theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට ඉගැන්විය යුතුම නිතර භාවිතා වෙන ඉංග්‍රිසී වචන 100 ක්

5 අවම කියවීම
බබාට ඉගැන්විය යුතුම නිතර භාවිතා වෙන ඉංග්‍රිසී වචන 100 ක්බබාට ඉගැන්විය යුතුම නිතර භාවිතා වෙන ඉංග්‍රිසී වචන 100 ක්

ඉංග්‍රීසි භාෂාවේදි ඔබ ඔබේ දරුවාට කියා දිය යුතු මේ මුල් වචන 100 ඔබ දැනුවත්ද?

ඉංග්‍රීසි හෝ වේවා සිංහල හෝ වේවා දරුවාගේ මුල් වචන ගැන අම්මලා හරිම සැලකිලිමත්.

සිංහල කතා බහ කරන පරිසරයක දරුවාට අවට පරිසරයෙන් සිංහල වදන අහුල ගන්න තියෙන අවස්ථා වැඩියි.

නමුත් ඉංග්‍රිසි භාෂාව දරුවාට අනාගතයේදි ඉතා අවශ්‍ය වෙන නමුත් එය දරුවාට ඉගැන්වීම සදහා අමතර ප්‍රයන්තයක් දැරිය යුතු වෙයි. 

පුංචි දරුවන් ඉංග්‍රීසි ලිවීම හා කියවීම ආරම්භ කරන විට නිතර භාවිතා වෙන වචක මොනවාද කියලා ඔබෙන් අහන්න ඉඩ තියෙනවා.

ඒ වචන මොනවාද? ඒ වචන ඒ තරම් වැදගත් වන්නේ ඇයි? අපි ඒ ගැන අද කතා කරමු.

ඉංග්‍රීසි යනු ජාත්‍යාන්තර භාෂාවකි.  දරුවාට අනාගතයේ මුළු ලෝකය හා සම්බන්ධ වෙන්නටත් ඔවුන් හා අදහස් බෙදාගන්නටත් මෙම ජාත්‍යාන්තර භාෂාව අත්‍යාවශ්‍ය වෙනවා. අ

ප රට තුල අදහස් හුවමාරු කරගන්නා ප්‍රධාන භාෂාවන් ලෙස සිංහල හා දෙමළ භාවිතා වෙන නිසා දෙවන බස වු ඉංග්‍රීසි බසට ලැබී ඇත්තේ දෙවැනි තැනයි.

ඇත්තෙන්ම ගොඩාක් දරුවන්ගේ ජිවිත වල ඉංග්‍රීසි භාෂාවට තැනක් නැහැ.

බොහොමයක් ග්‍රාමීය පාසැල් වල දරුවන් ඉහළ ශ්‍රේණි වලට එනතුරු ඉංග්‍රීසි හෝඩියේ අකුරු ගණනවත් නොදැන සිටීම අවාසනාවකි. 

වැරැද්ද කොතැන වුවත් දෙමව්පියන් වශයෙන් අපිද දරුවන් ඒ දෙසට නැඹුරු කිරීමේ අවම බවක් තියෙනවා.

සමහර දෙමව්පියන්ට නම් ඉංග්‍රීසි දරුවන්ට කියාදෙන්න ප්‍රමාණවත් දැනුමක් නොමැති කමද එයට හේතු වෙන්න පුළුවන්.

එවන් දෙමව්පියන්ට අන්තර්ජාලය හරහා මව්වරුන්ට හට වන පාඩම්, ඉංග්‍රීසි පොත පත කියවීම මෙන්ම ඉංග්‍රීසි ප්‍රවෘත්ති , නාට්‍ය හා ගීත හරහාද යම් ඉංග්‍රීසි දැනුමක් ලබාගන්න පුළුවන්.

දරුවාට නිතර භාවිතා වෙන ඉංග්‍රිසි වචන හදුන්වා දෙන්න.  ඒවා භාවිතා කරමින් දරුවා කතා කරන්න.

පුංචි පුංචි ඉංග්‍රීසි කතන්දර පොත් දරුවාට කියවන්න. වයසින් වැඩෙත්ම දරුවාද ඒවා කියවීමට පොළඹවන්න.

ඉංග්‍රීසි වචන බහුල ගීත නිතර ඇසීමට සලස්වන්න. ඔබ ඉංග්‍රීසි  ප්‍රවෘත්ති අසන විට දරුවාද ඒ සදහා සහභාගී කරගන්න.

දරුවන් ශීලාචාර කිරීම

දරුවාට මුල් අවධියේ ඉගැන්විය යුතුම ඉංග්‍රීසී භාෂාවේ නිතර භාවිතා වෙන දරුවාගේ මුල් වචන 100 ක් ගැන අපි අද සොයා බලමු.

මේ වචන ඉතාම සරල හා පහසුබව ඔබට ඒවා කියවන විටම තේරූම් යාවි.

දරුවාගේ මුල් වචන 100 ක්

the  that  not  look  put 
and  with  then  don’t  could 
a all  were come house
to we go will old
said  can little into too
in are  as back  by
he  up  no  from  day
I  had mum  children  made
of my  one  him time
it  her  them Mr I’m
was  what  do  get if
you  there  me just help
they  out  down  now  Mrs
on  this  dad  came  called
she have big  oh here
is  went  when about  off
for  be it’s got  asked
at  like  see  their  saw
his  some  looked  people  make
but  so  very your  an 

ඔන්න අම්මා ඔබටත් පුළුවන් මේ වචන සීය කොළයක සටහන් කරලා අම්මාටයි බබාටයි නිතර පේන තැනක එල්ලලා තියන්න.

නිතර භාවිතා වෙන මේ  ඉංග්‍රීසි වචන දරුවාගේ මුල් වචන ලෙස කියා දිය යුත්තේ ඇයි?

දරුවන් නරක් කිරීම

නිතර භාවිතා වෙන වචන හඳුනා ගැනීම නිසා දරුවා තුල කතාකිරීමට මෙන්ම යවීමටද වැඩි විශ්වාසයක් ඇතිවෙයි.

ඒ වගේම ඔවුන් ඒ වචන හදුනා නොැනීමෙන් අධෛර්යමත් වෙන්නත් පුළුවන්.

මේ මුල් වචන හදුනා දිය හැකි ක්‍රම

බබාට ඉගැන්විය යුතුම නිතර භාවිතා වෙන ඉංග්‍රිසී වචන 100 ක්

1. කතන්දර පොත් මගින්

  • බබාට සුදුසු සරල ඉංග්‍රීසි කතන්දර පොත් ඔබට මිලදී ගන්න පුළුවන්.
  • නැතිනම් පුස්තකාලයට දරුවා රැගෙන යන්න. එතැන දැනුමේ තෝතැන්නක්. දරුවාට සුදුසු පොත් තෝරා දෙන්න. දරුවාට කියවීම ආරම්භ කිරීමට සහය දෙන්න.
  • ටික දිනක් මෙලෙස කියවන විට දරුවා ඔබේ සහයකින් තොරවම කියවන්න ඉගෙන ගන්නවා.
  • දරුවා අලුත් වචන සොයා ගත් විට එහි නිවැරදි උච්චාරණය හා තේරූම කියා දෙන්න.

2. ගීත ගායනා කිරීමෙන්

  • ඔබේ දරුවාට සරල ඉංග්‍රීසි ළමා ගීත ඇසීමට සලස්වන්න.
  • එවන් ගීත ඔබ දරුවා සමගම නිවැරදිව උච්චාරණය කරමින් ගායනා කරන්න.

3. සෙල්ලම් මගින්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
  • ඉංග්‍රීසි වචන භාවිතා වෙන ක්‍රීඩා දරුවා සමග කරන්න. පෙහෙළිකා , වචන හා රූප ගැලපීම් වැනි ක්‍රීඩා කට්ටල දරුවා වෙනුවෙන් ගන්න.
  • ෆ්ලෑෂ් කාඩ් මගින් දරුවාට වචන අනුමාන කිරීමට ඉඩ ලබා දෙන්න.
  • ඒ වගේම නිතර භාවිතා වෙන මේ වචන එහිදි භාවිතා කිරීමට දරුවා දිරිමත් කරන්න.

4. කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින්

  • පුංචි දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් විවාද තරග, ප්‍රශ්න උත්තර තරග වගේ දේවල් වල නිරත වෙන්න අවස්ථාව ලබා දෙන්න.
  • එවිට ඔවුන්ට අනෙක් දරුවන් ගෙන්ද අලුත් වචන ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙයත් තරමක් වයසින් වැඩුන දරුවන් සදහා සුදුසු ක්‍රමයකි.

5. සරල සිද්ධින් නිරූපනය

  • ඔබේ කුඩා දරුවා සහභාගී කරගෙන සරල සිදුවීමක් රග දක්වන්න. වෙළද සැලක්, පංතියක් වැනි අවස්ථාවක සරල දෙබස් දරුවා හා හුවමාරු කරගනිමින් රග දක්වන්න.
  • එවැනි ක්‍රියාකාරකම් සදහා දරුවාද කැමති වේවි. ඒ වගේම එහිදි දරුවාට නිතර භාවිතා වෙන වචන භාවිතා කිරීමට අවස්ථාවක් ලැබෙනවා.
  • වචන කියා දෙනවා මෙන්ම ඒවායේ  ප්‍රයෝගික පුහුණුවත් වැදගත් වෙනවා. 

6. එදිනෙදා සිදුවීම් විස්තර කිරීම

  • එදිනෙදා ජිවිතයේ පුංචි පුංචි සිදුවීම් දරුවා ලගට අරගෙන සරල ඉංග්‍රීසි බසින් කියා දෙන්න.
  • එහිදි දරුවාට නිතර අවශ්‍ය වෙන ඉංග්‍රීසි වචන නිතර භාවිතා කරන්න. දරුවා නිතර ඇසෙන දේවල් තුලින්ද අලුත් වචන ඉගෙන ගන්නවා.
  • මෙය ඔබට එදිනෙදා ජිවිතයේදි ඉතා පුංචි වේලාවක් වැය කර සරලවම කරන්න පුළුවන් දෙයක්.

7. සරල විඩීයෝ වැඩසටහන්

  • අපි දන්න විදියට නම් බබාලාට තිර හොද නැහැ. ඔබ එහෙම හිතනවා නේද? ඔව් ඒක ඇත්ත.
  • ඉතා කුඩාා දරුවන්ට තිර හදුන්වා දීමෙන් බොහොම හානිකර විපාක ලැබෙන්න පුළුවන්.
  • නමුත් ටිකක් වයසින් වර්ධනය වුන දරුවෙකුට සුදුසු වයසට ගැලපෙන අධ්‍යාපන වැඩසටහන් බලන්න දෙන්න පුළුවන්. නමුත් එම කාලය දිනකට පැය භාගය ඉක්මවා නොයෑ යුතුයි.
  • මේ මගින් දරුවාට නව වචන මෙන්ම උච්චාරණය පවා ග්‍රහණය කරගන්න අවස්ථාව ලැබෙනවා.
  • මෙය දරුවන් කැමති ක්‍රමයක් නිසා ඔවුන් උවමනාවෙන් හා සාවධානව ඒවාට ඇහුම්කන් දෙනවා.

ඔබත් දන්නා නිතර භාවිතා වෙන ඉංග්‍රීසි වචන හෝ මේවා දරුවාට කියා දිය හැකි ක්‍රම තිබේ නම් අප හා බෙදාගන්න.

මුලාශ්‍ර - www.highfrequencywords

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • බබාට ඉගැන්විය යුතුම නිතර භාවිතා වෙන ඉංග්‍රිසී වචන 100 ක්
බෙදාගන්න :
  • මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

    මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

  • Identifying kids with high IQ: Age-by-age guide for parents

    Identifying kids with high IQ: Age-by-age guide for parents

  • මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

    මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

  • Identifying kids with high IQ: Age-by-age guide for parents

    Identifying kids with high IQ: Age-by-age guide for parents

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it