චීනයේ 62 හැවිරිදි කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීම ඇතිවීම ඇය සාමාන්‍ය ලෙස සිතා විදදරා ගත්තා. නමුත් වෛද්‍යවරුන් එහි බරපතළ යමක් ඇති බව සොයා ගත්තා.
එක්ෂු නම් මෙම කාන්තාව ලබා ගත් කිසිම ප්‍රතිකාරයක් ඵලක් වුනේ නැහැ. ඒනිසා ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වුනා. ඇසට යෙදු බෙහෙත් බිංදු පවා ඇස් කැසීම සහ රතු පැහැ වීම අඩු කලේ නැහැ.

ඇස් කැසීම ට හේතුව?
100 කට වඩා වැඩි අක්ෂි පරපොෂිතයන් ඇයගේ ඇස් පිහාටු මත වර්ධනය වීමයි!
මෙම අක්ෂි පරපෝෂිතයන්, ඇසේ වල හමුවෙන කුඩා ජිවින් වේ. ඔවුන් සෑම ඇස් පිහාටුවක් මතම එකට එක්වී පසුව Blepharitis සහ Conjunctivitis තත්වයන් ඇති වීමට හේතු වේ.
Blepharitis යනු ඇස් වල රතු පැහැය මෙන්ම ඇස් පියන් මත ආසාදනයක් ඇති වීමයි.
Conjunctivitis යනු ඇස් වල රතු පැහැය සමග Conjunctiva කොටස හො ඇස් පිහාටු වල ඇතුලත ස්ථරය ආසාදනය වීමයි.
ඇයගේ තත්වය බරපතළ නොවූවද, ඇය කොට්ට උර සේදුවා නම් හෝ ඇයගේ කාමරයට හොද වාතාශ්‍රයක් තිබුනා නම් එයින් සරල ආරක්ෂා වීමට තිබු වෙෙද්‍යවරුන් විසින් සොයා ගත්තා.
එය හැරුණු විට, වසර පහ , හයක් තිසසේ නොසේදු කොට්ට උර දිගුකාලීනව භාවිතයෙන් මෙම කුඩා ජිවින් ඇයගේ ඇස් පිහාටු වලට මාරු වී ඇත.
මෙම ලිපියට අනුව, එක්ෂු මහත්මිය ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබමින් සිටියි.
අක්ෂි පරපෝෂිතයන් සහ වෙනත් සනීපාරක්ෂක රෝග

පරපෝෂිත ආසාත්මිකතාවයන් දුර්වල වු සනිපාරක්ෂාව නිසා ඇති වෙන එකම අනතුර නොවේ.
නුසුදුසු පුද්ගල සනීපාරක්ෂාව හේතුවෙන් ආහාර විෂවීම, නියුමෝනියාව, පාචනය, සමේ ආසාදන, පණු ආසාදන, හෙපටයිටිස් ඒ, ගැස්ට්‍රයිටිස් හා කැස්ස වැනි සුළු ආබාධ පවා ඇති විය හැක.
අත් හොදින් නොසේදීම, නිතර සිරුර හා හිසකෙස් නොසේදීම මගින් දුර්වල පෞද්ගලික සනීපාරක්ෂාව පෙන්නුම් කරනවා.
රෝගී හේතු විය හැකි දුර්වල නිවසේ සනීපාරක්ෂක ක්‍රම ලෙස වැසිකිළි පිරිසිදු නොකිරීම, කුණු කසළ ඉවත් නොකිරීම, නුසුදුසු ලෙස ආහාර ගබඩා කිරීම හෝ එක්ෂු සේ නිතර නොසේදු ඇද ඇතිරිලි, කොට්ට උර භාවිතය පෙන්වා දිය හැක.
මව හා පියා විසින් දරුවන් නිවැරදි සනීපාරක්ෂාව පිළිබද පුරුදුවලට යොමු කිරීම ඉතාම වැදගත් වන්නේ මේ නිසායි.

මේ මගින් පිරිසිදුකම හා පිළිවෙල වැඩි දියුණු කිරීම පමණක් නොව, ඔවුන් වර්ධනය වන විට ඔවුන්ගේ යහපත් සෞඛ්‍යය සහතික කිරීම සඳහාද උපකාරි වේ.
කාන්තාවගේ ඇස් කැසීම වළක්වා ගැනීමට මේ මගපෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණී
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.