theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

6 අවම කියවීම
අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

මුදල් පරිපාලනය ‌ලේසී නැහැ. දැන ගියොත් කතරගම ‌නොදැන ගියොත් අතරමග. ඉතින් දැනගෙනම යන්න.

මුදල් කළමණාකරනය නිසි ‌ලෙස ‌නොවුනොත් හැමදාම ඉතින් ප්‍රශ්න තමයි. ඉතින් මුදල් කළමණාකරනය ගැන අපි අද ටිකක් දැනුවත් ‌‌වෙමු.

අපි අතරේම ඉන්න මවක් ‌මේ ගැන ටිකක් වෙනස් විදියට හිතුවා. ඒ  සසිරික ෆේස් බුක් පිටුව කරන සොහොයුරියයි.

ඇය මේ සටහන් තබන්නේ ඇයගේ දියණිය වෙනුවෙන්. ඒ වගේම අනෙක් අම්මලාට හොද මගපෙන්වීමක් කිරීමත් ඇයගේ අරමුණ වෙනවා.

ඇය විසින් ඇයගේ ෆේස් බුක් පිටුවට ලියන ලද වැදගත් ලිපියක් ඇයගේ අවසරය සහිතව ඇයගේ වචනයෙන් අපි අද ඔබ වෙත ගෙන එනවා.

මුදල් කළමණාකරනය කරන්නේ ‌මෙහෙමයි

අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

මේ ගැන ඔයාලට ලියන්න ඕන උනාට කොහොම පටන්ගන්නද කියලා හිත හිතා හිටියෙ.
ඒ අතරෙ පොඩි අධ්‍යනයකුත් කලා.

T. Harv Eker’s Money Jar System

මේ ක්‍රමය මට දැනගන්න ලැබුනෙ ඔන්න ඔහොමයි.

කියවගෙන යද්දි නොදැන හරි කරලා තියෙන මගේ විදියත් මීට බොහෝ සමානයි කියලා තේරුණාම පුංචි ආඩම්බරයක් එක්ක ලොකු සතුටකුත් ඇති උනා.

මම මූල්‍ය කළමනාකරන උපාධිධාරිනියක් නම් නෙමෙයි.

මම ජීවිතේ ගලපගත්ත විදිය අවශ්‍ය අයෙකුට කියලා දීලා ඒක ඒ අයට ප්‍රයෝජනවත් අත්දැකීමක් කරන්න විතරයි මේ උත්සාහය.

ඔබ උපයන ආදායම දන්නෙ ඔබ. ඔබ පවුලක් උනාම පසුම්බි දෙකක් නෑ එකයි තියෙන්නෙ. ඒ අපේ විදිය. අපි අතර හොර වියදම් නෑ.

හැම මුදල් ගණුදෙනුවක් ගැනම අනිකා දැනුවත්. ඒකත් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති නොවෙන්න එක හේතුවක්.

කොහොමත් තනියම කෙනෙක් ගන්න තීරණයකට වඩා දෙදෙනෙක් එක්ව ගන්න තීරණ වල නිරවද්‍යතාව වැඩි.

තව දෙයක්. අල්ලපු ගෙදර කෙනා ගත්තා කියලා, office එකේ අය කලා කියලා හැමදේම කරන්න යන්න එපා.
ඔයාලගෙ ආදායමට සරිලන්නයි ඔයාලා වියදම් කරන්න ඕනා. අවශ්‍ය, අත්‍යවශ්‍ය හා අනවශ්‍ය ලෙස අපේ අසාවන් වර්ග කරන්න පුලුවන්.

ඒ අතරින් අත්‍යවශ්‍ය දේට මුල් තැන දීලා වැඩ කරන්න.. ඔයාලා දෙන්නා කතාබහ කරලා වියදම් කලාම අනවශ්‍ය වියදම් නැත්තටම නැතිවේවි.

මගේ සැමියා ලබන්නෙ මාසික වැටුපක්. මම ව්‍යාපාරයෙන් ලබාගන්නෙත් මාසයකට නියමිත මුදලක් පමණයි.

