theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන් 

4 අවම කියවීම
එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන් එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන් 

එපිඩියුරල් වල හානි ගැනත් අනිවාර්යය‌ෙන් දැනුවත් ‌වෙන්න. ‌මේ ලිපිය කියවන්න.

එපිඩියුරල් වල හානි ගැන කියන්න කලින් මේ ඛේදනීය කතාවත් කියවන්න. දරු ප්‍රසූතියට පෙර සුෂුම්නාව නිර්වින්දනය කිරීම දුන් එන්නත ග්‍රේස් වැන්ග් (Grace Wang) කියන අම්මාට දුන්නේ මාරු කරලා.

එපිඩියුරල් එන්නත වැරදුනු ග්‍රේස් වැන්ග්ට ඇගේ පුත් ඇලෙක්ස් සමඟ කවදාවත්ම  නිදහසේ දුවන්න ලැබෙන එක හීනයක් විතරයි.

නිර්වින්දන වෛද්‍යවරයකු විසින් ඇයගේ සුෂුම්නාව නිර්වින්දනයට එපිඩියුරල් එන්නත වෙනුවට සම පිරිසිදු කිරීමේ දියරක් වන ක්ලෝරෝහෙක්සිඩීන් (chlorhexidin) වැරදීමකින් එන්නත් කර තියෙනවා.

රෝහල මේ වැරැද්දක් පිළිගත්තා. ග්‍රේස්ගේ සිද්ධිය මෙතෙක් වාර්තා වී ඇති මේ සම්බන්ධයෙන් වෙන එකම සිද්ධියද වෙනවා. සිඩ්නි නුවර (Sydney, Australia) සිට පැමිණි 33 හැවිරිදි මේ අම්මාට විශාල ස්නායු හානියක් සිදුවුවා පමණක් නෙමෙයි.

ඇයට මොළයේ සැත්කම් දෙකකට මුහුණ දෙන්න වු අතර ඇයගේ ඉණෙන් පහළ පණ නැති වුනා.

එපිඩියුරල් වල හානි: මේ අම්මාට ඉතිරි වුනේ ජීවිත කාලය පුරාම පවතින හානියක් විතරයි.

පළමු වරට දෙමව්පියන් වීම ප්‍රීතිමත් අවස්ථාව එකවරම නපුරු හීනයක් වුනාහම කොයි වගේද?
ග්‍රේස් සහ ජේසන් කවදාවත් එය එසේ වේවි යැයි හිතුවේ නැහැ. සිය පුතාව ඔසවා ගන්නවත් බැරි ග්‍රේස් ඇගේ හදවතේ ඇති දුක ‌මෙසේ විස්තර කලා.

"සියලුම හෙදියන් ඇලෙක්ස්ව වඩා ගෙන සිප වැළඳ ගන්නා විට මට ඇත්තෙන්ම දුක හිතෙනවා.
අනේ මටත් අපේ ඇලෙක්ස්ව අනෙක් අය වඩා ගන්නවා වගේ වඩා ගන්න පුළුවන් නම් කියලා මම හීන මවනවා. ඔහු ඒ තරම්ම  හුරුබුහුටියි.” Sydney Morning Herald පුවත්පතට අනුව, මේ පැහැදිලි ද්‍රව දෙකම වෙන වෙනම පිඟානක ප්‍රසුතිය සිදු වෙන කාමරයේ මේසයක් මත තබා තිබුනා.

ඒවා ලේබල් නොකර තිබුන නිසා වැරදීමකින් මාරු වුනා. ග්‍රේස් SBS Mandarin News වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එපිඩියුරල් වල ප්‍රතිඵල නරක අතට හැරුන බව කියා සිටියා. ඇය රෝද පුටුවේ වාඩි වී සිටියද, ඇයට තවමත් තදින් දැනෙනවා. ඇගේ ශරීරයේ සියලුම ස්නායු නිරන්තරයෙන් වේදනාවක් ලබාදෙනවා.
ඇයට සිදු වූ ඛේදවාචකය  හිතාගන්නවත් බැරි දින තිබුනා. ඇයට තම පුතා රැකබලා ගන්න බැහැ.
ඇයගේ සැමියා වන ජේසන්ට දරුවා පමණක් නෙමෙයි අම්මාත් රැකබලා ගන්න සිදුවෙලා.
ඔවුන් තනිවම ඕස්ට්‍රේලියාවේ සිටින නිසා ඔවුන්ට උදව් කළ හැකි වෙනත් පවුලේ සාමාජිකයන් එහි නැහැ . ඒ නිසා මෙය බොහොම දුෂ්කරයි. මෙම පවුල වෙත අපේ හද පිරි ශෝකය යොමු කරන අතර, ඔවුන්ට අවශ්‍ය උපකාර ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන්

1. රුධිර පීඩනය පහත වැටීම

ඔබේ රුධිර පීඩනය පහත වැටෙන සෑම අවස්ථාවකම එය ඔබේ දරුවාට රුධිර ප්‍රවාහයටද බලපානවා. ඇමරිකානු ගර්භණී සංගමයට අනුව, මෙය සිදුවුවහොත්, අම්මලාට IV තරල, ඔක්සිජන් සහ සමහරවිට ඖෂධ ලබා දිය යුතු වෙනවා.

