theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) ප්‍රතිකාරයෙන් පසුව පහසුවෙන් ගැබ් ගන්නට පුළුවන්ද?

6 අවම කියවීම
එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) ප්‍රතිකාරයෙන් පසුව පහසුවෙන් ගැබ් ගන්නට පුළුවන්ද?එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) ප්‍රතිකාරයෙන් පසුව පහසුවෙන් ගැබ් ගන්නට පුළුවන්ද?

එන්ඩොමේට්‍රියොසිස් තත්වය, එන්ඩොමෙට්‍රියොසිස් ශල්‍යකර්මය, මදසරු බව, වඳ භාවය හා දරුවකු පිළිසිඳගත හැකි විවිධ ක්‍රම ආදිය ගැන වැදගත් තොරතුරු රැසක් ගෙන එන ලිපියක්.

වසර ගනනාවක් පුරා මා ගැබ් ගන්නට පුදුමාකාර වෙහෙසක් දැරුවා. යටි බඩේ වේදනාව ඇතිකරන එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) කියා දෙයක් ගැන මම කිසි සේත් දැන සිටියේ නැහැ.

මගේ සැමියාත් මාත්, මදසරු භාවය සඳහා එකී නොකී නොයෙක් ප්‍රතිකර්ම හා ප්‍රතිකාර ගත්තා. සරුබව උත්තේජනය කරන බෙහෙත් වර්ග, චීනකටු චිකිත්සාව, ආයුර්වේදය, ඇතුළුව තුන් වරක්ම IUI ප්‍රතිකර්මයටත් (අසාර්ථක වුනු) IVF ප්‍රතිකර්මයටත් මුහුණ දුන්නා.

මේ කිසිවකින් ප්‍රයෝජනයක් නොලැබුනු අතර වෛද්‍ය නිගමනය වූයේ මා “පැහැදිළි කළ නොහැකි වඳ භාවයකින්” පෙළෙන බවයි.

හැම දෙයක්ම අතහැර දමන්නට තීරණය කල අපි අන්තිම වතාවට වෛද්‍යවරයා හමුවන්නට තීරණය කළා. ඇය කියා සිටියේ ලැපොරොස්කොපි (laparoscopy) ශල්‍යකර්මයක් කර මගේ endometriosis තත්වය පිරීක්සා බලන ලෙසයි.

ශල්‍යකර්මය අතරතුර සොයාගනු ලැබූයේ මා තුළ එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) තත්වයක් ඇති බවත්, එමගින් මගේ ඩිම්බ කෝෂ වලට බලපෑමක් ඇති බවත්, මගේ නිසරු භාවයට එහ හේතුව බවත්‍ ය.

මේ නිසා ශල්‍යකර්මය හරහා එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) ඉවත් කරනු ලැබුවා. නිතැනතින්ම මගේ හදවතට නිරතුරුව නැගුනු ගැටළුව වූයේ “දැන් මට ශල්‍යකර්මයෙන් පසුව ගැබ්ගත හැකි වේවිද?” යන්නයි.

වැඩි කල් ගියේ නැහැ. ඊළඟ මාසයේම මා දැකගන්නට සිහින මවමින්  සිටි ඒ රතු ඉරි දෙක දැකගන්නට මට හැකි වුනා.

ඉතින් ඔබේ හිතටත් සමහර විට මේ ප්‍රශ්ණය බ්බුර බුරා නැගෙනවා ඇති. “දැන් මට එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) ශල්‍යකර්මයෙන් පසුව ගැබ්ගත හැකි වේවිද?”

ඉතින් එන්ඩොමෙට්‍රියෝසිස් ප්‍රතිකාරයෙන් පසු තත්වය, ප්‍රතිකාරය සහ එහිදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු විමසීමක් කර බලමු.

endometriosis singapore

1. යටි බඩේ වේදනාව ඇති කරන එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) යනු කුමක්ද?

ඔබේ ගර්භාෂ ආස්ථරය සෑදී ඇත්තේ එන්ඩොමෙට්රියම් නම් පටකයකිනි. ඔසප් වීමේදී රුදීරය සමඟ සිරුරෙන් බැහැර වන්නේ මෙම ස්ථරයයි.