තමන්ගේම ව්‍යාපාර කරන බොහෝ අය වරද්දගන්න තැනක් ඕක. ව්‍යාපාරය තමන්ගෙ උනත් වැටුපක් ලෙස FIXED ගානක් පමණක් ලබාගන්න.

ඉතින් ඔය කීව අපි දෙන්නගේ වැටුප් එකතුව තමයි අපේ ආදායම වෙන්නෙ.

මේ හර වෙච්ච මුදල බැර වෙන්නෙ වියදම් වලින් විතරක් නෙමෙයි.
ජීවන වියදම්, අධ්‍යාපනික වියදම්, දිගු කාලීන වියදම් සදහා ඉතුරුම්, ආයෝජන, සතුටුවීම් සදහා වන ඉතුරුම් හා පරිත්‍යාග කියන මේ කාරණා හය තුලයි.

මොන අන්දමකින් වියදම් හෝ ඉතුරුම් කලත් ඒ මුදල් අපේ ආදායමට සමාන වෙන්න ඕනා.

T. Harv Eker’s Money Jar System - මේ ක්‍රමයේ  ප්‍රතිශත ලංකාවෙ අපිට ටිකක් එහා මෙහා වෙන්න පුලුවන්.

ඒත් මම මට මේ % apply කරලා බැලුවා. ලොකු වෙනසක් නෑ.

මට පුලුවන් නම් ඇයි ඔයාට බැරි. ඔයාටත් පුලුවන් ඔයා උපයන මුදල නිසි පරිදි කළමනාකරණය කරගෙන දියුණුවෙන් දියුණුවට පත්වෙන්න.

සරලව අපි බලමු.

 NEC - NECESSITIES - අපේ එදිනෙදා ජීවන වියදම් - 55%

අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

අපේ ලයිට් බිල්, වතුර බිල්, phone bill, දේපළ රක්ෂණ, ආදායම් බලපත්‍ර, ගමනාගමන වියදම්, වාහන නඩත්තු, බෙහෙත් මේ සියල්ලම මේ යටතේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
  • මේ සඳහා ඔයාලගෙ ආදායමෙන් 55% ක මුදලක් වෙන් කරන්න.
  • මාසයේ මුලම අනිවාර්‍ය වියදමක් වන බිල්පත් ගෙවා නිම කරන්න..
  • විදුලිය, ජලය පරිස්සමෙන් පාවිච්චි කරන්න. දුරකතන බිල්පතේ පාලනය තනිකරම ඔයාගෙ අතේ...
  • මාසයට බඩු සඳහා වැය කල හැකි ගාන, සතියට බඩු සඳහා යන ගාන ගනණය කරන්න.. ඊට අනුකූලව බඩු list එකක් සකස් කරන්න.
  • කඩෙන් කන එක පුලුවන් තරම් අඩු කරන්න.. කඩෙන් වේලක් කන ගානින් ඔයාට දවසක් කතහැකි..
  • නාස්ති නොවන ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් මිලදී ගන්න.

GIVE - පරිත්‍යාග- 5%

ඔයා කොයිතරම් ණය බරින් හිටියත් මේ කොටස බෝතලයකටම දමා අයින් කරන්න.  මේ ප්‍රමාණය 5% නැතිව ඔයාට පුලුවන් 1% නම් ඒ හරි කමක් නෑ

පල්ලියේ පූජාවට, පන්සලේ පින් කැටේට, ආගමික ස්ථාන පිලිසකර කිරීමකට ආධාර කරන්න, අසරණ අයෙකුට උදව්වක් කරන්න, වසරකට වරක් පොඩි දානයක් දෙන්න තමයි මේ එකතුව.

EDU - Education - අධ්‍යාපන වියදම් - 10%

ඔයාලගේ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තමයි මේ එකතුව.
දැනට පාසල් යන දරුවෝ නැති හා ඉගෙනීමක් නොකරන කෙනෙක් නම් මේ කොටස ඉතිරියි නේද.
ඒත් මේ කොටස NEC - එදිනෙදා වියපැහැදම් සඳහා ගන්න නම් එපා.
දරුවෙක් පාසලකට ඇතුල් කරන්න, ඔයාලට වැඩිදුර අධ්‍යාපනයට ඉතිරි කරන්න.

ඔයා අධික ණය බරෙන් ඉන්න කෙනෙක් නම් මේ කොටස ඒ ණය බර හෑල්ලු කරගන්නත් යොදා ගන්න පුලුවන්.

LTSS - Long Term Savings to Spending - විශේෂ වියදම් සඳහා ඉතුරුම් - 10%

අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

  • මේ සඳහාත් ඔයාලගෙ ආදායමෙන් 10% කොටසක් වෙන් කරන්න..
  • ඉදිරියේදී tv එකක්, වාහනයක්, ගෘහ භාණ්ඩ මිලදී ගන්න, පිටරට සංචාරයක් යන්න වගේ දේකට තමයි මේ ඉතුරුව.
  • දැන් ඔය කිවුව බොහෝ දේ පහසුගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්නෙ.. එතකොට⁉️️ ඔයාලගෙ ආදායමෙන් ඒ ගෙවීම සඳහා ඊට නියමිත 10% පන්නන්න එපා... කොච්චර offers දුන්නත් ඔයාට පුලුවන් ඔය 10% විතරමයි කියලා ඔලුවෙ ලියාගන්න.
  • කලින් වගේම විශේෂම දේ ඔයා ලොකු ණය බරකින් ඉන්නවනම් මේ කොටසෙන් කොටසක් ණය ගෙවීම් සඳහා යොදවන්න.. ඒ නිසා මේ එකතු කරන 10% වියදම් කරද්දි ඔයාලා දෙන්න සාකච්ඡා කිරීම නම් අනිවාර්යයි.

FFA - Financially Freedom Account - ආයෝජන - 10%

ඔයාලගෙ ආදායමෙන් 10% කොටසක අනාගත සුරක්ෂිතතාව වෙනුවෙනුත් යෙදවීම අනිවාර්යයි.

  • අපේ දරුවන්ට කවදාහරි වයසට ගිය අපි වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් වෙන්නත් පුලුවන්, බැරි වෙන්නත් පුලුවන්.. කාටවත් කරදරයක් නොවී සැඳෑ සමය ගතකරන්න අපි දැන්ම සිටම පියවරක් ඉදිරියට තබන්න ඕනා.
    මේ සඳහා විවිධ ක්‍රම තියනවා.
  • ඔයා EPF ලාබියෙක් නම් ඇඟට නොදැනීම යමක් ඉතුරු වෙනවා.
  • ඔයාට විශ්‍රාම සැලසුමක් හෝ ජීවිත රක්ෂණයක් තිබේ නම් ඒකත් එක් ආයෝජනයක්.
  • ඔයා වෙනස් විදියකින් හෝ ඔයාගෙ සැඳෑ සමය වෙනුවෙන් කර ඇති ආයෝජන මේ යටතට ගත හැකි.
  • දරුවන් වෙනුවෙන් මාසයකට කීයක් හරි ඉතුරුම් ගිණුමක ඉතිරි කිරීමත් හරි වැදගත්.
  • ලෙඩ දුක්, හදිසි විපත් එන්නෙ කියලා නෙමෙයි.. පුංචි ඉතිරියක් තිබුනොත් එවන් වෙලාවකදි පාවිච්චියට ගන්න ඔයා යම් තරමකට හරි සුරක්ෂිතයි නේද.

PLAY - විනෝදයට -10%

අවසානයට කතාකලත් වැදගත්ම මුදල් වෙන් කිරීමක් මේ.
අපි කොයිතරම් හම්බකලත්, ඉතුරු කලත් වියදම් කලත්. සතුටින් නෙමෙයි නම් වැඩක් නෑ නේද.
මේ 10% වෙන් කරන්නෙ ඒ වෙනුවෙන්.

