theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිනි සමයේ ඉස්සො කන්න හොඳ නැද්ද?

5 අවම කියවීම
ගැබිනි සමයේ ඉස්සො කන්න හොඳ නැද්ද?ගැබිනි සමයේ ඉස්සො කන්න හොඳ නැද්ද?

ගැබිනි සමයේ ඉස්සෝ කෑම ගැන බොහෝ දෙනා අතර මත වාද තියනවා. මොකද ගර්භණී මව්වරුන්ට මේ කාලයට එක එක කෑම වර්ග රස බලන්නට ආසාවන් එනවා.

ගැබිනි සමයේ ඉස්සෝ කෑම ගැන බොහෝ දෙනා අතර මත වාද තියනවා. මොකද ගර්භණී මව්වරුන්ට මේ කාලයට එක එක කෑම වර්ග රස බලන්නට ආසාවන් එනවා. ඉතින් ඉස්සන් ආහාරයට ගන්නටත් එවැනිම ආසාවක් එන්න පුලුවන්. ආසවක් ආව පමණින් කෑමට ගන්න නම් බියක් දක්වනවා. ඒකට හේතුව තමයි ඉස්සන් උෂ්ණ අධික ආහාරයක් කියලා මුල් බැස ඇති මතය සහ ආසාත්මිකතා ඇති වෙන ආහාරයක් විදියට ප්‍රචලිත වීම.

ඒ නිසාම අද අපි කතා කරන්න හිතුවා ගර්භණී මවක් ගැබිනි සමයේ ඉස්සෝ කෑම ආරක්ෂිතද කියන කාරණාව ගැන.

ගැබිනි සමයේ ඉස්සෝ කෑම ආරක්ෂිතද?

ගැබිනි සමයේ සමහර මුහුදු ආහාර ගන්න එපා කියලා විශේෂයෙන්ම කියනවා. ඒත් අපිරිසිදු, දූෂිත නොවුන ජලය ඇති තැනකින් ලබා ගන්නා ඉස්සන් හොඳින් පිස ගැනීමෙන් අනතුරුව ආහාරයට ගැනීමේ කිසිම ගැටලුවක් මතු වන්නේ නෑ.

නමුත් පමණ ඉක්මවා කන්න නම් එපා. ආසාවට ටිකක් කෑවට ගැටලුවක් මතු වෙන්නේ නෑ. නමුත් සමහර ගැබිනි මව්වරුන් ආසාත්මිකතා දක්වන නිසා වෛද්‍ය උපදෙස් ඇතුවම ඉස්සන් කෑමට ගැනීම උචිතයි.

ගැබිනි සමයේ ඉස්සෝ කෑම

ගැබිනි සමයේ ඉස්සෝ කෑමට ගැනීම සෞඛ්‍යයමය වාසි ගෙන දෙන්නේ මෙහෙමයි.

ඉස්සෝ කියන්නෙ රසවත් ආහාරයක්. ඊට අමතරව ඉස්සරන් කියන්නේ පෝෂණ ගුණයෙන් අධික ආහාරයක්. විටමින්, ඛණිජ ලවණ වලින් පොහොසත්, අම්මලා වෙන්න ඉන්න අයට හොඳ පෝෂණයක් ලබා දෙන ආහාරයක්.

1. ප්‍රෝටීන් වලින් පිරුණු ඉස්සන්

ඉස්සන් කියලා කියන්නේ ගැබිනි සමයේ ප්‍රෝටීන් ලබා ගන්න හොඳ මූලාශ්‍රයක්. ගැබිනි සමයේ ප්‍රෝටීන් බහුල ආහාර වැඩියෙන් ගැනීම රුධිර ගත සීනි ප්‍රමාණය ස්ථිර මට්ටමක පවත්වා ගැනීමට උදව් වෙනවා. ඒ නිසා ගැබිනි කාකයේ දියවැඩියා තත්වයන්ගෙන් පරිස්සම් වීමටත් ගැබිනි සමයේ ඉස්සෝ කෑම වැදගත්. ඉස්සන්ගේ කැලරි අඩු නිසා අනවශ්‍ය ලෙස බර වැඩි වෙන්නෙත් නෑ.