කාන්තාවකට එන්ඩොමෙට්‍රියෝසිස් ඇති විට සිදුවන්නේ, මෙම පටක වර්ධනය නොවිය යුතු ස්ථානවල වර්ධනය වීමයි: ඩිම්බ කෝෂ, ශ්‍රෝණිය හෝ බඩවැල් වල පවා විහිදෙමින් මෙම ස්ථරය වැඩේ.

වෛද්‍ය විද්‍යාත්මකව එන්ඩොමෙට්‍රියෝසිස් නිර්වචනය කර ඇත්තේ ප්‍රගතිශීලී, නිදන්ගත තත්වයක් ලෙසයි.

එහිදී ගර්භාෂයේ (එන්ඩොමෙට්‍රියම්) බිත්තියට සමාන සෛල ශරීරයේ අනෙකුත් කොටස් වල දක්නට ලැබෙනු ඇත.”

ඔබේ ශරීරයේ එන්ඩොමෙට්‍රියල් පටක වර්ධනය නොවිය යුතු ස්ථාන වල එය වර්ධනය වූ විට ගර්භාෂයේදී සිදුවන්නාක් මෙන්,  එම ස්ථරය පරිහානියට පත්වෙමින් රුධිරය වහනය වේ.

කෙසේ වෙතත්, මෙහිදී ගැටළුව වන්නේ මෙවන් රුධිරවහනයකදී ගර්භාෂයේදී මෙන් මෙම පටක බිඳී ගිය විට ඒවාට බැහැර විය හැකි ස්ථානයක් නොමැති වීමයි.

එවිට සිදුවන්නේ මෙම සමුච්චිත පටක හා රුධිරය, නොයෙකුත් ගෙඩි/කෝෂ්ඨ (cysts), ඇලෙන සුළු මැලියම් (adhesions) හා කැළැල් බවට පත්වීමයි.

මේ නිසා මෙම තත්වය අවයව එකට බැඳීමට පවා හේතු විය හැක.

ගැබ් ගැනීමට උත්සාහ නොකරන කාන්තාවන් හට මෙම තත්වයෙන් මිදීමට හැකි ක්‍රමයක් නම් ඩිම්භහරණය වලක්වාගැනීමයි.

කෙසේ වෙතත්, පිළිසිඳගැනීමට උත්සාහ කරන කාන්තාවන්ට, එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඔවුන්ගේ සශ්‍රීකත්වයට බලපෑමක් ඇති වේ.

විශේෂයෙන් මෙම පටක ඔවුන්ගේ ඩිම්බ කෝෂ හෝ පැලෝපීය නාල වල තිබේ නම් තත්වය තවත් අසීරු වනු ඇත.

2. යටි බඩේ වේදනාව දෙන එන්ඩොමෙට්‍රියෝසිස් වල පොදු රෝග ලක්ෂණ

මෙහි වඩාත් සුලභ රෝග ලක්ෂණය වන්නේ වේදනාව (විශේෂයෙන් ශ්‍රෝණිය වටා) සහ තද කැක්කුමයි. තවත් රෝග ලක්ෂණයක් වන්නේ වඳභාවයයි.

3. යටි බඩේ වේදනාව ඇති කරන එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis) සාරවත් බව කෙරෙහි බලපාන ආකාරය

ඩිම්බ කෝෂ එකක හෝ දෙකෙහිම හෝ එන්ඩොමෙට්‍රියෝසිස් පවතී නම්, ඔබේ ඩිම්බ වල ගුණාත්මක භාවයට බලපෑම් ඇති විය හැකි අතර එය ගැබ් ගැනීම වළක්වයි.

මෙය පැලෝපීය නාල නාළ මත පැතිරුනු විට, එය ඩිම්බය ගර්භාෂය වෙත ගම්න් කිරීමත් එබැවින් සංසේචනය වන තැනට යාමත් වළක්වනු ලබයි.

