theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ෆේස් මාස්ක් වල අතුරු විපාක වලට මුහුණ දෙන්නේ කෙසේද?

5 අවම කියවීම
ෆේස් මාස්ක් වල අතුරු විපාක වලට මුහුණ දෙන්නේ කෙසේද?ෆේස් මාස්ක් වල අතුරු විපාක වලට මුහුණ දෙන්නේ කෙසේද?

සුළං පොදක් නොවදින , දහඩිය වැඩිපුර එකතුවෙන ෆේස් මාස්ක් එකට ආවරණය වෙන සමට හානි සිදුවෙන්න පුළුවන්

ෆේස් මාස්ක් අතුරු විපාක ගැන අපිට මේ දවස් වල කතා බහ කරන්න හේතු වෙලා තියෙනවා.

මීට මාස කිහිපයකට පෙර අපි මුහුණ නිරාවරණය කරගනිමින් හිතු පැතු තැන ගියත් මේ වර්ෂයේ මුල හදිස්සියේ කඩා වැදුන කොවිඩ් 19 වසංගතය නිසා අපිට ෆේස් මාස්ක් පැළදීමට සිදුවුනා.

ඔබ දැන් නිවසින් සෑම එළියට බහින සෑම විටම ෆේස් මාස්ක් එකක් පළදින්නේ මෙම වසංගත තත්වයෙන් ආරක්ෂා වීමටයි.

ඒක කොච්චර අමාරු දෙයක් වුනත් අපේ ආරක්ෂාවට එය කරන්නම වෙනවා.

පිටත ගිහින් ආහාර ගන්න , අන් අය හා අතේ දුරින් සිට කතා කරන්න වුවත් දැන් පහසු නැහැ නේද?

පෙනහළු මත කොරෝනා බලපෑම

ඉස්සර දන්න අදුන හැමෝම හිනාවක් පාලා ලස්සනට හැඩ වැඩ වෙලා ගිය අපිට හිනාව හා මුහුණ හංගගෙන යන එක පුරුදු නැති වුනත් කරන්න වෙලා.

ටිකක් අසීරු වුනත් අපිට මේ අලුත් තත්වය ටික දවසක් ඉවසන්න වෙනවා.

ෆේස් මාස්ක් භාවිතයේදි මේ නුපුරුදු හැගීම එක්ක දැනෙන අපහසුතාවයට අමතරව තවත් දේවල් දැනෙනවාද?

නිතර ෆේස් මාස්ක් පැළදීමෙන් සමේ දැවිල්ල ඇතුළු සමේ ගැටළු රාශියක් මතු වෙන බවට අනාවරණය වී තිබේ.

සමේ ඇතිවෙන මෙවන් ගැටළු සදහා සම සම්බන්ධ වෛද්‍ය වරයෙකු ගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.

ඒ පිළිබදව සම හා සම්බන්ධ  වෛද්‍යවරුන්ගේ අදහස් කිහිපයක් අපි බලමු.

විවිධ සමේ ස්වාභාවයන් සදහා සමේ ඇතිවෙන ප්‍රශ්න මොනවාද?

ෆේස් මාස්ක් වල අතුරු විපාක වලට මුහුණ දෙන්නේ කෙසේද?

  • සමේ රෝග විශේෂඥ වෛද්‍ය මාර්ක් ටැන්ග්ට අනුව නිතර මාස්ක් පැළදීම නිසා අධි සංවේදී සමක් ඇති අයට අසාත්මික (eczema) තත්වයක් ඇතිවෙන්න පුළුවන්.
  • එහිදි සම රතු පැහැ වීම, දැවිල්ල, කැසීම සහ දරුණු අවස්ථාවල දී, සැරව පිටවීම සහ කබොල බැදීම වැනි ඕනෑම තත්වයක් ඇතිවෙන්න පුළුවන්
  • අධික තෙල් සහිත සමක් ඇති අයට ෆේස් මාස්ක් පැළදීමෙන්  නිතර නිතර කුරුලෑ ඇතිවෙන්න පුළුවන්. එහිදි රතු පැහැ ගෙඩි ආකාරයට මෙම කුරුළැ ඇතිවෙන්න පුළුවන්.
  • තවද නිතර ෆේස් මාස්ක් පැළදීම නිසා නාසය, ඉහළ කම්මුල් සහ කම්මුල් පැති වල තෙරපුම් තුවාල සහ සමේ ඉරීම් ඇතිවෙන්න පුළුවන්.
  • මෙහිදි සමේ මුදු  කබොල සහ තුවාල ඇති විය  හැකි අතර පසුව ඒවා අඳුරු සලකුණු හා කැළැල් ලෙස සමේ ඉතිරි වෙන්න පුළුවන්.
  • තෙරපුම නිසා සමේ ඇතිවෙන ගැටළුට හේතුව ලෙස  දිගු කාලයක්  N95  වැනි ෆේස්ක් මාස්ක් පළදින අය විශේෂයෙන් සෞඛ්‍ය සේවකයින් අතර සුලභව දකින්න පුළුවන්.

ෆේස් මාස්ක් අතුරු විපාක ලෙස සමට හානිකර වීම සිදුවන්නේ ඇයි?

ෆේස් මාස්ක් වල අතුරු විපාක වලට මුහුණ දෙන්නේ කෙසේද?

අපි ෆේස් මාස්ක් නිවැරදිව පැළඳ සිටින විට, අපගේ නාසය සහ මුඛය ආවරණය වෙන ලෙස එය පළදිනු ලබනවා.

මෙම මාස්ක් මගින් වෛරසය අපිට ආසාදනය වීම වළක්වනවා මෙන්ම අපට එය ආසාදනය වී තිබුනොත් අන් අයද ආරක්ෂා කරනවා.  

ඒ කියන්නේ ඔබ ෆේස් මාස්ක් එකක් පළදින විට ඔබේ නාසය හා මුඛය ඇතුළු මුහුණේ අඩක් පමණ රෙදි හෝ වෙනත් ෆේස්ක් මාස්ක් නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යයකින් ආවරණය වෙනවා. 

අපගේ මුහුණ ආවරණය කිරීමෙන් මාස්ක් එක තුළ ආර්ද්‍රතාවය සහ තාපය ඉහළ යන බව ක්ලිෆර්ඩ් සායනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය ජෙරාඩ් ඊ පෙන්වා දෙනවා.

ඒ මගින් කුරුලෑ ඇති කරන බැක්ටීරියා වර්ධනයට දිරිගැන් වෙනවා.

තවද සම මත සීරීම් ඇති කිරීම සහ සමේ ආරක්ෂිත බාධකයට බාධා කිරීම වැනි දේවල් සිදුවෙන බවත් ඔහු පවසා සිටිනවා.

මේ කාරණා බලන විට නිතර ෆේස් මාස්ක් පැලදීම ඔබේ සමට කරන හානිය කොයිතරම්ද කියලා හිතාගන්න පුළුවන්ද?

ඔබේ සමේ දැවිල්ල පාලනය කිරීමට කුමක් කළ යුතුද?

ෆේස් මාස්ක් නිතර පැලදීම නිසා ඔබේ සමේ රතු පැහැය, කැසීම හෝ දැවිල්ල ඇති වී තිබේද?

එසේනම්  ඔබේ සම සුවපත් කර ගැනීම සඳහා සමේ තෙතමනය රැකගත හැකි අමුද්‍රව්‍ය අඩංගු ආලේපනයක් ආලේප කරන්න.

වෛද්‍ය ටෝබි හුයි උපදෙස් ලබා දෙනවා.

