theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න

5 අවම කියවීම
ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්නඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න

දෙමාපියෙනි,  ඔබේ පුංච් දරුවා නිවස තුල කරගන්නා කැපීම්,සිරීම් හා පිළිස්සීම් වැනි හදිසි අනතුරු සදහා ප්‍රථමාධාර මෙන්න.

දෙමාපියෙනි,  ඔබේ පුංච් දරුවා නිවස තුල කරගන්නා කැපීම්,සිරීම් හා පිළිස්සීම් වැනි හදිසි අනතුරු සදහා ප්‍රථමාධාර මෙන්න.

ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න

කැපීම් හෝ සිරීම්

මෙය ගොඩක් පහසුයි. ඔබට කළ යුතු පළමු දෙය වන්නේ ලේ ගැලීම නැවැත්වීමයි. ලේ නතර වෙන තුරු පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය තද කරගෙන සිටිමෙන් ඔබට මෙය සිදු කළ හැකිය.

ඉන්පසුව, සබන් භාවිතා කර ඇල්මැරුණු වතුරෙන් සෝදා ගන්න.

ඔබ  එය කළ පසු, පිරිසිදු රෙදි කඩක් භාවිතා කර එය වියළා ගැනීමෙන් හා පසුව තුවාලයක් ආසාදනය වීම වැළැක්වීම සඳහා  අයඩින් හෝ විෂබීජ නාශක  ආලේපනයක් යොදන්න.

පසුව බැනඩේජ් එකකින් ආවරණය කරන්න.

තුවාලය ඉතා ගැඹුරු නම් හෝ ලේ ගැලීම නතර නොවේ නම්, ඔබේ දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යෑමට සුදුසු වේ.

සමහර අවස්ථාවල දී, තුවාලය ගැඹුරු නම්, තුවාලයට මැහුම් යෙදිය යුතු ය.

පිළිස්සීම්

පිළිස්සීම්වලට ප්‍රතිකාර කරන විට, අයිස් සහ දන්තාලේප භාවිතා නොකරන්න.

මුලින්ම කළ යුතු දෙයක් වන්නේ , පිලිස්සීමට ලක් වු ප්‍රදේශය සීතල ජලයට ඇල්ලීම හෝ එම ප්‍රදේශයේ  සීතල තෙත් තුවායක් තැබීමයි.

සුළු පිළිස්සුම්  සැහැල්ලු ගෝස් හෝ බැන්ඩේජ් එකකින් ආවරණය කළ හැකිය. බලපෑමට ලක්වූ ප්‍රදේශයට පිලිස්සුම් සදහා වු ආලේපනයක් ආලේප කරන්න.

ආසාදනය ලක් විය හැකි ඉදිමුමක් හෝ බුබුලක්  නොමැති  බවට තහවුරු ගන්න.

වඩා දරුණු පිලිස්සුමක් හෝ සම වියළි හෝ දුඹුරු වුවහොත්, ඔබේ දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යාම වඩාත් සුදුසුය.

එවිට ඔවුන්ට දරුවා හදිසි ප්‍රතිකාර ලබා දිය හැකිය.

නාසයෙන් රුධිරය පිටවීම

නාසයෙන් ලේ ගැලීම

නාසයෙන් ලේ ගැලීම සඳහා, ඔබේ දරුවාව  උඩු අතට වාඩි  වෙන ලෙස පවසන්න. නමුත් හිස පහලට ඇලකරන්න.

ඔවුන්ගේ බෙල්ල වටේට තද ඇඳුම් නැති බව තහවුරු කර  ගන්න.  නාස් පුඩු අවහිර කර ගැනීමට නාසයේ පහල කෙලවර මිරිකන්න.

ඒවා පටු වීමට ඉඩ සලසමින් ඔබ විනාඩි 15 ක් පමණ පීඩනයක් දිගින් දිගටම  යොදන්න.

