theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට පහර දුන් ලංකාවේ ගෘහ සේවිකාව කැමරා ඇසට හසු වේ

5 අවම කියවීම
දරුවාට පහර දුන් ලංකාවේ ගෘහ සේවිකාව කැමරා ඇසට හසු වේදරුවාට පහර දුන් ලංකාවේ ගෘහ සේවිකාව කැමරා ඇසට හසු වේ

දරුවාට පහර දුන් ගෘහ සේවිකාව කැමරා ඇසට හසු වේ. ඇයගේ ඡායාරූපයක් මේ සමඟ පල කරන්නේ ඔබගේ ආරක්ෂාව සඳහායි.

මේ ලිපිය අප වෙත ගෙන එන දරුවාගේ මව ලිපිය ලියන්නේ ආවේගය මුසු වූ ශෝකයෙන්.  තමන්ට ඉතා කරුණාවන්ත මුහුණක් පෙන්වා තමන් පෙනෙන්නට නැති කොට පුංචි දරුවාට වද දෙන, ගුටි දෙන මෙම කුරිරු ගෘහ සේවිකාව දරුවාට පහර දෙන අයුරු නිවසේ තිබූ සැඟවුණු කැමරාවක සටහන් වුනා.

වීඩියෝපටයේ අවස්ථා දෙකක් පමණක් නිරීක්ෂණය කල දරුවාගේ මව කියා සිටියේ විදියෝපටයේ ඉතිරි කොටස් බැලීමට ඇයට ආත්මශක්තියක් නැති බවත්, ඒවා දැකීමෙන් තමාට කෝපය පාලනය කරගත නොහැකි විය හැකි නිසාත් ඒවා තමා විශ්ලේෂණය නොකරන බවත්ය.

මෙම කුරිරු ගෘහ සේවිකාව ගැන මවගෙන් අප ඇසු ප්‍රශ්න කිහිපයකට ඇය මෙසේ අදහස් දක්වා තිබුනා.

1. මෙම ගෘහ සේවිකාව ඔබට හමු වුයේ කෙසේද? ඇයව නිර්දේශ කලේ කවුරුන්ද?

ඇයව අපට හඳුන්වා දුන්නේ අපගේ පවුලේ මිතුරෙකුගේ ගෘහසේවිකාවක් විසින්.  මා රැකියාවක නියුතු මවක් වන හෙයින් මෙය අපට ගෘහසේවිකාවකගේ අවශ්‍යතාව තදබලව තිබූ කාලයක් කියා කිව යුතුයි. මගේ මිතුරියගේ ගෘහසේවිකාවගේ මිතුරියක් වන මැය එම කාලයේ සේවය කිරීමට නිවසක් සොයමින් සිටීම අපට මහත් අස්වැසිල්ලක් වුනා.

මගේ මිතුරිය ඇගේ දුරකථන අංකය මට ලබා දීමෙන් අනතුරුව, මේ කාන්තාව ඇය පුද්ගලිකව නොහඳුනන බවත්, ඇයව සම්මුඛ පරීක්ෂණයකට කැඳවා තීරණයකට එන ලෙසත් මට කියා සිටියා.

2 කාන්තාව දුටුවිට ඔබට ඇය ගැන හැඟුණු දැනුනු දේ මොනවාද?

මා ඇය ගෙන්වීමට කලින් ඇය සමඟ දුරකතනයෙන් කතා කළා. කතාවෙන් මට දැනුනේ අව්යාජ සුහදශීලී බවක්.

ඉන්පසුව ඇය අප මුණගැසීමට අවා. ඇය මා වෙත පියමන් කලේ පුදුමාකාර ශ්‍රද්ධාවකින්. ඉතාම නිහතමානී පෙනුමක් තිබුණු ඈ දරුවාට පෙන්වුයේ මහත් කරුණාවක් සහ ලෙන්ගතු කමක්.

3 ඇගේ ක්‍රියා කලාපයේ කුමක් හෝ වෙනසක් ඔබ දුටුවාද? ඔබට වීඩියෝපට නිරීක්ෂණය කිරීමට හේතු වූයේ කුමක්ද?

