ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

lead image

මවක් වෙන්න පෙරුම් පුරන ඔබ ඔබේ ශරීරය ගැන කෙතරම් දැනුවත්ද?

හුඟක් අම්මලා කියනවා ඔවුන් ගර්භණි තත්වය පරික්ෂා කිරීමට පෙර ගැබ් ගැනීමේ ලක්ෂණ (early signs of pregnancy) මගින් මේ බව අනුමාන කළ බව. නමුත් මේ අනුමානයන් හරියට  නිවැරදි දැයි ඔබට සැක මතුවෙනවා.

නමුත් හුඟක් කාන්තාවන් නොදන්නා සලකුණු ඔවුන් දරුවෙක් ලැබෙන්න ඉන්න බව කියාපානවා. 

ගැබ් ගැනීමේ ලක්ෂණ (early pregnancy signs) පූර්ව ගර්භණී අවදියේ මෙසේ විය හැකියි 

කුරුලෑ ඇතිවෙන්න පටන් අරගෙන

හුඟක් වෙලාවට ගර්භණි සමය තුළ අම්මලාගේ සම හරිම පැහැදිළියි.

දීප්තිමත් නමුත් ආරම්භක කාලය තුළ ඇතිවන හෝර්මෝන වෙනස්කම් මත මුහුණේ කුරුලෑ තත්වයන් ඇතිවෙන්න පුළුවන්.

මුහුණේ වගේම පපුවේ පිට ප්‍රදේශයේ මේ කුරුලෑ ඇති වෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වීම සුදුසුයි.

මුත්‍රාශය ආශ්‍රිත අසාදන

හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් නම් මුත්‍රා ආසාදනයන් ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ තත්වය දිගින් දිගටම ඇත්නම් ඒ ගැන සිතා බලන්න වේවි.

රුධිර වහනය

ඇමෙරිකාවේ වෛද්‍ය සෙරීනා චෙන් පවසන ආකාරයට රුධිර වහනයක් වන්නේ නම් දරුවෙකු පිළිසිඳ ගත නොහැකි බව හුඟදෙනෙක් පවසනවා. ඉතින් මෙවැනි තත්වයන් කිසිවිටකත් සාමාන්‍ය තත්වයන් නොවෙයි.

මේ අවස්ථාවන් වලදී වෛද්‍යවරුන් පළමුව සැකකරන්නේ ඇය ගර්භණි කාන්තාවක් දැයි කියයි.

රුධිර වහනය වැඩි වීම හෝ සුළු වශයෙන් තිබීමත් ගර්භණි භාවයේ ලක්ෂණ විය හැකියි.

මෙම රුධිර වහනයේ ස්වභාවය අනුව ගර්භාෂය තුළ වැඩෙන කළලය ගැන කියන්න පුළුවන්.

ගැබ් ගැනීමේ ලක්ෂණ

ගැබ් ගැනීමේ ලක්ෂණ/ early pregnancy signs

ගැබ් ගැනීමේ ලක්ෂණ: බහිශ්‍රාව ක්‍රියාවලියේ ගැටළු

හෝර්මෝන වල වෙනස්කම් ඔබේ ආහාර රටාවත් වෙනස් කරනවා. මේ නිසා මළබද්ධය, දියර ලෙස මළපහ පිටවීම හා ගුද මාර්ගය ආශ්‍රිත වේදනාත්මක බව ඇතිවෙන්න පුළුවන්.

ඉතින් අසාමාන්‍ය ලෙස මේ තත්වය ඔබට ඇතිවී ඇත්නම් ඒ ගැන සිතන්න.

විවිධ වේදනාවන් ගැබ් ගැනීමේ ලක්ෂණ විය හැකියි 

මාස් ශුද්ධිය සමග ඇතිවන වේදනාවන් ඔබට ආගන්තුක නැතත් අනපේක්ෂිත කාලයන් තුළ මුත්‍රා මාර්ගය අවට හා වේදනාවන් ඇති වෙන්න පුළුවන්. එය දරු ප්‍රසුතියට ශරීරයේ සුදානම කියාපානවා.

ඉරුවාරදයෙන් මිදෙනවා

හෝර්මෝන වල වෙනස්කම් නිසා ඔබට පෙර නොමැති ආකාරයට හිසේ කැක්කුම් ඔබට ඇතිවෙන්න පුළුවන්.

ඉරුවාරදයෙන් ඔබ දැන් මිදිලා නම් එයත් පෙර ගර්භණි කාලයේ ලක්ෂණ කියාපානවා.

වමනය හා කරකැවිල්ල

මාස 4 – 6 කාලයක් කාන්තාවන්ට උදෑසන අපහසුතා ඇතුළුව ගැබ් ගැනීමේ ලක්ෂණ ඇතිවෙනවා. සමහර විට එය සති 9 – 13 දක්වා වැඩිවෙන්නත් පුළුවන්.

ඔබට කෑම අරුචිය කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ ඇතිනම් ඒ ගැන සිතන්න.

සමහර කාන්තාවන්ට එහි ඉතා බැරෑරුම් අවස්ථාවක් වන Hyperemesis Gravidarum (HG) තත්වය ඇතිවෙන්නත් පුළුවන්. මේ නිසා වමනය, කෑම අරුචිය වගේම ශරීරයේ බරත් සැලකිය යුතු ලෙස අඩුවෙන්න පුළුවන්.

විජලනය, අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ දැකිය හැකි අතර මෙවැනි තත්වයකදී වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය

ඔබට වෙනදාට වඩා වැඩිවාර ගණනක් මුත්‍රා කිරීමේ  අවශ්‍යතාවය ඇත්නම් ඔබ ඒ බව ගැන සිතා ගර්භණි තත්වය පිළිබඳ පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි.

හෝර්මෝන වල වෙනස්කම්, රුධිර සංසරණයේ වැඩිවීම, මුත්‍රා පද්ධතිය විශාල වීම වැනි හේතු මීට බලපානවා.

මුත්‍රා මාර්ගයේ පැහැයේ වෙනසක්

මුත්‍රා මාර්ගයේ පැහැය දම් පැහැයෙන් යුතු නම් ඒ ගැන ඔබ ස්වයං පරික්ෂාවක යෙදීමෙන් දැනගන්න පුළුවන්.

නමුත් ඒ ගැන කලබල නොවී ඔබේ ගර්භණි තත්වය ගැන පරික්ෂා කර බලන්න.

අමුතු දුගඳක්

මෙය එතරම් වද වියයුතු කාරණයක් නොවුනත් වෛද්‍ය ඒමී පිකල්සිම පවසන ආකාරයට ශරීරයේ සුවඳ වහනය වන ද්වාර වැසීමක් ගර්භණි සමය තුළ ඇතිවීම මෙයට හේතු වෙනවා.

කිසිම ඉඟියක් නැහැ

සමහර කාන්තාවන් තුළින් මේ කිසිදු ඉඟියක් දකින්නට නැති අතර ගර්භණි භාවය පිළිබඳ පරීක්ෂාවකින් ඒ බව තවදුරටත් ඔබට සනාථ කරගන්න පුළුවන්.

මව් පදවිය අපේක්ෂාවෙන් සිටින අපේ ආදරණිය මිතුරියන්ට  theAsianparent Sri Lanka ගෙන ආ මේ තොරතුරු බොහෝ වැදගත් වන්නට ඇතැයි අප විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

theAsianparent

app info
get app banner