වෛද්‍ය විශේෂයින් යෝජනා කරන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් මගින් කාන්තාවගේ ශරීරට මුදා හැරුනු පිරිමියෙකුගේ ශුක්‍රාණුවලට හානි විය හැකි බවයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නිශ්චිත හේතුව නොදන්නා නමුත් න්‍යාය වන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් ශරීරයේ දැවිල්ල ඇති කරන අතර මෙය ශුක්‍රාණු හා බිත්තර වලට පවා බලපාන බවයි.

3. එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාරය

අවාසනාවකට මෙන්, එන්ඩොමෙට්‍රියෝසිස් සුව කරන්නට බැහැ. නමුත් එය පාලනය කරගන්නට පුළුවන්.  සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්  ශල්‍යකර්මයක් නොවන ක්‍රමවේදයන් අත්හදා බලනු ඇත.

4. එන්ඩොමෙට්‍රියෝසිස් පාලනය කල හැකි ක්‍රමවේදයන්

  • වේදනා නාෂක ඖෂධ: කලින් සඳහන් කළ පරිදි, එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ වඩාත් පැහැදිලි සළකුණක් වන්නේ ඔසප් කාලයෙදී ඇතිවන වේදනාවයි. පැරසිටමෝල් (paracetamol ) හෝ අයිබෲෆන් (ibuprofen) වැනි වේදනා නාෂක ඖෂධ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කෙරෙනු ඇති.
  • හෝමෝන ප්‍රතිකාර: ඔබේ ඔසප් චක්‍රය තුළ, ඔබට විවිධ හෝමෝනවල අසමතුලිතතාවන් ඇතිවිය හැකියි. මෙම අසමතුලිතතාවන්ද ඔබේ ගර්භාෂයෙන් පිටත නොයෙක් ස්තාන වල එන්ඩොමෙට්‍රියල් පටක වර්ධනය වීමටත්, ඒවා බිඳ වැටීමට හා රුධිර වහනයටත් හේතු විය හැකියි.

හෝමෝන ඖෂධ මගින් මෙම පඨක වල ඝනවීමේ/බිඳවැටීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට හැකිවන අතර එමඟින් වේදනාව අඩුකරගන්නටද හැකි වනු ඇත.

  • පොදු හෝමෝන ප්‍රතිකාර වර්ග: උපත් පාලන ක්‍රම; ගොනඩොට්රොපින් මුදාහරින හෝමෝනය (Gn-RH), ප්‍රොජෙස්ටින්, agonists සහ antagonists; ප්‍රොජෙස්ටින් චිකිත්සාව; සහ ඇරෝමැටේස් නිෂේධක (aromatase inhibitors)

කෙසේ වෙතත්, ඔබ ගැබ් ගැනීමට උත්සාහ කරන්නේ නම්, ප්‍රතිකාර විකල්පය වනුයේ සාමාන්‍ය ශල්‍යකර්මයක් වේ.

can I get pregnant after endometriosis surgery

එන්ඩොමේට්‍රියොසිස් ඉවත් කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ ලැප්‍රොස්කොපි ශල්‍යකර්මයක් හරහායි.

5. එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) සඳහා ශල්‍යකර්මය

එන්ඩොමේට්‍රියොසිස් ශල්‍යකර්මය මගින් එන්ඩොමෙට්‍රියකල් පඨක වල වර්ධනය අථිටුවන අතර එමගින් ඔබේ ඩිම්බ කෝෂය හා ගර්භාෂය ආරක්ෂා වනු ඇත.

මෙය ලැපරොස්කොපි ශල්‍යකර්මයකින් සිදු කෙරෙන අතර එය යටි බඩේ බුරිය අවට විදින කුඩා සිදුරු තුනක් මගින් කෙරේ. එම නිසා මෙය keyhole surgery (යතුරු හිල් ශල්‍යකර්මය) ලෙසද හඳුන්වනු ලබනවා.

මේ එක් සිදුරකින් ලැපරස්කෝප් (laparoscope) උපාංගය ඇතුළු කෙරෙන අතර එහි සවි කළ කැමරාවෙන් සිරුරේ ඇතුළත නිරීක්ෂණය කරන්නට පිළිවෙනි.

අනෙක් හිල් වලින් එන්ඩොමේට්‍රියම් පටක ඉවත් කිරීමට අවශ්‍ය අනෙකුත් උපාංග ඇතුළු කෙරෙනු ඇත.

6. “එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු මට ගැබ් ගත හැකිද?”

මේ සඳහා පැහැදිලි පිළිතුරක් නොමැති මුත්, සාමාන්‍යය පිළිතුර “ඔව්” යන්නයි. මගේ තත්වයේදී ශල්‍යකර්මයෙන් පසු මා ගැබ්ගත්තා.

මීට හේතුව මගේ ඩිම්බ කෝෂ වල එන්ඩොමෙට්‍රියල් වර්ධනය මගේ ඩිම්බ වල ගුණාත්මක භාවයට බලපෑ නිසයි. වර්ධනය වූ එන්ඩොමෙට්‍රියම් පටක ඉවත් කළ විගසම මගේ ඩිම්බ වල ගුණාත්මක භව වැඩි වුණා.

මේ අතර මගේ ලැපරොස්කොපි සැත්කමෙන් පසු ඊළඟ මාසයේම මම ගැබ් ගත්තා.

එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා සැත්කම් කිරීමෙන් පසුව කාන්තාවකට ගැබ්ගැනීමේ සම්භාවිතාව වැඩි වන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.

සාමාන්‍යයෙන්, ඔබට ශල්‍යකර්මයෙන් සති දෙකකට පමණ පසු පිළිසිඳගැනීමක් සඳහා උත්සාහ කිරීම ආරම්භ කරන්නට පුළුවන්. (මේ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කොට, වෛද්‍ය අනුමැතිය ලබාගන්නට පුළුවන්ඔ).

7. සැත්කම සාර්ථක නොවූවොත් කුමක් කළ යුතුද?

අවාසනාවකට මෙන්, “එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු මට ගැබ් ගත හැකිද?” යන ප්‍රශ්නයට පිළිතුර. “නැත” වුවහොත්? කලබල වන්නට එපා! – ඔබට තවමත් හොඳ විකල්ප කිහිපයක්ම තිබෙනවා.

  • ඩිම්බ අධිශීත කිරීම (Egg freezing): සැත්කම් විකල්පයක් නොලැබේ නම් ඔබේ ඩිම්බ අධිශීත කිරීමට වෛද්‍යවරයා ඔබට යෝජනා කරාවි.
  • IUI (Intrauterine Insemination) ප්‍රතිකාරය: එන්ඩොමෙට්‍රියෝසිස් ඔබේ පැලෝපීය නාල වලට බලපා නොමැති නම් සහ ඔබේ සහකරුට ගුණාත්මක බවෙන් ඉහළ  ශුක්‍රාණු තිබේ නම් මෙම ක්‍රමය සාර්ථක විය හැකියි.
  • (IVF) In vitro fertilisation ගැබ් ගැනීම: මෙහිදී ඩිම්බය ශරීරයෙන් පිටතට ගෙන පෝෂණය කොට නැවත ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදුවේ.
  • සරු බව වැඩි කරන ඖෂධ (Fertility medication): ක්ලෝමිෆීන් වැනි ඖෂධ මගින් හොඳින් මේරූ බිත්තර දෙකක් හෝ තුනක් නිපදවීමට කාන්තාවකට හැකියාව ලැබෙන අතර එය පිළිසිඳ ගැනීමේ අවස්ථාද වැඩි කරනු ඇති.
ඉතින් “එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු මට ගැබ් ගත හැකිද?” යන ප්‍රශ්නය ඔබේ හිතෙත් බුර බුරා නැගුණා නම් අද ඔබට පැහැදිළි පිළිතුරක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා.
මේ ගමනේදී ධනාත්මක මානසිකත්වයක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමටත් අමතක කරන්නට එපා! ඔබේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වනු ඇත.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙ‍රේරා
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • එන්ඩොමේට්‍රියොසිස් (endometriosis) ප්‍රතිකාරයෙන් පසුව පහසුවෙන් ගැබ් ගන්නට පුළුවන්ද?
බෙදාගන්න :
  • ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

    ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

    Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

  • ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

    ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

    Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it