theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගික එක්වීමකින් පසු ඔබ අත්දැකිය හැකි දේවල් 6ක්

4 අවම කියවීම
ලිංගික එක්වීමකින් පසු ඔබ අත්දැකිය හැකි දේවල් 6ක්ලිංගික එක්වීමකින් පසු ඔබ අත්දැකිය හැකි දේවල් 6ක්

ලිංගික එක්වීම කියන්නේ ඔබට හොඳ අත්දැකීමක් නේ. නමුත් මේ විදියේ අත්දකී 6ක් ගැන ඔබ දන්නවාද?

ඔබගේ ලිංගික එක්වීම ට පසු සාමාඔබ දෙදෙනා තුරුල් වී, ආදරෙන් කතා බහ කරලා, සිප වැළඳගෙන නේ නින්දට යන්නේ. ඒකට හේතුව එන්ඩොෆීන් කියන සතුටු හෝමෝනය.

ඒත් තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් නම්. ඒ කියන්නේ ලිංගික එකතුවීම අවසන් උනාම යෝනිය කසනවා නම්, දැවිල්ලයි නම්, අමුතු විදියේ තරලයක් පිට වෙනවා නම් ඒක ඔබේ ලිංගික සතුට අඩු කරනවා.

ඒ වගේම හරිම අපහසුකාරී හැඟීමක් ඔබට ගෙන දෙනවා.

අපි අද ඔබට ලිංගික එක්වීම කට පසු අයෙක්ට අත් දකින්න පුලුවන් අමුතු විදියේ අත්දැකීම් 6ක් විස්තර කරනවා.

1. ලිංගිකව එක්වීම වන විට අධික වේදනාවක් දැනීම

අපි දන්න දෙයක් තමයි ලිංගිකව එකතු වෙද්දි වේදනාවක් දැනෙන්නේ නෑ කියන එක.

ඒ උනාට ලිංගික එක්වීම වන අවස්ථාවේදී වේදනාවක් දැනෙනවා නම් ඒකට හේතු වෙන්න පුලුවන් දේවල් තියෙනවා.

ලිංගික එක්වීම

සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවලියේදී ඔක්සිටෝසීන් හෝමෝනය මුදා හරිනවා. ගර්භාෂය හැකිලෙනවා ඒ වෙලාවේදී.

නමුත් මේ විදියේ වේදනාවකට හේතු වෙන්න පුලුවන් යෝනිය වියළි ගතියෙන් යුතුයි නම්. නැත්නම් මානසික පීඩනය නිසාත් වේදනාවක් දැනෙන්නට පුලුවන්.

මේ දෙවර්ගයම නොවී වෛද්‍යමය හේතුවක් නිසා වේදනාව දැනෙන්න පුලුවන් ලිංගික එකතුවීම කදී.

ඒ කියන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් වගේ රෝග තත්වයක් නිසා වේදනාව හට ගන්න පුලුවන් ලිංගිකව එකතු වෙන විට.

ලිංගිකව එකතු උනාට පස්සේ මෙහෙම කරන්න:-

කලාතුරකින් නම් මේ විදියේ වේදනාවක් එන්නේ, ඒක ගණන් ගත යුතු දෙයක් නෙමෙයි.

නමුත් මේක නිතරම වෙනවා නම් ඔබේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා හමු වෙන්න ඕනි.

මොකද මෙහෙම වෙන්න එන්ඩොමෙට්‍රියෝසිස්, ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි වගේම ඩිම්බ කෝෂ පිළිකා තත්වයන්ද හේතු විය හැකියි.

2. ලිංගික එක්වීම ට පසු යෝනියේ දැවිල්ලක් දැනීම.

මේ කියන්නට යන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් තිබේ කියලා නම් නෙමෙයි.

එහෙම රෝගයක් තියෙද්දිත් මෙහෙම දැවිල්ලක් හට ගන්නවා. නමුත් ලිංගික එක්වීම උනාට පසු මුලින්ම මුත්‍රා පිට කරන විට ඒ විදියේ දැවිල්ලක් දැනෙන එක සාමාන්‍යයි.

ඒක ටික වෙලාවකින් හරියනවා. එහෙම වෙන්නේ මුත්‍ර විවරයයි, යෝනි විවරයයි එක ළඟ තියෙන නිසා යෝනි පටක වල ඇදීම් වල බලපෑම නිසා දැවිල්ල හටගන්නවා.

ලිංගික එක්වීම

 

නමුත් මේක පොඩි වෙලාවකින් හරියන්නේ නැත්නම්,ඒ කියන්නේ පැය 4,5,6ක් එහෙමත් නැත්නම් දවස් ගණන් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න ඕනි තත්වයක්.

ලිංගිකව එකතු උනාට පස්සේ මෙහෙම කරන්න:-

නිතරම ස්වාභාවික ලිහිසි ද්‍රව්‍ය භාවිතා කරන්න. එවිට තත්වය මඟ හැරේවි.

3. ලිංගික ඇසුරෙන් පස්සේ රුධිරය බින්දු පිට වීම.

අපි මෙතනදි කතා කරන්නේ එක්කෝ පොඩි බින්දුවක්, නැත්නම් බිංදු කීපයක් ගැන.

සාමාන්‍ය තත්වයක් වෙන්න ඉඩ ගොඩාක් වැඩියි. මෙහෙම වෙන්න හේතු කීපයක් තියනවා.

ප්‍රධානම හේතුව තමයි රළු ලෙස ලිංගිකව එක් වන විට ගැබ් ගෙල හා ලිංගික අවයවය සම්බන්ධ වීමෙන් වෙන්න පුලුවන්.

