theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අද්විතීය මවක් හෝ පියෙක් වන්නේ කෙසේද?

5 අවම කියවීම
අද්විතීය මවක් හෝ පියෙක් වන්නේ කෙසේද?අද්විතීය මවක් හෝ පියෙක් වන්නේ කෙසේද?

මෙම දේවල් දරුවන්ට ඔබ දායාද කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම අද්විතීය දෙමාපියන් ලෙස සලකන්නට පහසුවෙන්ම පුළුවන්.

අද මාතෘත්වය හා පිතෘත්වයත් යම් තරඟයකට මැදි වෙලා. පාසැලේදී හෝ පන්තියේදී අනෙක් මාපියන් සමඟ පිලිසන්දරේ සිටින විට ඔවුන් දරුවන් ගැන දක්වන අදහස් සහ දරුවන් ගැන දන්නා නොදන්නා දේ හමුවේ ඇතැම් විට චකිතයක් ඇති වනවා. අද්විතීය දෙමාපියන් වෙන්න අපටත් පුළුවන්ද?  ‘ඇත්තෙන්ම මම මේ කෙනා තරම් හොඳ මවක්ද? නැතහොත් පියෙක්ද?' යන්න අපි අපෙන්ම අසා ගනිමින්.

සෑම දෙමාපියෙක්ම තම උපරිමයෙන් දරුවන් වෙනුවෙන් ඇප කැප වනවා.

ඔවුන් වෙනුවෙන් විය පැහැදම් කරනවා. අනෙකුන් හා සසඳන්නටවත් වරදකාරී හැඟීමක් ඇති කරගන්නටවත් අවශ්‍ය නැහැ.

නමුත් දෙමාපියන්ට වරදින තැනක් වන්නේ... මාපිය පන්නරයේ වැරදි වැටහීමක් තුළින් තමන් හරි යැයි සිතා දරුවන්ට දෙන දෙය සැබවින්ම දිව යුතු දෙය නොවන අවස්ථා වලදීය.

නිදසුනක් ලෙස ඇතැම් දෙමාපියන් දරුවන් වෙනුවෙන් උපරිමයෙන් වියදම් කරනවා.

ඔවුන් සිතන්නේ මිල අධිකතම භාණ්ඩ, සේවා මෙන්ම ස්ථාන සහ අත්දැකීම් දරුවාට දීම තුලින් ඔවුන් දරුවන්ට සර්වසම්පුර්ණ දෙමාපියන් වන බවයි. මෙවන් මාපියන් සියලුම දේ මුදලින් මැනීමට පුරුදු වී සිටිනවා.

ඉතින් අද ලිපිය තුළින් අප ඔබ වෙත ගෙන එන්නේ ඔබ අද්විතීය  මාපියන්දැයි තීරණය කිරීමට ඔබටම යොදාගත හැකි මිනුම් දණ්ඩක්.

අනෙක් මාපියන් තම දරුවන්ට මොනවා කීවත් කලත් මෙම දේවල් දරුවන්ට ඔබ දායාද කරනවා නම් ඔබ අද්විතීය දෙමාපියන් ලෙස සලකන්නට පහසුවෙන්ම පුළුවන්.

අද්විතීය දෙමාපියන් විසින් දරුවන්ට ලබා දෙන දායාද 10ක්

1. දරුවා වෙනුවෙන් දිනපතා යම්  කාලයක් වෙන් කරන්න

කාලය යනු කිසි විටෙක යලි ලබාගත නොහැකි අපරිමිතව වටිනා දෙයක්. ඔබේ දරුවා ඔබ සමඟ ගත කරන මේ කාලය කිසි දිනෙක යලි ලැබෙන්නේ නැහැ.

ඔවුන්ගේ කෙළිලොල් වයස සීමිත වන අතර කාලය ඉක්මනින් ගෙවී ඔවුන්ගේ කැදලි තනා යන්නේ අසුරු සැනින්.

අද දින ඔබ ඔවුන් සමඟ ගත කරන කාලය නාස්තියක් සේ හැඟේවි.

ඒත් ඔබේ කාලය ඔවුන් හා සතුටු සාමිචියේ යෙදෙන්නට හෝ ඔවුන් සමඟ ගෙවත්තේ වැඩක් කිරීම හෝ ඇවිදින්නට යාම තුලින් ඔබත් දරුවාත් ඔබේ මුළු අනාගතයටම එක්කරගන්නේ ආදරණිය මතක සටහන් පෙළක්.

2. දරුවා සමඟ සෙල්ලම් කරන්න

ඕනෑම වයසක දරුවෙකු සමඟ ඔබට සෙල්ලම් කරන්නට පුළුවන්. මෙය ඔබටත් විනෝදය ගෙනදෙන අකාරයට ඔබට ලැහැස්ති කරගන්නට පුළුවන්.

එක් වී කල හැකි සෙල්ලම් බොහොමයක් ඇතත් ඔබට සෙල්ලම් කිරීමට අපහසු නම් ඒ වෙනුවට ගෙදර දොරේ ක්‍රියාකාරකමක් ඔවුන් සමඟ එක් වී කරන්නට ඔබට පුළුවන්.

