ආදරණීය සැමියානනී, පියවරුන්ගේ දිනය වෙනුවෙන් මේ දයාබර වදන් ඔබටයි!

කාර්යබහුල වගේම පීඩනයට පත් මව්වරුන් වශයෙන් අපට සමහර වේලාවට අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරන සහකරුවන්ට ස්තුති වන්ත වීමට අමතක වෙනවා. තමන්ට ස්තුතිවන්ත වීමට අමතක වු සියලුම අවස්ථා වෙනුවෙන් සිය ආදරණීය සැමියා වෙත ස්තුතිය පුද කරමින් මවක් ලියු මේ ලිපිය කියවන්න.
පියවරුන්ගේ දිනය අදයි ආදරණීය සැමියානනි,
දවසක් රාත්රියේදී පුතුන් දෙන්නා නින්දට ගියාට පස්සේ මං සෝපා එක උඩට වැටුනා. දවස පුරා දරුවන් රැකබලා ගනිමින්, ගේ දොර වැඩ කරමින් මගේ දෙපා පුරා දුව ඇවිද්දා.
මට ගොඩක් මහන්සියි.
ඒ නිසාම ඔයා මුළුතැන්ගෙට යන ගමන් ඔයා මගේ ඔළුව අත ගාලා යනවා දැනුනේ නැති තරම් මට ගොඩාක් මහන්සියි.
ඔයා ඇවිල්ලා උණු තේ කෝප්පයක් දෙනකොටත් මම ඔයාට හිනාවුනේ යාන්තමින් ඒ තරම් ගොඩාක් මහන්සියි.
එදා රෑ මම නිදා ගන්න හදනකොට දෙයක් මගේ හිතට වද දුන්නා. ඊලගට එය මාව මොහොතක් සසල කලා.
මම මවක් වුනාට පස්සේ, මට සහ දරුවන්ට විවිධ අයුරින් සහය වෙමින් ඔයා පියෙක් වශයෙන් ඔයාගේ කොටස කිරීම ගැන මම ඔයාට ස්තුති වන්ත වුවා ප්‍රමාණවත් මදි.
ඉතින් ඔයාට ස්තුතියි.
සති අන්තවල මට නිදාගන්න ඉඩ දුන්නාට ස්තුතියි. මම උදේ නැගිටින කොට, ඔයා උදේ කෑම මේසේට ඇරලත් ඉවරයි. අපේ පුතාලාට එයාල කැමතිම උදේ කෑම දීලා. එයාලාව දවසේ ඉදිරි කටයුතු වලට සුදානම් කරලා.
රැකියාවට ගිහින් ගෙදර ඇවිත් මගේ වේදනාව ,සතුට අහන් හිටියාට ස්තුතියි. ඇත්තටම අපේ පුංචි පැටියා අන්තිම කෑම කට ආපහු දැම්මා හැටි, ඒ වමනය මම දෝතින් අල්ල ගත් හැටි විස්තර ඔයා අහන් ඉන්න අවශ්‍ය නැහැ.
සමහර විට මම ගෙදර වැඩ ළමයින්ගේ වැඩ දෙකම එකට කරලා කොයිතරම් පීඩනයකින්ද ඉන්නේ කියලා ඔයා දැන ගන්න අවශ්‍ය නැහැ.
ඉස්කෝලේට ළමයි ඇරලවලා එද්දී මගේ වාහනය පිටුපසින් පැන්වු භයානක රියැදුරා ගැන මං කොච්චර තරහා ගත්තාද කියලා ? ඒ වේලාවේ මට පිටුපසින් ගිහින් එහෙම කරන්නේ කොහොමද කියලා?
ඇත්තෙන්ම ඔබ බැඳී ඉන්නවා.
ඔබත් අලුයම අවදි වෙන බවත්, ඔබ නිතර දරුවන්ව ඉස්කෝලේ යන්න ලෑස්ති කරන බවත් මම කරනවා මටත් වඩා ඔබ දැඩි ලෙස මහන්සි වී වැඩ කරන බවත්, ඔබ නැවත නිවසට ආ පසු විවේකයක් නොගන්නා බවත් මම නිතරම අමතක වුනා.
මගේ අම්මාගේ ඔපරේෂන් එක දවස් වල මට අම්මායි තාත්තායි බලාගන්න යන්න ඕනී කිව්වාහම ඔයා පැකිලිමකින් තොරව එකග වුනා.
"අනේ එයා මේ යුද්ධය කොහොම කරයිද?" යන සිතුවිල්ලෙන් මං නික්ම ගියත් ඔබ ඒ සියල්ල හරියටම කලා.
"මම ගෙදර නැති වේලාවේ මගේ දරුවන් රැකබලා ගත්තාට ස්තුතියි "
මම නිවසෙන් පිට සිටියදී "පිරිමි දරුවන් රැකබලා ගන්නේ කෙසේද" යන මගේ විස්තරාත්මක උපදෙස් මාලාවට සවන් දුන්නාට ස්තුතියි.
එක පාරක් නොව, සෑම දවසකම . සමහර විට දවසට දෙපාරක්.
ඔබ වෙළද සැලක ඉන්න විට බාල දරුවා උද්වේගකාරීව හැසිරුනා. වැඩිමල් දරුවාට නින්දට යන තුරු පාසැලේ ගෙදර වැඩ ගැන කියන්න අමතක වුනා වගේ දේවල් ගැන ඔබ කිසිම දවසක මට කථා කරලා ඔයාගේ දවස කොච්චර අපහසු වුනාද කිව්වේ නැහැ.
නැහැ, ඔයා හැම දෙයක්ම හොදින් සිදුවෙනවා කියලා මට සහතික කරලා මට කිව්වා. ස්තුතියි.
ඔයා හැම තිස්සේම කියන්නේ මං වගේ අම්මා කෙනෙක් ලැබුනට මගේ පිරිමි දරුවන් ස්තුතිවන්ත විය යුතුයි කියලා. හැම දවසකම ඔයා මාවත් දරුවන්වත් ආදරයෙන් වැළදගෙන අපිට කොච්චර ආදරෙයිද කියලා කියනවා.
අපේ ළමයින් ඔබ වගේ පියෙක් ලැබීම ගැන ස්තුතිවන්ත වීමට ප්‍රමාණවත් වේවි යැයි මම කියන්නේ නැහැ . ඔවුන් කොතරම් වාසනාවන්තද? මම කොතරම් වාසනාවන්තද?
මේ අපි දෙන්නාගේ දරුවන් ඔබට ස්තූතියි කියන්නට ගන්න පුංචි උත්සාහයක්. ආදරණීය සැමියනි, දරුවන්ගේ පියාණෙනි, මේ කවි පද වැල් ඔබටයි.
පියවරුන්ගේ දිනය වෙනුවෙන් මගේ තාත්තේ ඔබටයි...
නැලවුනාට හැම මොහොතෙම අම්මගේ තුරුලේ
දැනුනා මට රැකවරණය තාත්තගේ පපුවේ
නැති වුණාට හාදු නිතර ඒ රළු දෙතොලේ
පුතේ කියා ඇමතුවාම දැනුනා සෙනෙහේ
මුළු දවසම නැතිව නිවන නුඹ දුක් වින්දේ
අඩුපාඩුව නොවී කිසිත් අපි සැප වින්දේ
අප යහමග යවනු පිණිස හෙලූ දහඩියේ
සුවඳ මෙතෙකියැයි කියන්න නොහැකිය තාත්තේ
නුඹ එන විට රස මසවුළු රැගෙනයි එන්නේ
ඒ රසයන් අප මුහුණෙනි නුඹ රස බැලුවේ
ඔහුගේ ලොවේ සඳ තරු අපි මලු ඔහු කිව්වේ
සඳ තරු බැබළෙන අයිතිය නුඹටයි තාත්තේ
© රෂ්මි ඉෂාරා
පියවරුන්ගේ දිනය සමරන අද දින පියෙකුගේ සෙනහස මතක් කරන කවියක්
පිය හදවතේ කැකෑරෙන ආදරය
© නදීශා ලක්මිණි
ඉතින්, ස්තූතියි.
ස්තුතිය, සැමවිටම,
ඔබේ බිරිඳ.
ඔබේ ආදරණීය සැමියා වෙත ස්තුතිවන්ත වූ අවසාන අවස්ථාව කුමක්ද? ආදරණීයන් තවමත් අපගේ ජීවිතයේ සිටින විට අගය කිරීම පුරුද්දක් කර ගනිමු .
ආදරණීය සැමියා වෙත ආදරය වගේම ස්තුතියත් පුද කරන්න අමතක කරන්න එපා. මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.
ලිපියේ මුල් කොටස theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණී
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය