දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?

ඔබේ දරුවා තුළින් දකින හොඳ ගතිගුණ අගයන්න සමහර විටෙක ඔබට අතපසු වෙනවද? නැතිනම් එය අපහසුද? මේ කරුණු ගැන සිතා බලන්න.

ඔබේ දරුවා තුළින් දකින හොඳ ගතිගුණ අගයන්න සමහර විටෙක ඔබට අතපසු වෙනවද? නැතිනම් එය අපහසුද? මේ කරුණු ගැන සිතා බලන්න.

1. නිතරම ප්‍රතිඵල අනුගමනය කරන්න

දරුවාගේ හැසිරීමට අනුව නිතරම එකම ක්‍රමයක් අනුගමනය කරන්න. විටින් විට එය වෙනස් කිරීම නිසා දරුවා තුළ විශ්වාසය පළුදු වෙන අතර ලබන ප්‍රතිඵල අනුව නිතරම ක්‍රියා නොකිරීමෙන් දරුවාට ඔබ කෙරෙහි ඇති ගෞරවය හින වෙනවා. ඔහුගේ හැසිරීමේ ප්‍රතිඵල විටෙන් විට අමතක කිරීම නිසා ඔහුගේ විශ්වාසය නැතිවී යනවා. ඒ නිසා ඒ පිළිබඳ ඔබේ අවධානය යොමු වන බව පෙන්වන්න.

2. ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන හැසිරීම් ස්වභාවය පහදා දෙන්න

දරුවා හැසිරිය යුතු ආකාරය ඔහුට පහදා දීම නිසා ඔහු කළයුතු නොකළ යුතු දේ ඔහුට වැටහෙනවා. මේ නිසා ඔවුන් තුළ සුදානමක් තියෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට හැසිරිය යුතු ආකාරය ගැන ඔවුන් ක්‍රමයෙන් අවබෝධ කර ගන්නවා.

3. හොඳ හැසිරීම් අගයන්න. තෑගි දෙන්න

ඇගයීම විවිධ ආකාරයෙන් සිදුකරන්න පුළුවන්. හොඳට හැසිරුනොත් අයිස්ක්‍රීම් එකක් නැතිනම් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්නට එක්කන් යන්නට වැනි දෙයක් ඔබට ඔවුන්ට තිලිණ කරන්න පුළුවන්. ඔවුන් හොඳින් හැසිරීම නිසා ලැබෙන මෙවැනි තිලිණ ඔවුන්ව උද්යෝගිමත් කරනවා.

4. පොරොන්දු දෙන්න

ඔබට පුංචිම දරුවන්ට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. බබා වෙඩින් එකට ගිහින් හොඳට හිටියොත් මම අයිස්ක්‍රීම් එකක් දෙනවා. නමුත් මෙය හුඟක්ම පාලනය කර ගත හැකි අවස්ථාවක යොදන උපායක් මිස කප්පම් දීමක් ලෙස නිරන්තරයෙන් කිරීමට දරුවා හුරුනොකරන්න වග බලා ගන්න.

දරුවන් රැකබලා ගැනීම හැඟීම් වලට වගේම බුද්ධියටද එකසේ හසුවන අයුරින්  පාලනය කිරීමට ඔබට සිදුවෙනවා. ඒ සඳහා ඔබට පුංචි උදවුවක් දෙන්න theAsianparent Sri Lanka මේ සටහන ලියන්න හිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