මිනිත්තු 15 ට පසු ඔවුන්ගේ නහය ලේ ගැලීම නතර වී ඇත්දැයි පරීක්ෂා කර තහවුරු කරන්න.

කෘමී සපා කෑම් හා දෂ්ට කිරීම්

කෘමී සපා කෑම් හා දෂ්ට කිරීම් සඳහා, ප්‍රතිකාර කිරීම ඔබේ දරුවා සපන ලද  කෘමීයා මත රඳා පවතී.

එය මී මැසි දෂ්ට කිරීමක් නම්, විත ඔබේ දරුවාගේ සමේ තවමත් තිබේ නම්, එය ඉවත් කිරීමට වග බලා ගන්න.

ඔබට  ඔබේ නියපොතු දෙකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කර සම මිරිකීමෙන්  එය ඉවත් කරන්න.

කැසීම හෝ දැවිල්ල අඩු කිරීමට කැල්මයින් වැනි සීත ආලේපනයක් ආලේප කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔබේ දරුවා හදිසියේම ශ්වසන අපහසුතාවයක් ඇති වුවහොත් , කැස්ස, හෝ උගුරේ බැරුණ්ඩියක් ඇති වී ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගෙන යෑමට වග බලා ගන්න.

ප්‍රථමාධාර ඉඟි

  • සෑම විටම නිවසේ ප්‍රථමාධාර කට්ටලයක් සුදානමින් තබා ගන්න. එය බැන්ඩේජ්, ටේප්, විෂබීජනාශක සේදුම් දියර, කැල්මයින් ආලේපනයක්, පිළිස්සුම් ආලේපන, ඇන්ටිහිස්ටිමින්  සහ අනෙකුත් අවශ්‍ය බෙහෙත් වර්ග තබා ගන්න.
  • දරුවන්ට  ළඟා කළ නොහැකි නමුත් ඔබට පහසුවෙන් ලගා විය හැකි  තැනක එය තබාගන්න. ඔබ කල් ඉකුත් වූ ඖෂධයක් භාවිතා නොකරන බවට වග බලා ගැනීම සඳහා ඖෂධයේ කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කර බැලීම අවශ්‍ය වේ.

මීට අමතරව ප්‍රථමාධාර ලබා දිය යුතු නිිිිිිිිවසේදී සිදුවිය හැකි අනතුරු කිහිපයක්

දරුවන්ට ප්‍රථමාධාර දීම

1. බිමට වැටෙන ද්‍රව්‍ය

පුංචි පැටවුන් යන්තම් ඇවිදින්න පටන් ගන්න කාලේදී ඔවුන් දකින දකින දේ අදිනවා, ගන්න බලනවා.

ඒ නිසා සිදුවිය හැකි අනතුරු ගැන සැලකිලිමත් වීම වැදගත්.

විශේෂයන් විදුලි වයර්, මේස රෙදි වැනි දේවල් ඇද දමන්න ඔවුන් පෙළඹෙනවා. ඒත් මේ සම්බන්ධ ද්‍රව්‍ය ඒ නිසා ඔවුන්ගේ ඇඟට පෙරලෙන්න පුළුවන්.

2. පැටලීම් හා වැටීම්

කවුරුත් වැටෙන්න පුළුවන්. නමුත් මෙහි අවධානම පුංචි දරුවන්ට වඩා වියපත් අයට වැඩියි.

සමහර වැටීම් නිසා අත පය කැඩීමට පවා ළක්වෙන්න පුළුවන්.

කෙනෙක් වැටීම නිසා නිදිමත ගතිය, වමනය, මතකය නැතිවීම වැනි දේවල් සිදුවුවහොත් ඒ ගැන වහාම ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.

3. තැලීම් සිරීම්

තැලීම් සිරීම් වලට අයිස් තැබීම ක්ෂණිකව ක්‍රියාත්මක වන ප්‍රථමාධාරයක්  ලෙස දැක්විය හැකි අතර එය ඉඳිමීම ඇතිවීම පාලනය කරනවා.