3. දරුවන්ගේ නිදහස කපා දමන්නට එපා

ඇතැම් දෙමාපියන් දරුවන්ගේ ආරක්ෂාව පතා ඔවුන්ගේ නිදහස මුළුමනින්ම කපා දමනවා.

දෙමාපියන් කටුව පමණක් ගමන් බිමන් යාම, දෙමාපියන් අසල පමණක් දුරකත ඇමතුම් ගැනීම ආදී නීති පනවා දරුවන්ගේ ආරක්ෂාව සපයනවා.

මෙය ඔබ සිතනවාට වඩා භයානක ප්‍රතිපල ගෙන දෙන්නක්.

සිර වුනු හැඟීමෙන් ජිවත් වන දරුවන් ඔබෙන් සැම දේම හැංගීමටත් අනවශ්‍ය අය විශ්වාස කර නිවසෙන් බැහැර කාට හෝ කිට්ටු වීමටත් උත්සහ කරනවා.

තනිව කිසි දෙයක් කරගත නොහැකි නිසා යැපෙන්නෙක් වී ආත්ම විශ්වාසය හීන වනවා.

ඉතින් ඔබ කල යුත්තේ අවශ්‍ය පමණට දරුවට නිදහස දෙන්න.

නිදහසින් යුතු ලෙස ප්‍රයෝජන ගතහොත් දරුවාගේ නිදහස සිමා කරන බවට ඔවුන් දැනුවත් කර තැබීමයි.

ඔවුන් යම් හෙයකින් නිදහස අපහරණය කළහොත්, යම් කාලයකට නිදහස සිමා කරන්න.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුනට තවත් අවස්ථාවක් ලබා දීම වැනි දේ කිරීමෙන් ඔබ දෙන ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්.

4. අද්විතීය දෙමාපියන් ලෙස දරුවාට ආදර්ශමත් ලෙස දවස ගෙවන්න

දරුවන්ට ආදර්ශමත් චරිතයක් ගත කිරීම ඔවුනට ඔවදන් කටින් කියනවාට වඩා බලවත්. දරුවන් 90%ක් දේ ක්‍රියාවට නගන්නේ අනුකරණය තුලින්.

5. දාන මාන, අනුන් සමඟ බෙදාගැනීම සහ සාමුහික ක්‍රියාකාරකම් වල නිරත වෙන්න

දරුවන්ගේ තරඟකාරී අධ්‍යාපනය නිසා බෙදා ගැනීම, සාමුහික ක්‍රියා ආදිය දෙමාපියන් සලකන්නේ අත්‍යවශ්‍ය නොවන දෙයක් ලෙසයි.

නමුත් මේවා නොකිරීමෙන් ඔබ දරුවා අත්මාර්ථකාමියෙක් කරන අතර මෙලෙස ලොකු මහත් වූ දරුවන් තම දෙමාපියන් ගැනවත් මායිම් නොකරන අය බවට පත් වනවා.

මේ නිසා සමාජීය වත් පිළිවෙත්, ගුණ ධර්ම ආදියට දරුවා සහභාගී කරගැනීම අධ්‍යාපනයටත් වඩා වැදගත් බව ඔබ තේරුම් ගන්නේ දරුවා වැඩිහිටියෙකු වූ පසුවයි.

6. පවුලක් සේ ආගම  අදහන්න, ආගමික කටයුතු වල නිරත වන්න

සමාජයෙන් ගිලිහෙන ආගමානුකුල ජීවිතය පවුල් සංස්ථාව රැකගැනීමේ මුලික අංගයක් කරගන්න.

ඔබ පවුලක් සේ එක් කරනා දේ යම් දිනක දරුවාද තම පවුල සමඟ එක් කරන්නක් වේවි.

7. අද්විතීය දෙමාපියන් ලෙස ඔබේ දෙමාපියන්ට, නෑ හිතවතුන්ට කරුණා ගුණ පෙන්වමින් නිතර ආශ්‍රය කරන්න

දෙමාපිය නෑ හිතවතුන් නූතන සමාජයේ බොහෝ අයට නැති වෙමින් යන සම්පතක්.

බිඳුණු විවාහ, පිට රටවල් වලට සංක්‍රමණය වීම, පවුල් පුංචි වීම ආදිය නිසා අද සමාජයේ බොහෝ ය ජිවත් වන්නේ මහත් තනි කමකින්.

ඔබට ප්‍රිය වුවත් නැතත් නෑ හිතවතුන් සමඟ සබඳතා පවත්වාගැනීමේ ඔබේ යුතුකමක් වන්නේ මේ නිසයි.

ඒවා ගිලිහී නොගොස් දිගටම පවත්වාගෙන යාමට දරුවන්ට හැකි වන්නේ ඔබේ කැපවීම මතයි.