  • ඔයාලගෙ උපන්දිනයට, දරුවන්ගෙ, ලඟම ඥාතීන්ගෙ උපන්දිනයකට තෑග්ගක් දෙන්න.
  • උපන් දිනයට, අවුරුද්දට, නත්තලට පොඩි party එකක් දාන්න.
  • ලස්සන ඇඳුමක්, විසිතුරු යමක් දැක්කම ගන්න.
  • මල් පැලයක් පෝච්චියක් අරං මිදුල හැඩ කරගන්න.
  • මාස දෙක තුනකට සැරයක් saloon එකට ගිහින් පොඩි facial එකක් කරගන්න.
  • නෝනට, මහත්තයට surprise gift එකක් අරං දෙන්න.
    මෙකී නොකී ඔයාලගෙ හිත් සතුටු කරවන දේ සඳහායි මේ මුදල.
    හැබැයි ඔයාලා දෙන්නගෙම ආදායමෙන් 10% ට වඩා මේ සඳහාත් යොදවන්න එපා.
    සතුටු වෙන්න ඕනාත් සීමාව දැනගෙනනෙ.. නැත්නම් සතුට සතුරෙක් වෙනවා.

ඔය සඳහන් කල ප්‍රතිශත ස්වල්ප ලෙස එහෙමෙහෙ වෙන්න පුලුවන්.
මුලදි මේ වෙන් කිරීම් අපහසුවක් ලෙස දනුනත් ටික කාලයක් යනකොට ඔයාලා මේ ගනන් වලට හුරුවෙයි.
ලොකු වෙනසක් කරන්න පොඩි කැප කිරීමක් කරන්න වෙනවා.
ඒකට ලොකු ධෛර්යයක් ඕනා. මම දන්නවා ඒක ඔයාලට හොඳටම තියනවා.

  • මම නම් මාසෙ මුලම පොඩි පොඩි කවර වලට අපේ අනිවාර්‍ය වියදම් සඳහා මුදල් වෙන් කරනවා.
    එතකොට අපේ සීමාව අපි දන්නවා.
  • හැම මාසෙම සමහර වියදම් නැති නිසා මේ වෙන් කරන මුදල් එකතු කරලා විශේෂ යමක් කරනවා.
  • මාස් පතාම උත්සවයක්, දානයක් වෙනුවෙන් ගානක් ඉතිරි වෙන නිසා ඇඟට නොදැනී ඒ අවස්ථාව පිලියෙල වෙනවා.

මුදල් කළමණාකරනය සදහා ක්‍රෙඩිට් කාඩ් භාවිතය බලපානවාද?

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වාසි හා අවාසි දෙකම තියනවා.
එ ගැන වෙනම කතාකරමු.
ඔයා හොඳටම මුදල් කලමනාකරනය කරන කෙනෙක් වෙනකල් හා අධික ණය බරෙන් ඉන්න කෙනෙක් නම් ක්‍රෙඩිට් කාඩ්  එකක් පාවිච්චි නොකරනවානම් තමා හොඳ.

මොකටද තවත් ණය වෙන්නෙ.

ඉතින් මම උනත් perfect නෑ. track පනින වෙලාවල් තියනවා. ඉක්මනටම නැවත හරි මගට එනවා.
වැටෙන කෙනා නෙමෙයි පරාද වෙන්නෙ වැටිලා නැගිටින්නෙ නැති කෙනා.
ඒකත් හිතේ තියාගෙන අපි එකටම හැදෙමු.

පහලින් තියන link දෙක වැඩි අවබෝධය සඳහා.

https://www.facebook.com/102852637775215/posts/147370376656774/

https://www.facebook.com/102852637775215/posts/147866803273798/

No photo description available.
මුදල් කළමණාකරනය ගැන ඔ‌බේ අදහස් අපිත් එක්ක ‌‌බෙදාගන්න.
ස්තුතිය -සස්රික ‌ෆේස් බුක් පිටුවට
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මූල්‍ය
  • /
  • අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?
බෙදාගන්න :
  • මේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමු

    මේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමු

  • ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

    ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

  • මේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමු

    මේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමු

  • ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

    ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it