theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළමා හිංසනය දරුවාගේ මොළයට බලපාන භයානක ප්‍රතිඵලය

5 අවම කියවීම
ළමා හිංසනය දරුවාගේ මොළයට බලපාන භයානක ප්‍රතිඵලයළමා හිංසනය දරුවාගේ මොළයට බලපාන භයානක ප්‍රතිඵලය

දරුවෙකුගේ මොළයට ළමා අපයෝජනය බලපාන්නේ කෙසේද? බලන්න මෙම රූපය දෙස. මොළයේ වම් පස දකුණට වඩා විශාල වන්නේ කොහොමද?

ළමා හිංසනය හා මොළය අතර සම්බන්ධයක් තියෙනවද?  මේ තියෙන්නේ වයස අවුරුදු 3ක් වයසැති දරුවන් දෙදෙනෙකුගේ මොළයේ රූපසටහන් දෙකක්.

ඉතින් මෙම රූපසටහන් වලට අනුව වම් පස ඇති පින්තූරයේ මොළයේ, දකුණු පස ඇති පිතූරයේ මොළයට  වඩා විශාල වුනේ කොහොමද?

ළමා හිංසනය

හොඳින් නිරීක්ෂණය කලොත් වම් පස ඇති පින්තූරයේ මොළයේ, ලප වැනි ප්‍රදේශය අඩු වන අතර අඳුරු අපැහැදිළි තැන්ද අඩු වනවා.

ස්නායු විශේෂඥයින් පවසන්නේ වම් පස පින්තූරයේ ඇති මොළයේ අඩංගු ප්‍රධාන අංග කිහිපයක් දකුනු පස පින්තූරයේ මොළයේ නොමැති බවයි.

තවදුරටත් විග්‍රහ කිරීමේදී, මෙම ව්‍යුහමය වෙනස්කම් වලට අමතරව, මෙම වෙනස්කම් වලින් විදහා පාන අකාරයට, දකුණු පස මොළය අයත් දරුවා බුද්ධිමත් බවෙන් හා අඩු සංවේදනයෙන් අඩු දරුවකු සේ වැඩෙනු ඇතැයි ඔවුහු අර්ථකථනය කරති.

වම් පස මොළය අයත් දරුවා හා සසඳන විට, දකුණු පස දරුවා අපරාධ කරා ඇදී යාමේ වැඩි ඉඩක් ඇති බවයි.

එපමණක් නොව දකුණු පස දරුවා ඉදිරියේදී මානසික රෝග වැනි තවත් සංකූලතා වලට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති බවයි.

සැබවින්ම දකුණු පස දරුවාගේ මොළයේ මේ වෙනස්කම් වලට හේතුව කුමක්ද? එය රෝගී තත්වයක් හෝ භෞතික හේතුවක් නිසා සිදුවූවක්ද? එසේ නැතිනම් හදිසි අනතුරකින් සිදු වූවක්ද?

සත්‍යය ඔබව මවිත කරනවා නියතයි.

ළමා හිංසනය මොළය මත ඇති කරන බලපෑම

මෙම රූප අපට ලැබෙන්නේ ටෙක්සාස් ළමා රෝහලේ මනෝචිකිත්සක අංශ ප්‍රධානී මහාචාර්ය බෲස් ඩී පෙරීගේ පර්යේෂක ලිපියකින් වන අතර ඒවා ඉතා ගැඹුරින් හෙලි කරන්නේ අවුල් සහගත සත්‍යයක්.

එම සත්‍යය නම්, මොළයේ ප්‍රමාණයේ රැඳී පවතින්නේ දක්වන්නේ දරුවන්ගේ මූලික ‍රැකවලුන් - එනම් මව්වරුන් තම දරුවන්ට සළකන ආකාරය මත බවයි!

විශාල හා වඩා හොඳින් වර්ධනය වූ මොළය ඇති දරුවාට තම මව විසින් මනා ලෙස ආදරය හා රැකවරණය ලබා දී ඇති අතර ප්‍රමාණයෙන්  කුඩා, ලප කැලැල් ඇති මොළය ඇති දරුවා නොසලකා හැර අපයෝජනයට ලක් වූ දරුවෙක් ගේ බවයි.

මහාචාර්ය බෘස් පෙරීගේ වචන වලින්, “වම්පස ඇති සී.ටී ස්කෑන් පින්තූරයෙන් පෙන්වන්නේ  සාමාන්‍ය හිස ප්‍රමාණයෙන් යුත් නිරෝගී 3 හැවිරිදි දරුවෙකුගේ රූපයක්."

