ඔබේ දරුවාගේ දෛනික ආහාර වලට තෙල් හා මේද ඇතුලත් කරන්න ඔබත් බයයිද?

ඔබේ දරුවාගේ දෛනික ආහාර වලට තෙල් හා මේද ඇතුලත් කරන්න ඔබත් බයයිද?

බබාට තෙල් දෙන එක ගැන අම්මලාට ඇති ගැටළු වලට විසදුම් මෙන්න

ළදරු ආහාර සහ තෙල්: අද අපි කතා කරන්න යන්නේ බබාගේ ආහාර වේලට තෙල් එහෙමත් නැත්නම් බටර් එකතු කරන්නේ ඇයි කියන හේතුවත් එහෙම තෙල් හෝ බටර් එකතු කරන්නේ කොහොමද කියලාත්.

ඔයාත් අම්මා කෙනෙක් විදියට හරි බබාගේ ආහාර හදන කෙනා විදියට හරි බබාගේ ආහාරයට තෙල් හෝ බටර් එකතු කරනවාද?

ඔයාගේ උත්තරය නැහැ කියන එක නම් ආයෙම වතාවක් මේ ගැන හිතන්න වෙනවා.

සාමාන්යයෙන් අපි ඕනිම කෙනෙක් බබාගේ ආහාර ගැන ගොඩක් සැලකිලිමත්.

ආහාර පිලියෙල කරනකොට විවිධ එලවලු වර්ග වගේම පලා වර්ගයකුත් මස්, මාලු, හාල්මැස්සන් හෝ බිත්තර වැනි මාංශමය දෙයකුත් එකතු කරනවා.

සාමාන්යයෙන් අලුතෙන්ම කෑම පටන් ගත්ත බබෙක් නම් මව් කිරි හරි ෆෝමියුලා බොන බබෙක් නම් ෆෝමියුලා ටිකක් හරි එහෙමත් නැත්නම් වතුර ටිකක් හරි එකතු කරනවා බබාට කවා ගන්න අවශ්ය ගනත්වය එනකල්.

ඉතින් සැකයක් නෑ මේ ආහාර වේල බබාට ඉතාම රසවත්..ඒත් විශ්වාසයිද ඉතාම ගුණවත් කියලා?

කොහොම උනත් මේ ආහාර වේලේ මේදය ඉතාම අඩුයි.

මේදය ඉතාමත්ම අඩු එක හොඳයිද නරකයිද? කොහොමද හිතන්නේ?? ඔව්.හොඳම නෑ. ඒ කියන්නේ ඉතාමත්ම නරකයි..

ඔය කියන තරම් මේදය වැදගත්ද?
ඔව්..ඒක තමයි මේ කියන්න යන්නේ.මේදය හරිම වැදගත්.

කෙටියෙන්ම කියනවා නම් බබාගේ ආහාර වේලට තෙල් හෝ බටර් එකතු කරන එක එයාගේ හොඳ සෞඛ්යට වගේම බබාගේ සංවර්ධනයට හරිම වැදගත්.

ළදරු ආහාර සහ තෙල් : ආහාර වේලට තෙල් එකතු කිරීම

ඔබේ දරුවාගේ දෛනික ආහාර වලට තෙල් හා මේද ඇතුලත් කරන්න ඔබත් බයයිද?

දැන් ටිකෙන් ටික අපි මේ ගැන දැන ගමු.

අපේ බබාලාගේ අම්මලාට තියන ප්රශ්න තමා අපි මෙන්න මේ විදියට අද දැන ගන්න යන්නේ...
1. ඇයි බබෙක්ට මේදය අත්යාවශ්ය වන්නේ??
2. මොන වගේ මේදයද අපි තෝර ගන්නේ??
3. කොච්චර ප්රමාණයක් බටර්/තෙල් බබාගේ කෑමට එකතු කරනවාද?
4. එතකොට අධික තරබාරු බබාලාටත් මේදය ඕනිද?
5. ගොඩාක්ම කෙට්ටු බබාලට මේදය වැඩියෙන් දෙනවාද?

හරි අපි දැන් මේ කලින් කිව්ව ප්රශ්න ටික එකින් එක කතා කරලා විසඳගමු..

1. ළදරු ආහාර සහ තෙල්: ඇයි බබාගේ ආහාර වේලට තෙල් අත්යාවශ්ය වන්නේ?

මේදය අත්යාවශ්යයි බබෙගේ ශාරිරික සංවර්ධනය යහපත්ව තියා ගන්නට නම්.

බබාගේ වර්ධනයට වගේම මොළයේ වර්ධනය ඉතා යහපත්ව තියා ගන්න අධික මේද ප්රමාණයක් බබාගේ සිරුරට ඕනි කරනවා.

බබාගේ සිරුරට ලබා ගන්න මේදය, මොළයේ හා කොඳු ඇට පෙළේ ස්නායු වටා මයිලින් කොපුවක් සෑදීමට උපකාරී වේ.

මෙම මයිලින් කොපුව මධ්යම ස්නායු පද්ධතියට පරිවරණයක් නිර්මාණය කරන අතර එම නිසා ස්නායු ස්පන්දනයට වේගයෙන් හා කාර්යක්ෂමව ගමන් කිරීමට හැකි වේ.

මව් කිරි වලත් මේදය ඉහල ප්රතිශතයක් තියෙනවා. ඔබට පුලුවන් උනොත් මව් කිරි වල ඇති සියලුම ජලය ඉවත් කරන්න ඉතිරි වන 50%ක ප්රමාණයක් ඇත්තේ මේදයයි.

හරිම පුදුමයි නේද? ඒ නිසා දැනටමත් ඔබට ටිකක් හරි හිතෙනවා ඇති මේදය මේ තරම් බබාට වැදගත් ඇයි කියලා.

අපි මෙහෙම හිතමුකෝ. බබාගේ කෑම එකට අපි මේදය එකතු කරන්නේ නැතුව හැදුවොත් බබාගේ ඒ කෑම එකේ මේදය 4%කටත් අඩු ප්රමාණයක් තමා තියෙන්නේ.

බබාට කෑම පටන් ගත්තාට පස්සේ, බබාට තෙල් හරි බටර් හරි කෑම එකට එකතු නොකලොත් බබාට අත්යාවශ්යයෙන්ම සිරුරට ලබා ගන්න ඕනි මේද කොටස් නොලැබිලා ගිහින් එයාගේ කායික වගේම මොළයේ සංවර්ධනය අඩාල වෙලා යනවා.

බබාට ඉගන ගන්න, මොලේ වර්ධනය වෙන්න, දුවන්න පනින්න හැකියාව අඩු වෙලා යනවා.

මේදය අඩුවෙන් බබාගේ කෑම එකට එකතු කරනවා කියන්නේ එයාව සාමාන්ය බර මට්ටමේ තියනවා කියන එක නම් නෙමෙයි. ලංකාවේ අම්මලා වැඩි හරියක් හිතන්නේ මේදය හරිම භයානක පෝෂක කොටසක් විදියට.

ඒත් නියමිත ප්රමාණය නොදුන්නොත් තමා භයානක වෙන්නේ.

2. මොන වගේ මේදයද අපි තෝර ගන්නේ?

ළදරු ආහාර සහ තෙල්

දැන් අපි බලමු මොන වගේ මේදයද අපි තෝර ගන්නේ කියලා.

තෙල්, බටර්, මාගරීන්? විවිධ වර්ග ගනනාවක් තියෙනවා. තෙල් සහ බටර් තමා හොඳම විකල්පය.

එතකොට මාගරීන්?
මාගරීන් නම් දාන්න එපා. ඒ ඇයි කියලා මේ ලිපියේම පහතින් පැහැදිලි කරන්නම්.

ඊට කලින් බලමු බබාට ආහාරයට ගන්න පුලුවන් විවිධ තෙල් වර්ග ගැන.

ඔලිව් තෙල් :- අපි හැමෝම වගේ ඔලිව් තෙල් ගැන අහලා තියනවා.

ඒ වගේම දන්නවා ඔලිව් තෙල් සෞඛ්යයට හිතකරයි කියලා.

හැබැයි එහෙම හිතකර වෙන්නේ එක්ට්රා ව(ර්)ජින් ඔලිව් තෙල් (extra virgin olive oil) විතරයි.

තව ඔලිව් තෙල් වර්ග තියනවා. නමුත් ගුණාත්මක බවෙන් ඉහල මේ එක්ස්ට්රා වර්ජින් ඔලිව් තෙල් තමයි.

ඔලිව් තෙල්වල අධික මොනොසැටරේටඩ් මේද මෙන්ම මව්කිරි වල අඩංගු මේද අම්ලද අඩංගු වන අතර එය ඔබේ දරුවාගේ වර්ධනය ප්රවර්ධනය කිරීමට උපකාරී වේ.

ඔලිව් තෙල් වල විටමින් A, b, C, D, E සහ K ඇඩංගු වෙනවා.

පොල් තෙල් :- පොල් තෙල් කියන්නේත් ඉතාමත් හොඳ මේදය ලබා ගන්න පුලුවන් මූලාශ්රයක්.

හැබැයි පිරිසිදු , කාබනික පොල් තෙල් විය යුතුයි. රසායනික දේවල් දාලා පිරිපහදු කරලා නැති වෙන්නත් ඕනි.

ගන්නකොට virgin ,organic පොල් තෙල්ම ගන්න.

මව්කිරි මෙන්ම පොල්තෙල්වල මධ්යම දාම මේද අම්ල විශාල ප්රමාණයක් ඇත.

මව්කිරි සහ පොල්තෙල් දෙකම ලෝරික් අම්ල වලින් පොහොසත් වන අතර එමඟින් ප්රතිශක්තිකරණ ආරක්ෂාව වැඩි කරයි.

භාවිතයට ගත හැකි තවත් තෙල් වර්ග තිබෙනවා. නමුත් ඔලිව් තෙල් සහ පොල් තෙල් තමා සුදුසුම.

බටර් :- බබාගේ ආහාරයට බටර් එකතු කිරීමත් ඉතාම සුදුසු සෞඛ්යයට හිතකර විකල්පයක්.

බටර් ඉතා පෝෂ්යදායී වන අතර අවශ්ය මේදය හා කොලෙස්ටරෝල් මෙන්ම විටමින් ඒ, CLA සහ අත්යවශ්ය මේද අම්ල සපයයි.

ළදරුවාගේ වකුගඩු වලට ලුණු අහිතකර බැවින්, ලුණු රහිත බටර් සුදුසු වේ. හැකි සෑම විටම කාබනිකව නිපදවන බටර් මිලදී ගන්න.

ඒවා හදන්නේ සම්මත තත්වයන් යටතේ ඇති කරන ලද ගවයින්ගෙනි.

ඒ ගවයන්ට අමතර හෝමෝන, ඖෂධ ලබා නොදේ.

එසේම, හැකි නම්, ධාන්ය වලින් පෝෂණය වන ගවයින්ට වඩා තණකොළ වලින් පෝෂණය වන දෙනුන්ගෙන් නිපදවන බටර් භාවිතා කරන්න, තෘණ ආහාරයට ගන්නා දෙනුන්ගෙන් නිපදවන බටර් වල විටමින් ඒ සහ CLA සැලකිය යුතු ලෙස වැඩි ප්රමාණයක් අඩංගු වන අතර වඩා හොඳ ඔමේගා -3 අඩංගු වේ.

බටර් වල කිරි ප්රෝටීන් අන්තර්ගතය ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, ඔබට සතුටු හිතෙන ආරංචියක් වේවි මෙය.

බටර් වල සාමාන්යයෙන් කිරි ප්රෝටීන විශාල ප්රමාණයක් අඩංගු නොවන බැවින් ආසාත්මිකතා ඇති වීමට ඇති හැකියාව ඉතාම අවමයි.

බබාට මව් කිරි හෝ ෆෝමියුලා ආසාත්මික නැත්නම් දරුවාට කිරි ප්රෝටීන වලට ආසාත්මිකතාවයක් හෝ සංවේදීතාවයක් ඇති නොවේ.

ළදරු ආහාර සහ තෙල්: අපි මාගරීන් ගැන කතා කරමු

ළදරු ආහාර සහ තෙල්

මාගරින් ගැන කුමක් කිව හැකිද? එය කිසිම විටක බබාගේ කෑමට එකතු කරන්න එපා.

වැඩිහිටි ඔබත් එය ලබා නොගන්නවා නම් ඉතා සුදුසුයි.

මාගරින් සෑදී ඇත්තේ රසායනික ක්රියාවලියක් හරහා එය ඝන කිරීමෙන් වන අතර එය ට්රාන්ස් මේද අම්ල, කල් තබා ගන්නා ද්රව්ය හා රසායනික ද්රව්ය වලින් පිරී ඇත.

එහෙම බැලුවාම මාගරීන් කියන්නේ විස ගොඩක් කියලා පේනවා ඇති නේද?

3. කොච්චර ප්‍රමාණයක් බටර්/තෙල් බබාගේ කෑමට එකතු කරනවාද?

ආහාර පටන් ගත් මුල් කාලයේ නම් තේ හැඳි බාගයක් වගේ එකතු කරලා ටිකෙන් ටික වැඩි කරන්න පුලුවන් එකතු කරන ප්රමාණය. වේලකට උපරිම මේස හැන්දක් එකතු කර ගත හැකියි.

ළදරුවන් සඳහා තෙම්පරාදු කිරීම එතරම්ම නිර්දේශ කරන්නේ නම් නෑ.

අපේ ලංකාවේ අම්මලා එහෙම දෙන්න කැමති බබාගේ බර වැඩි කර ගන්නට එමඟින් උදව්වක් වේවි යැයි සිතලා.

ඒත් ඒකෙන් බබාට ලැබෙන්න තියන විටමින්, ඛනිජ ලවණ, මේද අම්ල විනාශ වෙන්න පුලුවන් අධික තාපය නිසා.

ඒ නිසා හොඳම දේ තමා ආහාරය සකසාගෙන අවසන් වූවාම මේ තෙල් හරි බටර් හරි එකතු කරන එක.

එතකොට පෝෂණ ගුණයට හානි වෙන්නේ නෑ.

4. එතකොට අධික තරබාරු බබාලාටත් මේදය ඕනිද?

ළදරුවෙකු තරබාරු වන එක දෙමාපියන්ට කරදර වීමට තරම් ලොකු ප්රශ්නයක් ද?

එය හිතන්නට ඕනි ඒ වගේම සමහර විට සංවේදී ප්රශ්නයක්.

බොහෝ ළදරුවන්ගේ මුල් මාස කිහිපය තුළ මේදය තැන්පත් වෙලා අත, පය එහෙම පිම්බුන ස්වභාවයක් තියෙනවා, විශේෂයෙන් මව්කිරි විතරක් හොඳින් බොන බබෙක්ගේ එහෙම වෙන්න හකියාව වැඩුයි.

නමුත් මෙම ළදරුවන් එහා මෙහා ගමන් කිරීමට පටන් ගෙන මව්කිරි සමඟ අමට්ගර ආහාර පටන් ගත්තාම ඔවුන්ගේ ළදරු මේදය ඉතා වේගයෙන් ඉවත් වෙලා යනවා.

එය ප්රශ්නයක් නෑ. මව්කිරි දීම නිසා බබාලා පෘෂ්ඨිමත් වෙලා මහතට පේනවා නම් එය කිසිසේත්ම කරදර විය යුතු දෙයක් නොවේ.

වැඩිහිටි ළදරුවෙකු හදිසියේම බර වැඩිවීමට පටන් ගන්නේ නම් එය වඩාත් කනස්සල්ලට කරුණක් නේද?

නමුත් එහෙම කරදර වීමට පෙර, ඔබේ දරුවාගේ වෛද්යවරයා හමුවන්න.

ළමා රෝග විශේෂඥ වෛද්යවරයකු සමඟ කතා කිරීමට කලින් ඔබ ඔබේ දරුවාගේ ආහාර වේල වෙනස් කිරීමට, ආහාර වර්ග අඩු කිරීමට හෝ වෙන වෙන ආහාර දීමට හෝ එවැනි කිසිදු ආකාරයේ අත්හදා බැලීමකට නොයා යුතුයි.

දැන් කියමු ඔබේ දරුවා හෝ කුඩා ළදරුවා ඇත්තටම බර වැඩියි කියා. එයින් අදහස් කරන්නේ ඔබ මේදය අඩු කළ යුතු බවද?

ඇත්තටම නැහැ. අඩු ගානේ ඒක මුල්ම විකල්පයක් විදියට නම් ගන්නම හොඳ නෑ.

ඔබ අඩු කළ යුත්තේ සීනි සහ සුදු පිටි, ක්ෂණික ආහාර සහ පළතුරු යුෂ වැනි සරල කාබෝහයිඩ්රේට් ය.

පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා තරබාරුවට හේතුව වන්නේ සීනි සහ සරල කාබෝහයිඩ්රේට් බව වැඩි වැඩියෙන් පරිභෝජනය කියලා.

දෙවනුව, ඔබේ දරුවා සමඟ විනෝද වන්න.

සෙල්ලම් කිරීමට, දඟලන්නට ඉඩ දෙන්න. ඔබත් ඔබේ බඩගා යන දරුවා හෝ දුවන දරුවාව ලුහුබඳින්න - ඔවුන් සාමාන්යයෙන් එයට කැමතියි! නැතහොත් විනෝදජනක ළදරු ක්රියාකාරකම් වලට එකටු කර ගන්න.

මේ වගේ ක්රියාකරකම් තරබාරුව මට්ටු කරන්නට සමත් වේවි.

තෙවනුව, ඔබේ දරුවාට ප්රමාණවත් තරම් නින්දක් ලබා දීමට වග බලා ගන්න.

නින්ද නොමැතිකම වැඩිහිටියන්ගේ අධික බර සමඟ සම්බන්ධ වේ, සමහර විට ළමුන් තුළ ද විය හැකිය.

5. ළදරු ආහාර සහ තෙල්: ගොඩාක්ම කෙට්ටු බබාලට මේදය වැඩියෙන් දෙනවාද?

බොහෝ දෙමව්පියන් තම දරුවා ඕනෑවට වඩා කෙට්ටු බව කනස්සල්ලට පත්ව සිටිති.

නිරෝගී ළදරුවන් චබී ලෙස සිතීමට අපි නැඹුරු වෙමු. නමුත් දරුවෙකු තරබාරු වීමෙන් ඇතිවන සෘණාත්මක සෞඛ්යමය බලපෑම් බොහෝමයක් ඇති අතර, කෙට්ටු වීම නිසා ලේඛනගත සෘණාත්මක බලපෑම් ඉතා අල්පය.

එබැවින් ඔබේ දරුවාට අවශ්ය පෝෂණය ලැබෙන බව විශ්වාස කිරීමට ඔබට හේතු තිබේ නම් හෝ ඔබේ දරුවා බර වක්රය හරහා වේගයෙන් පහත නොවැටේ නම් හෝ දුර්වල හෝ රෝගාතුරව නොපෙනේ නම්, ඔබේ කෙට්ටු දරුවා ගැන වැඩි වශයෙන් කරදර විය යුතු නැත. .

ඔබේ දරුවා සතුටින් හා සාමාන්යයෙන් වර්ධනය වන්නේ නම්, සෞඛ්ය සම්පන්න ආහාර සමඟ බටර් හෝ තෙල් සාමන්ය පරිදි එකතු කරන්න.

ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්යවරයා විසින් සනාථ කර ඇති පරිදි, ඔබේ දරුවා වැඩිපුර කෙට්ටු වීම පිළිබඳ ගැටලුවක් තිබේ නම්, ඔබ වෛද්යවරයාගෙන් ආහාර උපදෙස් ලබා ගැනීමට පෙළඹෙන්න.

නිරෝගී දරුවන්ට මෙන්ම, කෘශ දරුවන්ටද මේද අඩංගු ආහාර බොහෝ විශිෂ්ට ශක්ති ප්රභවයකි.

අලිගැට පේර යනු ඔබේ දරුවාට දිය හැකි විශිෂ්ඨ මේද ප්‍රභවයකි.

චීස් හා යෝගට් වැනි දෑ ද ඔබේ දරුවාට දිය හැකි විශිෂ්ට මේදය සහිත ආහාර වලින් කීපයකි.

නමුත් නැවතත් කියන්න කැමතියි, ඔබේ ළමා රෝග විශේෂඥයා ඔබට නොකියන්නේ නම් ඔබේ දරුවාගේ බර වැඩි කිරීමට උත්සාහ නොකරන්න.

එයින් නැති ගැටලු උනත් පසුවට ඇති වෙන්න පුලුවන්.

ඔබේ ආච්චි හෝ අසල්වැසියා මොන දේ කියලා ඔබේ හිත රිදන්න හැදුවත් ඒවාට ඇහුන්කන් දෙන්න එපා.

ළදරුවන් කුඩා උනා කියලා හරි කෙට්ටු උනා කියලා හරි සෞඛ්ය සම්පන්න නෑ කියලා කියන්න බෑ.

ළදරු ආහාර සඳහා තෙල් හෝ බටර් එකතු කිරීමේදී වැරැදි අදහසක් ඇති නොවීමට වගේම අනවශ්ය බියක් ඇති කර ගැනීම වැලැක්වීමට මෙම ලිපිය ඔබව පොළඹවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ළදරුවන්ට නිවැරදි ලෙස තෙල් හෝ බටර් ලබා දීම පරිපූර්ණ මෙන්ම ආරක්ෂිත සහ සෞඛ්ය සම්පන්න ය.

මුල් ලිපිය: අම්මයි බබයි(Ammai babai)

දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?මෙම ලිපිය ලියූවේ අපගේ හිතවත් පාඨක ඈන් නිර්මාණි විසින්. මෙහි මුල් ලිපිය අම්මාවරුන්ගේ සමූහය නම් ඇයගේම ෆේස්බුක් සමූහයේ පළ වුනා. ඈන් උපාධිධරිනියක් මෙන්ම ගුරුවරියක් වන අතර ඇයගේම ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන කාර්‍යබහුල මෙන්ම ආදරණීය මවක්.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි