උපත් පාලනය මව් කිරි දෙන මවකට අහිතකරයිද?

උපත් පාලනය මව් කිරි දෙන මවකට අහිතකරයිද?

උපත් පාලනය මව්කිරි ‌ෙදෙන මවකට බලපාන්නේ ‌මෙහෙමයි.

උපත් පාලනය ගැන විවිධ මතිමතාන්දර තියෙනවා ‌නේද?

සමහර අය ‌හොදයි කියන ඒවා එක්ක තවත් සමහර අයට තියෙන්නේ ඒවා ‌හොද නැහැ කියන්න.

විශේෂයෙන් දරු ප්‍රසුතිය සිදු වු වහාම උපත් පාලනයකට යන්න ගියහාම ප්‍රශ්න ‌ගොඩාක් අපේ හිතේ ඇතිවෙනවා.

ඒ ගැන ඔබ දැන ගන්න කැමති හා දැන ගත යුතු කාරනා රුසක් අඩංගු මේ සම්බන්ධව මුහුණු ‌පොතේ පල වු ලිපියක් ඔබගේ දැනුමට අපි අද ඔබ ‌වෙත ‌ගෙන එනවා. ‌

මෙම ලිපිය අප සමග පළ කිරීමට එකග වීම ගැන ඈන් නිර්මාණි අත්තනායක මහත්මියට අපගේ ස්තුතිය පිරි නමනවා.

එම මහත්මියගේ සම්පුර්ණ ලිපිය පහතින්,

දරු ප්‍රසූතිය සිදු වෙලා ටික කාලයක් යනකල් පීරියඩ්ස් නොසෑදීම සාමාන්ය තත්වයක්.

බබා ලැබුනාට පස්සේ නැවත පීරියඩ්ස් සෑදෙන කාලය හරියටම කියන්න බෑ. සමහර අයෙක්ට බබා ලැබිලා මාසයකට පසුව හැදෙන අවස්ථා තියෙනවා.

තවත් සමහරෙක්ට අවුරුදු එකහමාරක් වගේ කාලයක් හැදෙන්නේ නෑ. ඒක හරිම සාමාන්‍ය තත්වයක්.

ඒ උනාට බබා ලැබිලා දවස් 27ක් ගියාම ඩිම්බ පිට වීමක් සිදු වෙනවා කියලා විද්යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.

ඒ නිසා බබා ලැබිලා නැවතත් පීරියඩ්ස් හැදුනේ නැති උනත් උපත් පාලන ක්රමයක් අනුගමනය කරන එක තමා හිතකර වෙන්නේ.

එහෙම නැත්නම් අලුත උපන් චූටි පැටියාටයි, අම්මාටයි වගේම පවුලටම ඒක අහිතකර විදියට බලපාන්න පුලුවන්.

බබාට සම්පූර්ණ ලෙසම මව් කිරි දෙන අම්මා කෙනෙක් නම් ස්වාභාවිකවම උපත් පාලන ආරක්ෂාවක් ලැබෙනවා.

නමුත් එක 100%ම ආරක්ශිතයි කියලා කියන්න බෑ.

ඒ නිසා බබා ලැබිලා සති 6කට පස්සේ උපත් පාලන ක්රමයක් අනුගමනය කරන එක හරිම වැදගත් වගේම ආරක්ෂිතයි.

උපත් පාලනය කරන  පෙති

උපත් පාලනය මව් කිරි දෙන මවකට අහිතකරයිද?

මව් කිරි දෙන සමහර අම්මලා සති 6කට පස්සේ ඊස්ට්රජන් අඩංගු උපත් පාලන පෙති ගන්නවා.

ඒත් ඒ ඔඑති වඩාත්ම සුදුසු වන්නේ බබාට මාස 6ක් වත් මව් කිරි දීලා ඉවර උනාමයි.

මොකද ඒ පෙති වල තියන ඊස්ට්රජන් හෝමෝනය සුළු ප්‍රමාණයක් අම්මාගේ කිරි හරහා දරුවාට ගමන්  පුළුවන්.

ඒ නිසා එය අහිතකර විදියට බලපාන්නට පුලුවන්.

මාස 6ට අඩු බබාලා ඉන්න අම්මලාට ඊස්ට්රජන් හෝමෝනය අඩංගු නැති ඩිපොප්රොවේරා එන්නත ලබා ගැනීම, ඉන් ප්ලාන්ට්-ජඩෙල් වගේ උපත් පාලන ක්‍රම භාවිතය සුදුසු බවයි වෛද්ය මතය.

ලූපය සහ ඉන් ප්ලාන්ට්

උපත් පාලන ක්රමයක් විදියට ගිලින පෙති පාවිච්චි කලොත් ඒවා දිනපතාම ගන්න ඕනි.

චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක්ට අලුත් වගකීම්, නිවසේ වැඩ, බබාගේ වැඩ, මහන්සිය, මානසික තත්වය වෙනස් වීම් වගේ දේවල් නිසා ගිලින පෙති වගේ උපත් පාලන ක්‍රමයක් ගැනීම අතපසු වෙන්න පුලුවන් අවස්ථා වැඩියි.

මොකද බබා එක්ක වඩ කරද්දි අමතක වෙන්න පුලුවන් පෙති ගන්න එක.

ඒ නිසා ඒ වගේ චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක්ට ගැලපෙන්නේ ලූපය, ඉන් ප්ලන්ට් වගේ උපත් පාලන ක්රමයක්. උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිතා කිරීමත් ඉතාමත් හොඳ ක්‍රමයක්.

බබා ලැබුනාට පස්සේ මව් කිරි දෙන්නේ නැති අම්මා කෙනෙක්ට නම් බබා ලැබිලා දවස් 21කට පස්සේ උපත් පාලන ක්රමයක් අනුගමනය කරන්න පුලුවන්.

ඒ උනත් බබා ලැබිලා මුල් කාලයේ අම්මාගේ ඇඟේ ලේ කැටි ගැසීමේ අවධානමක් තියෙන නිසා ඊස්ට්රජන් අඩංගු උපත් පාලන ක්‍රම(උපත් පාලන පෙති) සති 6ක් වගේ යනකල් සුදුසුවෙන්නේ නෑ.

ඒ වගේ අම්මලාත් ඊස්ට්රජන් අඩංගු වෙන්නේ නැති උපත් පාලන විදියකට යන්නට ඕනි.

උපත් පාලන ක්‍රම පාවිච්චි කරද්දි එක්කෙනාගෙන් එක්කෙනාට ගැලෙපෙන ක්රම වෙනස් වෙන්න පුලුවන්. ඒ සඳහා තමන්ට ගැලපෙනම ක්‍රමය තෝරා ගැනීම කල යුතුයි.

 අනාරක්ෂිත එක්වීමකට පසු ගත හැකි පියවර හා උපත් පාලනය

උපත් පාලනය මව් කිරි දෙන මවකට අහිතකරයිද?

උපත් පාලන ක්රමයක් පාවිච්චි කරන්නේ නැති අවස්ථාවක අනාරක්ෂිත ලිංගික එකතු වීමක් සිදු උනොත් ගැබ් ගැබීමක් වළක්වා ගන්නේ කොහොමද?

ඔබ ‌ගොඩාක් ‌දෙනෙකුට ඒ ගැන  දෙනෙක්ට දැනුවත්කමක් නොතිබෙන්නට පුලුවන්.

ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්නට පුලුවන් උපත් පාලන ක්රම තියෙනවා.

හදිසි ගැබ් ගැනීම් වළකන ඖෂධ තමයි ඒවා. කොයිම වෙලාවකවත් ඒවා උපත් පාලන ක්රමයක් විදියට පාවිච්චි කරන්නට නම් හොඳ නෑ.

හදිසි ගැබ් ගැනීම් වලකන්නට විතරක් පාවිච්චි කලාට කමක් නෑ. ඒ වගේ ඖෂධ අනාරක්ෂිත එක්වීමකින් පැය 72ක් ඇතුලත භාවිතා කරන්නට අවශ්ය වෙනවා.

ඒවායේ අඩංගු වෙන්නේ ප්රොජෙස්ට්රෝන් හෝමෝනය.

පොස්ටිනෝ 1 හා පොස්ටිනෝ 2 කියන්නේ ඒවගේ ඖෂධයක්. තවත් වෙළඳනාම වලින් තියෙනවා.

එම පෙති භාවිතා කිරීමෙන් මවට සහ දරුවාට අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නෑ.

ඒ වගේම තමා බබා ලැබිලා සති 06කට පස්සේ අනාරක්ෂිත ලිංගික එකතු වීමකින් දවස් 5ක් ඇතුලත ලූපයක් තැන්පත් කරන එකෙනුත් ගැබ් ගැනීමකින් වළකින්න පුලුවන්.

ආයෙත් බබෙක් ඕනි කියලා හිතනකල්ම ලූපය තියා ගන්නට පුලුවන්.

මව් කිරි දෙන අතරතුර ගැබ් ගැනීමක් උනොත් බොහෝ අම්මලා බබාට මව් කිරි දෙන එක නවත්තලා දානවා.

එක්කෝ මව් කිරි දෙන්න බයයි. එහෙම කරන්නට අවශ්‍ය නෑ. ඊළග බබා ලැබෙනකල්ම පළමු බබාට මව්කිරි දෙන්න පුලුවන්.

ඒ උනත් අම්මාගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නට ඕනි. හොඳ පෝෂ්‍යදායී ආහාර පාන ගන්නට ඕනි.

උපත් පාලන ක්රමයන් නිසා සරු බව නැති වෙලා යනවා කියලා මිත්යා විශ්වාසයන් සමාජය තුල තියෙනවා.

ඒත් තේරුම් ගන්න ඕනි දේ තමයි උපත් පාලන ක්‍රම නිසා නෙමෙයි සරු බව අඩු වෙන්නේ කියන එක.

වැරදි ආහාර රටාවන්, විවිධ රෝගාබාධ, අධික තරබාරු වීම, ව්‍යායාම මඳ කම වගේ හේතු ගණනාවක් නිසා සරු බව අඩු වෙනවා.

උපත් පාලනය මව් කිරි දෙන මවකට අහිතකරයිද?

ඉතින් හොඳ පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වෙලා, සෞඛ්‍යය තත්වය නිසි ආකාරයෙන් පවත්වාගෙන යනවා නම් උපත් පාලන ක්‍රමයකින් සරු බවේ අඩුවක් වන්නේ නෑ.

කිරි දෙන දරුවාත් කුසේ සිටින දරුවාත් යන දෙදෙනාටම කිසිම අයහපත් බලපෑමක් ඇති වෙන්නේ නෑ.

ඔබට දැන් දරු ප්‍රසුතියෙන් පසු උපත් පාලනය ගැන දැනුමක් ලැබෙන්න ඇති ‌නේද?

මේ සම්බන්ධව ඔබත් අප හා අදහස් දක්වන්න කැමති නම් පහතින් සටහනක් ‌යොදන්න.

අම්මාවරුන්ගේ සමූහය තුල ඈන් නිර්මාණි අත්තනායක මහත්මිය විසිිිිින් පළ කරන ලද ‌ ‌මේ ලිපිිිය අනුමැතිය සහිතව නැවත පළ කරන ලදී.