දරුවා ඔටිසම් (autism) රෝගයේ මූලික ලක්ෂණ පෙන්වනවා විය හැකිද?

ඔටිසම් රෝගය කුඩා දරුවන් තුළ හඳුනා ගැනීමට අපහසු තත්වයක් විය හැකි බැවින් එහි මුල් ලක්ෂණ කෙරෙහි අතිශයින් අවබෝධයෙන් සිටීමෙන් කල්තියා දරුවා නිසි ආකාරයෙන් හැසිරවීමට අවශ්‍ය පියවර ගත හැකියි.
සාමාන්‍යයෙන් අපි හැමෝම ගොඩක් ධනාත්මක හැඟීමෙන් තමා ජීවත් වෙන්නෙ. අපගේ මුළු ලෝකයම වන අපේ දරුවන්ට කිසි ගැටළුවක්, රෝගයක්, ප්‍රශ්ණයක් නොවේ යැයි කියන හැඟීමෙන්. ධනාත්වකව ජීවත් වීම ගොඩක් හොඳ නමුත් යතාර්ථවාදී වීමත් අප ප්‍රගුණ කටගත් යුතු ගුණයක්. නුවණැත්තෙක් වරක් කියා තිබුනේ කණගාටු වීමට වඩා සූදානම් වීම කෝකටත් හොඳ බවයි. ඔටිසම් (Autism) ඝනයේ ආබාධ කුඩා දරුවන් තුළ හඳුනා ගැනීමට අපහසු තත්වයක් වන්නට පුළුවන්. ඉතින් මෙම ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණ හා පෙරනිමිති බොහොමයක් හඳුනා ගැනීමට දුස්කර කාර්‍යයක්.
ඔටිසම් (Autism) කියන්නේ කුමක්ද
මුලින්ම අපි බලමු ඔටිසම් (Autism) කියන්නේ කුමක්ද කියලා. ඔටිසම් කියන්නේ ස්නායු රෝග තත්වයක්. එය සාමාන්‍යයෙන් දරුවෙකුගේ ජීවිතයේ පළමු වසර තුන තුළ ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණ පෙන්වන්නට පටන් ගන්නවා.
ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකු, ප්‍රධාන අංශ තුනක සංවර්ධනයේ ප්‍රමාදය පෙන්නුම් කරනවා.
ඒවා දුර්වලතා ත්‍රිත්වයක් (triad of impairments) කියා හඳුන්වනවා. ඒවා පහත ආකාරයට වර්ග කරන්නට පුළුවන්.
2. සමාජ අන්තර්ක්‍රියා ( Social interactions)
3. පරිකල්පනය ( Imagination)
වෛද්‍ය තත්වයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කළ යුතුය. ඒ වගේම,ඈතැම් දරුවන්ට ආගන්තුකයින් විසින් ඔවුන් ස්පර්ශ කිරීම හෝ එදිනෙදා ශබ්ධ වලට ඇහුම්කන්දීම ඉවසාගත නොහැකි තත්ව තිබෙන්නට පුළුවන්.
මෙවැනි තත්ව වලට මුහුණ දීම හා ඒවා හැසිරවීම අස්සිරු විය හැකි නමුත් කල්තියා මේ ගැන අවධානයෙන් පසු වී මැදිහත් වීම සහ රැකවරණය දීම අවශ්‍යයි.
එතුළින් දරුවාට කල්තියාම නිසි ප්‍රතිකාර වලට යොමු කිරීමට හැකි වීම නිසා එහි ප්‍රතිප්පලයක් ලෙස සාමාන්‍ය ජීවිතයක් වුවත් ගත කිරීමට එය උපකාර වේවි.
කුඩා දරුවන් තුළ දිස් වන්නට පුළුවන් ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණ 5ක්
1. ප්‍රමාද වූ සන්ධිස්ථාන ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණ වලින් එකක්
දරුවෙකු තුළ ඔටිසම් රෝගයේ මුල්ම දර්ශකය වන්නේ සංධිස්ථානවල ප්‍රමාදයයි.
මාස හයක් පමණ වසසැති ළදරුවකුට සිනහවීමට, ඇඟිල්ලක් ග්‍රහණය කර ගැනීමට පමණක් නොව කටහඪ වලට ප්‍රතිචාර දැක්වීමෙ හැකියාව පවා තිබෙන්නට පුළුවන්.
නමුත් ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට අනෙක් අතට ප්‍රතිචාර දැක්වීම, බිළිඳු බස් දෙඩවීම මෙන්ම තම මවගේ සිනහවට ප්‍රතිචාර දැක්වීමටද නොහැකි වනවා.
2. තමන්ගේම නම හඳුනා නොගැනීම
ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකුට ඔහුගේ නමට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වන අතර දරුවාට කථාකළ විට ආපසු හැරී ඔබට ප්‍රතිචාර නොදක්වනු ඇත.
සාමාන්‍යයෙන් පුංචි දරුවෙකු ඔහුට කතා කළ විට දෙමාපියන්ට ප්‍රතිචාර දක්වන අතර දෙමාපියන් අනුකරනය කිරීමටද පුළුවන් කම තිබෙනු ඇත.
3. සන්නිවේදනයේ අපහසුතාව
4. බිළිඳු බස් දෙඩවීමට ප්‍රමාද වීම ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණ වලින් එකක්
5. දෛනික කටයුතු රටාවකට සිදු කිරීමට ප්‍රිය වීම ඕටිසම් ර්මෝග්ලය්ේ ලක්ෂණ වලින් එකක්
- රිජ්වේ ආර්යා ළමා රෝහල– කොළඹ
දුරකථන – +94 11 2 693711 - ආබාධිතතා අධ්‍යයනාංශය – රාගම වෛද්‍ය පීඨය
දුරකථන – +94 112 958 251 - අයාටි මධ්‍යස්ථානය (Ayati center)– කැළණිය විශ්ව විද්‍යාලය, වෛද්‍ය විද්‍යා පීඨය, රාගම
දුරකථන – +94 71 552 7309 / +94 11 2961254 - චිත්‍රා ලේන් ළමා සම්පත් මධ්‍යස්ථානය – නාරාහේන්පිට
දුරකථන – +94 112 503 906 / +94 112 582 758