theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

5 අවම කියවීම
කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමුකොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

කොරෝනා මාරයා ‌ගෙන් අපේ වයස්ගත ‌දෙමව්පියන් රැකගන්නේ ‌කොහොමද?

කොවිඩ් 19 හා වැඩිහිටියන් ගැනත් අපි කතා කල යුතුයි. හේතුව කුමක් වුවත් චීනයෙන් නැගි සිටි කොරෝනා මාරයා වැඩි ප්‍රතිශතයක් බිලිගත්තේ වයසින් වැඩි ජිවිත බව දත්ත මනාව පෙන්වා දෙනවා.

එයට හේතු බොහොමයක් තියෙනවා. මේ කොවිඩ් 19 මාරක ඉරණමක් ලබා දෙන්නේ ප්‍රතිශක්තිකරණය දුර්වල වුවන්ටය.

අපේ වැඩිහිටි පරපුර ගත් විට බොහොමයක් දියවැඩියාව, අධික රුධිර පීඩනය , හෘද රෝග ඇතුලු බොහොමයක් රෝග සදහා ප්‍රතිකාර හා ඖෂධ ලබමින් සිටිනවා.

එවන් පසුබිමකදි කොවිඩ් 19 වැළදීම ඇත්තටම ඔවුන්ගේ ජිවිත වලට තර්ජනයක් වෙනවා.

කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

මේ දක්වා චීනයේ තහවුරු වී ඇති වයස අවුරුදු 80 ට වැඩි  රෝගීන්ගෙන් සියයට 15 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 50 ට අඩු අය සඳහා මරණ අනුපාතය සියයට 1 ට වඩා බෙහෙවින් අඩුවෙනවා.

තරුණ අයට වඩා වයස්ගත පුද්ගලයින් කොවිඩ් 19 ට ගොදුරු වීම සැලකිය යුතු ලෙස වැඩි බවට තවමත් සාක්ෂි නැහැ.

නමුත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ආසාදනය වී ඇත්නම්, ඔවුන්ගේ සාමාන්‍ය සෞඛ්‍යය යහපත් වුවද, ඔවුන්ට දරුණු, ජීවිතයට තර්ජනයක් වන රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩි බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

ඒ වගේම රෝගීතත්වයන් ගෙන් පෙළෙන  වයස්ගත පුද්ගලයින් විශේෂයෙන් ඉහළ අවදානමක් පවතිනවා.

වයසට සමග ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා සමහර අවදානම් ඇති බව විශේෂඥයන්ද පවසනවා.

ඒ නිසා අපි අපේ දරුවන් මේ රෝගයෙන් ආරක්ෂා කරගැනීමට දෙන සැලකිල්ල හා සමාන සැලකිල්ලක් අපේ වයස්ගත දෙමව්පියන් රැකගැනීමට දිය යුතුයි.

ඒ සදහා ඔබට පවුලක් ලෙස කරන්න පුළුවන් දේවල් අපි සොයා බලමු.

මුළු ලෝකයම වසංගත තත්වයකට මුහුණ දී ඇති සමයක සමහර රටවල වෛද්‍ය සේවා ප්‍රමාණවත් නොවීම නිසා වයස්ගත පුද්ගලයින්ට වැඩිපුර ජිවිත අවදානමක් ඇති අවදියක ඇත්තටම ආරක්ෂාව වෙනුවෙන් අපිට කල හැකි දේවල් මොනවාද?

කොවිඩ් 19 හා වැඩිහිටියන් : අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන මුලික ආරක්ෂිත ක්‍රියා මාර්ග පහත පරීදි වෙනවා. ඒවා වයස්ගත අයද තදින්ම අනුගමනය කල යුතුය.

කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

  • තත්පර 20 ක් සබන් හා ජලය යොදා ඔබේ අත් නිතරම සෝදන්න .
  • ඇල්කොහොල්  අඩංගු අත් පිරිසිදු කරන ජෙල් භාවිතා කර  අත් පිරිසිදු කරන්න.
  • අතට අත දීමෙන් වළකින්න. අවශ්‍ය නම් ආයුබෝවන් කියා සුභ පතන්න.  නමුත් වැඩිය කාටවත් ලංනොවන එක ආරක්ෂිතයි.
  • මිනිසුන් විශාල ලෙස රැස්වන තැන් වලින් ඈත්ව  සිටින්න.
  •  නිතර අත පත ගාන  දේවල් පිරිසිදු කර විෂබීජහරණය කරන්න.
  •  පොදු ප්‍රවාහනය භාවිතා කිරීමෙන් වළකින්න.
  • සැපයුම් මත ගබඩා කරන්න.

මේවා වැඩිහිටි අයට පමණක් ‌නොව සියල්ලන්ගේම සනීපාරක්ෂාව සදහා පවත්වා ගත යුතු  පුරුදු ‌වෙනවා.

ඊට අමතරව අපේ වැඩිහිටි පරපුර ‌වෙනුවෙන් ‌මේ අවස්ථාවේදි  අපිට කරන්න පුළුවන් ‌දේවල් කිහිපයක් හා වැඩිහිටියන්ට කල හැකි ‌දේවල් කිහිපයක් පහත පරිදි ‌වෙනවා.

  • අමුත්තන්ගෙන් ඈත්වෙන්න

කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

අවුරුද්ද ලගයි නේද ? ආච්චලා සීයලා බලන්න අවුරුද්දට ගමේ දුවන්න කලින් ඔබ දෙපාරක් සිතන්න.