2. සිදුරක් ඇතිවීම

මෙය සිදුවන්නේ එපිඩියුරල් ඉඳිකටුව ඔබේ සුෂුම්නාව ආවරණය කරන පටලයට අහම්බෙන් සිදුරු කරන විටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ සුෂුම්නා තරල කාන්දු වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ දැඩි හිසරදයක් ඇතිවීම බව ඇමරිකානු නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

මෙම ගැටලුවට ප්‍රතිකාර කිරීම සඳහා අම්මාට “blood patch" එකක් කිරීමට අවශ්‍ය වෙනවා. තමන්ගේ රුධිරය එන්නත් කර සිදුර මුද්‍රා තැබීම මෙමඟින් සිදුවෙනවා.

3. එපිඩියුරල් වල හානි: ආසාදන

සැබෑ අවදානමට නොතකා භාවිතා කරන එන්නත් කටු පිරිසිදු කරන නිසා බොහෝ දුරට ආසාදන වලට ඉඩක් නැහැ. ඔබේ කොන්ද විෂබීජ නාශක වලින් පිරිසිදු කරනවා. ඉහළ අවදානමක් නැහැ.
නමුත් ශරීරයේ විවරයක් ඇති කරන නිසා ඒ තුලින් බැක්ටීරියා වලට ඇතුළු වී වර්ධනය වෙන්න පුළුවන්.

එසේම, සුෂුම්නාව ඔබේ මොළයට කෙලින්ම සම්බන්ධ වෙනවා. එපිඩියුරල් හානිය මඟින් ඔබේ සුෂුම්නාව ආසාදනය වි විය  ඔබේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් .

4. උණ

පැය හයකට වඩා වැඩි කාලයක් එපිඩියුරල් භාවිතා කරන විට උණ ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන්හිදී, අම්මායි සහ බබායි දෙන්නාම පරීක්ෂණයකට භාජනය කරනවා. අවශ්‍ය නම් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර ලබා දිය යුතුය.

5. ස්නායු හානි

කියන විට භයානක ලෙස පෙනුනත් මෙම හානිය තාවකාලික වන අතර එය පවතින්නේ සති කිහිපයක් පමණයි. ස්නායු හානිවල අතුරු ආබාධ දිගු කාලයක් පැවතිම දුර්ලභ වෙනවා. එපිඩියුරල් නිසා එතරම් භයානක නැති අතුරු ආබාධ ලෙස වෙව්ලීම, කැසීම හෝ ඔක්කාරය දැනීම ඇති වෙන්න පුළුවන්.

සමහර කාන්තාවන්ට එපිඩියුරල් ලබා දීමෙන් පසු මද උණක් හෝ හිසරදයක් ඇති වෙන්න හැකියාව තියෙනවා. හැබැයි මෙම අතුරු ආබාධ තාවකාලිකයි.

දත්ත අනුව සැලකිය යුතු ප්‍රමාණයක් දරු ප්‍රසුතියේදී වේදනා නාශක භාවිතා කිරීමට යොමුවෙනවා.

පුහුණු නිර්වින්දන වෛද්‍යවරයකු විසින් එපිඩියුරල් නිවැරදිව ලබා දීම ළදරුවන්ට සහ මවට ආරක්ෂිතයි. නමුත් මිනිස්සුන්ට වරදින්න පුළුවන් නේද?

මව්වරුනි , මෙම ලිපියේ අරමුණ එපිඩියුරල් එන්නත ගැන ඔබව බිය ගැන්වීම නොව ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි. එපිඩියුරල් එන්නත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඔබේ වෛද්‍යවරයාගෙන් විමසීමට මතක තබා ගන්න. ඒ වගේම මෙම එන්නතේ ප්‍රතිලාභ සහ අවදානම් පිළිබඳව ඔබ දැනුවත් වෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • එපිඩියුරල් වල හානි නිසා මෙම සංකූලතා ඇති වෙන්න  පුළුවන් 
බෙදාගන්න :
  • එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්

    එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්

  • දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

    දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

  • එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්

    එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්

  • දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

    දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it