theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඇගේ රහස් ප්‍රදේශය තෙත් වී ඇත. ඇය දැන් අනුරාගික එක්වීමකට සූදානම්ද?

5 අවම කියවීම
ඇගේ රහස් ප්‍රදේශය තෙත් වී ඇත. ඇය දැන් අනුරාගික එක්වීමකට සූදානම්ද?ඇගේ රහස් ප්‍රදේශය තෙත් වී ඇත. ඇය දැන් අනුරාගික එක්වීමකට සූදානම්ද?

ඔබ සිරියහනේ ඔබගේ සෙල්ලක්කාරකම් පාන්නේ ඇයව ලිංගිකව උද්දීපනය කරන්නටයි. ඇය සූදානම් බව ඔබ දැනගන්නේ කෙසේද?

යෝනියේ තෙත් වීම මගින් ඇගේ ලිංගික සූදානම් බව සොයාගැත හැකිද?

ඔබ යහන්ගත වී ඇයව ලිංගික එක්වීමකට සූදානම් කරන්නට වෙර දරණවා වන්නට පුළුවන්.

ඇයව සූදානම් කිරීමට ඔබ අනුගමනය කරනා ක්‍රමවේදය නිවැරදිද යන්න ඔබ දැනගන්නේ කෙසේද?

කාන්තාවකගේ ලිංගිකත්වය බොහෝ ස්ථර සහිත සංකීර්ණ විෂයයකි. මෙයට එක් හේතුවක් වන්නේ බොහෝ විට ඒ ගැන අප විවෘතව සාකච්ඡා නොකිරීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවක් පවා තමන්ගේ ශරීරය යම් ක්‍රියාවන් වලට ප්‍රතික්‍රියා කරන ආකාරය ගැන නොදැන සිටියි.

ඉතින්, ඔබ එක් අතකින් ඈ ලිංගිකව උත්තේජනය කරන්නට උත්සාහ් කරනු ඇත. ගෙදර දරුවන් නින්දට යවා, ඔබට සෙල්ලක්කාර වීමට වේලාව ඇවිත් ඇත.

නමුත්, ඔබේ ඇඟිලි තුඩට දැනෙන දේ ඔබගේ මහන්සියේ ප්‍රතිඵලයක් බව ඔබ ස්ථීර ලෙස දැනගන්නේ කෙසේද? මෙන්න ඒ ගැන දැන ගැනීමට ස්ථිර ක්‍රමයක්.

ඇගේ යෝනිය තෙත් වීම හා යෝනි ශ්‍රාව ගැන දැනගන්න

වෛද්‍යමය වශයෙන්, යෝනි මාර්ගයෙන් පිටවන ඕනෑම තරලයක් 'විසර්ජනයක්' ලෙස හැඳින්වෙනවා.

කාන්තාවක් එක් දිනකදී පැහැදිලි, ගන්ධ රහිත තරල මිලි ලීටර් 5-15 ක් පමණ බැහැර කිරීම සාමාන්‍ය දෙයක්.

යෝනියේ තෙත් වීම

එය ප්‍රධාන වශයෙන් සිදු කරනුයේ යෝනි මාර්ගයේ තෙතමනය රඳවා ගැනීම සඳහායි. ලිංගික උද්දීපනය අතරතුර, බාර්තොලින් ග්‍රන්ථි (Bartholin's glands ) වල ස්‍රාවයන් හේතුවෙන් යෝනි මාර්ගය තෙතමනය වනවා.

මේවාත්, ස්කීන් ග්‍රන්ථි (Skene's glands) මගින් ශ්‍රාවය වන තරලත්, උද්දීපනයේ පතිඵලයක් ලෙස ශ්‍රාවය වන තරල වනවා.

කෙසේ වෙතත්, ලිංගිකව උත්තේජනය නොවූ අවස්ථා වලදී ද,  කාන්තාවකට යෝනි ආශ්‍රිත තෙත් බවක් දැනිය හැකිය.

මේවා බොහෝ අවස්ථාවන්හීදී ගැබ්ගෙලෙහි ස්‍රාවයන් වන තරල නිසා ඇත්වන තෙත තත්වයකි.

ගර්භාෂයේ මෙම තරල, ශුක්‍රාණු ගර්භාෂය ඇතුළට ගමන් කරවීමට උපකාර වන තරල වේ.

ඉතින්, සෑම මසකම ගැබ්ගෙල වෙනස්වීම් වලට භාජනය වන අතර එම තරල මෙහි ප්‍රතිඵලයකි.

ඊට අමතරව, යම් යම් ආසාදන නිසාද යෝනි ශ්‍රාව ඇති විය හැක. ලිංගිකව සම්ප්‍රේෂණය වන බොහෝ රෝග යෝනි ශ්‍රාවයට හේතු වේ.

කෙසේ වෙතත්, මෙම තරලය බොහෝ විට වර්ණ රහිත නොවන අතර වෙනස් ගන්ධයකින් යුක්ත විය හැකිය.

බොහෝ අවස්ථාවන්හීදී, මෙම තත්වයන් තනිවම විසඳාගත් නොහැකි විය හැකි අතර ප්‍රතිකාර අවශ්‍ය වනු ඇත.

එබැවින්, මෙවන් ආසාදන තම සහකරුට සම්ප්‍රේෂණය විය හැකි බැවින්, ආසාදනය කලින්ම හඳුනා ගැනීම ඉතා වැදගත් වනවා.

අවසාන වශයෙන්, පිරිමින්ගේ ශුක්‍රාණු විසර්ජනය හා සමානවම කාන්තාවන්ටද ලිංගික ශ්‍රාව විසර්ජනය වීමේ සංකල්පයක් ඇත.

මෙම “කාන්තා මෝචනය නැතහොත් විසර්ජනය” ගැන විවිධාකාර මතයන් ඇති අතර එය බොහෝ විට කාමුක දර්ශන මගින් විනිවිද පෙන්වන තත්වයකි.

මෙම තරල ආරම්භ වන්නේ කොතැනින්ද යන්න පැහැදිලි නැත. නමුත් සියලු සම්භාවිතාවන්හිදී එය ස්කීන් ග්‍රන්ථියේ ස්‍රාවයන් වබවට විශ්වාස කළ හැකිය.

තවද, කාන්තාවන් කිහිප දෙනෙක් ලිංගික තෘප්තියේ  උච්චතම අවස්ථාවේ නොහොත් සුරතාන්තය අත්දැකීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි කිරි වැනි ස්වභාවයක් ගන්නා මෙම තරලයෙන් කුඩා ප්‍රමාණයක් බලහත්කාරයෙන් කරති.

යෝනියේ තෙත් වීම ඇතිකරන ශ්‍රාව වෙන්කර හඳුනාගන්නේ කොහොමද?

කාන්තා ශ්‍රාව මෝචනයක්  (තරල පිටවීමක්) ඔබ වරදවා වටහා ගන්නට තිබෙන අවස්ථා බෙහෙවින්ම අඩුයි. ඔබ එය දකින විට එය දැන ගනු ඇත.

නමුත් ඉහත විස්තර කළ වෙනත් විසර්ජන වර්ග හඳුනාගැනීමට එහි පැහැය හා ගන්ධය ආදිය ගැන සොයා බැලිය යුතු වනවා. මන්ද, එය හරියටම කුමක්දැයි වටහා ගැනීම සඳහා මේ දේවල් දැනිය යුතුය.

ගැබ්ගෙල ස්‍රාව බොහෝ විට යෝනි ස්‍රාවයන් සමඟ මිශ්‍ර වනු ඇත. ඔබේ සහකරුගේ උද්දීපනය පිළිබඳ මට්ටම පිළිබඳව ඔබ වරදවා වටහා ගන්නේ එබැවිනි.

මේ හා සම්බන්ධ පුංචි නියාමනයක් නම්, යෝනියේ ඇතුළතට වඩා පිටත නොහොත් යෝනි විවරය ආශ්‍රිතව වැඩි තෙත් බවක් දැනේ නම්, (අ)  ඒ යෝනියෙන් නිකුත් වූ ස්වභාවික ශ්‍රාවයක් විය හැකිය (ආ) ඇය තවම සූදානම් නැත.

නමුත් විවරය එතරම් තෙතමනය නොමැති නම්, (එය තවමත් සුදුසු කාලය නොවෙනවා විය හැකිය).

ඔබේ ඇඟිල්ල යෝනියට ඇතුළු කළ විට, ඔබේ ඇඟිලි හ්ටුඩු වලට තෙතමනය දැනේ නම්, එය ගැබ්ගෙලෙන් නිකුත් වූ ශ්‍රාවයක් විය හැකිය.

යෝනියේ තෙත් වීම සහ ලිංගික උද්දීපනය

ඉතින් ඔබ අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ඔබේ සහකාරියගේ සමස්ත උද්‍යෝගය සහ ප්‍රබෝධයයි. ඔබට මේ ගැන සැකයක් තිබේ නම්, තවදුරටත් ඉදිරියට යාමට පෙර ඇගෙන් ඒ ගැන විමසන්න.

යෝනියේ තෙත් වීම

මන්ද ඔබ එසේ නොකළහොත්, එය ඔබ දෙදෙනාටම වේදනාකාරී වනු ඇත. උද්දීපනය ඇගේ මනසෙහි ද තිබිය යුතුය.  එබැවින් ශරීරයට ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීමට යම් කාලයක් ගතවනු ඇත.

ඔබේ සහකාරිය මනසෙන්  සුදානම් නම්, නමුත් කායික හෝ හෝමෝන වෙනස්කම් නිසා, ඇගේ ලිංගික ප්‍රදේශය එයට ප්‍රතිචාර දැක්වීම පමා වනු ඇත.

ඔබට තවමත් ලිංගිකව හැසිරීමට අවශ්‍ය නම්, ජලය මත පදනම් වූ ලුබ් එකක් (lubrication) භාවිතා කරන්න.

මෙය ඔබ දෙදෙනාගේම ලිංගික අවයව වල ඝර්ෂණය නිසා වේදනාව හා දැවිල්ල වළක්වනු ඇත.

යෝනියේ තෙත් බව

අනෙක් අතට, තවත් සමහර කාන්තාවන් කිහිපදෙනෙකු අධික තෙතමනයෙන් 'පීඩා විඳිති'.

මෙම අධික ලිහිසි කිරීම ඔනෑම ඝ්ර්ෂණයක් වළක්වන අතර ලිංගික සතුට විශාල වශයෙන් අඩු කිරීමට හේතු වනු ඇත. පමණට වඩා තෙත් වීම නිසා ඇඳ රෙදි පවා තෙත්වීම බොහෝ විට කාන්තාවන් අපහසුතාවයට පත් කරනු ඇත.

මෙවන් අවස්ථාවන්හිදී, ඇය 'තරමක් දුරට තෙත් වූ විට' ඇය සම්පූර්ණයෙන්ම උද්යෝගිමත් වන්නට ප්‍රථම ලිංගික රක්‍රියාවලිය ආරම්භ කළ හැකිය.

කෙසේ වෙතත්, ඔබ ක්‍රියාව ආරම්භ කිරීමට පෙර ඔබ දෙදෙනාම සම්පුර්ණයෙන්ම ඊට උනන්දු වන තෙක් ඊට සූදානම් වීම අවශ්‍ය වේ.

ඔබට කළ හැක්කේ ඔබ ඇයට ඇතුළු වීමට පෙර අතිරික්ත තරල පිස දැමීමයි.

නමුත් වඩාත්ම වැදගත් දෙය නම්, එහි වරදක් නැති බවත්, ඇගේ තත්වය සාමාන්‍ය බවත් ඇයට තහවුරු කිරීමයි.

ලිංගිකත්වය යනු විවාහයක වැදගත්ම දෙයකි, එබැවින් එය නිවැරදිව කරන්න!

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Anay Bhalerao

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • ඇගේ රහස් ප්‍රදේශය තෙත් වී ඇත. ඇය දැන් අනුරාගික එක්වීමකට සූදානම්ද?
බෙදාගන්න :
  • ගර්භනී අවදියේ යෝනි ශ්‍රාව හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා

    ගර්භනී අවදියේ යෝනි ශ්‍රාව හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා

  • සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

    සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

  • ගර්භනී අවදියේ යෝනි ශ්‍රාව හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා

    ගර්භනී අවදියේ යෝනි ශ්‍රාව හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා

  • සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

    සුදයාම සදහා හේතුවෙන දීලීර ආසාදනය ගැන ඔබ නොදන්නා බොහෝ කාරණා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it