theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය සති මුල් සති තුන - කළලයේ වර්ධනය සති සටහන

4 අවම කියවීම
ගර්භණී අවදිය සති මුල් සති තුන - කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය සති මුල් සති තුන - කළලයේ වර්ධනය සති සටහන

මව්පදවියේ උත්තරීතර ගමනේ සහකරුවෙක් වන්නට මේ ලිපි පෙළ සතිපතා කියවා ඔබේ ගමන ගැන මනාව දැනුවත් වන්න.

ගර්භණී සති 3: ගර්භණී අවදිය සති මුල් සති තුන වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී අවදිය සති මුල් සති තුන ගැබ් ගැනීමක් සිදුව නැහැ. මේ නිසා පැටියාගේ ප්‍රමාණය නිමේශයක් පමණයි. ගර්භණී සති 3 (මුල්)  වන විට ශුක්‍රාණුවක් ඩිම්බය සමඟ සංසේචනය වී යුක්තානුවක් නිර්මාණය වනවා.

මෙය කලලයේ මුල්ම අවදියයි. මේ වන විට පැටියා අල්පෙනෙත්ති හිසක ප්‍රමාණයක් ගන්නවා.

පළමු සති දෙක තුලදී ගැබ්ගැනීමක් සිදුවන්නේ නැහැ.

මෙහිදී සිදු වන්නේ මවගේ සිරුර ඩිම්බ මෝචනයට හා ඇයගේ ගර්භාෂය සංසේචනය වූ ඩිම්බයක් තැන්පත් කරගැනීමට සූදානම් කිරීමයි.

ගර්භණී අවදිය සති මුල් සති තුන

තුන්වන සතිය වන විට මෙසේ සංසේචනය වීම තුළින් යුක්තානුවක් නිර්මාණය වනවා.  මේ අවස්ථාව පිළිසිඳගැනීම ලෙස හැඳින්වෙනවා.

කළලයේ මුල් අවස්තාව නොහොත් මෙම යුක්තානුව ඉතාම කුඩා වන අතර අල්පෙනෙත්ති හිසක් තරම් ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 3: ගැබිණි අවදියේ මුල්ම සති තුන තුළ කළලයේ වර්ධනය

  • ගැබ් ගෙන මුල්ම සති දෙක වන විටත් සංසේචන ක්‍රියාවලිය සිදු වී නැති බැවින් මෙම අවදියේදී සිරුර ඩිම්බ මෝචනයට සූදානමින් සිටින කාලයයි.  මේ අවධියේදී ගර්භාෂය, සංසේචනය වූ ඩිම්භයකට නවාතැන් දෙන්නට සුදුසු පරිසරයක් සූදානම් කරමින් සිටි.
  • ගර්භණී සති තුන තුළදී යෝනි මාර්ගය දිගේ එන ශුක්‍රානු ගැබ්ගෙලින් ඇතුළු වනවා.
  • එලෙස විත් ගර්භාෂයට ඇතුළු වී පැලෝපීය නාල දිගේ ගමන් කරනවා.
  • මෙහිදී ඩිම්බ කෝෂයෙන් මුදා හැරුණු ඩිම්බය සමඟ ශුක්‍රානුව එකතු වුවහොත් එය සංසේචනය ලෙස හඳුන්වනවා.
  • සති තුනේදී ඇති වන මේ අවස්තාව මේ අවස්තාව පිළිසිඳගැනීමයි.
  • මේ වන විට ගර්භාෂය සංසේචනය වූ ඩිම්භයක් පිළිගන්නට සැදී පැහැදී සිටිනවා. සංසේචිත ඩිම්භය දැන් ගර්භාෂය දෙසට ඇදී එමින් පවතිනවා.
  • සංසේචිත ඩිම්භය නොහොත් යුක්තානුව 100 ගුණයකින් විභේදනය වෙමින් පැලෝපීය නාලය දිගේ ගර්භාෂය දෙසට ගමන් කරනවා.
  • පැමිණි සංසේචිත ඩිම්භය නැතහොත් කළලය දැන් සෙමින් මවගේ ගර්භාෂ බිත්තියේ තැන්පත් වේ. මෙය කළලය තැන්පත් වීම ලෙස හැඳින්වේ

පළමු සති තුන දී ගර්භනී ලකුණු

  • අවසන් ඔසප් චක්‍රය පටන් ගෙන ඇති මුල් සති දෙක ඇතුළත නිලවශයෙන් මවක් ගැබ් ගෙන ඇතැයි සඳහන් කරන්නට බැහැ. මෙම සති දෙකේදී මුලින්ම සිදු වන්නේ පසුගිය මාසයේ සංසේචනය නොවූ ඩිම්බයත් සමඟ සිරුරෙන් පිටත් කිරීමයි. ඒ සමඟම ගර්භාෂ බිත්තියේ ඇතුළත බිත්තිය බිඳ වැටෙනවා.  තවද මේ ගැබ්ගැනීමට මව සූදානම් කරන ඊළඟ චක්‍රය ආරම්භ වන අවස්ථාවයි.
  • ඔසප් අවසන් වීමත් සමඟම යෝනි ප්‍රදේශයේ සාමාන්‍යයෙන් සරු කාලයේ ඇති වන තෙත් වීම් ඇති කරන ශ්‍රාවයේ යම් වෙනස්කම් දැකගත හැකි වේවි. මෙම කාලයේදී මෙම ශ්‍රාවයේ  ඝන කම අඩු වී ඇලෙනසුළු ගතිය වැඩි වන අතර ශ්‍රාවයේ වැඩි වීමක්ද දැකගත හැකි වනවා.
  • තුන්වන සතිය අවසන් වීමත් සමඟ යුක්තානුව ගර්භාෂ බිත්තියේ තැන්පත් වනවා.
  • මේ නිසා ඇතැම් කාන්තාවන් තුළ සුළු ප්‍රමාණයක (පැල්ලම් ඇතිකරන ප්‍රමාණයට) රුධිර වහනයක් ඇති විය හැක.
  • මේ අවදියේ පියයුරු වල ඉදිමීමක් මෙන්ම වැඩි සංවේදීතාව නිසා වේදනාකාරී විය හැක.
  • සාමාන්‍ය දවසකට වඩා තෙහෙට්ටුව, විඩාව දැනිය හැක.
  • ඔබගේ සිරුරේ පදස්ථ උෂ්ණත්වය දිගටම සටහන් කරගෙන ඇත්නම්, එම උෂ්ණත්වයේ යම් ඉහල යාමක් දැකගත හැක.
  • ගඳ සුවඳ දැනීමේ සංවේදීතාව මෙම කාලයේ ඉතා වැඩි විය හැක.  ඔබ කවදත් ප්‍රිය කල සුවඳ විලවුන් වල සුවඳ හදිසියේ එපා වුවහොත් පුදුම වන්නට එපා!
  • ඉතාම තීව්ර ගැබ් ගැනීමේ පරීක්ෂණයකින් ඔබගේ ගැබ් ගැනීම මෙම මුල් අවදියේදීම තහවුරු කර පෙන්වාවි.

ගර්භණී මුල් සති 3  තුළ අවධානය යොමු කල යුතු දේ

  • මේ වන විට මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන් විසින් ගත යුතු විටමින් වර්ග දිගටම ගත යුතුයි නැතිනම් ඉක්මනින්ම ගන්නට පටන් ගත යුතුයි.
  • දුම්පානය, දුම්පානය කරන්නන් අසල සිටීම, මත්ද්‍රව්‍ය ආදියෙන් සම්පුර්ණයෙන් වැළකිය යුතු අතර ගුණදායි ආහාර වර්ග ගත යුතුයි. වැඩිපුර ජලය (දිනකට විදුරු 6ක් හෝ 7ක්) පානය කල යුතු අතර හොඳ සෞක්‍ය පුරුදු පවත්වාගෙන යාම ඉතාම වැදගත් වනවා.
  • පිළිසිඳගැනීමක් ඇතිවීමට කලින් පටන්ම උපදින්නට ඉආඅ දරුවාගේ මොලයේ සහ සුෂුම්නාවේ වර්ධනය වෙනුවෙන් දිනපතා ෆෝලික් අම්ලය 400mg ගැනීම ඉතාම වැදගත්.
  • මේ කාලයේ කෝපි සහ කැෆේන් සහිත ආහාර පාන වලින් වැලකී සිටීම වඩාත් සුදුසු වනවා.

පිරික්සුම් ලැයිස්තුව

  • රුබෙල්ලා සහ පැපොල එන්නත් යාවත්කාලින ලෙස ලබාගෙන ඇත්දැයි පිරික්සා බැලීම. ලබාගෙන නැතිනම් වෛද්‍ය උපදෙස් අනුව ගැබ් ගැනීමට කලින් මෙම එන්නත් ලබාගත් යුතුය.
  • මව්පදවිය බලාපොරොත්තුවෙන් සිටින මවක් ලෙස ගැබ් ගැනීමට කලින් වෛද්‍ය උපදෙස් ගැනීම කල යුතුයි. මෙහිදී ගැබිණි සමයට ලති වන ආකාරය, ඇති විය හැකි ජාන මය හා පාරිසරික බලපෑම් ආදිය ගැන වෛද්‍යවරයාගෙන් දැනුවත් විය හැක
  • මෙහිදී තවදුරටත් ගැබිණි සමයට සුදුසු ව්‍යායාම, ආහාර රටා, ගත යුතු අනෙක් විටමින් වර්ග යනාදිය ගැනද වෛද්‍යවරයා සමඟ සාකච්චා කල හැකියි.
  • ඔබ ආයුර්වේද බෙහෙත් වර්ග ගත්තද, පෙරදිග බෙහෙත් ගත්තද ඔබ ගන්නා සෑම ප්‍රතිකර්මයක් පිළිබඳවම ඔබේ වෛද්‍යවරයා මනාව දැනුවත් කල යුතුය.

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය හතරවන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ගර්භණී අවදිය සති මුල් සති තුන - කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය දොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය දොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය දොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය දොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it