theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

3 අවම කියවීම
ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

ලංකාවේ ඉංග්‍රීසී අධ්‍යාපනය දරුවෙකුගේ අධ්‍යාපනයේ අඩිතාලමේ සිට පියවරෙන් පියවර ඉහළට ගෙනයාමට අඩු කාල පුහුණුවකින් පැමිණි ගුරුවරුන්ට හැකිද යන්න ගැටලු සහගතය.

ඉතාම කාලෝචිත මාතෘකාවක් වන ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන අපගේ සහෘද  ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ ලිපි කමිටුවේ ලේඛිකාවක් වන ඉරංගා චත්‍රීනී ජයසුන්දර  මහත්මිය විසින් සමුහයට ලියු ලිපියක් ඔබ හා බෙදාගන්නට අදහස් කලේ එය ඉතාමත් කාලෝචිත මෙන්ම ප්‍රයෝජනවත් ලිපියක් ලෙස දුටු බැවිනි.

ඇයගේම වචන වලින් ලිපිය පහත උපුටා දක්වමු.

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය

අද ලංකාවේ දරුවන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීමට දෙමාපියන් ලොකු සටනක් දෙනව. ඒත් දෙමාපියන් දරන ඒ මහා මහන්සියෙ ප්‍රතිඵල අපේක්ෂිත ලෙස ලැබෙනවද.

අනෙකුත් සියලුම විෂයයන් අභිබවා ඉංග්‍රීසී සඳහා දෙමාපියන්, බාහිර පංති ගණනාවකට තම දරුවා ඇතුල් කර මහා සංග්‍රාමයක් කරත්, අද ලංකාවේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දත්ත විශ්ලේෂණයේදි සමස්තයක් ලෙස අඩුම ප්‍රතිඵල ඉංග්‍රීසි විෂයට ලැබෙන්නේ ඇයි.

මම හිතන්නේ මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න මුතු කැට ටිකේ භාරකාරයෝ විදිහට අපි හිතන්නේ නැති ඒත් සිතිය යුතුම ගැටලුවක්.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

හරි! ඇයි අපිට මෙතරම්ම ඉංග්‍රීසි වැදගත්. ලංකාව අපේ අත්ත මුත්ත කාලේ සිට අවාසනාවකට අපේ දරුවන්ගේ කාලය වෙනකල්ම තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටක්.

එය වෙනස් වන්නේ නැත්තේ අපේ රටේ බොහෝමයක් අංශවල පද්ධති වල වැරැද්ද ලෙසයි මා නම් දකින්නේ. ඉතිං තුන්වෙනි ලෝකයේ රටක් වෙන අපිට ලෝකයේ අනෙකුත් රටවල සම්බන්ධතා නැතුව ඉදිරියට යන්න අමාරුයි.

ගෝලීයකරණයත් සමඟ මුසුව හරි හරියට අපි මේ ගමන යා යුතු වෙනව. අන්න එතනදි අපිට සන්නිවේදනය සදහා එක් භාෂාවක් ඕනෙ වෙනව. එහෙනම් ඉංග්‍රීසී කියන්නේ සන්නිවේදනය සඳහා අවශ්‍ය මෙවලමක්.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය මෙම මෙවලම ශක්තිමත් කරන්නක් විනා විෂයක්වත් සම්ප්‍රදායක් වත්, විලාසිතාවක් වත් නෙමෙයි. අපේ රටේ අධ්‍යාපන පද්ධතිය මෙන්ම අම්මලත් ඉස්සෙල්ලාම වරද්දගන්නේ ඔතන.

ලංකාවේ අධ්‍යාපන අංශයට අනූව ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය විෂයක්. අම්මලාට අනූව මෙය විලාසිතාවක්. ඒත් ඇත්ත ඉංග්‍රීසී යනු සන්නිවේදන මෙවලමක්. හරිම ප්‍රායෝගිකයි.

