theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

4 අවම කියවීම
විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරියවිදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

මෑතකදී  සාප්පු සංකීර්ණයක පුංචි දැරියක්  විදුලි පියගැට පෙළ අනතුරු වලින් එකකට මුහුණ දුන්නා. ඇයගේ කොණ්ඩය විදුලි පියගැට පෙළෙහි තදින් සිරවුනා. සිද්ධිය පිළිබඳ වීඩියෝ දර්ශන දරුවාගේ වේදනාව පෙන්වා දෙනවා.

ඇත්තෙන්ම කණගාටුදායක ආරංචියක් අපිට දකින්න වෙලා තියෙනවා. පුංචි දැරියකගේ හිසකෙස් හා බාහුව විදුලි පියගැට පෙළ ට හසු වී එහි රාමු අතර සිරවී තිබෙනවා.

විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

ගැහැණු දරුවාගේ හිසකෙස් විදුලි පියගැටපෙළක සිරවෙයි.

පෙනෙන විදිහට, පිලිපීනයේ ඩාවෝ නගරයේ කුඩා ළදරුවෙක්ගේ සෙල්ලම් බඩුවක් වැටුන විට ඇය විදුලි පියගැටපෙළ දිගේ පහළට යමින් සිටිනවා.

ඇය පහළට ඇවිත් එය අහුලා ගන්නා විට ඇයගේ කොණ්ඩය පියගැටපෙළෙහි අවසාන පඩි දෙක  හා එහි පතුල අතර  ඇති පරතරයට හසුවී  ඇයගේ හිස ලෝහ කවුළුව දිගේ ඇදගෙන යනවා.

එතැන සිටියෙක් හදිසි නැවතුම් බොත්තම එබීමට පෙර ඇයගේ අත  යන්ත්‍රයට හසුවුනා.

මෙම දර්ශනය පටිගත කල වැනේසා බගුයූම් විසින් වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ විකාශනය කිරීමත් සමගම පුවත පැතිර ගියා. ”කුඩා දැරියගේ සෙල්ලම් බඩුව වැටුණු නිසා ඇය එය කරා යාමට උත්සාහ කලා. ඇයගේ කොණ්ඩය දිවෙන පියගැටපෙළට හසු වුයේ අන්න ඒ අවස්ථාවේදියි,”   බගූයිම් කීව්වා.

“ඇය වේදනාවකින් කෑගැසීමට හේතු වුයේ ඇගේ අතේ කොටසක් හසු වී සම සහ මාංශ පේශි සිරවී යාමයි. එය දැකීමත් කණගාටුදායකයි. කිසිවෙකුට කිසිවක් කරන්න බැරි වුන නිසා මට ඇය ගැන කණගාටුවක් දැනුනා “යයි ඇය පැවසුවාය.

මෙම දර්ශනය අනුව දරුවා වේදනාවෙන් හඩා වැටෙන අතර පියා ඇය සනසන්නට වෙහෙසක් දරනවා. සෑමදෙනාම යන්ත්‍රය පාමුල සිටිනවා.

ඇයගේ හිස මුදා ගැනීම සඳහා ඇයගේ කොණ්ඩයෙන් කොටසක් කපා ඉවත් කිරීමට  සාප්පු සංකීර්ණයේ කාර්යය මණ්ඩලය කතුරක් රැගෙන පැමිණියා. මෙහෙයුම් නිලධාරියෙකු වන ජීන් කැනේන් එම ස්ථානයට පැමිණ එහි යන්ත්‍රය පහළට ගෙන ගොස් දැරියගේ අත මුදා ගත්තා.

“දැන් සියල්ල හරි. දැරිය සුරක්ෂිතයි. සියල්ල ගැන සැලකිලිමත් විය යුතු වෙනවා . එයයි වඩාත්ම වැදගත් දෙය. ” ප්‍රකාශකයකු පැවසුවා.

වේදනාවෙන් කෑගසන දරුවාගේ වීඩියෝව බලන්න හරිම දුකයි. දැන් ඇය සුවෙන් ඇතැයි අප හිතනවා.

විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

විදුලි පියගැට පෙළ අනතුරු වැළැක්වීමට විදුලි පියගැට පෙලක යන විට මේ කරුණු ටික මතක තබා ගන්න.

1. ඔබේ දරුවා නැගීමට පෙර

විදුලි පියගැට පෙලට හසු විය හැකි ලිහින ලේස්, නුල්, රිබන් හො එල්ලෙන දේවල් නොමැති බවට තහවුරු කර ගන්න.

2. සෑම විටම දරුවාගේ අත අල්ලා ගන්න.

දිවෙන විදුලි පියගැට පෙල මතදි සෑම විටම ඔබේ දරුවාගේ මුහුණ ඉදිරියට ලා  තබාගන්න.

3. චලනය වන විට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා.

