theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට ඇස්වහ කටවහ පිච්චීම

4 අවම කියවීම
බබාට ඇස්වහ කටවහ පිච්චීමබබාට ඇස්වහ කටවහ පිච්චීම

දරුවාව ඇස්වහ කටවහ වලින් රැකගන්න මේ පුංචි උපදෙස් ටික හිතට ගන්න.

ඇස්වහ කටවහ ගැන ඔබ දන්නවාද? අපි ඒ ගැන ටිකක් දැනුවත් වෙමු.

ඔබට ඉන්න ලස්සන ආදරණීය සුරතල් දරුවාගේ පෙනුම, ක්‍රියා මත අන් අයගේ ඇස් ඇලෙන්නේ නියැතින්ම නේද?

ඒත් ඔබේ ජීවිතය හා සමාන පැටියා දිහා සියල්ලන්ම සෙනෙහෙබර දෙනෙතින් බලන්නේ නැහැ .

මිනිස්සු බොහොමයක් අද ලෝකයේ  ජීවත් වෙන්නේ ඊර්ෂ්‍යාව , ක්‍රෝධය හදවත් වල පුරෝගෙන ,

අනික් කෙනෙක්ගේ සාර්ථකත්වය ඔවුන්ට බලාගෙන ඉන්න බැහැ .

ඉතින් එවන් මිනිසුන් ඔබේ දරුවා දිහා බලා සිනාසුනත් ඔවුන් හදවතින් කුමක් හිතනවා ඇතිද?

“දෙවියනේ එයා දරුවා දිහා බලපු විදිය, එයාගේ ඇස්වහට මගේ දරුවාට මොනවා හරි වෙයිද?”

“ඒ මනුෂ්‍යයා කියපු කථාව බලන්නකෝ .එයා කිව්වොත් කිව්වාමයි. කටවහ..දැන් මගේ දරුවා බේරගන්නේ කොහොමද ”

ඔබ මෙහෙම අහස පොළව ගැට ගහන්න තරම් කල්පනා කරනවාත් ඇති.

මව් සෙනෙහස

 

මොනවාද මේ ඇස් වලින් කටින් පිට කරන වහ කියන්නේ?

ඔබේ  දියුණුව සැපත යහපත දකින වෙනත් කෙනෙක්  ඒ ගැන  ඊර්ෂ්‍යාව කුහකත්වය පිරි ඇස් වලින් බලා හුල්ලනවාද?   ඒ එක්ක පිටවෙන අයහපත් තරංග නිසා ඇතිවෙන  දෝෂයන්  ඇස්වහ කියලා හදුන්වනවා.

ඇස්වහ ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන බව ග්‍රාමීය ජනතාව විශ්වාස කරනවා.

සුරතල්  පුංචි දරුවන්ට තදින්ම  ඇස්වහ ඇතිවෙන බව පැවසෙනවා. එහිදී  ඇස්වහ වැදීමෙන් පුංචි දරුවන්ගේ සිරුරෙහි ඇස්වහ බිබිලි හට ගන්නා බව විශ්වාසයක්ද පවතිනවා . ඒ විතරක් නෙමෙයි දරුවා රෝගී වෙන්න, කෙට්ටු වෙන්න, මව්කිරි බීම හෝ ආහාර නතර කිරීම වගේ බොහෝ දේවල් ඇතිවෙන බවත් ඔවුන් විශ්වාස කරනවා.

පුංචි දරුවන්ගේ  කතා කිරීම පටන් ගන්නා විට පවසන සුරතල් වචන නිසාද ඇස්වහ ඇතිවෙන බව මුතුන් මිත්තෝ විශ්වාස කලා. මේ ලෙසම දරුවන්ට කටවහ වැදීමෙන් ඔවුන් කතා කිරීම නතර කරන බවද විශ්වාස කරනු ලබනවා.

කටවහ සහිත පුද්ගලයෝ නිශ්ඵල දේ පිළිබඳව නිතර කියවනවා.  ඔවුන්ගේ කථාව අරමුණින් හෝ අවසානයකින් තොර වෙනවා . මොවුන් අනුන්ගේ අඩු පාඩු දොස් සියල්ල සොයනවා. අවසානයේ ඔවුන්ගේ කුහකත්වය පිරි හදවත තුල ඇතිවෙන ඊර්ෂ්‍යාව පිරි හැගීම් වචන විදියට පිටවෙනවා.

ඒ වචන එක්ක පිටවෙන අහිතකර කිරණ දරුවාට අහිතකර ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් .

දරුවා රෝගී වීම, කෙට්ටු වීම, මව්කිරි බොන්න බැරිවීම, නිතර හැඩීම  මේ අහිතකර ප්‍රතිඵල වලට උදාහරණ කිහිපයක් ලෙස පෙන්වාදෙන්න පුළුවන්.

ඇස් වහ කට වහ ලෙස එන අහිතකර කිරණෙන් දරුවා බේරා ගන්නේ කෙසේද?

මේ සම්බන්ධතාව ජනතාව අතර විවිධ මතිමතාන්තර හා ඔවුන් අනුගමනය කරන ක්‍රම තියෙනවා . සමහර මිනිස්සු ඇස් වහ කට වහ විශ්වාස කර ඊට පිළියම් කරන අතර සමහරුන් ඒවා මිත්‍යා විශ්වාස ලෙස සලකා කටයුතු කරනවා.

පංචායුධය

පංචායුධය

ඇස්වහ කටවහ සදහා අනුගමනය කරන ක්‍රම සහ විධි

සාමාන්‍යයෙන් මිනිසුන් එසේ ඇස්වහ හෝ කටවහ ගන්නා අයෙක් බැලුවොත් හෝ යමක් පැවසුවහොත් ඒ වේලේම කෙළ පිඩක් ගසනවා.

  • ඇස්වහ පිච්චීම

මෙය සාමාන්‍යයෙන් ගැමියන්  භාවිතා කරන ක්‍රමයක් වෙනවා. එහෙත් මෙයින් සැර දුමක් පිටවෙන බැවින් දරුවා නිවසේ සිටින විට කිරීමේදී සැලකිලිමත් වෙන්න.

වේලිච්ච මිරිස් කරල් හතක්, අබ මිටක්, ගම්මිරිස් ඇට හතක්, ලුණු කැට අහුරක්, ගෙන ඒවා හිල් ‍පොල්කටු පුළුස්සා ලබාගත් අඟුරු ගිනි කබලකට දමා පුළුස්සන්න.

  • ඇස්වහ කටවහ මැතිරීම

ඇස්වහ කටවහ දෝෂ හටගෙන ඇති විට ඇස්වහ මැතිරීම කරනවා.  මැතිරූ වතුර මුට්ටියක වු ජලය දෙහි අත්තකින් හෝ අඹ ඉත්තකින් ඉස  ඇස්වහ දෝෂ ඉවත් කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
  • දරුවාට  තිලකයක් තැබීම

දරුවාගේ සුරතල් දෙස බලා හෙලන ඊර්ෂ්‍යාවකාරී බැල්මවල් වෙනතකට යොමු කරන  කිරීමට  විශාල තිලකයක් දරුවාගේ කම්බුලේ හෝ නලලේ තබන්න පුළුවන් .

එහිදි දරුවා දෙස බලන ඕනෑ කෙනෙක්ගේ ඇස් එකපාරටම දරුවාගේ ලස්සන  අඩු කරන ඒ තිලකය  වෙත යනවා. එවිට ඔවුන්ගේ සිත් තුල ඊර්ෂ්‍යාව ඉපදී අහිතකර කිරණ පිටවෙන්නේ නැහැ.

  • පංචායුධයක් පැළදවීම

ඇස්වහ කටවහ සහිත පුද්ගලයින්ගේ සිතුවිලි, හැඟීම් ආදිය යටපත් කර අහිතකර කිරණ දුබල කිරීම දරුවාට  පංචායුධයක් පළඳවා බලාපොරොත්තු වෙනවා.

මෙහිදී  පංචායුධ පැළඳවීම සඳහා  යොදා ගන්නා මන්ත්‍රයකින් ජීවම් කරන ලද පංචායුධය  දරුවා උපන් පස්වන දවසේ දහවල් කාලයේ දරුවාට පළඳවන්න.

බබාට ඇස්වහ කටවහ පිච්චීම

  • ආගමික ක්‍රම

විවිධ ආගමානුකූල විශ්වාස මිනිස්සු අතර පවතිනවා.

බුදු දහමෙහි නම් ‍රතන සුත්‍රය  නිතිපතා සජ්ජායනා කිරීමෙන් මේ දොස් වලින් ආරක්ෂා විය හැකි බව බෞද්ධාගමික ජනතාව විශ්වාස කරනවා.

  • කොට්ටයට  යොදන යන්ත්‍ර

දරුවා හිස තබන කොට්ටය තුලට යොදන විශේෂ යන්ත්‍ර තියෙනවා. ඒවා මගින් ඇස් වහ කට වහ ඇතුළු සියලු දෝෂ දුරලා දරුවාට ආරක්ෂාව ලබදෙන බව මිනිසුන් විශ්වාස කරනවා.

  • දෙහි කැපීම

දෙහි කැපීමෙන් අහිතකර කිරණ මර්දනය වී හිතකර කිරණ වර්ධනය වෙනවා කියලා විශ්වාස කරනවා.

දරුවාට ඇස් වහ, කට වහ මර්දනයට මිනිස්සු  නිතර භාවිතා කරන ක්‍රම කිහිපයක් ඉහතින් අප ඉදිරිපත් කර තියෙනවා.

දරුවාට ඇස් වහ, කට වහ මර්දනයට ඔබ දන්නා තවත් ක්‍රම තියෙනවාද? එහෙනම් අනිවාර්යයෙන්ම අදහස් යටතේ ඒවා සදහන් කරමින් ඒ තොරතුරු අපිත් එක්ක බෙදාගන්න.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • බබාට ඇස්වහ කටවහ පිච්චීම
බෙදාගන්න :
  • කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීමට හේතු ඔබත් දන්නවාද?

    කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීමට හේතු ඔබත් දන්නවාද?

  • ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook  සටහන

    ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook සටහන

  • කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීමට හේතු ඔබත් දන්නවාද?

    කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීමට හේතු ඔබත් දන්නවාද?

  • ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook  සටහන

    ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it