ඔබ බබාගේ කාමරේ සුදානම් කරන හැටි එහි පාට හැම දේම තීරණය කරනවා. බබාගේ කාමරයට ෆෑන් එකක් ඕනෙද කියලා හිතුවද? නමුත් ෆෑන් එකට බබාගේ ජීවිතය වුවත් බේරගන්න පුළුවන් බව දැනගෙන සිටියාද?
සමහර විට බබාගේ කාමරය අනවශ්‍ය සෙල්ලම් බඩු, ඇඳුම් ආදිය පිරිලා තියෙන්න පුළුවන්. නමුත් බබාගේ කාමරයට ෆෑන් එකක් වැනි අත්‍යවශ්‍ය දෙයක් දරුවාගේ සෞක්‍යට හිතකර විය හැකි බව ඔබ දැනගෙන සිටියාද? නමුත් මෙය කියවන ඔබ මේ ගැන කුතුහලයෙන් සිතන්න පුළුවන්. දැන් අපි ඒ ගැන කතා කරමු.
ක්ෂණික ළදරු මරණ (SIDS) අඩු කරයි
Archives of Pediatrics & Adolescent Medicine වලට අනුව 72% ක් පමණ ප්‍රතිශතයක් SIDS වලින් වැළකීමේ හැකියාව ෆෑන් එකක් ඇති කාමරයක නිදන විට වැළකෙන බව පැවසෙනවා. මන්ද ෆෑන් එකක් ඇති කාමරයක වාතයට නිදහසේ හැසිරීමේ අවකාශය ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙකුට කාබන්ඩයොක්සයිඩ් ආශ්වාස කිරීමේ අවකාශය උදාවන්නේ නැහැ.
ෆෑන් එක මගින් කාමරය තුළ වාතාශ්‍රය දියුණු කරන අතර එය සමබර ලෙස මුසු වෙනවා. මෙය SIDS තත්වය ඇති නොවීමට උදව් වෙනවා.
ෆෑන් එක තැබිය යුතු තැන
ස්ටෑන්ඩ් ෆෑන් එකක් නම් එය දරුවා නිදන තැනට අනුව සුපරික්ෂාකාරිව තැබීම සුදුසුයි. එය නිදහසේ වටේටම කැරකෙන නිසා දරුවාට හානියක් නොවන අතර අවශ්‍ය ලෙස එහා මෙහා කරන්න පුළුවන්. එය පැත්තකට වෙන්න තැබීමෙන් දරුවා උවමනාවට වඩා සීතල වීම වැළකෙනවා.
ප්‍රයෝජන
- ෆෑන් එක අඩු වේගයක තැබීම නිසා ශබ්ධයක් ඇති නොවන අතර රාත්‍රියේ දරුවා අතරමග ඇහැරීම වළකනවා.
- ෆෑන් එකෙන් නිකුත්වන ‘white noise’ යන ශබ්දය ඇත්තටම දරුවාට නින්දට මග පාදනවා.
- ඉතා උණුසුම් කාලගුණයකදී ෆෑන් එකෙන් සහනයක් ලැබෙනවා. නමුත් එය ඉතාම වේගයෙන් කරකැවීමට සැලැස්වීමෙන් ශරීරයේ සාමාන්‍ය උණුසුම අඩු වන බව මතක තබාගන්න.
- ෆෑන් එකෙන් වායු සමීකරණයක මෙන් වාතය වියළි කරන්නේ නැහැ. වාතයේ ඇති තෙත ගතිය නොමැති වීමෙන් සම වියළිම, හතිය යන රෝග වලට ඉන් මග පෑදෙන්නේ නැහැ.
මේ ආරක්‍ෂිත පියවරවල් මතක තබාගන්න
- ඔබට ඇත්තේ මේසය මත තබන ෆෑන් එකක් නම් එය දරුවන්ට ළඟා විය නොහැකි තැනක තැබීම වැදගත්. එයට ළඟා වීමට හැකි පුටු වැනි දේ ඒ අසල නොතැබීමට වගබලා ගන්න.
- ෆෑන් එකේ වයර් දරුවාට ළඟා විය නොහැකි ලෙස තබන්න.
- දරුවාට ඇඟිලි දැමිය නොහැකි ෆෑන් ගාඩ් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම වෙනත් දේ ඊට ඇතුල් කිරීම ඇති හැකියාවත් ඉන් අඩු වෙනවා.
- පාවිච්චි කළ ෆෑන් එකක් මිලදී ගන්නවා නම් එහි තත්වය හොඳින් පරික්ෂා කළ පසුව මිලදී ගන්න.
- හැකිනම් සීලිමට සවිකළ හැකි ෆෑන් එකක් යොදාගන්නවානම් අනතුරු ඇතිවීමේ අවධානම අඩුයි. නමුත් දරුවෙකුට උඩ පැනීමෙන් හෝ ඇඳකට නැගීමෙන් ළඟාවිය නොහැකි වීමත් වැදගත්. විශේෂයෙන් තට්ටු ඇඳවල් ඇත්නම් මේ ගැන සැලකිලිමත් වීම වැදගත්.
- ෆෑන් එක ඉදිරියේ සමහර වස්තූන් තැබීමෙන් ඇතිකරන ශබ්ධය වැනි දේ ඇතිකර දරුවාට පෙන්වීමට නොයන්න.
- සීලින් ෆෑන් එක මත කිසිවක් එල්ලීම නොකළ යුතුයි.
- මාසයකට වරක් වත් ෆෑන් එක පිරිසිදු කරන්න.
ඔබ නොසිතන ප්‍රයෝජන ෆෑන් එකෙන් ඔබට ලබාගන්න පුළුවන් බව දැන සිටියාද ? මේ වැදගත් තොරතුරු ඔබේ හොඳම මිතුරු theAsianparent Sri Lanka ඔබ වෙත ගෙන ආවේ ඔබේ ජීවිතයට පහසුවක් සහනයක් එක කරන්නයි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