අපි කිසිම වෙලාවක දරුවාව ගෘහසේවිකාව සමඟ තනි කලේ නැහැ. මගේ ස්වාමි පුරුෂයාගේ දෙමාපියන් මෙන්ම ගේදොර වැඩ බලාගැනීමට තවත් ගෘහසේවිකාවකුත් නිවසේ සිටියා.

මගේ සැමියාගේ පියා පහල මාලයට යන ගමන් නිකමට දරුවාගේ කාමරයට එබිකම් කොට තිබෙනවා. දරුවා නැහැවීමෙන් පසු මේ ගෘහ සේවිකාව දරුවාට පහර දෙන අයුරු දුටු ඔහු තිගැස්සී සිටියේ දරුවාට තදින් පහර දෙනවා ඔහු දුටු නිසයි. ගෘහසේවිකාවට බන වැදුණු ඔහු වහාම මේ ගැන අපට දැන්වුවා

මා මේ ගැන ඇගෙන්  ඇසු විට ය එක හෙලා දිවුරා කීවේ එහෙම කිසිවක් නොවූ බවයි. මා මේ අවස්ථාවේ මේ ගැන ඇගෙන් කරුණාවෙන් විමසුවේ ඇය සෙමින් කකුලට තට්ටුවක් කලාද නැතහොත් තදින් පහර දුන්නාද යන්න මට දැනගන්නට ඕනෑ වූ නිසාත්, කැමරාවෙන් නිරීක්ෂණය කල හැකි බැවින් ය ඇත්ත පවසන්නේද යන්න දැනගන්නට ඕනෑ වූ නිසාත්ය. ඇය, ඈ මතම දිවුරාගනිමින් කීවේ “දරුවාට ගුටි දුන්නා නම් මාව බස් එකකට යට වෙලා මැරෙන්න ඕනේ” කියාය.

ඇය හඬා වැටෙමින් නිවසින් පිටත් වූ අකාරයෙන් මට දැනුනේ මම මහා පවක් කල බැවිනි.

කුමක් හෝ දෝෂයක් නිසා අපට එදා පටිගත කිරීම් පිරික්සන්නට හැකි වුයේ නැහැ. අපට ඒවා බලන්නට දවසක් කල් දමන්නට සිදු වුවත් පසු දින මෙම කාන්තාව ගෙදර වැඩට ආවේ නැහැ.

පසු දින අපට වීඩියෝපට පිරික්සීමට හැකි වුනා. දුටු දේ මට අදහාගන්නත් බැරි වුනා. මම ඇයට දුරකතනයෙන් කතා කොට බැන වැදුනා. ඇය දිගින් දිගටම කියා සිටියේ ඇය දරුවාට පහර නුදුන් බවයි. කෙසේ නමුත් යළි අප නිවාස අහලකටවත් නොඑන ලෙසටත් මා මෙය පොලිසියට දන්වන බවත් ඇයට කිව්වා.

4 ඔබ දරුවාගේ හැසිරීමේ වෙනස්කම් මොකුත් දුටුවාද?

ඇත්තෙන්ම ඔව්. නිදියන වෙලාව එද්දී දරුවා අපට තදින් ගහන්නට පුරුදු වුනා. තර්ජනාත්මක ලෙස අපට ඇඟිල්ල දිගු කරන්නට ගත්තා. මේ හා සමාන හැසිරීමක් තමා මා පසු දිනෙක වීඩියෝපටයේ ඉහත කි කාන්තාවගෙන් දුටුවේ.

5 මෙම කාන්තාව කොපමණ කාලයක් ඔබ නිවසේ සේවය කලාද?

මාස පහක කාලයක්.

6 දැන් ඔබ යොමු කල පොලිස් එන්ට්‍රියේ තත්වය කුමක්ද? ඔවුන් ගන්නා ඉදිරි පියවර ගැන ඔබව දැනුවත් කලාද?

අපි පොලිසියට දැන්වූයේ පෙරේදා රෑ. ඔවුන් සහයෝගයෙන් කතා කළා. මේ ගැන ඇය හා සම්බන්ධව වන බවත් ඉදිරි පියවර ගැන අපව දැනුවත් කරන බවත් ඔවුන් අපට පැවසුවා.

