theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව

3 අවම කියවීම
නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුවනොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව

උණ වලිප්පුවට ඔබත් බයයිද?

මේ උණ වලිප්පුව (fever fit) ගැන අහලා තිබුන පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක්, ඒත් මට හිතුනා මගේ මේ පෞද්ගලික අත්දැකීම ලිපියක් කරලා අනෙක් අම්මලාටත් මේ දැනුම දෙන්න ඕනී කියලා.

මමත් මගේ දුව නිසා උණ වලිප්පුවෙන් බැට කාපු අම්මා කෙනෙක්,මගේ දුවට ෆිට් එක එනකොට අවුරුදු දෙක පහු වුනා විතරයි .මට පුංචි කාලේ හැදිලා තිබුන නිසා දුවට හැදුනා වුනත් මගේ අම්මාටයි තාත්තටයි හැදිලා නැති වුනත් මට හැදිලා තිබුනා .හැබැයි තාත්තාගේ පරම්පරාවේ ඒ ලෙඩේ තිබුනා.

ගුද මාර්ගයෙන් වාත පිටකිරීම

උණ වලිප්පුව...

එදා මට අද වගේ මතකයි. එදා අම්මලා ගෙදර හිටියෙත් නැහැ. බබාට උණ තිබ්බ නිසා මායි, මහත්තයායි ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත් අරන් ආවා. එයාට පැරසිටමෝල් පොවලා. මං රාත්‍රියට  උයන්න පටන්ගත්තා. එදා මගේ නංගි හිටියෙත් ගෙදර, එකපාරටම නංගි යටිගිරියෙන් කෑගැහුවා.

මමත් මහත්තයාත් සාලෙට දුවන් ආවේ එකටම, අනේ අපි දෙන්නාගේ දරු පැටියා නංගිගේ අතේ ගැහෙමින් හිටියා. අපි උණ වලිප්පුව ගැන වැඩිය දැනන් හිටියේත් නැහැ. ඒ වේලාවේ ඒක මතක් වුනෙත් නැහැ . ප්‍රථමාධාර දැනන් හිටියෙත් නැහැ.

නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව

අපි කලේ උණ වලිප්පුව හැදිලා ගැහෙන දරුවාව උඩට වඩාගෙන හොදටම කලබල වෙලා රෝහලටම දුවපු එක.

ඊටපස්සේ රෝහලේදී එක පාරක් ෆිට් එක හැදුනාහමත් මං කලේ තුරුල්  කරන් අඩපු එක, වාසනාවකට දරුවාට අනතුරක් වුනේ නැහැ. ඒත් එදා අපි කරලා තියෙන්නේ කොච්චර අවදානම් සහිත දෙයක්ද කියන එක මතක් වෙනකොටත් මගේ ඇග හිරිවැටෙනවා.

ඇත්තටම එදා අපි අනුගමනය කරපු පිළිවෙල හරිම වැරදියි කියලා මට හිතෙන්නේ දැන්, තවත් අම්මා කෙනෙකුට එහෙම නොවෙන්න මං එකතු කර ගත්ත මේ දැනුම මං ඔයාලට දෙනවා.

පෙනුමෙන්  බොහොම  භයානක වුනත් අහිංසක ලෙඩක්,හැබැයි සෙම හිරවීමෙන් හරි ෆිට් එක හැදිලා වැටෙනකොට වෙන අනතුරකින් හරි දරුවාට මාරාන්තික අනතුරු වෙන්න පුලුවන්.ඒ වගේම උණ හැදෙන ඕනෑම වෙලාවක ෆිට් එක එන්න පුලුවන්.

නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව

උණ හැදුන පළමු පැය 48 තුල ෆිට් එක එන්න වැඩි අවදානමක් තියෙනවා. හොදම දේ තමා ශරීර උෂ්ණත්වය පාලනය කර ගෙන සිටීම, මේ සම්බන්ධව වැදගත් වෙන තොරතුරු ටිකක් මං ඔයා එක්ක  බෙදා ගන්නම්.

1. උණ හැදුන වහාම පැරසිටමෝල් නියමිත මාත්‍රාව දෙන්න.

2. හිස සිසිල් කිරීමට ඕඩික්ලෝන් ටිකක් ඔලුවට දමා ඕඩික්ලෝන් පෙගවුමක් නලලේ අතුරන්න.උණ බසින තුරු ඔලුව සිසිල්ව තබා ගන්න .

3.මද රස්නේ වතුරෙන් කිහිලි යට, ඉකිලි යට, බෙල්ල යට ,යටි පතුල් හා අත්ල ශරීරයේ උෂ්ණත්වය අඩු වෙන තුරු තෙමන්න.

4,බර අනුව නියමිත දියර ප්‍රමාණයක් පානයට සැලැස්වීමෙන් ශරීර උෂ්ණත්වය පාලනය කර ගත හැක.

5.දරුවා ගැන විමසිල්ලෙන් සිටින්න .දැඩි උණ අවස්ථා වල කෑම කැවීම දියර පෙවීමට යෑමෙන් එම අවස්ථාවේ ෆිට් එක ආවොත් පිටි උගුරේ යෑමේ අවදානමක් ඇත.

6. ෆිට් එක ඒමේ අවදානම අඩු කරන බෙහෙත් ඇත .වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ලබා ගන්න.මතක තබා ගන්න ඒ මගින් ෆිට් එක එම නවතින්නේ නෑ අවදානම අඩු වෙනවා පමණයි..තව දුරටත් ඔබේ දැඩි විමසිල්ල දරුවාට අවශ්‍යයි.

උණ වලිප්පුව හැදුන විට

බය වෙන්න එපා. ඔබේ දරුවාට ප්‍රථමාධාර අවශ්‍යයි. ඔබ ශක්තිමත් වෙන්න .

ෆිට් එක හැදුන දරුවා වහාම සමතලා බිමක වම් ඇලයට හරවා තබන්න. දරුවාගේ මුහුණද වම් ඇලයට හැරී තිබිය යුතුය.

එවිට සෙම මුඛයෙන් ඉවතට බේරේ .විනාඩි කිහිපයකට පසු දරුවා ගැහීම නතර වු පසු මුර්ජා තත්වයට හෝ නින්දට වැටෙනවා.

ඉන් පසු සිටින ඉරියව්වෙන්ම( වම් ඇලයට ) ලගම ඇති රෝහලක් වෙත ගෙන යන්න.ෆිට් හැදි සිටින දරුවාගේ මුවට කිසිම දෙයක් ඇතුල් කරන්න එපා. බයවෙන්න එපා කිසිම විටෙක දරුවාගේ දිව හැපෙන්නේ නෑ .

ෆිට් එක හැදිලා දරුවාව රෝහලට ගෙනියනවාට වඩා ෆිට් එක හැදෙන එක වලක්වගන්න එක හුගාක් වැදගත්.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම: උණ වලිප්පුව
බෙදාගන්න :
  • අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනා

    අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනා

  • First aid tips: febrile seizures

    First aid tips: febrile seizures

  • අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනා

    අධිකව රූපවාහිනිය හා i පෑඩ් භාවිතයෙන් පුංචි දියණියකට වලිප්පුව හදුනා

  • First aid tips: febrile seizures

    First aid tips: febrile seizures

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it