“දකුණු පස ඇති රූපය දැඩි සංවේදක-දුබලතා වලින් යුත්, නොසලකා හැරීම් වලින් පෙළෙන 3 හැවිරිදි දරුවෙකුගේ ය.

මෙම දරුවාගේ මොළය සාමාන්‍යයට වඩා සැලකිය යුතු තරම් කුඩා වන අතර විශාල වූ කෝෂිකා හා හීන වූ සම්බන්ධක ඇත (enlarged ventricles and cortical atrophy).”

දරුවෙකුගේ මුල් ළමාවියේ සිදුවීම්, ජීවිතයේ ඉතිරි කාලය කෙරෙහි තදින්ම බලපෑම් කළ හැකි බවත්, දරුවෙකුගේ මුළු අනාගතයටම බලපාන ජීවිත සංධිස්ථානයක් බව අප දන්නවා.

නමුත් එය මොළයේ භෞතික ව්‍යුහයට හා ප්‍රමාණයට පවා බලපාන බව අප දැන සිටියේ නැහැ නේද?

ළමා හිංසනය මොළය මත ඇති කරන බලපෑම: මවගේ කාර්යභාරය

“ප්‍රීතිමත් මව්වරුන් ප්‍රීතිමත් දරුවන් බිහි කරයි" යන කියමනෙහි සත්‍යතාවයක් ඇති බව පෙනෙනවා.

UCLA හි මහාචාර්ය ඇලන් ෂෝර් පවසන පරිදි, ළදරුවෙකුගේ මොළයේ වර්ධනයට “වචනාර්ථයෙන්ම මව සහ ළදරුවා අතර ධනාත්මක අන්තර් ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වේ. මස්තිෂ්ක පරිපථවල වර්ධනය රඳා පවතින්නේ එය මත ය. ”

දරුවෙකුගේ මොළයට ළමා අපයෝජනය ඇති කරන බලපෑම

පුද්ගලයෙකුගේ මොළයේ උපරිම වර්ධනයෙන් මොළයේ සෛල 80%ම නිෂ්පාදනය වන්නේ මුල්ම අවුරුදු දෙක තුළයි.

එයින් අදහස් කරන්නේ, ජීවිතයේ මුල් වසර දෙක තුළ ළදරුවෙකුට නිසි ලෙස සැළකිලිමත් නොවුවහොත්, දරුවාගේ බුද්ධිය ඇතුළු මොළයේ ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ සඳහා අවශ්‍ය ජානමය වර්ධන නිසි ලෙස සිදු නොවන බවයි.

මේ නිසා කෙනෙකුගේ බුද්ධියේ වර්ධනය තියා බුද්ධිය උත්පාදනය වීමක් පවා සිදු නොවන්නට ඉඩ ඇති බවයි.

ඉතින් මේ අනුව ළමා හිංසනය වැඩි වන තරමට දරුවාගේ මොළයට සිදුවන හානියද සාපෙක්ෂව වැඩි වන බව පුදුමයට කාරණාවක් නොවෙයි.

දරුවෙකුගේ මොළයට ළමා හිංසනය මගින් ඇතිවන බලපෑම: වෙනත් අධ්‍යයන

මොළයේ වර්ධනය හා  ළමා අපයෝජනය අතර ඇති කම්පන සහගත සම්බන්ධය මීට පෙර විවිධ අධ්‍යයනය මගින්ද සොයාගෙන තිබෙනවා.

ළමා හිංසනය

2007 දී කරන ලද එවන් අධ්‍යයනයකින් හෙළි වූයේ සිතේ කම්පනය නිසා මානසික ආතතියෙන් පෙළෙන දරුවන්ගේ (මොවුන්ගේ කෝටිසෝල් cortisol නමැති ආතති හෝමෝනයද ඉහළ මට්ටමක පවතී) . චිත්තවේගයන් හා මතකයන් හා සම්බන්ධ මොළයේ කලාපයක් වන හිපොකැම්පසය (hippocampus) ප්‍රමාණයෙන් කුඩා වීමට ඉඩ ඇති බවයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

රුමේනියාවේ ළමා අපයෝජනයට ලක් වූ ළමුන් 26 දෙනෙකුගේ මොළය පිළිබඳව 2015 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ. ඔවුන්ගේ මොළයේ කොටස් හතරේම සුදු පැහැති පදාර්ථ කොටස සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.

හැඟීම් වලට සංවේදී වීම මෙන්ම අවධානය පවත්වා ගැනීමේ අස්සිරුතාව, විධායක ක්‍රියාකාරිත්වය සහ සංවේදක සැකසීම සම්බන්ධ. ක්ෂේත්‍ර හා චිත්තවේගයන් සඳහා වගකිව යුතු මොළයේ ප්‍රදේශ වලටද විශේෂයෙන් බලපෑම් ඇති වී තිබෙන බවයි.

ඉතින් නැවත වරක් කිව හැක්කේ, එය විෂම චක්‍රයක් ලෙස ක්‍රියා කරන බවක් පෙනෙන බවයි.

වැඩිහිටියන් ගත් කල, තම දෙමව්පියන් විසින් අප්‍යෝජනයට ලක් වූ වැඩිහිටියන්,ොවුන්ගේ දරුවන්වද ඒ ආකාරයෙන්ම හිංසනයට ලක්කරන බව පෙනෙනවා.

ඔවුන්ගේම දරුවන්ගේ මොළයන්ද ඔවුන්ගේ දෙමාපියන්ගේ මෙන්ම වර්ධන ඌනතාවයකට ලක්වන්නේ තමන්ගේම ජීවිතයට හානිකර අන්දමින්.

මෙහි ප්‍රථිපලයක් ලෙස මෙවන් දරුවන් පාසැලේදී අයහපත් දේ කිරීමටත්, රැකියා විරහිත භාවයට පත්වීමටත්, මත්ද්‍රව්‍ය හා අපරාධ වලට ආකර්ෂණය වීමටත් වැඩි ප්‍රවණතාවක් දක්වනු ලබනවා.

දරුවෙකුගේ මොළයට ළමා හිංසනයෙන්  ඇතිවන බලපෑම: පූර්ව මැදිහත්වීම අත්‍යාවශ්‍යයි

කෙසේ වෙතත්, මේ ගැන මුළුමනින්ම බලාපොරොත්තු සුන්කරගැනීමට අවශ්‍ය නැහැ. නමුත් හැකි තරම් කලින් මැදිහත් වීම තුළින් යම් සාර්ථකත්වයක් ලබගත හැකි බවට ඔප්පු වී තිබෙනවා

මෙම මැදිහත් වීම අර්ථවත් වන්නේ ළමයින් හිංසාවට ලක්කරන දෙමාපියන්ට, දරුවන්ට ආදරයෙන් හා කරුණාවෙන් සළකන ආකාරය ගැන කියා දීම තුළිනුයි.

එම ආදරය තුළින් දරුවාගේ මොළයේ වර්ධනය සිදුවන ආකාරය පෙන්වා දිය යුතු වනවා.

සමාජ සේවා මධ්‍යස්ථාන හා සංවිධාන මගින් මෙවැනි දෙමාපියන් නිතර බැහැ දැක නිරන්තරයෙන් ඔවුන්ට අවශ්‍ය මානසික සහය දීම මගින් සුභදායී ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.

සමීක්ෂණ වලින් සොයාගෙන තිබෙන්නේ මෙවැනි මගපෙන්වීම් ලැබූ දෙමාපියන්ගේ දරුවන් සුභදායී වර්ධනයක් පෙන්නුම් කළ බවයි.

ඔවුන්ගේ චිත්තවේගී බුද්ධියේ දියුණුවක් ඇති වූ බවත්, අපරාධ ආදියට යොමු වීමෙ ප්‍රවණතාව බොහෝ සේ අඩු වූ බවත්ය.

ශ්‍රී ලංකාවේ ළමා හිංසනය පිටුදැකීමට ඇප කැප වූ ස්වේච්ඡා සංවිධාන රැසක් තිබෙනවා.

ඔබේ නිවසේ හෝ අසල්වාසී නිවසක හෝ අතරමඟදී ළමා අපයෝජනයක් දුටුවහොත් වහාම 1929 අමතා දැනුම් දෙන්න.

ළමා හිංසනය

(මුලාශ්‍රය: ටෙලිග්‍රාෆ්)

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ළමා හිංසනය දරුවාගේ මොළයට බලපාන භයානක ප්‍රතිඵලය
බෙදාගන්න :
  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • ළමයින්ගේ චිත්තවේගීය අපයෝජනය: ඔබට අතපසු විය හැකි ලක්ෂණ 5ක්

    ළමයින්ගේ චිත්තවේගීය අපයෝජනය: ඔබට අතපසු විය හැකි ලක්ෂණ 5ක්

  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • ළමයින්ගේ චිත්තවේගීය අපයෝජනය: ඔබට අතපසු විය හැකි ලක්ෂණ 5ක්

    ළමයින්ගේ චිත්තවේගීය අපයෝජනය: ඔබට අතපසු විය හැකි ලක්ෂණ 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it