7 ඇය දරුවාට පහර දුන් බව දැනගත් සැනින් ඔබට ඇති වූ හැඟීම් මොනවාද?

මට ක්ෂණිකවම ඇති වූයේ මගේ පුංචි පුතු ගැන ලොකු දුකක්. ඔහු මොන තරම් අසරණ වන්නට ඇත්ද? ඒත් සමඟම ඇති වූයේ පුදුමාකාර, දරාගන්නට බැරි ආවේගයක්. තව දුරටත් වීඩියෝ නරඹන්නට බැරිව මා දුරකතනයෙන් ඇය අමතා යට බන වැදුනා.

ඊළඟට මම කලේ මේ ගැන මා දන්නා මව්වරුන්ගේ සමාජ ජාල සමුහ වල මෙම පුවත පල කිරීම. මේ කුරිරු ගැහැණිය අතින් තවත් දරුවකු අසරණ නොකළ යුතුයි. මෙම සිදුවීමෙන් අප පවුලේ හැම දෙනාම ලොකු මානසික කල්ම්බිමකට ලක් වෙලා.

8 ගෘහසේවිකාවක් තෝරාගැනීමේදී අනෙක් මව්වරුන්ට දිය හැකි පණිවුඩයක් තිබෙනවාද?

මගේ නිවසේ සැමියාගේ දෙමාපියන් වෙසෙන නිසාත්, මසකට කිහිප වරක්ම මගේ මවද පැමිණෙන නිසාත් මට අන් එවන් සහයෝගයක් ලැබීම ඇත්තවශයෙන්ම භාග්‍යයක්. මෙසේ මගේ පවුලේ උදවිය ගැවසෙන පරිසරයක මෙවන් අකටයුතුකම් කරන්නට අයෙක් පෙළඹේ නම්, තනිව සිටින විට කල හැකි දේ ගැන කුමන කතාද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මට අනෙකුත් අව්වරුනට දිය හැකි පණිවුඩය වන්නේ අතිශයින්ම සුපරික්ෂාකාරී විය යුතු බවයි. විශේෂයෙන්ම දරුවකු තනිව ගෘහසේවිකාව සමඟ තබන්නට සිදු වේනම් නිවසේ සුදුසු සැම තැනකම කැමරා සහ විවිධ තාක්ෂණික ක්‍රම යොදාගනිමින් ඕනෑම වෙලාවක සිදුවන දේ දැනගත හැකි පරිසරයක් තබාගැනීම ඉතාම වැදගත් වනවා.

මගේ නිවසේ කැමරා තිබෙන බව මේ කාන්තාව දන සිටි මුත් ඒවා වැඩකරන්නේ නැති ඒවා බව ඇය සිතා සිටියා.

9 ඔබ සිතන පරිදි දරුවකු තනිව සේවිකාවක් සමඟ සිටින නිවසක CCTV  කැමරා පද්ධතියක් අනිවාර්යද?

ඔව්. මගේ අදහස නම් එය අනිවාර්ය විය යුතු බවයි. යම් මුදලක් වය වුවත්, සිදු විය හැකි ලොකු අනතුරු වලින් දරුවා ආරක්ෂා කරගැනීමටත්, නිවසේ සිදුවන දේ ගැන සහ දුර සිට නිවසේ කටයුතු අධීක්ෂණය කරන්නටත්, එමගින් හිතේ සැහැල්ලුවෙන් නිවසෙන් පිට කටයුතු වල දීමටත් මෙමගින් පුළුවන් කම ලැබෙනවා.

මේ සිද්ධයෙන් ඇති වූ මානසික  කම්පනය, මගේ මුළු පවුලටම සදහටම බලපාවි.

 

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගෘහසේවිකාවන්
  • /
  • දරුවාට පහර දුන් ලංකාවේ ගෘහ සේවිකාව කැමරා ඇසට හසු වේ
බෙදාගන්න :
  • දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

    දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

  • ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

    ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

  • දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

    දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

  • ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

    ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it