8. බඩු භාණ්ඩ වෙනුවට අත්දැකීම් එකතු කරගන්න දරුවා හුරු කරන්න

වෙළඳපොළට එන අලුත් සෙල්ලම් බදු ආයිත්තම් දරුවන්ට දෙපාරක් නොසිතා අරන් දෙන්නේ ඔබගේ  මහත් ආදරය ඔවුනට පෙන්වීමේ චේතනාවෙන්.

මින් ඔබ්බට ගොස් දරුවා සමඟ අත්දැකීම් බෙදාගැනීම ප්‍රගුණ කරගත් යුත්තේ මත්හු කාලයේ බඩු භාණ්ඩ වලින් ලැබෙන තෘප්තියට වඩා අත්දැකීම් වටිනා බැවිනි.

9. අද්විතීය දෙමාපියන් වන්නට දරුවන් හා සහකරු සමඟ එකමුතු කමින් හා මිත්‍රශීලිව කටයුතු කරන්න

නිවාස සිර අඩස්සියක් හෝ වැඩපොළක් කරගන්නට අවශ්‍ය නැහැ.

නිවෙස් තුල යම් විනය මාලාවක් තිබිය යුතු මුත් මෙය පමණට වඩා ක්‍රියාත්මක කිරීමෙන් දරුවන්ට නිවාස නිදහස් තැනක් වෙනුවට අප්‍රසන්න තැනක් වනවා.

අසීමිත නීති මාලා, අසීමිත පිරිසිඳු බව හෝ අසීමිත පිළිවෙල ආදිය නිවැසියන්ට දරාගත නොහැකි මට්ටමක තිබීමෙන් දරුවන් නිවසට ඇතුල් වීමට පෙරුම් පුරනවා වෙනුවට නිවසෙන් පිටත් වන්නට මග බලා සිටිනවා.

ඇතැම් යොවුන් දරුවන් නිවසින් නික්ම යන පරම චේතනාවෙන් කා සමඟ හෝ විවාහ වන්නට පෙළඹෙන අවස්ථා පවා සමාජයේ දක්නට ලැබෙනවා.

මේ නිසා අවශ්‍ය පමණට විනය ක්‍රියාත්මක කොට නිවස සැමටම නිදහසේ සිටිය හැකි තෝතැන්නක් කිරීම අද්විතීය මාපියන්ගේ ලක්ෂණයක්.

10. දරුවාට වැරදුනු තැනක පවා ඔවුන් වෙනුවෙන් ඔබ ඉන්නා බව නිතර ඒත්තු ගන්වන්න

යටහත් පහත්ව දෙමාපියන්ට ගරුත්වය ඇතිව දරුවන් ලොකු මහත් කරන්න.

ඒ අතර මිත්‍රශීලි බවත් ඊට සාපේක්ෂව පවත්වාගෙන යාමට හැකි වීම අද්විතීය දෙමාපියන් සතු විශේෂ දස්කමක්.

දැඩි මතදාරී නීති හමුවේ දෙමාපියන්ට බියෙන් වෙසෙන දරුවන් තමන් අතින් සිතා මතා හෝ වැරදීමෙන් හෝ වරදක් සිදු වන්නට පුළුවන්.

විට එය දෙමාපියන් හට කියාගන්නට බැරිව අසීමිත මානසික පීඩාවෙන් පෙළෙනවා.

නුසුදුසු අය වෙත සහනය පතා යොමු වීමෙන් කබලෙන් ලිපට වැටීමේ අවස්ථාද තිබෙනවා.

මේ නිසා ඔබ කෙතරම් සෘජුව දරුවන් ලොකු මහත් කලත් ඔවුන්ගේ පසුබෑම් හමුවේ ඔබ ඉන්නා බව දැනෙන්නට හරින්න.

ඔබ ඔවුන්ට ශක්තියක් වන්නට ඔබ දෑත් විදහා ඉන්නා බව ඔවුන්ට නිතර අවබෝධ කර දෙන්න.

ඒ තුළින් දරුවා හදවතින් වැටුණු කලක මුල්වරට සහනය පතන්නේ ඔබගෙන් නිසා ඔවුන්ගේ මානසික හා ශාරීරික ආරක්ෂාව වඩාත් තිව්ර වනවා.

ඉහත ක්‍රියාකාරකම් වලින් ඔබ ඉටු කරන ක්‍රියාකාරකම් වැඩි වන තරමට ඔබ අද්විතීය බැවින් වැඩි වන දෙමාපියෙක් වනවා.

ඒ ගැන ඔබ නිහතමානිව ආඩම්බර විය යුතු අතර ඔබේ හැසිරීම තුළින් ඔබේ වටපිටාවේ දෙමාපියන්ද පෙළඹීම තුළින් ඔබ සමාජයද ආලෝකමත් කරන දෙමාපියෙක් බවට පත් වනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • අද්විතීය මවක් හෝ පියෙක් වන්නේ කෙසේද?
බෙදාගන්න :
  • සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

    සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

  • ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

    ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

  • සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

    සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

  • ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

    ඔබ දරුණු දෙමව්පියෙක්ද? ඒ බව ඔබේ දරුවා තුලින් විදහා පාන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it