සමහර විට ඔබත් එක්ක ගමේ යන්න බලාගෙන ඉන්න කොවිඩ් 19 ඒ අයගේ අවසාන අවුරුද්ද මේක කියලා තීරණය කරන්නත් ඉඩ තියෙනවා.

මොකද අපි ගමේ දුවන්නේ නිකම්ම නෙමෙයිනේ. සොපින් ගිහින් ඇදුම් අරන් කෝච්චි වල බස්වල නැගගෙන බහුතරයක් ගෙදර යනවා.

ඉතින් මේ රෝගකාරක කොහොම හෝ ඔබත් සමග යන්න එන්න ඉඩ තියෙනවා.

  • වෛද්‍ය හමුවීම් හා ‌රෝහල්ගත වීම් අවම කරගන්න

සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් විශ්‍රමාකයන් නිසා ඔවුන් සමාජය නිරන්තරයෙන් ගැටෙනවා අඩුයි.

මේ දවස් වල ගමන් බිමන් නොගිහින් හැකි තරම් විවේකයෙන් නිවසේ රැදෙන එක වයසක කොයි කාටත් හොදයි.

ඔවුන්ගේ ඖෂධ නිවැරදිව ලබා ‌දෙමින් ‌රෝගි වීමට ඇති අවස්ථා අඩුකර ගන්න .

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එයට හේතුව වන්නේ මේ දවස් වල වයසක පිරිස අසනීප වුනොත් රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථාන වලට යෑම අවදානම් වීමයි.

  • පිටත ගණුදෙනු සීමා කරන්න

වැඩිහිටියනි, අත්‍යවශ්‍ය නොවන වෛද්‍ය හමුවීම් ‌මෙන්ම සමිති සමාගම් රුස්වීම් වලට සහභාගී වෙන්න එපා.

විශ්‍රාම වැටුප් ලබාගන්න පෝලිම් වල සිටීමත් අවදානම්.

නමුත් එසේ ඉන්නට සිදුවෙනවා නම් එකිනෙකා අතර සැලකිය යුතු දුරක් පවත්වා ගන්න. අත් නොසෝදා මුහුණ ස්පර්ශ කරන්න එපා.

නිවසට පැමිණි වහාම අත් පය හා ඇද සිටි ඇදුම් සෝදා පිරිසිදු වෙන්න. කාලෙකින් හමු වුනත් මිතරන් හා ආගිය තොරතුරු කතා කරන්න ලංවෙන්න එපා.

  • වැඩිහිටියන් හැකි පමණ නිවසේ අන් අයගෙන් ඈත්ව සිටින්න

වැඩිහිටියන් නිවසේම රැදුනද අනෙක් තරුණ පිරිස් හා කුඩා දරුවන් සමාජයට යනවා.

ඒ නිසා වැඩිහිටියන් ලගට යන විට ඒ අය හොදින් පිරිසිදු වීමටත් ඔවුන් හා කටයුතු කිරීමේදි සැලකිය යුතු දුරක් පවත්වා ගැනීමත් සුදුසු වෙනවා.

එය ඔවුන්ව කොවිඩ් 19 වලට නිරාවරණය වීම අවම කරනවා.

  • වසංගතයක වුවද ක්‍රියාශීලීව සිටින්න

සමාජයෙන් මෙලෙස ඇත්වීම වැඩිහිටින්ගේ මානසිකත්වයට බල පා ඔවුන් රෝගි වීමට ඉඩ තියෙනවා.

ඒ නිසා මේ සමයේ හොද සෞඛ්‍ය පුරුදු වන ප්‍රමාණවත් නින්ද, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාම ඇතුළුව හොඳ පුරුදු පවත්වා ගැනීම වැදගත් වෙනවා. 

  • එළියට යන විට මාස්ක් පළදින්න.

සාමාන්‍යයෙන් රෝගී අය හා රෝගීන් ඇසුරු කරන අය මාස්ක් පැළදීම අනිවාර්යයෙන් සිදුවුවත්, අත්‍යවශ්‍ය වෛද්‍ය හමුවක්,  විශ්‍රාම වැටුප ලබා ගැනීම වැනි අත්‍යවශ්‍ය කාරණයකට වැඩිහිටියන් එළියට යනවා නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් නැතිනම් මාස්ක් එකක් පළදින්න.

කොවිඩ් 19 හා වැඩිහිටියන්: අවදානමට පෙර සුදානම

අවදානමට පෙර සුදානම හොද නිසා අපි ඒ සදහා වැදගත් වෙන ලිපි පෙලක් ඔබ වෙත ගෙන එනවා. 

ලෝකයේ කොරෝනා පවතින රටවල තත්වය බැලු විට වැඩිහිටියන්ට රෝගය වැළදි සුව කර ගැනීමට වඩා එය වළක්වා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාවත් කොවිඩි 19 ව්‍යාප්ත වෙන තර්ජනයක මුහුණ දී සිටින අවධියක විවිධ වැරදි තොරතුරු මත පදනම්ව කලබල වීම් නොකරන ලෙස අපි ඔබ ගෙන් ඉල්ලා සිටිනවා.

පවත්වා ගෙන යන නිරෝධායන ක්‍රියා වලින් සදහා උපරිම දායකත්වය දෙමින් ලබා දී ඇති සනීපාරක්ෂක උපදෙස් දැඩිව පිළිපදිමින් කොවිඩි 19 පැතිර යෑම වළක්වා ගැනීමට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න.

කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක - 0710107107 සහ 0113071073

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මුලාශ්‍ර: www.nytimes.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු
බෙදාගන්න :
  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

    COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

    COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it