theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

3 අවම කියවීම
හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයිහදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

ඔබ ගර්භනී මවක් නම් මෙම ලිපිය ඔබටත් ඔබේ සහකරුටත් වැදගත් වේවි.

සීග්‍ර කාලගුණික හා පරිසර විපර්යාසයන් නිසා අද ලෝකයේ කොතැන කොයි මොහොතේ හදිසි ආපදා ඇති වේදැයි කාටත් කියන්නට බැහැ.

ලංකාවේ පවා ඉතිහාසයේ මෙන් නොව වර්තමානයේ ඇති වන හදිසි ආපදා අවස්වථාන් සාපේක්ෂව ඉස්සරට වඩා වැඩියි. නිදසුනක් ලෙස වසර දෙකක් පිට පිට ආ ගංවතුර තත්වයකට ජනතාවට මුහුණ දීමට සිදු වූයේ නොසිතූ ලෙස.

හදිසි ආපදා යනු ස්වභාවික විපතක්ම නොවන්නට පුළුවන්. දේශපාලන අසංතුලිතතා නිසා පවා හදිසි තත්ව ඇති වන්නට පුළුවන්.  ඉතිං අප නිවෙස් තුළ ඕනෑම හදිසි අවශ්තාවකට මුහුණ දීමට අවශ්‍ය ක්‍රමවේදයක් ගැන පවුලේ සැවොම දැනුවත්ව සිටීම ඉතාම යෝග්‍යයි. විශේෂයෙන්ම අබාධිත, වයෝවෘද, රෝගී පුද්ගලයින් මෙන්ම ගැබිණි මවුවරුන්.

අද ලියන්නේ හදිසි අවස්තාවන්ගැ සම්බන්ධයෙන්බි ගැබිණි මව්වරුන්ට වැදගත් වන ලිපියක්. ගැබිණි මවක් ඕනෑම මොහොතක ප්‍රසුතියට හෝ හදිසි අවස්ථාවකට සුදානම් සිටීම ඉතාම වැදගත්. මේ සටහනත් සමඟ දරු ප්‍රසුතියට අසන්න ගැබිණි මවකට හදිසි අවස්ථාවකට සුදානම් වීමට උපකාර වන කරුණු කිහිපයක් පහත සටහන් කරමි.

හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

1. ඔබ වෙසෙන පරිසරිය ගැන හා පාරිසරික විපර්යාස ගැන විමසිල්ලෙන් සිටින්න.

අප ජිවත් වන පරිසරය හා වටා පිටව ගැන මනා අවබෝධයකින්සිටීම ඉතා වැදගත්. මෙය ගර්භනී මවක් පමණක් නොව ඕනෑම කෙනෙක් සිහි තබා ගත යුත්තක්.

කාලගුණික විෂමතා ගැන විශේෂයෙන්ම අවධානයෙන් සිටීමෙන් තමා හදිසි අවස්ථාවකට සැරසිය යුත්තේ කුමන කාලයේද, හදිසි අවස්ථාවකට සැරසිය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න ගැන පෙර සුදානමකින් සිටීමට හැකියාව තිබෙනවා. 

කාලගුණ අනාවැකි සුළු කොට නොතකා, අහිතකර කාලගුණ බලපෑම් ඇති විටෙක කල් තියා රෝහලකට යාමෙන් හදිසියේම මුහුණ දිව යුතු අසීරුතාවන් මග හරවා ගත හැක.

2. හදිසි ආපදා වලට අවශ්‍ය උපාංග කට්ටලයක් පිළිසකර කර තබා ගන්න.

කුමන හෝ හේතුවකින් හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදු වේනම් තමන් කැටුව ගෙන යා යුතු උපාංග කට්ටලයක් පිළිසකර කර තිබිය යුතුයි.

මෙයට විදුලි පන්දමක්, බැටරි වලින් දුවන ගුවන් විදුලි උපකරණයක්, ප්‍රථමාධාර පෙට්ටියක්, බොන වතුර හා කල් තබා ගැනිය හැකි කෑම වර්ග කිහිපයක් යනාදී දේවල් සුදානම් කර තිබීම ඉතා වැදගත්.

මේ පොදු උපාංග වලට අමතරව, ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රසුතිය සඳහා අවශ්‍ය අඩුම කුඩුම කිහිපයක් ලෑස්ති කර තබා ගත යුතුයි. සනීපාරක්ෂක ද්‍රව්‍ය, බිලිඳාට අවශ්‍ය දෑ මෙම කට්ටලයට ඇතුළත් කල යුතුයි.

3.

හදිසි ආපදා වක ප්‍රසුතිය ගැන ඔබේ පවුල් වෛද්‍යවරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් විමසා දැනුවත් වී සිටින්න.

කුමක් හෝ හේතුවකින් ඇති වන හදිසියකදී දරු ප්‍රසුතිය සිදු කරන්නේ කෙසේද යන්න ගැනද දැන සිටීමේදී  හානියක් නැත.  තනිවම දරු ප්‍රසුතියක් සිදු කරගන්නට වේ නම් ඊට සුදානම් වන අයුරු ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් අසා දැනුවත් වී සිටින්න.

4. ඔබේ වෛද්‍ය වාර්තා නිතර ගැනීමට පහසු තැනක පිලිවෙලින් තබා ගන්න

ඔබේ වෛද්‍ය වාර්තා නිසි පිළිවෙලට තබා ගත යුතුයි. මෙම වෛද්‍ය වාර්තා හා අවශ්‍ය පිටපත් සුරැකිව තබා ගැනීම ඉතා වැදගත්. මෙයින් හදිසි අවස්ථාවකදී  ඕනෑම අලුත් වෛද්‍යවරයෙකු වෙත පහසුවෙන් ඉදිරිපත්ළ කරන්නට පුලුවන්. මෙය ඔබට මෙන්ම වෛද්‍යවරයාට ඉමහත් පහසුවක් වන අතර ඔබේ ආරක්ෂාවට ඉමහත් සේ දායක වන්නේ කාලයත් ඉතිරි කරමින්.

5. හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාදාමයන් නිවසේ අය සමඟ පිළිසකර කර තබා ගන්න.

හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියා මාර්ග ගැන නිවැසියන් සමඟ සාකච්චා කරන්න. වැදගත් ලිපින හා දුරකතන අංක සටහන් කර ඒවා තිබෙන තැන් පවුලේ සැම හා බෙදාගෙන ඔවුන්ද දැනුවත් කරන්න. පෙර සුදානම් වීම තුළින් කල් තියා ඕනෑම හදිසි අවස්ථාවකට කලබල නොවී සන්සුන්ව මුහුණ දෙන්නට පුළුවන්.

ඉහත ක්‍රියාදාමයන් අනුගමනය කිරීමෙන් ඕනෑම හදිසි අවස්ථවකට කැළඹීමකින් තොරව මුහුණ දීමේ හැකියාව ලැබෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි
බෙදාගන්න :
  • පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

    පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

  • ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

    ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

    පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

  • ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

    ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it