිවීමක්

සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කම් සිදු කරන්නේ දරුවාට හෝ මවට අනතුරක් සිදුවීමේ අවධානමක් ඇත්නම් පමණයි. නමුත් දෙමාපියන් සිසේරියන් සැත්කමක් ඉල්ලා සිටින්නේ නම් වෛද්‍යවරයා සති 39-40 දක්වා කාලය ගෙවිය යුතු බව දන්වනවා.

අධ්‍යනයට අනුව දෙමාපියන්ට හුඟක් හේතු මීට ඇති බවට සොයාගෙන තිබෙනවා. නමුත් වෛද්‍යවරුන් පවසන්නේ හැකිතරම් කල් දරුවා කුස තුළ වැඩීම අවශ්‍ය බවයි.

නිව්යෝක් මොන්ටෙෆියෝ මෙඩිකල් සෙන්ටර් හි වෛද්‍ය සියෝබාන් ඩොලාන් පවසන ආකාරයට ඔබ ඉතා සාර්ථක ගර්භණි අවධියක් අපේක්ෂා කරනවා නම් ස්වභාවික ලෙස ඊට කාලය එළඹෙන තුරු ඉන්න.

සිසේරියන් සැත්කමක් නම් සති 39 ඉක්මවීම වැදගත්. ඔබට ගර්භණි සමයේ සංකූලතා ඇතිවන්නේ නම් වෛද්‍යවරයා සමග කතා කර ඉක්මන් ප්‍රසූතියක ඇති වාසි අවාසි ගැන දැනුවත් වෙන්න යැයි ඔහු තව දුරටත් පවසනවා.

නියමිත දිනයට කළින් දරු උපත සුදානම් කිරීම බබාගේ වර්ධනයට බලපෑමක්  ඇතිකරන්න පුළුවන්

හැකිතරම් කල් දරු උපතට ලබාදිය යුත්තේ ඇයි?

නිසි කාලය එනතුරු බලාසිටිම ඔබටත් ඔබේ දරුවාටත් දෙදෙනාටම හුඟක් වැදගත්. නිසි කාලයේ හෝ ඊට පසුව දරුවා ප්‍රසූත කිරීමේ වාසි හෝ අවැසි මොනවාද?

  • දරුවාට පසුව හෝ අවධානම් තත්වයක් උදාකරයි. සති 39 ට පෙර උපත ලබන දරුවන් විශේෂ ළදරු ඒකකයේ තැබීමට සිදුවෙනවා.
  • කාලය ලොකු වීම වඩා හොඳයි. දරුවා අම්මගේ කලලයේ ඉන්න ඉන්න වැඩීම වැඩිවෙනවා. ලොකු දරුවන් හුඟක් වර්ධනය වී ඇති නිසා ඔවුන්ගේ සෙසු ඉන්ද්‍රියන්ගේ වර්ධනය යහපත් වෙනවා.
  • මොලයේ වර්ධනය ඉතා හොඳයි. දරුවන්ගේ මොලයේ වර්ධනය සති 40 ට වඩා සති 35 දී 2/3 ක් බව පැවසෙනවා. ඉන් කියවෙන්නේ සති 40 ක් වනතුරු සිටීමෙන් දරුවාගේ මොලයේ වර්ධනය තවත් වැඩිවන බවයි.
  • වේලාසන ඉපදීමේ දී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. පෙනහළු දරුවාගේ ශරීරයේ විශාලව වැඩෙන ඉන්ද්‍රිය යි. ඒ නිසයි කලට පෙර උපදින දරුවන් හට හුස්ම ගැනීමේ අවහිරතා ඇති වෙන්නෙ.
  • අම්මටත් සංකූලතා ඇතිවෙන්න පුළුවන්. ඉක්මන් දරු උපතක් කියන්නේ සිසේරියන් සැත්කමක් නිසා ඇයට ඇතිවන සංකූලතා වැඩිවෙනවා.
  • පීඩාකාරී බව හා වේදනාකාරී බව වැඩියි. මෙය කෘතිමව සිදුවෙන නිසා අනෙකුත් කෘතිම සත්කාර සිදු කිරීමට සිදුවෙනවා. එය අම්මට තවත් පීඩාකාරී වෙන්න පුළුවන්.

සොබා දහමෙන් අපට දෙන දේවල් වල වැදගත්කම දරු උපතටත් වලංගුයි. අම්මගේ කුසේ දරුවට ඉන්න තියෙන කාලය එලෙසින්ම ඉන්න ඉඩදීම වැදගත් ඒ නිසයි. theAsianparent Sri Lanka ඒ වෙනුවෙන් මේ සටහන අපේ දෙමාපියන්ට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි