theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

5 අවම කියවීම
තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලාතාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

තාත්තාටයි දුවටයි නිවාඩු පාඩුවේ කරන්න පුළුවන් ආස හිතෙන ‌දෙයක්.

තාත්තලාට දුවලාට ක්‍රියාකාරකම් ගැන අපි නිතර හිතනවානේ. ඒ තුලින් තාත්තලා දුවලා අතර ‌හොද සම්බන්ධතාවයක් ‌ගොඩ නගන්න පුළුවන්.

ඉතින් ‌‌මේ ආදරය ගැන අපේ ‌ගෙදර තත්වය ඇත්තටම මට බලපෑමක් කරන්න අවැසි නැහැ. ‌

මොකද ‌මේ තාත්තායි දුවයි අන්නෝන්‍ය අවබෝධයෙන් යුක්තයි. ඉතින් බලන්නකෝ ‌දෙන්නා එක්ක අද කරලා තියෙන දග වැඩේ ‌‌මොකද්ද කියලා.

තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

තාත්තලාට දුවලාට ක්‍රියාකාරකම් - මුං ඇට පැල කල හැටි

අද සෙනසුරාදා, දගයෝ තුන්දෙනාම ගෙදර, මල්ලී බබානම් තාම චූටී දරුවෙක් නිසා පොඩි සමාවක් දෙන්න පුලුවන්.

ඒත් තාත්තාගෙයි අක්කාගෙයි දග වැඩ කෙලවරක් නෑ.

මම තේකක් හදාගන්න කියලා මුලුතැන්ගේ පැත්තට යන්නයි හැදුවේ, ඒත් සාලය පුරාම මොනවාදෝ පෑගෙනවා. මම හොදට පාත්වෙලා බැලුවා. මුං ඇට ගේ පුරාම විසිරිලා. මල්ලී බබා දැන් ගේ පුරාම දණ ගානවා. මේවා අහුල ගත්තොත් අනිවාර්යයෙන්ම එයා ඊලගට කටේ දාගන්නවා. හිරකර ගත්තොත් වෙන්නේ ලොකු අනතුරක්, ඔන්න මට ටිකක් තරහා ආවා.

" කවුද මේ මුං ඇට හැමතැනම දැම්මේ "

මං චුටී ශබ්දයක් දැම්මා. ටික වේලාවයි ගියේ මෙන්න කාමරයෙන් හොර ගෙඩියෝ දෙන්නෙක් එලියට ආවා.

" අම්මේ ඒක කලේ මේ අපි"

අක්කී හෙමිහිට කිව්වා. හැබැයි එයා හිටියේ බැනුම් අහන්න වෙයි කියලා බයෙන් වගේ, වරදක් කලහම පිළිගන්න එක කොච්චර හොද ගුණාංගයක්ද? අක්කා ලග තිබුන ඒ වටිනාකම මගේ තරහා සම්පුර්ණයෙන්ම නිවලා දැම්මා.

" එහෙම කලේ ඇයි රත්තරන්, මල්ලී මේවා කටේ දාගත්තොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්."

මං දුවට ආදරයෙන් කියලා දුන්නා.

" මට සමාවෙන්න අම්මේ මං ආයේ එහෙම කරන්නේ නැහැ"

අක්කා දැන් හරිම හොදයි එයා වරද පිළි අරගෙන සමාවත් ගත්තා. ඊටපස්සේ තාත්තාගේ අතින් ඇදගෙන මුලුතැන්ගේ පැත්තට දිව්වා. ටික වේලාවකින් දෙන්නම ආවේ කොස්සයි, කුණු ඉවත් කරනය අරගෙන ඇවිත් මුලු සාලෙම පිරිසිදු කලා.

" මෙහේ එන්න දූ, ඔයා මොනවටද මුං ඇට ගත්තේ,"

මං දුවව ලගට අරන් ආදරයෙන් ඇහුවා.

" ඔහොම ඉන්න  අම්මා "

එයා ආපහු දුවගෙන ආවේ පුංචි ජෑම් බෝතලයක් එක්ක. මං ඒක අරන් බැලුවා. ඒක ඇතුලේ තෙත පුලුන් දාලා ඊට පස්සේ මුං ඇට ටිකක් දාලා.

" අම්මේ අපි මුං ඇට පැල කරන්නයි හදන්නේ "

දුව කිව්වේ අහිංසකව, මම හෙමිහිට  එයාගේ හිස අතගෑවා.

සතියකට පස්සේ මුලුතැන්ගේ පැත්තේ හරිම අපූරු දෙයක් වුනා. ඒ තමයි මගේ පුංචි දුවගේ මුං ඇට තවාන සරුවට වැඩුනා. පුංචි කැලයක් වගේ. එයා හැමදාම උදේට නැගිට්ට ගමන් දුවලා ගිහින් බැලුවේ ඒ දිහා, හරිම හිත සනසන දසුනක්,

තාත්තාගේයි දුවගේයි ආදරයට හරි පුදුම දේවල් කරන්න පුලුවන්. මේ වගේ දේවල් එක්ක එයාලා ස්වභාව දහමට ලං වෙනවා විතරක් නෙවෙයි එයාලා ස්වභාව දහමට ආදරය කරන්නත් ඉගෙන ගන්නවා.

තාත්තලාට දුවලාට ක්‍රියාකාරකම්: තාත්තයි දුවයි සතුටු සාමිචියේ ඉන්නවා වෙලාවක චූටි දූටත් කියා දෙන්න වටිනා කරුණු 5ක් 

තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

1. “මගේ දූ හරිම ලස්සනයි”

දූලා ආසයි ලස්සනට ඉන්න. ලස්සනම ලස්සන වෙන්න. එත් එක එක්කෙනා ඒ ගැන එක එක කතා ඇයට කියන්න පුළුවන්. එයින් ඔවුන් කලබල වෙන්න පුළුවන්.

එත් තාත්තා කෙනෙක් හැටියට ඇය ගැන ඒ අය කියන දෙයට වඩා ඇය තුළ විශ්වාසය ගොඩනගන්න ඔබට උදවු වෙන්න පුළුවන්. ඊට ඇයට ඔබේ දිරිය ශක්තිය හරිම වැදගත්.

2. “දූට ඇති ආදරේ සීමාවක් නැහැ”

කොහේදී හරි මුණ ගැහෙන අපි දන්නා නොදන්නා කවුරුහරි පුංචි දෝනිගේ හිත නරක් කරන්න පුළුවන්. ඉන් ඔබත් තැවුලට අසහනයට පත් වෙනවා.

නමුත් මොන දේ වුනත් ඔබට ඇගේ ආදරය නොවෙනස්ව තියෙන බව ඇයට ඔබ දැන්විය යුතුයි. ඇයට හැකි තරම් අභියෝග බාරගන්න ඔබ ශක්තිමත් විය යුතුයි. ඒ වගේම ඇය ගැන ඔබ බෙහෙවින් ආඩම්බර වන බවත් ඇයට දැනෙන්න හරින්න.

ශාරීරික වශයෙන් වුනත් දුවත් එක්ක ළඟින් ආදරෙන් හිඳිම හරිම හොඳ දෙයක්. දුව වැඩිවිය පැමිණෙමින් ඉන්නකොට ඇයව සිපගන්න. තුරුල් කර ගන්න. තාත්තා විදිහට ඔබ හිතන්න ඕනේ නැහැ එය එය සාමාන්‍ය දෙයක් විය යුතුයි.

මොකද ඇය ලොකු මහත් වෙනකොට ඇය සුරතල් කරනවා අඩු බවක් ඇයට දැනුනොත් ඇය ඔබෙන් ඈත් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඇය තාම ඔබේ පුංචි දෝනියමයි. ඉතින් ඇඟ පතින් ලොකු වුනාට වෙනසක් වෙන්නේ නැහැ නේද?

 3. ඔයාව අයිති ඔයාටයි

ඔයාගේ ශරීරය කාටවත් පාවිච්චි කරන්න දිය යුතු නැහැ. කෙනෙක්ව සුහදව වැළඳගැනීම, හාදුවක් දීම නරක දෙයක් නොවුනත් ඒ අවස්ථාව මොන විදිහද කියලා දූට අවබෝධ  කරලා දෙන්න.

