theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ පුංචි පුතාගේ ඇගිල්ල දොරට හසුවී කැපුනා

5 අවම කියවීම
මගේ පුංචි  පුතාගේ  ඇගිල්ල දොරට හසුවී කැපුනාමගේ පුංචි  පුතාගේ  ඇගිල්ල දොරට හසුවී කැපුනා

දරුවන්ට සිදුවෙන අනතුරු අතරින් මේක තමයි මට කවදාවත්ම අමතක වෙන්නේ නැත්තේ  එදා  රෑ මට තාම මතකයි.

මගේ පුංචි පුතාට  වයස සති හතරක් විතර ඇති මගේ  ලොකු පුතාට වයස අවුරුදු දෙකහමාරයි. මගේ සැමියා ව්‍යාපාරික කටයුත්තක් සදහා පිටරට යන්න සුදානම්  වෙලා හිටියා.

ඔහු අන්තිම මිනිත්තුව දක්වා බඩු අසුරමින් සිටියා. ඒ අතර මගේ ලොකු  පුතා ඔහු වටේ කැරකෙමින් පසුපස යමින් ළදරු වියේ වු නොනවතින ප්‍රශ්න වැලක් අහමින් හිටියා.

මම වෙනත් කාමරය පුංචි පුතාට මව්කිරි දෙමින් හිටි අතර එක පාරට මට විශාල ශබ්දයක් ඇහුනා.

මගේ ලොකු පුතාගේ විලාපය ඇහෙන තුරු මම ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවේ නැහැ . මොකද වුනේ බලන්න මම එළියට ගියා.

මගේ පුංචි  පුතාගේ  ඇගිල්ල දොරට හසුවී කැපුනා

ඔහු එතැන හිටියා.

ඒ දසුන මගේ මතකයෙන් කවදාවත්ම ගිලිහෙන එකක් නැහැ. සුදුමැලි වෙලා හිටපු මගේ වැඩිමල් පුතාගේ එක අතකින් පීල්ලකින් වගේ ලේ ගලා එමින් තිබුනා. ඔහු වේදනාවෙන් කෑගැහුවා.

ඒ වෙලාවෙ තුවාල වුණේ කොහොමද කියලාවත්  මම දන්නේ නැහැ. මම මගේ අලුත උපන් දරුවා සේවිකාවගේ අතට දීලා මොකද වුනේ කියලා සැමියා ගෙන් ඇහුවා.

අපේ පුතාගේ ඇගිල්ල දොර වැහෙනකොට එයට අසු වු බව ඔහු කිව්වා.

මම මගේ දරුවාගේ අතට ලංවෙලා බැලුවා. ඔහුගේ කුඩා ඇඟිල්ලේ ඉහළ පුරුකෙන් වෙන්වෙලා සමෙන් එල්ලෙමින් තිබුනා.

ඔහුගේ ඇඟිල්ල දොරේ සවිකිරීම් රාමුව (සරනේරු සවිවෙන) සහ බිත්තිය අතර හසු වී තිබුනා. දොර වැසීමෙන් තත්වය බරපතළ වී තිබුනා.

දරුවන්ට සිදුවෙන අනතුරු

ඒ වේලාවේ කරන්න ඕනී දේ අපිට හිතාගන්න වත් බැරි වුනා. ඒත් , ඔහුගේ අත පිරිසිදු වෙලුම් පටියකින් තදින් වෙලා කුඩා ඇඟිල්ල තදින් බඳ පටියකින් ඔතා, ඔහුගේ අත ඉහලට ඔසවා තබාගෙන ලේ ගැලීම නවත්වන්න මට මතක් වුනා.

අපි දරුවාව පාක්වේ ඊස්ට් රෝහල වෙත කඩිනමින් ගෙන ගියා. අපේ අලුත්ම සේවිකාව සමඟ මගේ සති 4 ක් වු පුංචි පුතු ගෙදර  තනි කර දමා යන්න සිදු වුනා.

ඒත් මම වෙන මොනවා කරන්නද? කුලී රථය රෝහලට ලගා වෙන විට, මගේ ලොකු පුතා හැඩීම නවත්වා නිහඬ වෙලා හිටියා.

සිදුවීම පැහැදිලි වීමත් සමග ඔහු මෘදු කම්පනයකට පත් වු බව අපි හිතනවා.

රෝහලේදී ඔවුන් x-ray කිහිපයක් අරගත් අතර  විශේෂඥ වෛද්‍යවරයකු කැදෙව්වා.

