බබාලා පීසා කන්න හරි ආසයි නේද? හැබැයි කඩෙන් ගන්න පීසා නම් ගුණයෙන් අඩුයි. ඉතින්, අපි හිතුවා අම්මිලාට ෂෝයි homemade pizza රෙසිපි එකක් දෙන්න. මෙන්න බබාට පීසා රේසිපියක්. මේ බිත්තර පීසා ගුණයෙන් වගේම රසෙනුත් ඉහලයි.
මෙයත් රසවත් සරල වගේම දරුවන් කැමති වෙන ආහාරයක්, මිරිස් වර්ග එකතු කර වැඩිහිටියෙක්ට වුනත් ආහාරයට ගන්න පුලුවන්.
බබාට පීසා රේසිපි: පොඩ්ඩන් කන්න කැමති බිත්තර පීසා
අවශ්‍ය ද්‍රව්‍ය :
බිත්තර 02
කැරට් සිහින් පෙති
ලූණු පෙති
සිහින් තක්කාලි පෙති ( ඔබ දරුවාට දෙන්නේ නම් පමණක් )
සූරා ගත් චීස් ස්වල්පයක්
රස අනුව ලූණු
පොල්තෙල්
සාදන ක්‍රමය :
• තෙල් රත්කර ගත් තාච්චියකට බිදගත් බිත්තර දෙක දමන්න.
• ඒ මතින් සිහින් කැරට් පෙති, තක්කාලි පෙති, ලූණු පෙති මාරුවෙන් මාරුවට අතුරන්න.
• එයට සිහින්ව සූරා ගත් චීස්ද යොදන්න. එයට රස අනුව ලුණුද එකතු කරන්න.
• දැන් මද ගින්දරේ හොදින් තම්බා ගන්න
රසවත් පෙනුමැති බිත්තර පීසා එකක් දැන් ඔබේ දරුවා සදහා සුදානම්.