theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනා

3 අවම කියවීම
අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනාඅධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනා

ඕනෑම දෙයක් ඕනෑවට  වඩා වැඩිවීම  නරක දෙයක් විය හැකිය. නමුත්,අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය දරුවා තුළ වලිප්පුවක් ඇති වීමට හේතු විය හැකි  දන්නේ කවුද?

මෑතකදී  ෆේස්බුක් හි ෆිලිපීනයේ මවක් වන Maricon Molvizar Collamar සිය දියණිය වු Mikayla  විසින් මුහුණ දුන්, වලිප්පුව හා සම්බන්ධ බිහිසුණු අත්දැකීමක් බෙදාගත්තා.

ඒ අධික යාන්ත්‍රික උපකරණ භාවිතයෙන්  වෛද්‍ය වරුන් පවසන පරිදි වලිප්පුව තත්වයක් හා තාවකාලික අංශභාග තත්වයක් ඇතිවීම ගැනයි.

"අම්මා, මගේ වම් අත හොල්ලන්න බැහැ!"

Maricon අනුව ජුනි මස 27 2018 වන දින උදෑසන 10-11: 30 ට ඇයගේ සය හැවිරිදි දියණිය වන  Mikayla කියමින් උදව් ඉල්ලනවා ඇයගේ සවනත වැකිනි.

ඇය මුලින්ම  හිතුවේ ඇයගේ  දියණිය කැරපොත්තෙක්ව දැක බිය වන්නට ඇතිය කියාය. එහෙත් ඇයගේ දියණිය දිගින් දිගටම කෑගසමින් ඇයගේ නම කියා කෑගසන විට යමක් සිදුවී ඇති බව දැනුනා.

ඇය Mikayla ඔවුන්ගේ කාමරයේ නිරුවත් සිටියදී  (ඇය නෑම අවසන් කළ බැවින්) සොයා ගත් අතර ඇය ඒ වන විට වලිප්පුවෙන්  පිඩා විදිමින් සිටියා.

වලිප්පුව හේතුවෙන්  තම දියණිය ලිස්සා බිම වැටී ඇත්දැයි Maricon විමසිලිමත් වුවාය. නමුත් ඇය වැටුනු බවට කිසිදු සාධකයක් නොවීය.

ඇය ඇගේ දියණියව ඇඳ මත ඉන්දවු අතර, සිදුවූ දේ ඇගෙන් ඇසුවාය.

ඇයගේ දියණිය ප්‍රතිචාරය දැක්වූයේ, "අම්මා, මට මගේ වම් අත හොල්ලන්න බැහැ."

මෙය මීට පෙර කවදාවත් සිදු නොවූ නිසා Maricon වඩාත් කනස්සල්ලට පත් වූවාය. ඇයගේ අතැගිලි සෙලවිය හැකිදැයි ඇය ඇසුවාය. එහෙත් ඇයට එසේ කල නොහැකි වුනා.

ජූනි 28 වනදා උදෑසන 12.30 ට පමණ  ඇයව රෝහලට වෙත ගෙන ගිය අතර ඇයව පරීක්ෂා කර ඇයගේ වලිප්පුව තත්වයට හේතුව සොයා  බලන ලදී. ඇයගේ  අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය  එයට හේතු විය.

ඇයව  CT පරීක්ෂණ සහ xray ඇතුළු පරීක්ෂණ වලට ලක්කර ඇයගේ අභ්‍යන්තර තුවාල තිබේ දැයි පරීක්ෂා කර බලන ලදී.

ඒ වගේම ඇයගේ මොළය පරීක්ෂා කිරීමට ECG සහ MRI පරීක්ෂණ   කළ අතර, එමගින්  හේතුව හඳුනාගත හැකි විය.

ළමා ස්නායු වෛද්‍යවරයකු  වන ඇයගේ වෛද්‍යවරයාට අනුව අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය නිසා Mikayla ට  වලිප්පුව වැලදී ඇත.

Maricon විසින් බෙදාගත් විදියට පසුගිය නිවාඩුවේ සිටම ඇයගේ දියණිය නොනවත්වාම i පෑඩ් භාවිතය හා රූපවාහිනිය නැරඹීම  වැනි උපකරණ දිගින් දිගටම භාවිතා කලාය.

තමන්ට අධික රාජකාරි තිබුන බැවින් දියණිය වැඩක යෙදවිය යුතු බැවින් ඇය එම උපකරණ දියණියට භාවිතා කිරීමට ඉඩ දුන් බව Maricon පැවසුවා.

ඇගේ දියණියට  සිදු වූ දෙය සම්බන්ධයෙන් ඇයටද දෝෂාරෝපණයෙන් කොටසක් පැමිණෙන බව  Maricon තවදුරටත්  පැවසුවාය.

ඇය නිවසේදී ඉතා කාර්යබහුල වු බැවින් ඇයගේ දියණියට වේලාව ගත කිරීමට ඇය එම උපකරණ ඇයට භාවිතා කිරීමට ඉඩ දුන්නා.

මෙම භයංකර බලපෑමෙන් පසු Mikayla ට තවදුරටත් වලිප්පු තත්වයන් ඇති වී නොමැත. ඇයට  ඖෂධ නියම වූ අතර ඇයගේ උපකරණ භාවිතය දිනකට පැය 2 කට සීමා විය.

තමන්ගේ  උපකරණ  භාවිතය සීමා කිරීම නිසා Mikayla විසින්  උපකරණ භාවිතයෙන් තොරව තමන්ගේ කාලය ගත කිරීමට  වෙනත් මාර්ගයන් ගැන සිතා ඇති බව Maricon තව දුරටත් පැවසුවාය.

ඔවුන්ගේ කථාව තම අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය  සදහා  ඉඩ නොදෙන

ලෙස දෙමාපියන්ට උගන්වන අපූරු  පාඩමකි.

දරුවන්ගේ අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතය  පිලිබඳ මේ අනතුරු හැගවීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනා
බෙදාගන්න :
  • නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව

    නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව

  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

    දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

  • නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව

    නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව

  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

    දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it