පියගැට පෙලේ මායිමට නොයන ලෙස ඔවුන්ට පවසන්න. ඔවුන්ට ඒ මතදි සෙල්ලම් කරන්න හිද ගන්න ඉඩ දෙන්න එපා.

විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

Activedia / Pixabay

4. ඔබට ළදරු කරත්තයක් තිබේ නම්, සෝපානයක් භාවිතා කරන්න.

ඔබ ළදරු කරත්තයක් භාවිතා කරන විට, හැකි තරම් සෝපානයක් භාවිතා කරන්න. වසර ගණනාවක් පුරා සිදු කළ අධ්‍යයනයක මේ සම්බන්ධව දරුවන්ට සිදුවු අනතුරු 13,000 කින් 723  ළදරු කරත්තය හා සම්බන්ධ විදුලි පියගැට පෙළ අනතුරු විය.

එම අවස්ථා වලදී දරුවන් ළදරු කරත්තයෙන්  වැටීම නිසා අනතුර සිදු වී ඇත.  සෝපානයක් එනතුරු රැදි සිටීම ආරක්ෂාවට යොග්‍ය වේ.

5. ඔබේ දරුවන් ඔසවා ගන්න.

ක්ෂණයකින් වේදිකාවට ගොඩ බැසීමට තරම් ඔබේ කුඩා දරුවන්ගේ සම්බන්ධිකරණ හැකියාවන් හා සංවර්ධන කුසලතාවන් නිසි ලෙස වර්ධනය වී නොතිබෙන්න පුළුවන්. වැඩිහිටියෙකුට පවා එය කිරීමට හොද හැකියාවක් තිබිය යුතුය.

ඔබේ ළදරුවා එයින් පැන්නොත්  ඔවුන්ගේ සමතුලිතතාවය නැති වී වැටෙන්න පුළුවන්. සෑම විටම ඔබේ දරුවා ඔසවාගෙන විදුලි පියගැට පෙලෙන් බහින්න.

6. අවසාන දාරයට එහායින් පිය තබන්න

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අවසාන දාරය යනු මූලිකවම ඔබ පියගැට පෙලෙන් බැසීමට පෙර පියගැට පෙලවල් පොළව තුල නොපෙනී යන ස්ථානය වේ. සෑම අවස්ථාවකදීම ඒ මතට පය තැබීමෙන් වළකින්න.

7. හරි මැද ඉන්න

හැකි නම් හරිම සිටින්න. විදුලි පඩිපෙළෙහි ඕනෑම පැත්තකදි ව්‍යාකූල බවක් ඇතිවිය හැකිය.

8. සපත්තු වර්ගය ගැන සැලකිලිමත් වෙන්න

නම්‍යශීලි හා සිදුරු ඇති ප්ලාස්ටික් සපත්තු පැළදීම වැලැක්වීමට උත්සහ කරන්න. මෙම වර්ග වල සපත්තු  අනතුරු වලට හේතුවෙන බව සොයා ගෙන තියෙනවා.

ඔබේ දරුවා ඔහුගේ සපත්තු විදුලි පියගැට පෙල දෙපසට වට්ටා ගන්න ඉඩ ඇති අතර  ඝර්ෂණයක් ඇති වී කකුල සිරවෙන්න ඉඩ තියෙනවා.

9. ඔබේ වටපිටාව ගැන විමසිලිමත් වෙන්න.

ඔබ විදුලි පියගැට පෙලට ගොඩවීමට පෙර සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත් වෙන්න.  ඔබ ඔබේ දරුවා හා කාර්ය බහුල වෙන්න පුළුවන් නමුත් ඔබ අවට පුද්ගලයින් හා දේවල් සටහන් කරගන්න.

ඔබ ඉක්මණින් මිනිසුන් ගැන දැනුවත් විය යුතුයි. ඔවුන් ඔබව හා දරුවාව තල්ලු කරන්න ඉඩ තියෙනවා. එමනිසා  හොදම දේ වන්නේ ඔබේ දරුවා සමඟ පියගැට පෙළට ගොඩවීමට පෙර හිස් පියගැට කිහිපයක් යන්න හරින්න.

10. ඔබේ දරුවා ගැන විමසිලිමත් වන්න.

ඔබේ දරුවා පියගැට පෙල මත වාඩි වෙන්න , ඔවුන් අත ඇති දේවල් බිමට වට්ට ගන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම අවසානය ආසන්නයේදී මෙය සිදු වෙන්න ඉඩ හැරීමෙන් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා.

ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන හැමදාම හිතන theAsianparent Sri Lanka විදුලි පියගැට පෙළ අනතුරු ගැන මේ දැනුවත් කිරීම ඔබ වෙනුවෙන් ගෙන ආ වගයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණ

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය
බෙදාගන්න :
  • විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

    විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

  • මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

    මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

  • විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

    විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

  • මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

    මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it