අසහනය සමනය කිරීම සහ රතු පැහැය අවම කිරීම සඳහා, ඔබට හෙක්සපෙප්ටයිඩ සහ කිරි ප්‍රෝටීන වැනි සන්සුන් ක්‍රියාකාරී අමුද්‍රව්‍ය අඩංගු ආලේපනයක් භාවිතා කරන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

සෙරමිඩ හා නියාසිනමයිඩ් වැනි සමේ බාධක ආරක්ෂා කිරීමට උපකාරී වන අමුද්‍රව්‍ය සහිත සැහැල්ලු මොයිස්චරයිසර් භාවිතා කිරීමට ද වෛද්‍ය හුයි නිර්දේශ කරනවා.

කුරුලෑ සඳහා, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ඔබේ සුපුරුදු ප්‍රතිකාර කරන ලෙසද වෛද්‍ය හුයි නිර්දේශ කරනවා.

ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල, බීටා හයිඩ්‍රොක්සි අම්ලය සහ රෙටිනොයිඩ් වැනි අමුද්‍රව්‍ය කුරුලෑ වලට එරෙහිව ඵලදායී ප්‍රතිඵල ලබා දෙනවා.

ඔබට සමේ ඇවිලීමක් දැනෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙන්න.

ෆේස් මාස්ක් අතුරු විපාක ලෙස ඇති වෙන  සමේ දැවිල්ල වළක්වා ගන්නේ කෙසේද?

අප නැවත රැකියාවට හෝ පාසලකට යාමට සූදානම් වන විට අපගේ සම  රැකබලා ගන්නේ කෙසේද?

ඒ පිළිබදව දැනුවත්වීම ඔබට වැදගත් වේවි.

මේක්අප්ස් ආලේපයෙන් වළකින්න. මාස්ක් පැළඳීමට පෙර සහ පසු ඔබේ මුහුණ පිරිසිදු කරන්න.

එලෙස සමේ මළ සෛල හොඳින් ඉවත් කර තෙල් සහිත බවක් ගොඩ නගා ගත යුතු බව වෛද්‍ය හුයි පවසනවා.

ඔබ නැවත භාවිතා කළ හැකි රෙදි ෆේස් මාස්ක් එකක් පැළඳුවහොත් ඒ සදහා  කපු වැනි සැහැල්ලු රෙදි තෝරා ගත යුතුයි. 

 ඒමඟින් තාපය හා ආර්ද්‍රතාවය අඩු කිරීම සඳහා වඩා හොඳ වායු ගලනයකට ඉඩ සලසනවා

මීට අමතරව වරකට පැය හයකට වඩා වැඩි කාලයක් ෆේස් මාස්ක් පැළඳීමෙන් වළකින්න.

කලින් පවතින සමේ රෝග ඇති අය සඳහා, අසාත්මිකා ඇති සම සදහා  සුදුසු මොයිස්චරයිසර් ආලේපනයක්  ඇතුළු නඩත්තු ක්‍රමයක් පවත්වා ගන්න.

කුරුලෑ සහිත සමක් ඇති අය මෙම ගැටළු මඟහරවා ගැනීම සඳහාද නිසි නඩත්තු ක්‍රමයක් පවත්වා ගත යුතු වෙනවා.

ඉහත තොරතුරු ෆේස් මාස්ක් පළදින ඔබ සදහා වෛද්‍යවරුන් ලබා දුන් උපදෙස් අනුව ලබා දී තියෙනවා.

ඔබත් නිතර ෆේස් මාස්ක් පළදින කෙනෙක් නම් ඔබටත් මේ සම්බන්ධව අත්දැකීම් ඇතිනේද?

ඔබේ සමේ ඇති වු තත්වයන් මොනවාද? 

ඒ සදහා ඔබ ලබා ගත් ප්‍රතිකාර මොනවාද?

ඔබේ අදහස් අපි හා බෙදාගන්න.

මුලාශ්‍ර - www.asiaone.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ෆේස් මාස්ක් වල අතුරු විපාක වලට මුහුණ දෙන්නේ කෙසේද?
බෙදාගන්න :
  • ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

    ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

  • ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

    ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

  • ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

    ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

  • ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

    ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it