ඇයට බලපෑමක් අවොත් එඩිතරව ‘එපා’ කියන්න පුළුවන් ශක්තිය ඇයට දෙන්න. මෙවැනි අවස්ථා ගැන ඇයත් එක්ක සුහදව ආදරෙන් කතා කරන්න.

 4. ‘ගෑණු වැඩ’ ‘පිරිමි වැඩ’ කියල දෙකක් නැහැ

දූගේ කැමැත්තට ආශාවන්ට වැට කඩොළු බැන්දොත් ඇය යන ගමන එතරම් දිගු වෙන්නේ නැහැ. ඔබ කැමති ක්‍රීඩා, වාහන, විනෝදාංශ ගැන පුතෙක් එක්ක කතා කරනවා වගේම දුවත් එක්කත් කතා කරන්න අදහස් බෙදා ගන්න.

ඔබ ඒ දේවල් ඇය සමග කතා කළා කියලා එය ඇයගේ විනෝදාංශ කරගන්නේ නැති වෙයි. ඒත් ඔබේ විවෘත භාවය මිත්‍රශීලී කම ඇයට ඔබත් එක්ක ගණදෙනු කරන්න හරිම පහසු වෙයි. එතකොට ඔබ දෙදෙනා අතර ඇති බැඳීම තවත් වැඩි වෙනවා.

5. ශක්තිමත් සබඳතාවයක අර්ථය හා එය කොයි වගේ එකක්ද කියලා ඔබම පෙන්වන්න

පැරණි කියමනක් තියෙනවා “පිරිමියෙකුට තම දරුවන් වෙනුවෙන් කළහැකි හොඳම දෙය වන්නේ ඔවුන්ගේ මවට ආදරය කිරීම” කියලයි. ඔබ ඔබේ බිරිඳට ආදරය, ගෞරවය දක්වන විදිහට ඇය හොඳ සබඳතාවක නිරායාසයෙන්ම උදවු වෙනවා. ඉන් ඇය අනාගතයේ හරි තීරණ ගන්න බුද්ධිමත් දුවණියක් වෙනවා.

 තාත්තලා දූලගේ ලෝකයේ සුන්දර තැන් කිහිපයක් අපි කතා කළේ. ආරම්භයේ සිටම මේ බැඳීම් වල සුළු වැරද්දක්වත් නොවෙන්න ඔබේ දූ  ආදරෙන් හැදෙන වැඩෙන හැටි අවබෝධ කර ගන්න ඔබට උදවු වෙන්නයි. 

 තාත්තාගෙයි දුවගෙයි ආදරයට සීමාවක් නැහැ. බලන්නකෝ ඒ ගැන තාත්තා ‌කෙනෙක්ගේ හිතේ උපන් ‌මේ හැගීම රස විදින්නකෝ.

ආදර සුදු දෝණීට

තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

පොඩි රන් තරු ඇස් දෙකට උඩින්
සුදු නලලේ හරිම මැදින්
දෙතොල් තියා ආදරයෙන්
හාදු දෙන්න ආසයි මං

එනකම් මං ඔෆිස් ගිහින්
දොයිය ගන්න අම්මි ලගින්
හවස් වෙලා මං ඇවිදින්
ඉන්නම් දූ තුරුලු කරන්

තියලා මගේ බණ්ඩි උඩින්
අශ්ව ගුඩුං පන්නන්නං
ගොතා ගෙනා රස කථා අහන්
තුරුලේ මගේ දූ හිනැහේ නං

හබුන් කන්න ඔට්ටු කරන්
දූ ඉන්නේ තරහින් නං
රස බත් ගුලි යසට හදන්
චුටී කටෙන් තියෙනවා මං

රෑවෙන කොට දොයි මත නං
පපුවට ගෙන දූ ආදරයෙන්
දොයියන කම් තුරුලු කරන්
මිදුල පුරා ඇවිදිනවා මං

බලන්න කරන්න පුලුවන් අහිංසක වැඩ කොච්චරක් නම් තාත්තටයි දුවටයි තියෙනවාද කියලා.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා
බෙදාගන්න :
  • පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

    පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

  • දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

    දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

  • පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

    පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

  • දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

    දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it