මගේ දරුවාගේ ඇගිල්ල නැවතත් පරීක්ෂා  කල වෛද්‍යවරයා එය වෙන්වී එල්ලෙමින් පවතින නිසා එය නැවත සවිකිරීම සඳහා ශල්‍යකර්මයක් කල යුතු බව කිව්වා.

වෛද්‍යවරයා තම කුඩා ඇඟිල්ල සකස් කරන තුරු මගේ පුතා සම්පුර්ණයෙන්ම නිර්වින්දනය කල යුතු බව මෙයින් අදහස් වුනා.

ශල්‍යකර්මය සිදුවුන ඊලග පැය කිහිපය මගේ ජීවිතයේ දීර්ඝතම පැය වුනා.

මම කවදාවත් මේ වගේ  කණගාටුවට පත්වෙලා නැහැ. කුඩා දරුවන්ට නිර්වින්දන නිසා ඇති වූ   අතුරු ආබාධ වගේම  මගේ කිරි කැටියා ගෙදර මොකද කරන්නේ වගේ ගොඩාක් නරක සිතුවිලි වලින් මගේ ඔලුව ගිනිගත්තා.

මගේ සියලු දොම්නස් පහව යමින් සියල්ල හොදින් සිදුවුනා. ඒ විශ්මිත වෙදදුරු අපේ පුංචි  පුතාගේ පුංචි ඇගිල්ල නැවත සවිකලා. ඔහු සම්පුර්ණ සුවයට පත් වු අතර මගෙන් බිත්තර සැන්විච් පවා ඉල්ලා සිටියා.

ඔහු හුගක් පුංචි නිසා, ඔහුගේ මුළු අතම වෙළුම් පටි වලින් වෙලා තිබුනා (ඔබට පින්තූරයේ දැකිය හැකිය). ඒ ඇඟිල්ල නිසි ලෙස සුව වීම සදහායි.

මාසයක් පුරා සෑම සතියකම මෙම වෙළුම් පටි වෙනස් කිරීම සඳහා  ඔහුව සායනය වෙත ගෙන යෑමට අවශ්‍ය වුනා.  එහිදී  වෛද්‍යවරයා  ඇඟිල්ල නිසි ලෙස සුව වී ඇතිදැයි  පරීක්ෂා කලා.

දැන්, ඉතා සියුම්  රේඛාවක් හැරුණු විට, ඇඟිල්ලේ විශාල හානියක් සිදු වී ඇති බව ඔබට නොපෙනේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

නමුත්, මව්වරුනි  සහ පියවරුනි , මෙම කථාව බෙදාගැනීමෙන්  මම බලාපොරොත්තු වෙන්නේ ඔබගේ නිවෙස්වල දරුවන්ට ආරක්ෂාව කොතරම්  වැදගත්ද යන්න සදහා මතක්  කිරීමක් කරන්නයි.

තවද, මෙය ඔබේ දරුවාට සිදු වුවහොත් ඔබ  කළ යුතු දේ කුමක්ද?

මගේ පුංචි  පුතාගේ  ඇගිල්ල දොරට හසුවී කැපුනා

 

උගත් පාඩම් සහ ආරක්ෂක උපදෙස්

BBCහි ලිපියකට අනුව, දරුවන්ගේ ඇඟිලි දොරවල් වලට අසුවීමෙන් සිදුවෙන තුවාල ඉතා වේදනාකාරී විය හැකි අතර සමහර අවස්ථාවල දිගුකාලීන් ප්‍රතිවිපාක ඇති වේ.

ඒ අතරම, එවනි සිදුවීම් බහුල වේ. එක්සත් රාජධානියේ සෑම වසරකම දරුවන් 30,000 ක් පමණ සිය ඇඟිලි අසු කර ගන්නා අතර ඔවුන්ගෙන් 1,500 කට වඩා සැත්කම් අවශ්‍ය වේ.

ප්ලාස්ටික් හා ප්‍රතිසංස්කරණ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ සමහර අවස්ථාවලදී දොරට අසුවීමෙන් ඇති වන තුවාල නිසා කම්පනය හා දිගු කාලීන වේදනාව ඇති විය හැකි බවයි.

එසේම දරුවන්ගේ අත් සහ ඇගිලි අසුවෙන ප්‍රධාන හේතු තුන වන්නේ ස්වයං-රඳවා තබන ගිනි ආරක්ෂණ දොරවල්, කාර් දොරවල් සහ දොර සරනේරු වේ.

එවනි තුවාල සිදුවීම වැළැක්වීම සඳහා ඔබට කල හැක්කේ කුමක්ද?

• දෙමව්පියන් විසින්  නිවසේ  සියලුම දොරවල් වලට ආරක්ෂිත පටි හො සරනේරු ආරක්ෂක සවිකල යුතුය.

• දොර විවෘතව තබන විට දොර අඩ භාවිතා කරන්න.

• ඔබේ කුඩා දරුවාට වාහනයේ දොර විවෘත කිරීම හො වසා දැමීම සදහා ඉඩ නොදෙන්න.

• කුඩා ඇඟිලි තියන තැන් ගැන දැනුවත් වන්න. දොරේ හා බිත්තිය අතර ඇති පරතරය හරහා ඇතුල් කිරීමට හැකි තරම් කුඩා ළමුන්ගේ ඇඟිලි ඉතා කුඩා වන අතර, මෙය ඔබගේ ඇසේ මට්ටමට වඩා බෙහෙවින් පහත් නිසා, අනතුරක් සිදුවෙන තුරු ඔබට නොපෙනිය හැකිය.

ඔබේ දරුවාගේ ඇඟිල්ලක් දොරට අසුවුනි නම් කුමක් කළ යුතුද?

• දරුවාගේ ඇගිල්ලෙන්  ලේ ගලනවා නම් එය සබන් සහ ජලය යොදා මෘදු ලෙස සෝදන්න. මෘදු, පිරිසිදු රෙදි කැබැල්ලකින්  ඒය වෙළන්න.

• ඒතැන තැලීමක් සිදු වී ඇත්නම් අයිස් පැකට්ටුවක් තැබීමෙන් ඉදිමීම සහ වේදනාව අඩු කර ගන්න පුළුවන්.

• අනතුරින් පසු වේදනාව, හදිසි ඉදිමීම, රතු පැහැය හෝ  පැය 24 ත් 72 ත් අතර උණ ඇතිවීම  ගැන සැලකිලිමත් වන්න. මේවා ආසාදන වල සලකුණු විය හැකි අතර, ඔබ හැකි ඉක්මනින් දරුවා වෙෙද්‍යවරයා වෙත ගෙන යන්න.

• ඔබගේ දරුවාගේ ඇගිලි බිදි තිබිය හැකි බැවින් ඇද වුන හො නැමුණු  ඇඟිලි කෙලින් කිරීමට උත්සාහ නොකරන්න. මේ සදහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

දරුවාගේ ඇඟිල්ල සම්පූර්ණයෙන් කැපි ගියහොත්  ඔබ කළ යුතු වන්නේ මෙයයි. (විකලාංග විශේෂඥයන්ට අනුව):

• කැපුනු කොටස ජලය යොදා  පිරිසිදු කරන්න. හැකි නම් පිරිසිදු සේලයින් වතුර භාවිතා කරන්න.

• මද තෙතමනය සහිත ගොස් කැබැල්ලකින් ඒය ආවරණය කරන්න.

• ජලය ඇතුල් විය නොහැකි සේ බෑගයක දමා මුද්‍රා තබන්න.

• ඒම බෑගය අයිස් කැට බහාලුමක හො තවත් මුද්‍රා බෑගයක බහාලන්න.

• කැපුනු ඇගිලි කොටස අයිස් සමග ඍජුවම ගැටෙන්න තබන්න ඒපා. ඒ් මගින් කැපුනු ඇගිලි කොටසට වැඩිදුරටත් හානි සිදුවිය හැකිය.

• හදිසි අනතුරු කාමරය වෙත  කැපුනු ඇගිලි කොටස ගෙනයන්න.  ඒය ඔබ වෛද්‍යාවරයා හමුවෙන තුරු ලග තබාගන්න.

මව්වරුනි, පියවරුනි, ඔබගේ කුඩා දරුවන් නිවසේ සුරක්ෂිත කරන්න. ඔබටත් මෙවැනි   දරුවන්ට සිදුවෙන අනතුරු පිලිබඳ අත්දැකීම්  තිබේ නම් අප හා බෙදා ගන්න.

ඔබේ දරුවන්ට සිදුවෙන අනතුරු වළක්වා ගන්නත්  විශේෂයෙන් දොරවල් වලින් සිදුවෙන අනතුරු වළක්වා ගන්නත්  මේ මතක් කිරීම the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • මගේ පුංචි පුතාගේ ඇගිල්ල දොරට හසුවී කැපුනා
බෙදාගන්න :
  • දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

    දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

  • ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

    ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

  • දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

    දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

  • ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

    ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it