2.විටමින් වලින් පොහොසත් ඉස්සෝ

ඉස්සෝ කියන්නේ විටමින් D, විටමින් B12, යකඩ, සින්ක්,පොස්පරස්, අයඩීන්, තඹ කියන පෝෂණ සංඝටක වලින් යුතු ආහාරයක්. ගැබිනි සමයේ ඉස්සෝ කෑම නිසා මේ කාලයේ සිරුරට අවශ්‍ය වන ප්‍රතිශක්තිය නොඅඩුවම ලැබෙනවා.

ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වයට වගේම මොළයේ වර්ධනයටත් වැදගත්. එමෙන්ම දත් සහ අස්ථි ශක්තිමත් කරනවා.

3. අනිකුත් පෝෂණ සංඝටක වලිනුත් පොහොසත් ඉස්සෝ

ඉස්සන්ට තියනව මැජික් පෝෂණයක්. ඉස්සෝ කෑවාම අපේ ඇඟට ඒ පෝෂණය ඉතාම ඉක්මනින් උරා ගන්නවා.

වෙන ආහාර වගේ ගොඩාක් වෙලාව යන්නේ නෑ. ඒ වගේම ඉස්සන්ට තියනවා අපේ ශරීරය ආරක්ෂා කරන්න වගේම සුව කිරීමේ බලයක්.

ගැබිනි සමයේ ඉස්සෝ කෑම

ඉස්සන්ගේ තියන සෙලීනියම් කියන ප්‍රතිඔක්සිකාරකය අපේ සිරුරේ සෛල විනාශ වීමට එරෙහිව සටන් කරනවා.

ඒ වගේම සමහර පිළිකා වලටත් එරෙහිව සටන් කරනවා. ඉස්සන්ගේ තියන ඇමයිනෝ අම්ල අලුත් සෛක නිපදවන්නටත්, හානි වූ සෛල නැවත පිළිසකර කරන්නටත් උදව් වෙනවා.

5.කැලරි අඩු ඉස්සෝ

ගැබිනි සමයේ බර වැඩි කර ගන්න ඕනි උනත් අනවශ්‍ය විදියට බර වැඩි වීමත් ප්‍රශ්නයක් නේ. නමුත් ගැබිනි සමයේ ඉස්සෝ කෑම නිසා නිරෝගී විදියටයි බර වැඩි වෙන්නේ. අනවශ්‍ය මේදය නැති නිසා.

6. ඔමේගා - 3 වලින් පොහොසත් ඉස්සෝ

ඔමේගා - 3 බහුල ආහාරයක් තමයි ඉස්සෝ කියලා කියන්නේ. අධ්‍යනයන්ගෙන් හොයාගෙන තියෙනවා ඔමේගා - 3 ඇස් වලවර්ධනයට සහ කළලයේ ස්නායූ වර්ධනයට වැදගත් කියලා.

බබා කුසේ ඉන්න කාලේ ඉස්සෝ කෑම අහිතකරයිද? ඒ නිසා ඉස්සෝ කෑමෙන් වළකින්න ඕනිද?

කලිනුත් අපි කතා කලා වගේ ගැබිනි සමයේ ඉස්සෝ කෑමට ගැනීම නිසා සෞඛ්‍ය වාසි රැසක් ලැබෙනවා. නමුත් මුහුදු ආහාරයක් නිසා, ආසාත්මික වෙන්නටත් ඉඩ තියන නිසා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ආහාරයට ගන්නවා නම් ඒක තමා වඩාත්ම සුදුසු.

එහෙම නැත්නම් ඉතාම පුංචි ප්‍රමාණයක් ආහාරයට ගෙන බලන්නට වෙනවා ඔබේ සිරුර ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා.

ආසාත්මිකතාවයක් නැත්නම් කිසිම ගැටලුවක් නෑ. එයින් ඔබට සහ කුසේ ඉන්න දරුවාට ලැබිය හැකි සෞඛ්‍ය වාසි ලැබිය හැකියි.

කොහොම උනත් ඔබ කලින් ඉස්සන් කාලා නැත්නම්, ගැබිනි සමයේ මුල්ම වතාවට කන්න හදනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න. අලුත් ආහාර අත්හදා බලන්නට සුදුසු කාලයක් නොවෙයි ගර්භනී සමය කියන්නේ.

සමහර ගැබිනි මව්වරුන්ට ඉස්සන් ආසාත්මික වීමේ අවධානමක් තියෙනවා. ඒ වගේ අය මේ දේවල් ගැන කල්පනාවෙන් ඉන්න.

ගැබිනි සමයේ ඉස්සෝ කෑම

  • කොලෙස්ටරෝල්

ඉස්සන් කියන්නේ කොලෙස්ටරෝල් වලටත් හොඳ මූලාශ්‍රයක්.ඒ නිසා කොලෙස්ටරෝල් මට්ටම වැඩි ගැබිනි මව්වරුන් ඉස්සන් ආහාරයට ගැනීමෙන් වළකින්න ඕනි. කොලෙස්ටරෝල් වැඩි වෙන එක දරුවාට සහ අම්මට හොඳ නෑ.

  • ආසාත්මිකතා

ඔබ ඉස්සන් කාලා නැති කෙනෙක් නම්, එහෙම නැත්නම් කකුළුවන්ට, පොකිරිස්සන්ට, බෙල්ලන්ට ආසාත්මිකතාවයක් දක්වනවා නම් ගැබිනි සමයේ ඉස්සෝ කෑම නොකරන තරමට හොඳයි.

නැත්නම් බඩේ අමාරු, කැසීම්, රතු වීම් වගේ ආසාත්මික ලක්ෂණ ඇති වෙන්න ඉඩ තියෙනවා.

  • රසදිය විස වීම්

දූෂිත ජලය ඇති තැනක සිටින ඉස්සන්ට ඔවුන්ගේ ශරීරය තුලට එම රසායන ද්‍රව්‍ය අවශෝෂණය වෙන්න පුලුවන්.

ඒ වගේම මුහුදේ ඉන්න ඉස්සන්ගේ රසදිය මට්ටම වැඩියි. අධික රසදිය කුසේ ඉන්න දරුවාගේ ස්නායූ පද්ධතියට නරක ලෙස බලපාන්න පුලුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒවගේම තමයි වැව් සහ ගංගා වල ඉන්න ඉස්සන්. ජලයට මොනවා මිශ්‍ර වෙනවාද කියා නොදන්න නිසා අවධානමක් තියෙනවා එවනි ඉස්සන් පරිභෝජනය නම්.

  • ආසාදන

ගැබිනි සමයේ ඉස්සෝ කෑම කෙසේ වෙතත් කෑමට ගනිද්දි නම් හොඳින් පිසගෙන තමයි කෑමට ගන්න ඕනි.

බාගෙට හෝ නොපිසූ ආහාර ගැබිනි සමයේ ගන්න එපා. මොකද ආහාර විස වීම් වෙන්න පුලුවන්. ලේ විස වීම් වෙන්න පුලුවන්. කුසේ ඉන්න බබාටත් ආසාදන ඇති වෙන්න පුලුවන්.

මේ සමයේ ඉස්සෝ කෑමට ගැනීම සඳහා උපදෙස්

  • ඉස්සන් මිල දී ගන්නකොට දන්න මූලාශ්‍රයකින් ඉස්සන් විකිනීමට තබා ඇති බවට සනාථ කර ගන්න.
  • දිලිසෙන, ගණකම මතුපිටක් සහිත ඉස්සන් මිලදී ගන්න.
  • අමු මුහුදු මාළු යෙදූ සුෂී,සෂිමි වැනි ආහාර වලින් වැළකෙන්න. ගැබිනි සමයේ වියළි ඉස්සන් කෑවාට කමක් නැති උනත් ඒවා හොඳින් සෝදා හොඳින් පිස ගැනීම කල යුතුයි.
  • අලුත් ඉස්සන් හොයා ගන්නට නැත්නම් අයිස් මත ගබඩා කරන ලද ඉස්සන් මිලදී ගත්තාට කමක් නැත. නමුත් අයිස් යනතුරු තබා හොඳින් පිරිසිදු කර සම්පූර්ණයෙන්ම පිස ගත යුතුයි.
  • ආපනශාලා වලින් ගන්නා මුහුදු ආහාර වලින් වැළකෙන්න.

මූලාශ්‍ර :- parenting.firstcry.com

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිනි සමයේ ඉස්සො කන්න හොඳ නැද්ද?
බෙදාගන්න :
  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

    ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

    ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it