නැත්නම් යෝනිය ඇතුලෙන් පොඩි ඉරී යාමක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්.

සමහර වෙලාවට ලිංගික සහකරු මාරු උනාමත් එහෙම වෙනවා. මොකද අවයවයේ ප්‍රමාණ දෙකක් නිසා පොඩි සීරීම් වගේ දේවල් යෝනිය ඇතුල් පැත්තෙන් වෙන්න පුලුවන්.

මේ එන රුධිරය දීප්තිමත් රතු පැහැයක් ගන්නවා නම් ඒක ඒ වෙලාවේ සිදු උන පොඩි ඉරීමක්, සීරීමක්, තුවාලයක් නිසා එන රුධිරයයි. නමුත් රුධිරය අඳුරු පැහැති නම් කලින් ඔසප් රුධිරය බින්දුවක් ආවා වෙන්නත් පුලුවන්.

ලිංගිකව එකතු උනාට පස්සේ මෙහෙම කරන්න:-

එක පාරක් දෙපාරක් උන දෙයක් නම් වද වෙන්න එපා. ඒත් නිතරම වෙන දෙයක් නම් ඔබේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා හමු විය යුතුයි

4. ලිංගික එක්වීම ට පසු යෝනිය කැසීම

ලිංගික එක්වීම උනාට පස්සේ යෝනිය කසන්න ගන්න එක හරිම කරදරයි.

ඒකට මූලිකවම හේතු වෙන්න පුලුවන් ඔයා පාවිච්චි කරපු ලිහිසි ද්‍රව්‍ය, ජෙල් වර්ගයක් එහෙමත් නැත්නම් කොන්ඩම් වර්ගය.

ලිංගික එක්වීම

ලිංගිකව එකතු උනාට පස්සේ මෙහෙම කරන්න:-

ඒක නිතරම වෙනවා නම් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වෙන්න.

සමහරවෙලාවට ආසාත්මික තත්වයක් නිසා වෙන්නත් පුලුවන් නිතරම වෙනවා නම්. එවිට කොන්ඩම් වල ලේටෙක්ස් වලට ආසාත්මිකද සහකරුගේ ශ්‍රාව වලට ආසාත්මිකද කියලා සොයා බලාවි.

5.ලිංගික එකතුවීමට පස්සේ එන මුත්‍රා ආසාදන

කාන්තාවන් 5 දෙනෙක් ගෙන් එක්කෙනෙක් එයාලාගේ ජීවිත කාලය තුල මුත්‍රා ආසාදන එකකට හරි ගොදුරු වෙනවා.

ලිංගික හැසිරීම තමයි ප්‍රධානම හේතුව වෙන්නේ මුත්‍රා ආසාදන වලට. ලිංගිකව හැසිරෙන විට බැක්ටීරියා බඩවැල් වක සුට යෝනි කුහරය දක්වාත් මුත්‍ර මාර්ගය හරහාත් පැමිණෙනවා. ඒ නිසා තමයි මුත්‍රා ආසාදන හට ගන්නේ.

ලිංගිකව එකතු උනාට පස්සේ මෙහෙම කරන්න:-

ලිංගික එකතුවීම උනාට පස්සේ පැය බාගයක් ඇතුලත මුත්‍රා කරන්න. ඒ අවට ප්‍රදේශය, යෝනිය, මුත්‍ර මාර්ගය හොඳින් පිරිසිදු කර ගන්න. එතකොට මුත්‍රා මාර්ගය අවට ඉන්න බැක්ටීරියා ටික අයින් වෙලා යනවා.

ලිංගික එක්වීමකින් පසු ඔබ අත්දැකිය හැකි දේවල් 6ක්

6. පරිස්සම් නොවුනොත් ලිංගික එක්වීම නිසා ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ හැදේවි.

ඇමෙරිකාවේ දත්ත වලට අනුව 2016 වසරේදී මිලියන දෙකකටත් වඩා පිරිසක් ක්ලැමීඩියාව, ගෝනෝරියාව, සිෆිලිස් කියන සමාජ රෝග වල ගොදුරු වෙලා තියෙනවා. ඒක ඉතාම ඉහල අගයක්.

ලිංගිකව එකතු උනාට පස්සේ මෙහෙම කරන්න:-

ඇත්තටම ලිංගිකව එකතු උනාට පස්සේ, ලිංගිකව එකතු වෙන අතරේදි නම් මේකෙදි මොකුත් කරලා හරියන්නේ නෑ.

එක විශ්වාසවන්ත සහකරුවෙක් සමඟ පමණක් ලිංගික ඇසුර සීමා කරන්න.

නැත්නම් ලිංගික සහකරුවන් නිරන්තර පරීක්ෂා කිරීම් වලට යොමු කරන්න. ඔබත් පරීක්ෂාවන්ට යොමු වෙන්න.

මූලාශ්‍ර :- prevention.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ලිංගික එක්වීමකින් පසු ඔබ අත්දැකිය හැකි දේවල් 6ක්
බෙදාගන්න :
  • අඩපන වූ ලිංගික ජීවිතය විවාහයට බලපාන්නේ මෙහෙමයි

    අඩපන වූ ලිංගික ජීවිතය විවාහයට බලපාන්නේ මෙහෙමයි

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • අඩපන වූ ලිංගික ජීවිතය විවාහයට බලපාන්නේ මෙහෙමයි

    අඩපන වූ ලිංගික ජීවිතය විවාහයට බලපාන්නේ මෙහෙමයි

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it