නමුත් ඊට වඩා බරපතල තත්වයකදී නම් තැල්ම සමග කැඩීම්, විසන්ඳි වීම් ඇතිවෙන්න පුළුවන්. ඉඳිමුම හා වේදනාව දිගටම පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්.

4. උළුක්කු වීම

උළුක්කුවක්, ලිග්මන්ට් අතර ( සන්ධි අතර සබඳතාවය) ඇදීමක් ඇතිවීමෙන් සිදුවන්න පුළුවන්.

මීට දණහිස වළලුකර , මැණික් කටුව වැනි ස්ථාන වල මෙය බහුලව සිදු වෙන්න පුළුවන්. වේදනාව අඩු කර ගැනීමට ක්ෂණික අයිස් තැබීම කළහැකියි.

5. කැපීම්

කැපීමද සුළු හෝ දරුණු ලෙස සිදු වෙන්න පුළුවන්. හම කැපීම නිසා රුධිරය පිටවෙනවා.

කැපීමක් ඇතිවූ විට ලේ ගැලීම සිදුවන තැනට පීඩනයක් ලබාදී ලේ ගැලීම නැවත්වීම සිදුකළ යුතු වෙනවා. නමුත් ඉතා දරුණු තත්වයන් වලදී තුවාලය හාවීමට මැහුම් දැමීමත් සිදු කරනවා.

6. පිළිස්සීම්

දරුවන් බොහෝ විට පිළිස්සීම් වලට ගොදුරු වන්නේ නොදැනුවත්ව රත්වූ කෑම භාජන හා පිසින උපකරණ ඇල්ලීම නිසයි.

විශේෂයෙන් ගින්දර භාවිත වන තැන්වල දරුවන් ඈත් කර තබාගැනීම වැදගත්. උදාහරණ ලෙස ස්තිරික්කය, විදුලි ලිප් ආදිය දක්වන්න පුළුවන්.

කෙනෙක් නිවස තුළ පිලිස්සීමකට ලක්වුවහොත් වහාම ගලන ජලයට පිළිස්සුම් තුවාලය නිරාවරණය කිරීම හානිය අවම කරනවා.

7. සිරවීම්

පුංචි පැටවුන් අතට අසුවන දේ කටට දමා ගන්නවා.

ඉතින් මුවේ සිරවෙන ප්‍රමාණයේ දේවල් ගැන ඔවුනට අවබෝධක් නැති නිසා එය ස්වරාලය තුළ හිරවීමෙන් ඔක්සිජන් ගමනය අවහිර වෙනවා.

දෙමාපියන්ට සිරවූ දෙය ගැනීමට අපහසු නම් වහාම හදිසි අනතුරු ඒකකයට දරුවා ගෙන යායුතු වෙනවා.

8. විෂවීම්

නිවසක් තුළ අත්‍යවශ්‍ය විය හැකි නමුත් මිනිසුන්ට විෂ විය හැකි නිෂ්පාදන භාවිතය අවශ්‍ය වෙනවා.

සමහර පිරිසිදු කිරීම් ඛාරක, තෙල් වර්ග, බ්ලිච් බෙහෙත් ද්‍රව්‍ය ලොක් කර තැබිය හැකි ස්ථාන වල තැබීම ඉතා වැදගත්.

ඔබේ දරුවා ගැන නිතර විමසිල්ලෙන් ඉන්න. දරුවා ආරක්ෂා කරගන්න. ප්‍රථමාධාර ගැනත් ඔබ දැනුවත් වෙන්න.

දගකාර පුංච් පැටියත් එක්ක ඔට්ටු වෙන්න ඔබට මේ තොරතුරු අවශ්‍ය වේවි කියලා The Asianparent Sri Lanka අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න
බෙදාගන්න :
  • දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

    දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

  • දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

    දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

  • දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

    දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

  • දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

    දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it