ඒත් දරුවා මෙය දකින්නේ කළුම කළු පාට යකෙක් විදිහට. වසර ගණනක් දුෂ්කර සේවයේ පාසල් කීපයකම යෙදුන මම හැම පාසලකදීම ඉංග්‍රීසි කාලච්ජේයේදී මුලින්ම පංතියට දරුවන්ගේ මුහුණු අවපැහැ ගැන්වුනු හැටි තවමත් මතකයි.

මේ කළු යකාව මවල තියෙන්නේ ලංකාවේ අසාර්ථක අධ්‍යාපන ක්‍රමයයි. මම මේ විදිහට කියන්න කිසිලෙසක පසුබට නොවන්නේ මෙය පරම සත්‍ය නිසාමය. මෙහි මා දකින මූලිකම අඩුපාඩුව නම් පාසල් පද්ධතිට ඉංග්‍රීසී ගුරුවරුන් බදවා ගැනීමේ ක්‍රමවේදයයි.

ඉංග්‍රීසි විෂය සදහා මූලික ලෙස විද්‍යාපීඨ හා උපාධි ගුරුවරුන් පාසල් පද්ධතියට බදවා ගනී. විද්‍යාපීඨ ගුරුවරුන් වසර තුනකින් ඒ විෂය සදහාම වූ සිද්ධාන්ත හා ප්‍රායෝගික පුහුණුවකින් පත්වීම් ලබාදේ.

උපාධි ගුරුවරුන් බඳවා ගැනීමේදි ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනත් විෂයන් හදාරපු පිරිස් බදවා ගනී.

ලංකාවේ පාසල් ඉංග්‍රීසි අධ්‍යාපනයේ අවාසනාවන්තම කොටස ලෙස මා දකින්නේ ඉංග්‍රීසී භාෂා උපාධි ඇති ලංකාවේ හොඳම ඉංග්‍රීසි භාෂා දැනුමැති අය ලංකාවේ පාසල් අධ්‍යාපනයට දායක වීම ඉතා අඩු අගයක පැවතීමයි. බොහෝවිට ඉංග්‍රීසි උපාධියක් තිබුණත් ඇත්තේ විද්‍යාපීඨ අවසන් කළ පැමිණි ගුරුවරුන්ටය.

මා සිතන්නේ මව්වරුන් ලෙස ඔබ මේ යථාර්ථය දැනගතම යුතුය. වෙනත් විෂයයන් ඉංග්‍රීසී මාධ්‍යයෙන් හැදෑරූ අය සඳහා මසක පමණ පුහුණුවක් ලබා දී පත්වීම ලබාදේ. දරුවකුගේ ඉංග්‍රීසී අධ්‍යාපනය අඩිතාලමේ සිට පියවරෙන් පියවර ඉහළට ගෙන යාමට මෙවැනි අඩු කාල පුහුණුවකින් පැමිණි ගුරුවරුන්ට හැකිද යන්න ගැටලු සහගතය.

මීලඟට බොහෝ ඉංග්‍රීසී ගුරුපුහුණු වැඩසටහන් යාවත්කාලීන නොවූ කොල ගොඩකට පමණක් සීමා වී ඇත. පාසල් ඉංග්‍රීසී අධ්‍යාපනය ප්‍රබල ලෙස පහළ බැසීමට මෙයද එක් හේතුවක් ලෙස මම දකිමි.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

රජයේ ඉංග්‍රීසි පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන ඉරංගා ජයසුන්දර මහත්මිය ඇයගේ අත්දැකීම් හා අදහස් ඔබ සැමත් සමඟ බෙදා ගත්තේ එය ඇගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සලකායි. මෙම කාලෝචිත දැනුවත් කිරීම වෙනුවෙන් අපගේ හෘදයංගම ස්තූතිය පිරිනමනවා.

 

දරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද? ලිපියත් බහු භාෂා සම්බන්ධයෙන් දෙමාපියන්ට වැදගත් වන තවත් ලිපියකි.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්
බෙදාගන්න :
  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

    ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

  • දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

    දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

    ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

  • දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

    දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it